276 වඩ්ඪසූකර ජාතකය - IFBC Organization | Dhamma

තවද බුද්ධ විෂයයේ අනුන් විසින් නොසිතිය හැක්කාවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ධනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

බිම්බිසාර රජ්ජුරුවන්ට කෝසල රජ්ජුරුවන් විසින් තමන්ගේ නැගනියනුත් පාවාදී නැගනියන් නානුමුරයටය කියා ලක්ෂයක් වටිනා කසීගමක් දුන්හ.ඉක්බිති අජාසත් රජ්ජුරුවන් විසින් පියානන් මරාපු හෙයින් කොසල රජ්ජුරුවෝ තමන්ගේ නැගනියන්ට දුන් කසීගම උදුරා ගත්තාහ. ඒ නිසා දසවිටම උනුන් හා කැටිව සටන් ඇතිව තිබෙන්නේය. එක් දවසක් කෝසල රජ්ජුරුවෝ සිතන්නාහූ, සංඝයා වහන්සේ නම් බොහෝ නුවනැති සේක. එසේ හෙයින් විහාරයක් පාසා ඇවිද කියන බස් අසවයි කියා චරපුරුෂයන් සැලැස්වූහ. එකියන චරපුරුෂයො ගණයක් පාසා පරීක්ෂා කොට ඇවිද්දාහ.තෙරුන් වහන්සේ යයි දෙදෙනාවහන්සේ වාසය කරණසේක් මධ්‍යම රාත්‍රියෙහි පිබිද ධනුග්ගහතිස්ස තෙරුන්වහ්නසේ උපතිස්ස තෙරුන්වහන්සේට කියන සේක් කෝසල රජ්ජුරුවෝ බත් බොහෝ කන්ට සුරු පමණක් විනා තමාගේ බැව් අජාසත් රජ්ජුරුවන් අල්වාගත නො එන්නාහයි කියන්නාහූ උන් වහන්සේ කියන්සේක්, ඇවැත්නි සේවාකම් නම් පදුබ්‍රුහය චක්‍රබ්‍රුහය සටක බ්‍රුහැයයි යන තුන් උපායක් ඇත. සකටබ්‍රුහ නම් දැලයෙන් පිරිස් සලසා සේවාකම් කොට පසුබැස මරුබට සේ පිරිස් මධ්‍යයේ සටන් වන්කල අල්වා ගැන්ම එක් උපායෙක. ඒ නියායෙන් අසවල් පර්වත සමීපයෙහිද යුද්ධ කරන්නා අල්වා ගත හැක. ඒ ඇසූ චරපුරුෂයෝ මේ උපාය රජ්ජුරුවන්ට කිවුය. ඒ ඇසු රජ්ජුරුවෝ සේනා වාහන සන්නද්ධව නික්ම කී නියාවට පිරිස් සලසා යුද්ධකොට අජාසත් රජ්ජුරුවන් අල්වාගෙණ තමන්ගේ නුවරටම ගෙණවුත් තමන්ගේ දුවනියන් වූ ජීරකුමාරිකාවන් පාවාදී පළමු දුන් ගම්වරත් දී උන්ගේ නුවරටම යවුහ. මේ කථාව ධම්සභාවේ රැස්වූ මාළුවරුන්වහන්සේ කියනසේක් මේ යුද්ධ ප්‍රයෝගය කරවුසේක් ධනුග්ගහතිස්ස තෙරුන්වහන්සේ මයි කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි, පෙරත් ධනුග්ගහතිස්සයෝ යුද්ධප්‍රයෝගයෙහි දක්ෂයෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි වඩුගමෙක උපන්නාවූ වඩුවෙක් දඬු සොයා වලට ගියේය. එක් ඌරු පැටවෙකු දැක අල්වාගෙණ වඩන්ටයයි කියා ගෙට ගෙණ ගොස් වැඩීය. එකියන ඌරුත් වැඩී දළවලල්ල වැටී මහත්වූ කය ඇතිවිය. එකියන ඌරා වඩුවන් වැඩූහෙයින් වඩ්ඪසූකර යයි කියා නම් තැබීය. එකියන ඌරාත් වඩුවාට වෑ තියන් දිලයි කපන කල දඬුපෙරලා පෑලයි කලුහුය කටින් ඩෑගෙණ කලුහුය ගසා මේ නියායෙන් කීකරුව වසන්නේය. වඩුවා දවසක් සිතන්නේ, මාගේ ඌරා වැඩිවිය පැමිණියේය. එසේ හෙයින් යම් කෙණෙක් මරාපුනම් නපුරැයි සිතා එකියන ඌරා වඩාගෙණ වලට ගොස් ඌරා වලට අළහ. ඒ ඌරාත් වලට වැද තමාගේ රැස් ඌරන් හා එක්වුයේය. පැන් හා කැවිලි පෙවිලි පාසුතෙනක බොහෝ ඌරන් දැක එතනට ගියේය. ඒ වල ඌරෝත් මේ ඌරා කරා අවුත් සිටියාහ. එවිට වල වසන ඌරන්ට කියන්නේ කුමක්ද?. පලාඵල සමුර්ධිවූ පසු ඌරනුත් බොහෝ වූ තෙනකට පැමිණියයි කියන්නා එවිට ඌරෝ කියන්නාහූ ඉන් අඩුවෙක් නැත, එසේවුවත් අපට මහත්වූ භයෙක් ඇතැයි කීහ. වඩ්ඪසුකර කියන්නේ තොපදුටු ගමනේ මේ නියා කැවිලි ඇතිතෙන දුර්වලව ඉඳිනේ භයෙක් ඇති නිසායයි දනිමියි කියා තොප ඇමට ඇති භය කිම්දැයි විචාළාහ. එවිට එකියන ඌරෝ කියන්නාහූ එක ව්‍යාඝ්‍රයෙක් අප කරා ඇවිත් දුටුදුටුවන් කයි කීය. එසේහෙයින් අප ඌ කෙරේ භයින් වැරද ගියම්හයි ඌරෝ කිවුය. වඩ්ඪසුකර එවිට කියන්නේ එකියන ව්‍යාඝ්‍රයා දවස් පතා ඒද අතරතුරෙක එද්දැයි විචාරන්නා ඌරො කියන්නාහූ දවස්පතා නොඑයි. අතරතුරක එන්නේයයි කියන්නා එසේවිනම් මා කීවක් කරවු නම් ව්‍යාඝ්‍රයා මම අල්වා දෙමි කීහ. ඌරෝ යහපතැයි ගිවිස්සාහ. එවිට එකියන වඩ්ඪසූකර ඌරුත් යුද්ධයට සලස්වන්නේ කුඩා ඌරන් වටකොට සලස්වා ඊට ඇතුළුපිට දළවලල්ල වැටුනු ඌරන් සලස්වා ඊට ඇතුළුපිට යුද්ධයෝග්‍ය ඌරන් සලස්වා සතරදිසාවේ ඌරන් දසය විස්සය නියායෙන් ඇනි සලස්වා මධ්‍යයේ ගොඩක්කොට තිබා ඔරුවක් සේ වළක් ඉදිකොට ඒ වල නම්වල තිබෙන නියායෙන් සලස්වාගෙණ වටරැකවල් ලා සිටි ඌරන්ට තෙපි ඇම නොබවයි කියා විධාන කොට ඇවිදිනාකලට ඉරු උදාව පාන්වන්නට වන. ඒ වේලාවට ව්‍යාඝ්‍රයා පර්වත මුදුනෙන් පෙණින. එවිට ඌරෝ ස්වාමිනි පසමිතුරා ආ යයි කිහ. එවිට ඌරු කියන්නේ ව්‍යාඝ්‍රයාද කළ යම් ක්‍රියාවක් තෙපි ඇමත් කරවයි කීහ. එවිට ව්‍යාඝ්‍රයා කිළිපොලන්නා ඌරෝ කිළිපෙලුහ. ව්‍යාඝ්‍රයා ගර්ජනා කරන්නා ඌරොත් ගර්ජනා කළහ. ව්‍යාඝ්‍රයා මලමුත්‍ර කරන්නා ඌරෝ මලමුත්‍ර කළහ. එවිට ව්‍යාඝ්‍රයා සිතන්නේ මෙතෙක් දවස් සේ නොවෙයි අද යම් අමුත්තෙක් ඇතැයි සිතා තමා මස් මරාලන තාපසයන් කරා ව්‍යාඝ්‍රයා ගියේය. එවිට තාපසයෝ කියන්නෝ ඇයි?. මෙතෙක්දා ඌරු මස් ගෙණන තැනැත්තවූ අද ඌරු මස් නොගෙණායේ ඇයිද?. තාගේ ඇඟ ශක්ති නැද්ද?, ඌරෝ නිමාගියෝ දැයි විචාළෝය. එවිට ව්‍යාඝ්‍රයා කියන්නේ තාපසයන් වහන්ස මා ඇඟ ශක්ති ඇත. ඌරොත් ඇත මෙතෙක්දාසේ නොවෙයි, අද අහංකාරව සිටියේය. එහෙයින් නොගියෙමි කියන්නා තාපසයෝ කියන්නාහූ ඌරන් කෙසේ ශක්ති ඇතත් තොප ඇමටම භය ඇත්තෝය. එසේ හෙයින් නො බා වහා ඌරන් ගෙණවයි කීහ. එබසට යහපතැයි කියා ව්‍යාඝ්‍රයා අවුත් තමා පළමුත් ඌරන්ට පණින්නාවූ පර්වත මුදුනට පැන නැගී සිටියාවුන් ඌරන් දැක තෙමෙත් වල මධ්‍යයෙහි සිටියේය. එවිට ව්‍යාඝ්‍රයා ඌරා සිටියාවූ දැක වේගයෙන් පිනුකලට ඌරු තමා ගැලවියන්ට සාරා තුබූ උමගින් පලාගියේය. ව්‍යාඝ්‍ර පිනුවේගය රඳවාගතනොහි එවලට පැන ඔරුවෙක ලුවාසේ සිටියේය. එවිට වඩ්ඪසූකර තමා සිටි තෙනින් ගොඩ නැගී ව්‍යාඝ්‍රයා දුටුයේය. මහත් වේගයෙන් දිවගෙණ ගොස් ව්‍යාඝ්‍රයා මරා උගේ පඤමධුර මාංසය අනුභව කොට ගොඩ නැගී ඌරන්ට කියන්නාහූ තොපගේ සතුරා මරාපිම්, කියන්නා පළමුවෙන් දිවගෙණ ආ ඌරෝ උගේ මාංශය අනුභව කළහ. පස්සේ ආ ඌරෝ මස්කෑ ඌරන්ගේ හොට ඉඹ සිටියාහ. වඩ්ඪසූකර කියන්නේ තොපගේ සතුරා මළේය. ඉදිරියේ කිසි භයෙක් නොවිවාසය කරව් කීහ. එසේ කීවත් ඌරෝ දුර්මුඛව සිටියාහ. එවිට තොපි දුර්මුඛව ඇයිදැයි කියන්නා ස්වාමිනි ව්‍යාඝ්‍රයා මැරීමෙන් කම් කිම්ද?. තව මුන්සේ ව්‍යාඝ්‍රයන් දසදෙනෙකු උගන්වා එවන්ට නිසි තාපසකෙණෙක් ඇත. ඌ මැරුවොත් විනා අපට භය සන්නොසිඳෙයි කියන්නා තාපසයෝ කොයිදැයි විචාරන්නා අසවල්තෙන වාසය කෙරෙති කියන්නා යහපතැයි කියා ඌරන් ඇර ගෙණ තාපසයන් උන්ගැනට දිවුහ. එවිට තාපසයෝ ව්‍යාඝ්‍රයා තව දක්වා නො එන්නේ ඇයි දැයි සිතා බලන්ටයයි එන කලට ඌරෝ තාපසයන් දැක ලුහුබඳවා ගත්හ. එවිට තාපසයෝ තමාගේ අෂ්ටපරිෂ්කාර දමා වහා දිවගෙණ ගොස් දිඹුල් ගසකට පැන නැංගේය. එවිට ඌරෝ අප නටුවෝද තාපසයා ගැලවී ගියේයයි කියන්නා ඊට මම උපායක් දනිමි කියා ඊරියන්ට කියා පැන් අද්දවා ගසමුල වත්කරවා පැටිති ඌරන් සිඟින් මුල් කඩන්ට හා මහ ඌරන් මහමුල් කඩන්ට සලස්වා මේ නියායෙන් දිඹුල් ගසවට මුල් කප්පවා මැද්දේ තුබූ මහමුල තුමූ පොරවක් බාලා කපන්නාක්මෙන් කපා හළහ. එවිට දිඹුල් ගස වැටින. ඌරෝ තාපසයන් යා නොදී ඇට පමණක් තිබා මස් ලියා කෑවාහ. එකියන දිඹුල් ගස පිට වඩ්ඪසූකරයනුත් යහපත් ඊරියකුත් ඉඳුවා තාපසයන්ගේ සකින් අභිෂේක ජලය වත්කොට තමන් ඇමටම රජකොට ගත්තාහ. එතැන් පටන් රජදරුවන්ට දිඹුල් ගස භද්‍ර පීඨයට ගත්තාහ.එතන වනයේ වෘක්‍ෂයක වාසය කරන්නාවූ වෘක්‍ෂ දේවතාවා මේ කාරණය දුටුහයි වදාරා වඩ්ඪසූකර ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි වඩ්ඪසූකරයා නම් ධනුග්ගහ ස්ථවිරය. එසමයෙහි වෘක්‍ෂදේවතාව උපන්නෙම් බුදුව මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

277 සිරි ජාතකය
275 සෙය්‍යංස ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.