380 ධජ විහෙඨ ජාතකය

වද දයාවට භාජනවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝකාර්ථචර්යාව අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්,

මෙහි වර්ථමාන කථාව කණහ ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය.

යටගිය දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහ. එසමයෙහි විද්‍යාධරයෙක් තමාගේ මන්ත්‍රානුභාවයෙන් රජගෙට වැද බිසවුන්හා ලෝකාස්වාද රතියෙහි යෙදී වාසය කරන්නේ බිසව් රජ්ජුරුවන්ට කියන්නාහු ස්වාමිනි රාත්‍රියෙහි ආගමනේ ලෝකාස්වාද රතියෙහි යෙදී උදෑසනයනගමනේ බිසව් ඉඟුලෝ අතගාලා විද්‍යාධරයා පිට අත එබූහ. රජ්ජුරුවෝ නුවර වාසීන්ට කියන්නාහු පිට ඉඟුල් අල්ලක් ඔබාළූ පුරුෂයෙකු දුටුවොතින් අල්වාගෙණ එවයි කීහ. විද්‍යාධරයා උදෑසන සමසාන එත පයින් සිට සුර්යදිව්‍යපුත්‍රයන් වඳිමින් සිටියේය. රාජපුරුෂයෝ බලාගෙණ ගියාහු සමසානයෙහි සිටි පුරෂ සුර්ය දිව්‍යපුත්‍ර වඳිනවුන් දැක වටලා ගෙණ අල්වන්ට වන්නාහ. විද්‍යාධර තමා අල්වන නියාව දැන මන්ත්‍රය සිහිකොට ආකාශයෙන් ගියේය. රජ්ජුරුවෝ එපවත් අසා කෙසේකෙණෙක්දැයි විචාළාහ. ස්වාමිනි ඉස මුඩුවෝය, තාපසකෙනෙකුන් සැටියයි කිහ රජ්ජුරුවෝ තපස්විකෙණෙකුන් මේ නුව ඉන්ද නොදෙවයි කියා රටින් තොරකළහ.එතැන් පටන් කුසල් කිරීමේ නැතිව අකුසලය බොහෝ කොට මනුෂ්‍යයෝ නරක යෙහි උපන්නාහු ශක්‍රයෝ තමන් දිව්‍යලෝකයෙහි උපදින උන් නැතිහෙයින් බරණැස් නුවරට අවුත් මේ නුවර තපස්වීකෙණෙකුන්වත් මෙලොව පරලොව මේයයි කියා බණදහමක් කියන කෙණෙකුන්වත් දනක් පිනක් කියා කරවන කෙණෙකුන් නැතිහෙයින් වේද මනුෂයෝ නරකයේ උපදින්නේයයි සිතා ශක්‍රයෝ නන්දමුලක ප්‍රාබාහරයට ගොස් බසේ බුදුන් වහන්සේගෙන් වැඩිමාළු පසේ බුදු කෙණෙකුන් වහන්සේ කැඳවාගෙණ ශක්‍රයෝ තුමු තරුණ මානවිකාවේශයක් මවාගෙණ පාත්‍රය ඇරගෙණ පසේ බුදුන් වහන්සේ ඉදිරිකොට ලා ආකාශයෙන් අවුත් බරණැස් නුවර තුන් විටක් ප්‍රදක්‍ෂිණාකොට රජ්ජුරුවන්ගේ රජගෙයි සිටියාහ.බොහෝ මනුෂ්‍යයෝ දෙදෙනාවහන්සේ දැක රජ්ජුරුවන්ට වයොවෘද්ධ තපස්වී කෙනෙකුන්සේත් තරුණ මානවක කෙනෙකුත් වහන්සේත් නමස්කාර කොට සිටිනාසේකැයි කීහ.

රජ්ජුරුවෝත් එපවත් අසා අවුත් ශක්‍රයන් ආකාශයෙහි සිටියන් දැක කියන්නාහු මානවකය තෝ වනාහී බැළූවන්ට අප්‍රිය කරවු ජින්නභින්න පටඡාරීවූ මාළුභික්ෂූකෙනෙකුන් වහන්සේට වැඳගෙණ සිටිනේ කවර කාරණයක් නිසාද මුන් වහන්සේගේ නම කවරේද තොපගේ නම කවරේදැයි විචාළාහ. ශක්‍රයෝ රජ්ජුරුවෙනි මුන් වහන්සේගේ නම මුන්වහන්සේ දැක්කදීම කියනොහෙමි. මාගේ නම කියමි. මම නම් දෙදෙව්ලොවට නායකයාවූ ශක්‍රයෝ වෙමි. මුන්වහන්සේ පසේ බුදුන් වහන්සේයයි කීහ. එවිට රජ්ජුැවෝ කියන්නාහු දිව්‍යරාජොත්තමයානන් වහන්සේට වඳින්නේ පුදන්නේ කුමක් නිසාද නැසය කමත්කාද නොහොත් කවර කාරණයක් නිසාදැයි විචාළේය. ශක්‍රයෝ කියන්නාහු මුන්වහන්සේ මා වඳින්නේ පුදන්නේ නැසීයකමක් තකා නොවෙයි වැදීමෙන් පිදිමෙන් සවර්ගමෝක්ෂය සැප හා සියලු ඉෂ්ඨාර්ත සිද්ධවනහෙයින් හා කුල මූලික වූ පසේ බුදුන් වහන්සේ නිනමස්කාර කරම්හයි ශක්‍රයෝ කිහ. රජ්ජුරුවෝ එපවත් අසා ශක්‍රයෙනි පසේබුදුන් වහන්සේ හා තපස්වීන් වහන්සේ වැඳිමි විපාක ඇසිමි එසේ හෙයින් මෙතැන් පටන් තපස්වී වරයන් වහන්සේට දැන් දෙමි වඳිමි පුදමි කීහ. පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවෙනි තපස්වීවරයන් නිසා සැලසුනු කිලුටෙක් නොවෙයි විද්‍යාධරයකු නිසාවූ කිලුටය, තපස්වීන් කෙරේ දානාමානාදීවූ කුසල් කරවයි අවවාද කියා පසේ බුදුන්වහන්සේ නන්ද මුලික ප්ර්‍‍රාබාහාරයට වැඩිසේක. ශක්‍රයෝ තමන්ගේ ශක්‍රභවනයට ගියේය. රජ්ුජුරුවෝ නුවරින් පිටත පලාගිය තපස්වීවවරයන් වහන්සේ ගෙන්වා පුණ්‍ය සම්භාරයන් රැස්කොට දිව්‍යලෝකයෙහි උපන්නාහයි වදාරා මේ ධජවිහෙඨ ජාතකය නිමවා වුදාළසේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ශක්‍රයෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

381 පුෂ්ප ගන්‍ධ ජාතකය
379 ස්වර්ණ කර්‍කටක ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.