476 පංචුපොසථ ජාතකය

ශාන්ති නායකයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් එක් දවසක් පෙහෙවස් විසූ පන්සියයක් උපාසකවරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසෙද යත්,

දිනක් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස මධ්‍යයෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ උපාසකවරුන් අමතා කිමද උපාසකවරුනි, පෙහෙවස් සමාදන් වූයේදැයි විචාර එසේ යයි කී කලහි තෙපි හැම කරන ලද්දේ පෙර උතුමන්ගේ සිරිතක්මි යයි පසසා ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස කසී – කොසොල් – මගධ යන රටවල් තුනට මධ්‍යයෙහි මහ වනයක් විය. ඒ අසළ පන්සලක එක් තාපසකේ ද ඊට නුදුරු උණ පඳුරෙක තම අඹුව හා එක් පරවයෙක තුඹසෙක සර්ප රාජයෙක වන ලැහැබක කැනහිලෙක් සහ වලසෙක් ද වසන්නේය. මෙකී සතර දෙනා තාපසයන් කරා එළඹ බණ කථා අසන්නාහ. දිනක් ගොදුරු සොයා ගිය පරෙවි ධේනුව උකුසෙක ගසාගෙන ගියේ ය. ඇගේ වියෝගයෙන සෝකයට පත් පරෙවියා ගොදුරු බිම හැර තාපසයන් කරා එළඹ පෙහෙවස් සමාදන්ව එකත්පසෙක හොත්තේය.

දිනක් සර්පයා තණ බිමෙක ගොදුරු සොයි ගියේය. ඒ අතර එක් ගොනෙක් පැමිණ තුඹසට අල’ින් අනිමින් කෙළ කෙළ සිටියේ ඒ හඬින් වහා දුව ආ නාගයාව ගොන් අඩියට පෑගී ගියේය. එයින් කිපුණ නාගයා ගොනාට දෂුට කළේ ඌ එතනම ජීවිතක්‍ෂයට පත් විය. බොහෝ දෙනා එහි පැමිණ අඩා වරලප සුවඳින් මලින් හරසර දකවා ගොනා වළලා දමා ගියේය. මම ක්‍රෝධය නිසා මෙතරම් අපරාධයක් කොට බොහෝ දෙනෙක්ව ශෝකයට පත් කෙළෙමි යි කම්පා වී ගොදුර නොකමියි සිතා අසපුවට පැමිණ ක්‍රෝධයට නිග්‍රහ පිණිස පෙහෙවස් ගක එකත්පසෙක උන්නේය. කැනහිලා ද ගොදුරු සොයා ගියේ මළ ඇතෙකු දැක බොහෝ කලෙකින් වටිනා ගොදුරනක් ලබන ලදැයි සතුටුව සොඬය සපා බැලීය. එය කණුවක් මෙන තදය. දළ සපා බැලීය. ඒ ගලක් මෙන්ය.
මෙසේ යටිබඩ නගුට ආදී තැන් වික විකා බලා තද බැවින් තව දුරටත් පරීක්‍ෂා කර බලන්නේ වර්චස් මාර්ගය දැක එතන විකා බලා උණු තෙල් කැවුමක් මෙන් මොළොක් බව දැන ඉතා සතුටුව ඒ මාර්ගය ඔස්සේ කාගෙන බඩ තුළට ගොස් මස් කම්න් පිපාසයට ලේ බොමින් ඒ තුළම බොහෝ දිනක් වාසය කළේය. මේ අතර අවු සුළගින් ඇත කුණ වියළී වර්චස් මාර්ගය ඇහිරී ගියේ ය. කැනහිලාට ඉන් පිට වීමට මාර්ගයක් නොදැක කෑමට ද දෙයක් නොමැතිව සුදුවූ ශරීර ඇතිව ශෝකයෙන් පසුවිය. ටික දිනකින මහා වර්ෂාවක් වැටී ඇත කුණ මොළොක වී පුරුෂ මාර්ගයෙන් සිදුරක් පෙනී බොහෝ ප්‍රීතියට පත්ව ඒ මාර්ගය දිගේ ඉතා අමාරුවෙන් හිස දමා එළියට ඇදී ආයේ ශරීරයේ සියළ් ලෝම ඒ මාර්ගයේ හිරවී තල් කඳක මෙන් සුදුවූ ශරීර ඇතිව මම දැඩි ලෝභකම නිසා මෙතරම් දුකට පැමිණියෙමි යි ලෝභයට නිග්‍රහ කිරීම සඳහා තාපසයන් ළඟට ගොස් පෙහෙවස් සමාදන්ව එකත්පසෙක හොත්තේය. වලසා ද වනයෙන් නික්ම ගොදුරෙහි දැඩි ලෝභයෙන් මලය රට පසල් ගමකට අවුත්වන.
වලසා දුටු ගම්වැස්සෝ ද දුනු අවි මුගුරු ගෙන වනය වටකොට සිටගත්තාහ. වලසා ගම්වැසි ජනයා තමා වටකළ බැවි දැක එක් පසෙකින් කඩාගෙන පැන දුවන්ානහු ලුහුබැඳ දුනු ආදියෙන් තල තලා පස්සෙන් එළවාගෙන ගියහ. වලසා තුවාල වලින් යුක්තව තමා වසන තැනට ගොස් මේ භය මට අත්‍රිචජ්ජතාව හේතුකොටගෙන ඇති විය. ඊට නිග්‍ර කළ යුතු යැයි සිතා ආශමයට ගොස් පෙහෙවස් ගෙන එකත්පසව හොත්තේය. ඒ තපස්වී ද ජාති මානයෙන් ධ්‍යාන උපදවා ගත නොහී කල්යවන්නේ ය. එක් පසේ බුදු කෙනෙක් මේ කාරණය දැක මොහු ලාමක සත්ත්වයෙක් නොවේ. බුද්ධාංකුරයක ඉනුත් මෙතෙම ලොව්තුරා බුදු ව්නනේය.

එබැවින් මොහුගේ අභිමානයට නිග්‍රහ කොට අභිඥා සමාපත්ති උපදවන ලෙසත් කරවමියි සිතා එහි වැඩ ගල් අස්න මත්තේ උන්නාහ. ඒ තපස්වීහු තමා ජාති මානයෙන් යුතු හෙයින් නොසතුටෙන් ඒ සමීපයට ගොස් අසුර ගසා කාලකණ්ණි චණ්ඩාල ශ්‍රමණය, කුමක් පිණිස මාගේ අස්නේ උන්නේ දැයි ඇසීය. ඉක්බිති පසේ බුදුහු ඕහට සත්පුරුෂය කුමක්නිසා මාණ නිශ්‍රිතවීද? මම පසේ බුදුවරයෙක්මි. තෙපි ද මෙමෙ කල්පයෙහිම ලොව්තුරා බුදුවන බුද්ධාංකුර කෙනෙකි. පුරන ලද පාරමී ධර්ම ඇත්තේ ය. මතු බුදු වී ලොවට ශාන්තියක් කරන්නේ ය. ඉදින් පින්වත කුමක් නිසා මානයෙන් මත් වී සිටින්නෙහි දැයි අවවාද දුන්හ.
මේ අවවාද අසාත් පසේ බුදුන්ට වැඳීමක් කළේවත් තමාගේ බුදු වීම පිළිබඳ විචාළේ වත් නැත. ඉක්බිති පසේ බුදුහු පින්වත, තාගේ ජාති විශේෂය හෝ මාගේ ගුණ විශේෂය මින් බලව.තොපද ගුණ ධර්ම වඩා අප සේම අහසෙහි ඇවිද බලවයි අහසට නැගී තම ශ්‍රීපාද ධූලි තවුසාගේ ජටා මඬුල්ලෙහි විසුරුවමින් හිමවතට වැඩියහ. ඒ පසේ බුදු වැඩි පසු තපස්වීහු මහත් සංවේගයට පැමිණ පසුතැවිලි වී තමාගේ මානයට නිග්‍රහ කොට සමාපත්ති උපදවා මිස මෙන් නොනැගිටිමියි පන්සලට වැඩ දඬු මැස්ස මත්තේ හිඳ භාවනා කොට නොබෝ වේලාවකින් සමාපත්ති උපදවා පන්සලෙන් එළියට පැමිණ සක්මන කෙළවර ගල් අස්න මත්තේ දැරූහ. මැණිකක් සෙයින් වැඩ උන්හ. මේ අතර ඉහත කී පරවියා ආදී සතර දෙනා සමීපයට එළඹ වැඳ උන්හ.
තාපසයන් වහන්සේ උන් සතර දෙනා අතින් ගොදුරු සොයා නොගොස් පෙහෙවස් විසීමට හේතු විමසා දැන තමා ගැන උන් විචාර ලදුව තම මානය පසේ බුදුන් නිසා පහල කළ බැව් දන්වා අවවාද කොට තමතමන් වසන තැන් වලට යවා පන්සලට වන්හ. ඔවුන් කලින් කළ පැමිණ බණ අසා යන්නාහ. තාපසයන් වහන්සේ නොපිරුහුණ ධ්‍යානයෙන් බඹ ලොව වැඩියාහ.

එසමයෙහා කැනහිලා නම් දැන් මුගලන් තෙරුන්ය. සර්ප රාජයා නම් සැරියුත් තෙරුන්ය. තවුසානෝ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

477 මහාමයුර ජාතකය
475 සුරුචි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.