371 ශ්‍රී කාලකණ්ණි ජාතකය

තවද ශාන්ත වූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනා සමයෙහි අනේපිඬු මහා සිටානන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

අනේ පිඬුමහසිටානන් හා උන්ගේ අඹුදරුවන් හා වහල් පටන් බැල මෙහෙකොට සිටින්නන් පටන් එක්ව නිත්‍ය ශිල වශයෙන් පන්සිල් රැක පොහොය අටසිල් රක්නාහ. මේ කථාව දම්සභා මඬපයෙහි රැස්ව වැඩ උන් මාළුවන් වහන්සේ අනේපිඬු මහාසිටානන් හා උන්ගේ පරිවාරයන් යහපත් නියායයි කියා කථාකොට උන්කලට සර්වඥයන් වහන්සේ එතනට වැඩි මහණෙනි අනේපිඬු සිටානන් තබා පෙර උත්තමයන්ගේ යහපත්වූ පරිවාර ඇත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එනුවර සිටුව උපන්නාහ. එසමයෙහි බෝධිසත්වයන් පටන් උන් අඹුදරුවන් හා වහල්පටන් බැලමෙහෙකොට සිටින්නන් පටන් එකසේම නිත්‍ය ශිල වශයෙන් පන්සිල් හා පොහොය අටසිල් රකිනා හෙයින් උන්ගේ පරිවාර සුචිවිසින් සුචිපරිවාර සිටානෝයයි කියා මේ නමින් ප්‍රසිද්ධව ඉන්නාහ. ඒ කියන සුවිපරිචාර සිටානෝ මට වඩිනා කෙනෙකුන් ආ කල ඉන්ට උවමැනවයි කියා අස්නක් පනවා තුබූහ. එසමයෙහි ධුතරාෂ්ට නම් දිව්‍යරජ්ජුරුවන්ගේ දුවූ ශ්‍රිකාන්තාවද විරූළහකනම් දිව්‍යරජ්ජුරුවන්ගේ දුවු කාලකන්නි නම් දිව්‍යස්ත්‍රියක්ද දෙදෙනාම අනොතත්ත විලට නාන්ට ගියහ.අනෝතත්ත විල වනාහී සර්වඥයන් නානා තොටද පසේබුදුවරයන් වහන්සේ නානා තොටද රහතුන් වහන්සේ නානා තොටද තාපසවරුන් නානා තොටවල්ද සදිව්‍යලෝකේ දෙවියන්ට වෙන වෙනම තොටවල් ඇත්තේය. මෙකී යන්නාවූ ශ්‍රිකාන්තාව කාලකන්නි යයි යන දිව්‍යස්ත්‍රීන් දෙන්නත් දිව්‍යස්ත්‍රීන් නානා තොටටඅවුත් දෙන්නම පළමුකොට බසිමි මම පළමුකොට බසිමියි කියා ඩබර කොට ගත්හ. ඉන් කාලකන්නි දිව්‍යස්ත්‍රී කියන්නී යම් මනුෂ්‍ය කෙණෙකුන්ට මාගේ අඥාවය එසේහෙයින් මම පළමුකොට බසිමි කීය. ශ්‍රීකාන්තාව යන දිව්‍යස්ත්‍රි කියන්නී මම මනුෂ්‍යකෙණෙකුන්ට පැමිණෙන ඓශ්චර්යය මම පමුණුව වන්නෙම් එසේ හෙයින් පළමු කොට බසින්නෙම් මම ය යි කිව දෙන්නම උනුන්ට කියා ගිවිස්වාගත නොහී සතරවරන් දෙවියන් ලඟටගොසින් අපගෙන් උතුම් කවුරුදැයි කියා විචාරා ගණුම්හයි කියා සතරවරන් දෙවියන් ලඟට ගොස් එපවත් කීහ. ධ්‍රතරාෂ්ට විරූළහක දෙදෙන අපගේ දරුවන් නුගුණ නොකියම්හයි කිහ. විරූපකඛ වෛස්‍රවන දෙදෙන අප හා සරි දෙවියන්ගේ දරුවන්ගේ ගුණ නුගුණ නොකියම්හයි කියා අපගේ ස්වාමින් කරා යවයි කීය. එ කියන දිව්‍යස්ත්‍රීන් දෙදෙනාත් ශක්‍රයන් ලඟට ගොස් එපවත් කීහ. ශක්‍රයෝ කියන්නාහු දෙවියෝ දෙදෙන මාගේ කට යුත්තෙහි සිටිනා දෙවියෝය. උන්දෙන්නාගෙන් එක්කෙනෙක් වඩිති කිමනම් කටයුතු නොවෙයි කියා කියත්නාහු සුවිපරිචාර සිටිානන්ගේ නොයිදුල් අස් නෙක් ඇත. ඒ අස්න උන්ට කියා පළමු කොට අස්නලත් කෙනෙක් උතුමැයි කීහ. යහපතැයි කියා කාලකන්නි පළමුකොට නිල්පිළි ඇඳ නිල් ආභරණ ලා ගෙණ සිටානන්ගේ ගෙයි වැද සිටියාහ. සිටානෝ ඇදැක ප්‍රියව කියන්නාහු කී වනාහී කළුපෑයක් හා කළු ආභරණ හා කළුපිළිඇඳගෙණ අප්‍රියකරුව සිඟනීය. තී වනාහී කාගේ දරුකෙණෙක්දැයි විචාළාහ. ඒවිට ඒ කාලකන්නි කියන්නි මම විරුළක නම් දිව්‍යරජ්ජුරුවන්ගේ දුවු කාලකන්නී නම් ඇති කාලකන්නි යයි කියන්නේ මටය එසේ හෙයින් නුඹ වහන්සේගේ නොයිඳූල් අස්නේ රැයක් මා ලඟින්ට අවකාස අලමැනවැයි කිව, එකියන්නා එවිට සිටානෝ කියන්නේ තොපගේ ගුණ කියවයි කාලකන්නි තමාගේ ගුණ කියන්නී සිටානන්වහන්ස යම් කෙණෙක් කෙලෙහිගුණ නොදනිද්ද, පවිටුවූ වාසය ඇද්ද කාලගුණ නොපායිද්ද, මිත්‍රාදෝහිද ලාමත වූ වාසය ඇද්ද. කා කෙරෙත් දයාවක් නැද්ද, කේලාම් කියන්ට දනිද්ද, තද මසුරු වූ බස් කියද්ද, නුවනැතිව මෝහව දවසරිද්ද, අනුන්ගේ සමිපතෙහි ඊශ්යමාත්ශයයි ලෝභිසිත් සිතද්ද, මෙසේ වුවන් කෙරේ මාගේ වාසයයි කීහ. එවිට සිටානෝ කියන්නාහූ එසේ වී නම් මෙතන තිබා මෙනුවරත් ඉන්ට බැරියයි කීහ. එවිට කාලකන්නිත් කියන්නී මා ඇළුම්කරණ මනුෂ්‍යයන්ගේ ගුණ නුඹවහන්සේට නැත.

එසේහෙයින් නුඹ වහන්සේට මාගෙන් ප්‍රයෝජනද කාරිය නැතයි කියා කාලකන්නි අනතර්ධාන වුවාහ. ඒ වෙලාව ශ්‍රිකාන්තාව රන්වන් ආභරණ පැළඳ රන්වන් වස්ත්‍රයක් ඇඳ රන්වන්වූ ශරීරශෝභාවෙන් එකාලෝකකෙරෙමින් රන්පියුමට බඳුවූ පාදයුග්මයක් ඇතිව සිටානන්ගේ දොර සිටියාහ සිටානෝත් ශ්‍රීකාන්තාව දැක මෙසේවූ ශ්‍රී සමුර්ධියකින් සියළු දිග එකාලෝක කෙරෙමින් ඇවිත් සිටියාවූ තොපි කාගේ දරුකෙණෙක්දැයි විචාළාහ. එ විට දිව්‍යස්ත්‍රී කියන්නී ධ්‍රතරාෂ්ඨ නම් දිව්‍යරජ්ජුරුවන්ගේ දුවු ශ්‍රීකාන්තාවයයි කියන්නේත් මටය ලක්ෂමියයි කියන්නේත් මටමය පොළොව සමාන නුවන ඇති හෙයින් භූරිපඤඤ යයි කියන්නේ්ත් මටමය නුඹ වහන්සේගේ යාන එක දවසකට මාලගින්ට අවසර දුනමැනවයි කිය. එවිට සිටානෝ කියන්නාහු තොපට යාන දෙන්ට තොපගේ ආචාර සීලයද තොප වසන වාසයද මට කිව මැවය. තොපගේ ශිලවුත සමාධිය කා කෙරහි පිහිටාද ඒ මට නොදැනෙයි, මට කිවමැනවැයි කීහ. එබස් ඇසූ ශ්‍රීකාන්තාතොම එඹා සිටානෙනි යම් සත්වයෙක් තෙම ශිත පීඩාවද උෂ්ණ පීඪාවද අවු සුළඟි්න් වන ආයාසයද මැයි මඳූරුවන් හා සර්පාදීන්ගෙන් වන උපද්‍රවයද සාපිපාසාදීන් වන්නාවූ උපද්‍රවයද යන සියල්ල තෘෂ්ණලවයක් කොටත් නොසිතා රෑ දවල් සියලුකාරියෙහි නියුකතාව ඒ ඒ කාලයට පැමිණ කෘෂිවනික් ආදී කර්මාන්ත හා දානාසීලාදීවූ ඒ ඒ ක්‍රියාවන් නොනසඳ එබඳූවූ සත්වතෙම මට අතිශයනන් ප්‍රිය වන්නේ ඔහු කෙරේහිම ඇලි වාසය කෙරෙමියි තවද සිටානෙනි යම් සත්වයෙක් ක්‍රෝධි නොවේද බොහෝ මිත්‍රයන් ඇත්තේද ත්‍යාගීද සිලාචාරයෙන් යුක්තද ශඨ ප්‍රවෘත්තියක් නැතිව සෘජුවූ කායවාක් සුචරිත සමාචාර ඇත්තේද සංග්‍රහ සීලද ප්‍රියවූ මටයි ළුටුවූ වචනයන් ඇත්තේද මහන්තත්වයට පැමිණියෙන් සියල්ලවුන්ට යටත්ව පවතීද සමුද්‍රය බලන්නාවූ සත්වයන්ට යම්සේ රලපතර බොහෝව පෙණේද එපරිද්දෙන් යථොක්තවූ ගුණ ඇති පුරුෂයා කෙරෙහිම වාසය කෙරෙමියි තවද යම් සත්වයෙක් මිත්‍රයන් කෙරෙහිද ජාතිග්‍රොත්‍රාදී ශ්‍රෙෂ්ඨයන් කෙරෙහිද සදෘශවූවන් කෙරෙහිද වැඩෙහි හැසිරෙන්නාවූන් කෙරෙහිද අවැඩෙහි නොහැසිරෙන්නවූන් කෙරෙහිද සම්මුඛ පරාංමුඛ දෙක්හි සංග්‍රහ කිරීමම සොභාකොට ඇත්තේද කිසිකලෙකත් පරුෂවචනයන් නොකියාද එබඳූ ගුණ ඇති සත්වතෙම මලේ නමුත් ජිවත්ව ඉඳිනා නමුත් මම ඔහු අයිතියෙහි යම් නුවන මද සත්වයෙක් මෙබඳූ ගුණයන් අතුරෙන් එක්තරා ගුණයක් ලැබ ශ්‍රී මට වසඟවයි සිතා ප්‍රමාද වශයෙන් පැමිණියාවූ ගුණය නසාද එබඳූ පුද්ගලයා වැසිකිළියක්මෙන් දුරින් දුරුකෙරෙමි. සත්ව තෙමේම තමාගේ යහපත් ගුණයෙන් ශ්‍රියා තමාට පමුණුවාගන්නේය.

තමාගේ නුගුණයෙන්ම කාලකන්නියත් පමුණුවා ගන්නේය. එසේහෙයින් ශ්‍රීකාන්තාවය කාලකන්නිය යන දෙක එක්කෙනෙක් එක්කෙණකුන්ට පමුණුවන්කෙණෙක් නැත, තමන් තමන්ගේ ගුණ නුගුණ වශයෙන් තම තමන්කරා පමුණුවා ගන්නාහයි මෙසේ ශ්‍රී කාන්තා තමාගේ ගුණකීම වශයෙන් සිටාන්නට ධර්මදේශනා කළාය. මෙසේ මහබෝසතානෝ ශ්‍රී කාන්තාවගේ බසට පැහැද මේ කිසිකෙණෙකුන්ගේ ප්‍රයෝජන විඳිමෙන් ඉඳුල්නොවු ආසනය හා යාන තොපට සුදුසු යයි අභිප්‍රාය සැටියේ සැතපෙවයි කීය. ශ්‍රී කාන්තාවත් සිටානන්ගෙයි එදවස් රැ වැස අළුයම් වෙලෙහි නික්ම තව්තිසා දිව්‍යලෝකයට ගොස් අනෝතත්තවිල පළමුව ජලස්නානය කළාහ. එතැන් පටන් ලෝකයෙහි ශ්‍රීයාවත් ව්‍යාවහාර පළවුයේය. බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණ හැර වදාරා ශ්‍රී කාලකන්නි ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ශ්‍රී කාන්තාව නම් දැන් මේ උත්පලවණ්නා මහා ස්ථවිරිය. එසමයෙහි සුවිපරිවාර සිටානෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

372 බි‍ළාල ජාතකය
370 මිගාලොප ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.