330 බ්‍රහත්ඡත්ත ජාතකය

තවද විනායකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වංචා ප්‍රයෝග දන්නා භික්ෂූකෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වනලද.

ඒ වංචා ප්‍රයෝග දන්නා භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේට දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මහණෙනි මුන් දැන් මතුනොවෙයි පළමුත් වංචා ප්‍රයෝග දන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙක් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට අමාත්‍යව උපන්නාහ. කෝසල රජ්ජුරුවන් හා යුද්ධයට බරණැස් නුවර රජ්ජුරුවෝ චතුරංගිණි සේනාව ඇරගෙන යුද්ධයට ගොස් බරණැස් නුවරට රජ්ජුරුවෝ චතුරංගණි සේනාව ඇරගෙන යුද්ධයට ගොස් නුවරසාධා සියලු පන්සියයක් ලෝ සැලිවල ලවා උද්‍යානයෙහි නිදානකරවූහ. බ්‍රහත්ඡත්ත නම් රාජකුමාරයෝ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීනි අතින් සූසැටකලා සිල්පය හා අෂ්ටාදාස සිල්ප ආදීවූ සිල්ප ඉගෙණ පන්සියයක් තපස්වීවරයන් උන්තෙනට අවුත් ඒ තාපසවරුන්ගෙන් බණ දහම් අසා ප්‍රවෘත්තිය දැන තපස්වීවරයන්ට නායකව වාසය කරනසේක. එක් දවසක් බ්‍රහ්ත් ඡත්ත නම් තපස්වී පන්සියයක් තපස්විවරයන්ට කියන්නාහූ බරණැස් නුවර සිඟා වළදන ලෙස යම්හයි කීහ.
පන්සියයක් තපස්වීවරයෝ කියන්නාහු අපි ඊට ගියමෝ නම් මනුෂ්‍යයෝ අප අතින් ප්‍රශ්න විචාරති. බණ කියවති, උන් කී කල නොකී අවස්ථාවේ නොයෙක් නින්දා කියා වෙසෙති. එසේ හෙයින් අපි බරණැස් නුවරට නොයෙම්හයි කීහ. ඊට බ්‍රහත්ඡත්ත නම් තපස්වී උන් කී යම් ප්‍රශ්ණයක් විසඳහන්නට මට භාරයයි කියා පන්සියයක් තපස්වීවරයන් ඇරගෙණ නික්ම බරණැස් නුවර රජ්ජුරුවන්ගේ මගුල් උයනේ එදා රෑ සැතපී පසුදවස් උදෑසන පන්සියයක් තපස්වීවරයෝ නුවරට සිඟා නික්මුනාහ.

රජ්ජුරුවෝ පන්සියයක් තපස්වීවරයන් තමන්ගේ රජගෙට වඩාගෙණ ගොස් ආසන වල ඉඳූවා ප්‍රශ්න හා සමග බණ විචාළාහ. එවිට බ්‍රහ්මචත්ත නම් තපස්වී පන්සියයක් තපස්විවරයන් බැන නොනැගී ඉන්ට කියා රජ්ජුරුවන් විචාළා බණ හා ප්‍රශ්න රජ්ජුරුවන්ගේ අභිප්‍රාය නියාවටම කීහ. රජ්ජුරුවෝ සමෘධිම පන්සියයක් තපස්වීවරයන් වළඳවා තමාගේ මගුල් උයනේ ඉදිනා නියායෙන් සැලැස්වූහ. යහපතැයි කිහා බ්‍රහත්ත නම් තාපසයන් හා පන්සියයක් තපස්විවරයෝ ඒ මගුල් උයනේ වාසය කරණ කල්හි බ්‍රහත්ඡත්ත නම් තපස්වී නිධාන් දක්නාවූ ශාස්ත්‍රයක් දන්නාහ. එවිට සිතන්නාහූ මාගේ පියානන් වහන්සේ මරාපිය බොහෝ වස්තුව බරණැස් රජ්ජුරුවෝ ගෙනාහ. ඒ සම්පත් කොයි තිබාපුදෝහෝයි බැලු තැනැත්තෝ ඒ මගුල් උයනේ තිබුවා දැක පන්සියයක් තපස්විවරයන්ට බ්‍රහත්ඡත්ත නම් තපස්වි කියන්නාහු මම පරලොවට ආධාරයෙකින් තපස් වූයෙමි නොවෙමි. මම මා කෙරේ භයින් තපස්වීම් මාගේ කොසොල් නුවර රජ්ජුරුවන් වහන්සේ නම් මාගේ පියානන් වහන්සේය. එසේ හෙයින් උන්වහන්සේගේ බොහෝ සම්පත් බරණැස් රජ්ජුරුවෝ ගෙවැවිත් මගුල් උයනේ සැලවල ලැවූ පන්සියයක් නිධාන සැලලැවුහ. ඒ සැලවල නිධාන ඇරගෙණ මම මාගේ පියානන් වහන්සේගේ කොසොල් නුවර ගණිමි. තොපි ඇම කුමක් කරව්දැයි විචාළාහ. තපසවරු කියන්නාහු නුඹවහන්සේ ගුරුකොට ආම්හ. එසේහෙයින් නුඹ වහන්සේ හා කැටිවම කී කල දෙයක් කරමුයි කීහ.

යහපතැයි කියා කොසොල් නුවර සිට ආ මනුෂ්‍යයන්ගෙන් සමහර අය කුත් තපස්වීවරයන් පන්සියයත් නිධාන සැලවල් ගොඩනගා පන්සියයක් සමීපයිද විඳ ඒ සම්පයිවල ලාගෙණ ඒ සැලවල තණ ආදීවූ දෙයලා තිබා තිබූ වලම නිධානසැල ඔබවා කෝසල නුවරට පලාගොස් බ්‍රහ්ත්ඡත්ත නම් රාජ කුමාරයෝ රාජ්ජයට පැමිණ ඔටුනු පැලඳ නුවර පදනම් අට්ටාල වෙට්ටම් ආදීවූ කර්මාන්ත කරවා සතුරන්ගෙන් කිසිඟයක් නොවදිනා නියාවට නුවර කරවා රාජ්ජය කරන්නාහ.

බරණැස් නුවර රජ්ජුරුවෝ බොහෝ ශෝක පත්ව කිසිදෙයක් නොදැක මගුල් උයනේ උන් තාපසවරුන් පලාගිය නියාව අසා බොහෝ වික්‍ෂේපයට පැමිණ මගුල් උයනට අවුත් නිධාන සැලවල් තිබූ තිබූ තැනින් ගොඩනංවා බැලු අවස්ථාවෙහි සම්පත් නැතිව තණපුරා තිබූ සැලවල් දැක රජ්ජුරුවෝ සෝකපත්ව කිසිදෙයක් නොදැක උන්සිටිය එතෙනකුත් තණයයි කිය කියා ඉඳිනාහ. බෝධිසත්වයෝ රජ්ජුරුවන් කියන්නාවූ මේ ප්‍රලාප මා අරවතොත් විනා අනික් කෙනෙකුන්ට බැරියයි සිතා රජ්ජුරුවන් හා කථාකරන්නට යෙමියි ගොස් කථාකොට උන් අවස්ථාවෙහි රජ්ජුරුවෝ තණය තණයයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු ස්වාමිනි. නුඹ වහන්සේගෙන් කෙසේවූ තණයක් අපවත්විද කෙසේද තණයකට අභිප්‍රාය ඇතිසේක්ද ඒ මට කිව මැනවැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු බොහෝ ඇසූපිරූ තැන්ඇති බ්‍රහත්ඡත්ත නම් තාපසයෝ මාගේ මගුල් උයනේ වාසයකොට මාගේ නිධාන සැලවල් පන්සියයේ සම්පත් ඇරගෙණ සැලවල තණපරලා සම්පත් ඇරගෙණ ගිය හෙයින් කියන පමණක් විනා මා අභිප්‍රාය ඇති තණක් ඇති හෙයින් කියන දෙයක් නොවෙයි කීහ. එවිට බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කියන්නාහූ තාපසවරු නම් තමන් සන්තක වස්තුව විනා නොසන්තක දෙයින් තණකොන්දක් විවර නොගෙණ ගියේය. ඒ රාජ කුමාරයෝ තමන්ගේ පියානන් සන්තක සම්පත් ඇරගත්තීය. නුඹ වහන්සේ සන්තක දෙයින් තණ කොන්දක් විවර නොගෙණ ගියේය. නුඹ වහන්සේ සන්තක සම්පත් නුඹවහන්සේගේ දරුමුනුබුරන්ට දෙන්ටත් ඇත. තමන් සන්තක වස්තුව ඇරගෙණ ගියයි කියා සෝක නොගත මැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ බ්‍රහත්ඡත්ත නම් රාජකුමාරයන් තාපස වේසය පෑ මගේ සම්පත් අරගත්තුය. ඒ කවරවේවායි කියා බෝධිසත්වයන් කී අවවාදයෙන් සෝක තුනකළහයි වදාරා බ්‍රහත්ඡත්ත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බ්‍රහත්ඡත්ත තාපසයෝ නම් මේ වඤවා ප්‍රයෝග දන්නා භික්‍ෂුහුය. එසමයෙහි රජ්ජුරුවන්ට අවවාද කී අමාත්‍යයා නම් බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

331 පීඨ ජාතකය
329 ජබුක ජාතකය

Leave a Reply

IFBC Home Page