266 කුරුධර්‍ම ජාතකය

තවද මහමෙරසේ ස්ථිරවූ සාරගූණ ඇති සර්වඥයන් වහන්සේ ජේතනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් අකුරක් ගසා හංසයෙකු මැරූ භික්ෂූවක් හූ අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්,

එම සැවැත් නුවර යාළුවෝ දෙදෙනෙක් ශාසනයෙහි මහණව උපසම්පදාව ලදින් බොහෝසේ උනුන් නොහැර එක්වම ඇවිදිනාහූ අචිරවතී නම් ගඟාවට ගියාහූ නාපියා අව්ව තැප තැප පුරාතන කථාවන් කිය කිය වැල්ලේ සිටියාහ. ඒ ඇසිල්ලෙහි ආකාශයෙන් යන්නාවූ හංසයන් දෙන්නෙකු දැක දෙන්නාගෙන් කුඩාමහණ කියන්නේ තෙළ හංසයන් දෙන්නාගෙන් එකෙකු ඇසකට අකුරකින් ගසමි කීහ. අනික් මහණ කියන්නේ තොපට බැරියයි කීහ. එසේ වී නම් බැළුවමැන මාදසාවේ ඇසට ගහන්ට ආශ්චර්යය කින්ද ඈත ආලයේ ඇසට ගසමි කීහ. අනික් මහණ තොපට බැරියයි කීය. නැවතත් එසේ විනම් බැලුවමැවැයි කියලා තුනැස් අකුරක් අල්වාගෙණ හංසයාගේ පශ්චාත්භාගයට ගසාලීය. යන්නාවූ හංසයා අකුර බුරාගෙණ යන අඬ අසා නැවත පෙරලා බැළිය. එක්‍ෂේණයෙහි වට අකුරක් ගසැලීය. ඒ අකුරගොස් ඇලයේ ඇසින්ද වැද තමාදසාවේ ඇසින් නාගපිය. හංසයාද අඬාගෙණ පාපිට වැටි ගියේය. ඒ ස්ථානයෙහි සිටි භික්ෂූහූ දැක ඔහු සමීපයට අවුත් කිමෙක්ද ඇවත මේ නියාවූ බුදුසන්නෙහි මාහණව නොකළමනා ප්‍රාණවධ කෙළේ යුක්තතෙක් නොවෙයි කියා ඔහු නොකමැතිකරවාගෙණ ගොස් බුදුන්ට දැන්වූහ. ඒ අසා බුදුහූ වදාරණසේක් මහණ තා ප්‍රාණඝාත කළේ සැබෑදැයි විචාරා වදාළසේක. ඒ භික්ෂූන් විසින් සැබැව ස්වාමිනි කී කල්හි මේ නියානෛර්යාණික බුද්ධසාසනයෙහි මහණව සිට කිසිභයක් නැතිව මෙබඳූ ප්‍රාණවධ කළේ සුදුසු නොවෙයි වදාරණ බුදුරජානන් වහන්සේ මෙසේ වදාළසේකී. පුරාතනයෙහි නුවනැත්තාහූ අබුඬොත් පාදකාලයෙහි පවා ගිහිගෙයි වසන්නාහූ ඉතා ස්වල්පවූ නොකළමනාසැප උපදවා විසුවෝ වේදැයි වදාරා දැන් තෝ වුකලී කිසිභයක් නොකළේ වේදැයි වදාරා එඹල මහණ පැවිදිවූවහු විසින් කාය වාක් මනඃ යන චාරත්‍රයෙන්ම සිහි ඇතිව විසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ භවයෙන් ප්‍රතිච්ඡන්නවූ ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස කුරුරට ඉඳිපත් නුවර ධනංජය නම් රජ්ජුරුවන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන්කුස පිළිසිඳගත්සේක. දසමස් පිරි මව්කුසින් බිහිව සඳමඩලසේ වැඩී සත්ඇවිරිදි වයසට පැමිණ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් කෙරෙහි නුවනැතිව සියළුසිල්ප ඉගෙණ නිමවා අවුත් පියරජ්හු විසින් යුවරජ තනතුරෙහි සිටුවනසේක් කල්යාමකින් පියරජහුගේ ආයාමෙන් රාජ්ජයට පැමිණසේක් දශධර්මයෙන් යුත්තව කුරුධම්ම ජාතකයෙහිදී වාසයකරණ සේක. එසේවසන්නාවූ බෝධිසත්වයන් වහන්සේ අඛණ්ඩකොට පංචසීලය රක්නාහූ බෝධිසත්වයෝ මතුනොවන්නාහූය ඔහු කවුරුදැයි යත් රජ්ජුරුවෝය, රජ්ජුරුවන්ගේ මෑනියෝය, අගමෙහෙසුන් බිසව්ය, යුවරජ්ජුරුවෝය පුරෝහිත බමුණාය. යටුකම්කරණ අමාත්‍යයෝය, රථාචාරියාය, සිටානෝය. බඩ සැලමනන අමාත්‍යයයා, දොරටුපාලයාය, ඒ නුවර රූපශ්‍රීන් හොබවා ඇවිදිනා වෛශ්‍යයා මෙසේ කියන එකොළොස් දෙන කුරුධම්ම යයි කියන ලද පංචශිලය අඛණ්ඩකොටරක්නාහ, රජ්ජුරුවෝද නුවරවාසල්දොරද නුවර මධ්‍යයෙහිය රජගෙය දොරකඩය යන මේ ස්ථානයෙහි සඳහන්කරවා දවස සලක්‍ෂයක් බැගින් ධනවියදම්කොට දඹදිව සියළු සත්වයන්ගේ නගුල් උඩබඳවා සියළු යාචකයන්ට දන්දෙන්නාහූය. මෙසේ දන්දෙන ඒ රජ්ජුරුවන්ගේ දානා්‍යාසයත් දන්දෙන නියාත් අඛණ්ඩකොට සිල්රක්නානියාත් සියළු දඹදිව පැතිර ගියේය. එසමයෙහි කළිගූරට දන්තපුරනුවර කලිගු රජ්ජුරුවන් රාජ්ජය කරණ සමයෙහි උන්ගේ රට බදමානයෙහි වැසිනොවැස දුර්භික්ෂා භය උපන නුවර විපත්තිය නිසා මනුෂ්‍යයන්ට රෝග භය උපන, දුර්භික්ෂ භයින් මළාවූ සත්වයන් නිසා අමුනුෂ්‍ය භය උපන, මේ තුන් භය නිසා මනුෂ්‍යයෝ දුක්ඛිතව ගොසේ රැකීගන් නා කිසිම උපායක් නොලදින් දරුබිලිඳූන් අත් අල්වාගෙණ ප්‍රෙතයන්සේ ඈත මෑත ඇවිදිනාහ. මෙසේ සියළු නුවරවාසීහුද එක්ව සඳවක් රාජාංගනයෙහි රැස්ව ශබ්දපවත්වා කොලාහළකළාහ සිව්මැදුරු කව්ළුව සමීපයෙහි සිටියාවූ රජ්ජුරුවෝ ඒ කෝලාහළ අසා කුමන කෝළාහලයෙක්දැයි විචාළාහ. ඒ අසා සිටියවූ අමාත්‍යයෝ කියන්නාහූ මහරජ්ජුරුවෙනි මේ ජානපදයෙහි තුන්භයෙක් උපනැයි රටටවු විපත්තිය තත්වූ පරිද්දන් කීවාහ. රජ්ජුරුවෝ එපවත් අසා ඊට මා විසින් කුමන කටයුතුදැයි අමාත්‍යයන් අතින් විචාළාහ. මහරජ වැසිවස්වා දුර්භික්ෂ භයසංසිඳූව මැනවැයි කිහ. මෙසේ භය පැමිණකල පුරාතනයෙහි රජදරුවෝ කෙසේ වැසි වස්වද්දයි කීහ.මහරජ දන් දී සිල්රැක ගර්භගෙවල හිතන ඇතිරියෙහි සත් දවසක් වැසිවස්වාගත නුහුනුවාහ. රජ්ජුරුවෝද දෙවෙනිවත් අමාත්‍යයන්ට කියන්වාහූ මම කළ මනායක් පරිත්‍යාග කොට සිල්සමාදන්ව පේවස වැසත් වැසිවස්වාගත නුහුණුයෙමි නැවත කුමක් කෙරෙම්දැයි කීහ. අමාත්‍යයෝ කියන්නාහූ මහරජ්ජුරුවෙනි ඉදිපත් නුවරට යවා ධනංජය කොරව්‍ය රජ්ජුරුවන්ගේ අංජනොපමවූ මංග්‍ය හස්තියෙක් ඇත. ඒ ඇතුන්ගෙන්වා ගන්නාම්හ වැසිවසිති කීහ. රජ්ජුරුවෝ චතුරංගිණි සේනාවෙන් හා සංචප්‍රකාර බලයෙන් යුක්ත මහබලඅති රජ්ජුරුවෝය. උන්ගේ ඇතු කෙසේ ගෙන්වමෝදැයි කීහ. ඒ මහරජ්ජුරුවන් හා යුද්ධකළ මැනවැයි නැත ඒ රජ්ජුරුවෝ දන්දීමෙහි ඇළුම් ඇතිකෙනෙක ඉදින් යමක් ඉල්ලු කෙණෙක් ඇත්නම් තමන්ගේ හිස වීනමුත් කපාදෙන්නාහ. මෙසේ තමන්ගේ පස්පෑ දිස්නා ඇස් උපුටා දන්දෙන්නාහ. තමන්ගේ රාජ්ජය ඉල්ලුවත් දෙන්නාහ ඒ ඇතුගේ දෑ කියනුම්කින්දැයි කීහ. එසේකල ඇතු ඉල්වාගෙණන්ට සමර්ථයෝ කවුරුදැයි කීහ. ඉල්වන්ට සුරුවුවෝනම් බමුණෝය. බමුණන් යවාගෙන්වාගත මැනවයි කීහ. එසේ වීනම් යහපතැයි කියා රජ්ජුරුවෝ බමුණන් අටදෙනෙකු ගෙන්වාගෙණ උන්ට නොයෙක් සම්පත් දී සිත් ප්‍රිතිකරවා ඇතුඉල්වාගෙණ එවයි කියා බමුණන් යවුහ. ඔහු අටදෙන සියළු ප්‍රසාද ලදින් තුටුපහටු සිත් ඇත්තාහූ බැගෑපත් බමුණන්ගේ දුගීවෙස් මවාගෙණ දෙපයක් තෙනක නොලැග ඉදිපත් නුවරට පැමිණ වාසල්දොර දන්සැලින් කීපදවසක් දන් කා සැතපී මාර්ගපීඩාව සන්සිඳුවාගෙණ රජ්ජුරුවන් දන්හලට එන්නේ කවරදාදැයි විචාළාහ.මනුෂ්‍යයෝ කියන්නාහූ මසකට තුන්වාරයෙක වඩනා සේක. පුරපසළොස්වකය තුදුස්වකය අටවකය ඉනුත් සෙට පුරපසළොස්වකය දන්හළ බලන්ට වඩනා සේකැයි කීහ. බමුණෝ දෙවැනිදා උදැසන ගොසින් නැගෙණහිර වාසල්දොර සිටියාහ. බෝධිසත්වයන් වහන්සේ උදාසනම සුවඳ පැන් සොළොස්කලයකින් ඉස්සෝධා නා හා නොයෙක් රසයෙන් අග්‍රවූභෝජන අනුභවකොට සඳූන් සුවඳ ආදීවූ නොයෙක් ආභරණයෙන් හා ඔටුනු සහිත සුසැට ආභරණයෙන් ශක්‍රදේවේන්ද්‍ර විලාශයෙන් සැරහි රන්සැත් පොරොන්දු ආදීවූ සියලු හස්ත්‍යාලංකාරයෙන් සරහන ලද සර්වාලක්‍ෂණ සම්පන්නවූ හස්තීරාජයා පිටට පැණනැගී වතුරංගිණි සේනාවෙන් හා ආතත විතතාදීවූ නොයෙක් ඝෝෂාවෙන් නුවර එකනින් නාදකරමින් නැගෙණහිර වාසල්දොරට වැඩ ඇතුපිටින් බැස දන්හල් වැද නායක බමුණන් කීපදෙනෙකුට තමන්වහන්සේ අතින් දන්දීලා මේ මා දුන්ලෙසට දන්දෙවයි කියාලා ඇතුපිටට නැගී දකුණු වාසල් දොරට වැඩිසේක. බමුණෝ නැගෙණහිර වාසල් දොර රැකවල් බලවත් හෙයින් රජ්ජුරුවන් දැක ගතනෙහී දකුණු වාසල්දොරට ගියාහූ එන්නාවූ රජ්ජුරුවන් බල බලා නුදුරු තෙනක සිටියාහූ ආසන්නවූ මහතානන්ට බමුණෝ අටදෙන අත්ඔසවාලා අයුරසතු බලමසතු සමාධිරයතු නිර්ව්‍යාධිරසතු භගවාන් ප්‍රියදර්ෂිණමස්තු යනාදීන් ආශිර්වාද කොට සිටියාහ. රජ්ජුරුවන් වහන්සේත් ඔවුන් දැක වජ්‍රාංකුසයෙන් ඇතු නවතා උන් සමීපයට ගොසින් පින්වත්වූ බමුණානනි කුමක් නිසා කුමක්සොයා අව්දැයි විචාරා වදාළ සේක.

බ්‍රාහ්මණයෝ බෝධිසත්වයන්ගේ ගුණවර්ණනා කරන්නාහූ මේ කුරු ධර්මජාතකයෙහි පළමුවන ගාථාවෙන් මෙසේ කියතළූ මරජ්ජ්ුරුවෙනි නුඹ වහන්සේ අඛණ්ඩකොට රක්ෂාකරණ කුරුධර්ම නමැති පංචසීලය දහම් දුන්පත් යාචකයකු ඉල්වත් නොලෙනසේක් දෝහෝයි සැකකොට ඉල්වූ යම් යම් පතක් නැත නොදෙමි කියා දෙතියි කියන කිර්තිඝෝෂාවද දස දහසක් යොදුන් දඹදිව මුදුපිට ඉසළූතෙලිත්තක්සේ සියළුදිග පැතිර ගියාසේ ප්‍රසිද්ධව ගියේය. එහෙයින් නුඹවහන්සේගේ ඇතු ඉල්වාගෙණ ආම්හයි කිහ අපගේ කලිගුරජ්ජුරුවන්ගෙන් බොහෝ වස්තු ලදුම්හ. එබැවින් අප ලත් සම්පත අපට තාවුරු වන ලෙස තෙළ ඇතු අපට දේවාවදාළමැනවැයි කීහ. ඒ අසා මහතානෝ වදාරණ සේක් තෙපි ඉදින් මේ ඇතු නිසාම වස්තුලදුනම් ඒ ලත්දෙයම යහපත මා විසින් පෙර පටන් නැතැයි කියා ආකෙණෙකුන්ට අතැයි කියා දෙනලදද නොදෙති නොසිතූව මේ සත්රුවනින් විසිතුරුකොට සරහන ලද සියළු හස්ත්‍යාලංකාරයෙන් සැරහුවන්ම දෙමිකියා බමුණන් අස්වසාලා වදාරණසේක් රාජවාහනයට යෝග්‍යවූ මේ මාගේ හස්තිරාජයා තනිකොට මා දෙති නොසිතුව මේ ඇතු පළමු පිරිමසා සිටි ඇත්වෙදුන් ඇත්ගොව්වන් පන්නයන් ආලත්ති බාන්නාවූත් මුල්වෙරියන් මේ ආදී සියලු කර්මකාරයන්ද ඕහට පළමුකොට තබාදුන් වුත්තියන සියළු යනුමානයෙන් කිසිවකුත් අඩුනොකොට නොයෙක් කුලයෙන් සිය ගණන් මිනිසුන් සමුළුලන් පාවාදෙමි ඒ සියල්ලනුත් හස්තිරාජයාත් ඇරගෙණ තොපට කැමති තෙනකට යවයි ඇතුපිටම ඉඳ කියාලා ඇතුපිටින් බැස පියා ඇතුගේ නොසැරුනු තෙනක් ඇත්නම් සරහාලා දෙමැයි සිතා ඇතුවට තුන් විටක් පැදකුණු කොට බලනසේක් නොසැරුහුතෙනක් නොදැක ඇතුසොඬ ගෙණ බමුණන් අතපිටතබා සුවඳ පැන් පිරුණු සවර්ණාහිංකාරය ගෙන්වාගෙණ බමුණන් අත පැන් වත්කොට ඇතු දන්දී වදාළසේක. ඒ ඇතු දන්දුන් නියාවට උපමාකියත් මතු වෙස්සන්තර කළ පුලස්ති නම් හස්තිරාජයා මෙසේම ආබමුණන්ට දන්දීමට පූර්වනිමිත්ත පානාක්වැන්නැයි සිතමි. බමුණෝ පිරිවර හා සමග ඇතු දන්ලදින් ඇතුපිට හිඳ දන්තපුරයට ගොසින් තමන්ගේ රජ්ජුරුවන්ට ඇතු පාවාදුන්නහ. ඇතු නුවරට ගෙණගියත් වැසි නොවටුයේමය ඒ වෙලෙහි රජ්ජුරුවෝ ඊට කාරණා කින්දැයි විචාළාහ. අමාත්‍යයෝ කියන්නාවූ ධනංජය කොරව්‍ය රජ්ජුරුවෝ කුරුධර්ම කියති එසේ හෙයින් උන්ගේ රටට වැසිවස්නේය වැලිත් සෙස්සකින් නොවෙයි රජ්ජුරුවන් රකිනා කුරුධර්මයෙහි ආනුභාවයෙන් ඇතුගේබල මතුනොවෙයි කීහ. එවෙලෙහි රජ්ජුරුවෝ එබස් අසා එසේවිනම් තෙල ඇතු පාවාදිලා ඒ රජ්ජුරුවන් රක්ෂා කරණ කුරුධර්මය තෙල රන්පත ලියවාගෙණ එවයි බමුණන් හා අමාත්‍යයන් යැවුහ. ඔහු ගොස් රජ්ජුරුවන්ට ඇතුපාවාදෙවාලා නැවත කියන්නාහූ දේවයන් වහන්සේ කුරුධර්මය රක්නාසේක්ල අපගේ රජ්ජුරුවෝත් ඒ කුරුධර්මය රකින්නේ සැබෑය දැන් මට ඒ සැකකෙරෙයි කීහ. එසේහෙයින් ලියාදෙන්ට නොපිළිවනැයි කීහ. රජ්ජුරුවන් එහි සැක උපදවන්ට කාරණකින්ද යත් එසමයෙහි රජ්ජුරුවෝ අවුරුද්දක් අවුරුද්දක් පාසා කාර්තික නැකතයයි යන මහ සැණකෙළියක් ඇත. එදවස් රජ්ජුරුවෝ සියළු අලංකාරයෙන් සැරහී දිව්‍යරාජ වෙශයෙන් චිත්‍රරාජයයි යන නමැති යක්ෂයෙකු සමිපයෙහි සිට සුවඳ මලින් විසිතුරුකොට සරහන ලද මල්හී සතරයක් සතරදිග විදිනාහ. එකල්හි බොහෝකලක් රජදරුවන් විසින් කොට එන චාරිත්‍රයෙක් මේ රජ්ජුරුවන් වහන්සේත් එසේම සැනකෙළි කෙළිනා දවසෙක පොකුණු තෙරකචිත්‍ර රාජයා සමීපයෙහි සිට සතරදිග මල්හි සතරයක් විදපීසේක. ඒ සතරහීයෙන් තුන්හීයෙක් දුටුහ. දියපිට විදපි හීය නොදැක සිතනසේක් කිම්දෝ මා විසින් විදිනා හීය දියෙහි විදුනා මසකු ඇඟ වැදගත්දෝහොයි සැක උපදවා ගත්සේක. එසේහෙයින් ප්‍රානවධය නිසා සිලය හෙදවීනමුත් මට සැක කෙරෙයි එබැවින් මාගේ සිත ගැටුනේයි කියා දරුවෙනි පළමු අඛණ්ඩකොට මා කුරුධර්ම රක්නේ සැබැව, දැන් මට එක් සැකයෙක් ඇතැයි පිළිවෙළවූ පරිද්දෙන් දුතයන්ට කියලා යව අපගේ මෑනියන් වහන්සේ කුරුධර්මය මනාකොට රක්ෂා කරණ සේක. ඔබ සමීපයෙන් ලියවාගෙණ යවයි වදාළසේක. එබවසට දුතයෝ කියන්නාහූ මහරජ නුඹවහ්නසේ සතෙකු මැරූවමැනවයි යන සිතක් නැතිව එසේකල නුඹ වහන්සේට ප්‍රාණතිපාතය සිද්ධ නොවෙයි අපට කුරුධර්ම ලියාදුන මැනවයි රන්පත ලියවාගත්හ. කුමක්සේ ලියවාගත්තුදැයි යත් පාණෝ නහං තබෝබා අදිනනං නදායි තබ්බං කාමේසු මිච්ඡා න චරි තබ්බා මුසා න භනිතබ්බා මජ්ජං න පාතබ්බනති. මෙසේ ලියවාලා සිට වදාරණ සේක් තව ද මා පිට සැකමහත අපගේ මෑනියන් වහන්සේ අතිනුත් ලියවා ගණුවයි කියා යවුසේක. නැවත බෝධිසත්වයන් වහන්සේ වැඳ බිසවුන් වහන්සේ සමීපයට ගොසින් දේවියන් වහන්සේ නුඹ වහන්සේ කුරුධර්මය රක්ෂා කරණසේක්ල අපට දුනමැනවයි කීහ. දරුවනි මා කුරුධර්මය රක්නේ සැබැව දැන් මට එහි සැකයක් උපන එබැවින් මට ඒ දෙන්ට නොපිළිවනැයි කීහ. කුමක් පිණිස දයත්.

බිසවුන්ගේ පුත්තු දෙන්නෙක් ඇත්තාහ. ඉඳින් වැඩිමහළු පුතනුවෝ නායකරජ්ජුරුවෝය. කුඩා පුතනුවෝ යුව රජ්ජුරුවෝය. අනික් රටකින් රජ්ජුරුකෙනෙක් බෝධිසත්වයන් ලක්ෂයක් වටනා හඳූන් හරකුත් දහසක් වටනා රන්මාලාවකුත් පාක්කුඩම් පිණිස එවුහ. බෝධිසත්වයන් වහන්සේ එවසතුදෙක තමන් වහන්සේගේ මෑනියන් වහන්සේට පූජා කරමියි කියා ඔහුට දෙවාපි සේක. එද බිසවුන් වහන්සේ මෙසේ සිතූසේක. මම සඳුනුත් නොගාමි මාලා වත් නොපළඳිමි මාගේ යෙහෙළින් දෙන්නාට දෙමි සිතාලා නැවත මට මෙසේවූ අදහසක් වුයේය මාගේ වැඩිමහල් යෙහෙළනියෝ සොළොස්දහසක් බිසෝවරුන්ට නායකව රජ්ජ්රුවන්ට අගමෙහෙසුන්ව මා ඓෙශ්චර්යයෙහි පිහිටා සිටියාහ. උන් දහසක් වටිනා මාලාව දිපියමි කුඩා යෙහෙලනියෝ වනාහී අරුන්සේ ඌසුවපත් නොවෙයි උන්ට ලක්ෂයක් වටිනා සදූන්හරය දීපියමි සිතා දිපියා සිට නැවත සිතන්නාහූ මම කුරුධර්මය රක්ෂා කෙරෙමි උන්දෙන්නා දුක් පත්කීමි සුවපත් කිම් වයසින් උන් උන්ගේ තරම්ලෙස වේද සංග්‍රහ මැනවැයි සිතා වැඩි මහළු යෙහෙලනියන්ට දහසක් වටිනා රන්මාලාවදී කුඩා යෙහෙළනියන් ට ලක්ෂයක් වටනා සඳූන්හරය දුන්නේය අයුක්තිය කුමක් දෝහො මාගේ කුරුධර්ම දරුවෙනි ලියාදෙන්ට සැකකෙරෙමි කීහ. ඒ අසාදුතයෝ කියන්නාහූ තමා සන්තකවස්තු තමා කැමති තෙනකට දෙති එපමණකින් සීලය භේදනොවෙයි නුඹවහන්සේ මෙපමණක පවා සැක ඇතිසේක අනික් කුමක් නම් කරණසේක්ද නුඹ වහන්සේගේ සීලය ඉතා පිරිසිදුය ඉනා නිර්මලය. එබැවින් අපට නුඹ වහන්සේත් කුරුධර්ම ලියාදුනමැනවයි කීහ ඔබගෙනුත් ලියවා ගත්හ. ඉක්බිති බිසවුන් වහන්සේ කියනසේක් දරුවෙනි මා සිත සැක ඇත මාගේ යෙහෙලනියෝ යහපත්කොට කරුධර්මය රකිති. ඔබගොසින් ලියවාගණුවයි කීහ. දුතයෝ බිසව සමීපයට ගොසින් පළමු පරිද්දෙන්ම ඉල්ලුවාසේ කුරුධර්මය ඉල්ලුවාහ. ඒ අසා බිසව් කියන්නාහූ මා පළමුකොට කුරුධර්මය රක්නේ සැබැය දැන් මට එහි සැකයෙක් ඇත එසේ හෙයින් දෙන්ට නොපිළිවනැයි කීහ. ඒ කවරේදැයි යතහොත් එක් දවසක් බිසව් සිව්මැදුරු කව්ළුව සමීපයෙහි සිටියාහූ ඒ නුවර පැදකුණුකොට යන රජ්ජුරුවන් පසු කුඹයේ උන් යුවරජ්ජුරුවන් දැක පිළිබඳසිත් ඇතිව සිතන්නාහූ මම ඉදින් සහවාසයෙන් එක්සිත්ව විසින්නම් මතු රජ්ජුරුවන්ගේ ආයාමෙන් රාජ්ජයෙහි පිහිටියේ වීනම් මා අගමෙහෙසුන් තනතුරේ තබා රකියි සිතූහ. එසේ හෙයින් මම කුරුධර්මය රකිමින් සිට සස්වාඹිකව කෙළෙසුන් වසඟව අනුන් සන්තක පුරුෂයා මූන බැලිමි. එසේහෙයින් මාගේ සීලයට අන්තරාය විඳෝහෝයි සැකකෙරෙමියි එබැවින් ලියාදෙන්ට නොලිළිවනැයි කීහ. ඒ අසා දුතයෝ කියන්නාහූ ස්වාදියනියෙනි අනාචාරනම් සිතින් සිතූ පමණකින් සිද්ධනොවෙයි නුඹ වහන්සේ මෙපමණක පවා සැක උපදවනදැද මෙපමණකින් සිලභේදය නොවෙයි ලියාදුනමැනවැයි උන්දැගෙනුත් කුරුධර්මය රන්පත ලියවා ගත්හ. ලියාදීසිට කියන්නාහූ කුඩාවරුනි මා සිත සැක ඇත යුවරජ්ජුරුවෝ යහපත්කොට කුරුධර්මය රක්ෂාකෙරෙති උන්දෑ සමීපයට ගොස් කුරුධර්මය ලියවාගණුවයි කීහ. දුතයෝ උන්සමීපයට ගොස් කුරුධර්මය අපට ලියවාදුන මැනවැයි කීහ. යුවරජ්ජුරුවෝ කියන්නාහූ එක් දවසක් පෙරවරු රාජසේවයට යන්නාහූ රථයකින් ගොසින් රාජාංගනයට පැමිණ රජගෙයිදී කා රජගෙයි ලගිත්නම් රථයටදෙන බාන්ආදීවූ රථෝපකරණ රථය ඇතුලේ ලවාපියා රජගෙට වදනාහ. ඒ සලකුණෙන් සේනාව සිතන්නෝ යුවරජ්ජුරුවෝ අද රජගෙයින් කා බී එහිම ලගිනාහයි කියා සියළු සේනාව තම තමන්ගේ ගෙවල්ලැග පාන්වුකල අවුත් රජගෙයින් ඒ රජ්ජුරුවන් පිටත්වන්ට කවරවිටදෝහෝයි පෙරමග බල බලා සිටිනාහ. රථාචාරියා දෙවන දවස් රථය සරහාගෙණ පෙරමග බලා බලා සිටිනේය ඉදින් රජ්ජුරුවන් වහන්සේ දැන් දැකපියයා එමි සිතා රජගෙට වදිනාසේක් වීනම් එකැට බාන් ආදීවූ රථොපකරණ පිටත තබා වඩනාසේක. ඒ සලකුණෙන් සියළු සේනාව දැන් දැන් වඩිනාසේකැයි රථය සරහා රාජංගනයෙහි එකසීම සිටිනාහ එක් දවසක් රථයෙන් මෙමලෙස ගොසින් රාජංගනයට බැස දැන්ම එමි යන සිතින් මෙතෙක් දවස්කර සංඥාව සේනාවට නොහඟවා රජගෙට වැඩියාහ. ඒ ඇසිල්ලෙහි මහා මේඝයක්නාගා වසින්ට පටන්ගත රජ්ජුරුවෝ වැසිවස්නා දැක නොයවයි කියා යුවරජ්ජුරුවන්ට සමුදුන්හ. ඒ වෙලෙහි රජ්ජුරුවෝ රජගෙයිදීම කා බී රජගෙයිම සැතපූනාහ. කැටිව ගිය සේනාව දැන් එනසේකැයි පෙරමග බලබලා සිටියාහූ තුන්යම රාත්‍රියෙහි සිටිවනමසිවපන්කළහ. ඒ රජ්ජුරුවෝ දෙවැනි දවස් පාන්වූකල රජගෙන් පිටත්වූවාහූ සේනාව තෙමි තෙමි සිටියාදැක සිලයට අන්තරායවූ සැටියයි සිතින් සැක උපදවා ගත්හ. එසේ හෙයින් දුතයන්ට කියන්නාහූ මා පළමු කුරුධර්ම රක්නේ සැබැව දැන් එය වනාහී සැකයෙක් ඇත තොපට ලියාදෙන්ට නොපිළිවනැයි මේ කාරණය වූ පරිද්දෙන්ම කීහ. ඒ අසා දුතයෝ කියන්නාහූ දේවයන් වහන්ස නුඹ වහන්සේ මේ සේනාව මෙසේවූ පීඩාවකට පැමිණෙත්වයි සිතා කළදෙයක් නොවන පසු නුඹ වහනසේගේ සීලයට අන්තරායනොවෙයි මෙපමණකපවා සැක උපදවන ලද සිලය ඉතා පිරිසිදුය අපට කුරුධර්මය ලියාදුන මැනැවයි කියා උන්ගෙනුත් කරු ධර්මය රන්පත ලියවා ගත්තාහ. ලියාදී කියත්තාහූ හෙවත් මා සිත සැකයෙක් ඇත්මය පුරෝහිත බමුණානෝ යහපත්කොට කුරුධර්මය රක්ෂාකෙරෙති උන්ගෙන් ලියවාගනුවයි කීහ. දුතයෝ උන්සමීපයට ගොසින් කුරුධර්මය උන්ගෙනුත් ඉල්වුහ. උයිත් තමන්ටම උපන් සැකය කියන්නාහූ මම එක්දවසක් රාජ්ජසේවයට යන්නේම අනික් රටකින් අපගේ රජ්ජුරුවන් වහන්සේට පාක්කුඩම් පිණිස එවන ලද ලහිරුමඬලක් සේ ඉතා සෝභමාන වූ රථවාහනයක් අතරමගදී දැක මේ රථය කාගේදැයි විචාරා රජ්ජුරුවන් වහන්සේට ගෙණ රථයකැයි අසා සිතන්නාහූ මම වයෝවෘද්ධයෙමි අපගේ රජ්ජුරුවෝ රථය මට දිපුනම් සුවසේ රථයට නැගීගණ ඇවිදිනෙම් වේදැයි සිත සිතා ගොසින් රජ්ජුරුවන්වහන්සේ ලඟ සිටියාහ. එපමණකින් රථය එවිටම ගෙණවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝත් රථය ආචාරීන්ට දෙවයි කියා කීහ. පුරෝහිතයානෝ නොයිවසූහ. නැවතත් අරගණුවයි කීවත් නොගිවිස්සේමය, කුමක්හෙයින්ද යත්.

මා කුරුධම්ම රක්නා තැනැත්තාහූ අනුන්සන්තක වස්තුවෙහි ලෝභය ඉපදවූයේ ඉතා නපුර මාගේ සීලය බිඳූනු සැටියයි මෙපමණක් සඳහන්කොට පියා කුඩාචරිනි මාගේ සීලයෙහි මෙබදු සැකයෙක් ඇත එබැවින් දෙන්ට නුපුළුවනැයි කීහ. එබසට දූතයෝ කියන්නාහු යමකට ලොභකළ පමණකින් සිල් බිඳෙන්නේ නොවෙයි නුඹවහන්සේ මෙපමණක් පවා සැක කරණසේක් අනික් පවත් කරණසේක්දැයි කියා උන්ගෙනුත් කුරුධර්මය රන්පත ලියවා ගත්හ.

තවද මට එකී සැක කෙරෙති යි එඹල රථාචාරීයානෝත් කුරු ධර්ම රක්ෂාකරන්නේයයි උන් ලඟට ගොසිනුත් ලියවා ගනුත් යහපතැයි කීහ. ඒ දුතයෝ ගොසින් ඔහු අතින් කුරුධර්මය අපට ලියවා දුන මැනවැයි ඉල්වූහ. උයිත් කියන්නාහූ කුරුධර්මය මා රක්ෂා කරන්නේ සැබැව, මෙයිදු සැකයෙක් ඇතැයි කියා ඒ සැකය කියන්නාහූ එක් දවසක් පෙරවරු රජ්ජුරුවන් රථයෙන් උයනට වඩගෙණ ගියෙමි. රජ්ජුරුවොත් දාවල් දවස උයන් කෙළි කෙළපියා සවස නික්ම රථයට නැන්ගාහ. රථයෙන් අවුත් නුවරට නොවදනා තුරු හිරු හස්තයට ගියේය. ඒ ඇසිල්ලෙහි වැස්සෙක් නැගීය රජ්ජුරුවන් වහන්සේ තෙමෙනසේක්දෝහෝයි භයින් රථය අදනා හසුන්ට තරව කැවුටුසන්දී භයගන්වා ලුහුබඳවාලිම් රථාසවායෝකුමක් බවත් නොදක්නාහූ වහාවහා දිවයත්හ. එතැන්පටන් උයනට යනකලත් එතනට පැමිණිකලත් කැවුටුසන් දුන්නත් නුදුන්නත් වහවහා දිවන්නාහ. ඒ තිරිසන් සත්වයෝ කුමක්නිසා මෙලෙස දිවන්නේදැයි යතහොත්, ඒ කාන්තයෙන් එතන භයකටයුතු නිසිකාරණයක් ඇතැයි සිතා අසුදිවන්නාහ මම හසුන් භයගන්වන පිණිස කලදෙයක් නොවෙයි එදවස් රජ්ජුරුවන් තෙමුනැයි මට වරදක් නැත මම අදථානයෙහිදී ඉතා සුසික්‍ෂිත අසුන්ට තරුව කැවිටියන්දී භයගන්වා කොටළු නොදැන්ම නිසා එතනට ආ යම්විටකම ඒ ස්ථානයහිම කුමක් නිසාවූ භයෙක්දෝහෝ වහවහා දිවෙමින් පීඩාවට පැමිණෙති, මම කුරුධර්මය රක්නාතැනැත්තෙමි මේ කාරණය නිසා මාගේ කුරුධර්මය නැමති සීලය දෙන්ට බැරියයි කීහ. ඕහට දුතයෝ කියන්නාහු මෙපමණකට පවා මෙසේ සැකකරන්නා හූ අනික් පවක්කෙසේ කරව්දැයි උන්ගෙනුත් කුරුධර්මය රන්පත ලියවාගත්හ. එසේ වී නමුත් තවසැක ඇත. මෙනුවර සිටානෝ අඛණ්කොට කුරුධර්මය රකිති උන්ගෙනුත් ලියවාගණු වයි කීහ. දූතයෝ සිටානන් ලඟට ගොස් නුඹරක්නා කුරුධර්මය අපට දුන මැනවැයි ඉල්වූහ.

සිටානෝ කියන්නාහූ එක් දවසක් මම ඇල්කෙත උඩුදරාබිමියන්නේ මාගේ කෙත්වත් බලාපියා නැවත ගෙට එන්නෙම් මේ ඇල්කාවලින් මාලාවක්සේ ගොතා බඳවාගණිමැයි සිතාඑකම කරල්මිටියක් ගන්වාගෙණ ඒ දවස්පටන් මෙසේවූ අදහසක් මටවූයේ ඒ ඇල්කෙත රජ්ජුරුවන්ටත් මටත් අඳයට කළදෙය එසේවූ තැනින් අනුන්සන්තක කරල්මිටක් මා ගෙන්වා ගනලදහෙවත් මම කුරුධර්මය රක්ෂාකෙරෙමි එබැවින් මාගේ සීලයට අන්තරායවිදෝහෝයි කියා මාගේ කුරු ධර්මය මට දෙන්ට නොලිළිවනැයි කීහ. දුතයෝ කියන්නාහූ සිටානෙනි නුඹසොරසිතින් කලදෙයක් නොවන හෙයින් මෙපමණක් නිසා අදින් නාදනය සිද්ධනොවන්නේය. මෙපමණක සැකඋපදවන්නාවූ නුඹ වහන්සේ අනික් පවක්නම් කෙසේ කරණසේක්ද නුඹ වහන්සේගේ සීලය ඉතා පිරිසිදු යයි කියා උන්ගෙනුත් කරුධර්ම රන්පත ලියවාගත්හ එසේවී නමුත් මට සැක ඇත බඩසල් මනන්නාවූ අමාත්‍යයෝ යහපත්කොට කරුධර්ම රක්ෂා කෙරෙයි ඔහු ලඟටගොස් කරුධර්මය ලියවා ගනුවයි කීහ. දුතයෝ ඔහු සමීපයට ගොස් නුඹ රක්නා කුරුධර්මය අපට දුනමැනවැයි කීහ. ඒ මනන්නානෝද තමන් සිතට උපන් සැක කියන්නාහූ එක් දවසක් කොටගෙයි දොරඉඳ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයට වී මනන්නාහූ නොනිමි චිත්ගෙණ සන්ලුවාහ වි මැන නොනිමෙන තුරු වැස්සෙක් වසින්ට පටන්ගත. අමාත්‍යයා මිනුවියෙහි සන්ගැන මෙතැකිය කියා මා සන්ලු වී අසවල් වියයි සලකුණක් නොකොට වීයෙහි එක්කොට සිහිනැතිව වෙරයතුරුලා පියවහා දිවගෙණ ගොසින් හිඳ සිතන්නාහූ සන්ළු මිනුවියෙහි එක්කෙළෙන්නම් නොමිනු වියෙහි එක්කෙළෙම්දොහෝය සිතා මිනු වියෙහි එක්කෙළෙන්නම් රජ රජ්ජුරුවන් වහන්සේගේ වී වඩනේය. සිටානන්ගේ වි නස්නේය. වැලිත් මම කුරුධර්මය රකිමි. මාගේ ගුණ ධර්මය බිඳිනිදෝහෝයි සිතා මේ පමණක් නිසා මම කුරුධර්මය දෙන්ට බැරියයි කියෙමියි කීහ. ඕහට දුතයෝ කියන්නාහූ තොපගේ සොරසිතක් නැත, මේ පමණකින් අදින්නාදානය සිද්ධ් නොවෙයි මේ පසණකට මෙසේ සිතන නුඹට අනික් කවර දවසෙක පාපයක් කරණදැදැයි කියා උන්ගෙනුත් කුරුධර්මය ලියවා ගත්හ. එසේ වී නමුත් මට සැක ඇත. මේ නුවර වාසල බලන දොරටුපාලයා යහපත් කොට කරු ධර්මය රක්ෂා කෙරෙයි ඔහු ගෙනුත් ලියවා ගණුවයි කීහ. අමාත්‍යයෝ ගොසින් ඔහු ගෙනුත් කුරුධර්මය දුනමැනවයි ඉල්ලූහ. ඒ තෙමේ එක් දවසක් වාසල් දොර වසන්නේ මෙතෙක් දවස් සේම තුන්විටක් අඬගා කියා දොර වසන්ට සිටි කලට ඒ නුවර එක් දිළිඳු මිනිසෙක් තමාගේ බාලනඟක් කැඳවාගෙණ වල දරපළා සොයා ගියාහූ නැවත අවුත් හඬගෑ ශබ්දය අසා නැගනියන් කැඳවාගෙණ වහා අවුත් වාසල් දොරට පැමිණ දොර ඇරපියවයි කීව. උන්ට දොරටුපාලයා කියන්නේ වාසල අගුල ලන නියාව දැන දැන තාගේ අඹුව ඇරගෙණ වල කෙළ ඇවිද පියා දැන් ඉඳ කුමට අයිදැයි කීය. ඒ දුගියා කියන්නේ ස්වාමීනි එසේ නොකිව මැනව, මාගේ බිරින්දයෙක් නොවෙයි මාගේ නැගනියෝයයි කීහ. දොරටුපාලයාද එවෙලෙහි සිතන්නේ තමා අකාරණයෙක මෙලෙස කිවයි සිතා මා විසින් නොකිවමනා බසක් කියාපිමි, ඔහුගේ නඟා ඔහුගේ අඹුවයයි නො දැන කිමි. මම වූ කලී කුරුධර්මය රකිමි. මේ කාරණය නිසා මාගේ කුරු ධර්මය බිඳිනැයි මට සැක ඇත, ලියා දෙන්ට නො පිළිවනැයි කීහ. දූතයෝ කියන්නාහූ තොපි උන්ගේ නඟා නියාව දැන දැන කී දෙයෙක් නොවන හෙයින් තොපගේ සීලය භේද නොවෙයි. මෙපමණක පවා සැක කරන්නාහූ අනික් වරදක් කෙසේනම් කරවුද?. ඉන් අපට දැනුනු වරදෙක් නැතැයි කියා උන් ගෙනුත් කරුධර්මය රන්පත ලියවාගත්හ. එසේ වී නමුත් මාගේ සිත සැක ඇත. මෙනුවර වසන්නාවූ වෛශ්‍යා දූ යහපත් කොට කරුධර්මය රකිනිය ඔබ ගොසින් උන්ගෙනුත් ලියවා ගනුවයි කීහ. උන් ලඟට ගොසින් කුරුධර්මය අපට දුන මැනවයි කියා ඉල්වූහ. ඒ වෛශ්‍යා දුත් තමා සිතට උපන් සැකයක් කියන්නී මටත් සැකයෙක් ඇත. දෙන්ට නො පිළිවනැයි කීහ. ඒ කවරේදැයි යතහොත් මේ වෛශ්‍ය දුව යහපත් කොට කරුධර්මය රක්නා නියාව ශක්‍රයෝ දැන තමන් ඉඳුරා පරීක්ෂා කොට පියන පිණිස ඈ සමීපයට ලදරු වූ පුරෂ වේසයක් මවාගෙණ මසුරන් දහසක් දීලා තමාගේ දිව්‍යලෝකයටම පලා ගියේය. ඌ ගිය තැනැත්තෝ තුන් අවුරුද්දක්ම නො අවාවාහූය. ඒ වෛශ්‍යා දූ තමාගේ සීලයට අන්තරාය වේදෝ යන භයින් තුන් අවුරුද්දක් මුලුල්ලෙහි අනික් පුරුෂයකු අතින් මස්සක් අකක් තබා බුලත්පතක් පමණකුත් නොගත්තීය. ඕ තොමෝ දවසින් දවස අය මුඛයෙන් නැතිව ඇති දෙය වියදම් වීමෙන් තමාගේ තමාගේ ඇති සම්පත්තිය වියදම් වීමෙන් පිරීහි දුක් පත්ව ගොස් සිතන්නී මට දහස දිලා ගිය පුරුෂයා දැන් තුන්අවුරුද්දක්ම නො ඇයේය. එසේ හෙයින් මම ඉතා දුක් පත්ව දැන් මාගේ බඩ පමණකුත් පැදගත නොහෙමි. මෙසේ ඉඳ නස්නට නොලිළිවන. අධිකරණ නායකයන් ලඟට ගොස් මේ බව කියා දවස් හැරගැන්ම යහපතැයි සිතා අධිකරණයට ගොස් මුදලිවරිණි . මට මසුරන් දහසක් දීලා පුරුෂයෙක් ගියේය. මෙවකට තුන් අවුරුද්දක් උන් මළබවත් උන් බවත් නොදනිමි, එබැවින් බැහැරින් මා ලැබගන්නා දෙයක් නැති බැවින් දැන් බඩ පමණකුත් පැදගත නොහෙමි. කුමක් කෙරෙම්දැයි කීහ. උන් තුන් අවුරුද්දක් නොආ කල කුමක් කරවුද?. මෙතැන් පටන් ලත්දෙයක් ඇරගෙණ රැකෙවයි කීහ. අධිකරණයෙන් වරලදින් නික්ම යන තැනැත්තියට එක් පුරුෂයෙක් දහසින් බැඳි පියල්ලක් දික් කොට ලීහ. ඒ ඇරගන්ට යයි අත දික්කරන්නා හා ම ශක්‍රයෝ අවුත් ඉදිරියෙහි සිටියාහ. එ වෙලෙහි වෛශ්‍යා දූ කියන්නී මෙතනට යටගිය දවස තුන් අවරුද්දකින් ඔබ්බේ මට දහසක් දිලා ගිය පුරුෂයා අවුත් සිටිනේය. තාගේ රණින් මට ප්‍රයෝජන කිම්දැයි කියා දික්කල අත අයාගත්තහ. එවෙලෙහි ශක්‍රයෝ තමන්ගේ දිව්‍යාත්ම භාවයෙන් සවර්ණාභරණයෙන් සැදී පැහැදී ලහිරු රැස්ව ගියාහ. ශක්‍රයෝ ජන සමාගමෙහි කියන්නාවූ මම මෑ විමසන පිණිස තුන් අවුරුද්දකින් ඔබ්බේ මෑට මසුරන් දසක් දීලා ගියෙමි. මේ දැතුරෙහි මෑ රක්නා කුරුධර්ම්යෙහි මා දුටු කිසි අඩුවෙක් නැත. එබැවින් සිල් රක්නවුන් විසින් මෙලෙස රැක්ක යුතුයයි කියා සියල්ලවුන්ට අවවාද දිලා ඇගේ ගෙය සත්රුවනින් පටන් නො පමාව සීලය රක්ෂාා කරවයි උන්ට අවවාද කියා තමන්ගේ දිව්‍යලෝකයට ගියාහ. ඕ තොමෝ මේ කාරණය නිසා එකකුගෙන් ගත් අල්ලස් නොවරදවාම අනිකකු දික්කල වස්තුවට අත දික්කෙළෙමි. මේ කාරණය නිසා මා රක්නා සීලය නැසී ගියා දෝහෝයි සිතා නො දෙමි කීහ. එවෙලෙහි ඈට දූතයෝ කියන්නාහූ අත දික්කල පමණින් සිල්බිඳි නොයෙයි තොපෙගේ සීලය ඉතා පිරිසිදුයයි ඔවුන්ගෙනුත් කුරුධර්මය රන්පත ලියවා ගත්හ. මෙසේ එකොළොස්දෙනා රක්නා වූ සීලය රන්පත ලියවාගෙණ දන්තපුරයට ගොසින් කලිඟුරජහට ඒ රන්පත දීලා එපවත් වූ පරිද්දෙන් කීහ. එතැන්පටන් රජ්ජුරුවෝත් ඒ කුරු ධර්මයෙහි ඇදහිලි ඇතිව අඛණ්ඩ කොට පංඥශීලය රක්නාහ. ඒ සීලයෙහි ආනුභාවයෙන් කලිගුරට දනව් බිඳ මානයෙහි වැසී වැසීපීය. ඒ රට උපන්නාවූ තුන්හයක් සන්සිදි සියලු රට කිසි භයක් නැතිව ඉතා නිරාකූලව බත් බුලත් ආදීවූ සියළු සමාපත්තින් සමුර්ධිවිය. බෝධිසත්වයන් වහන්සේ දිවිපවත්නා කල් මුළුල්ලෙහි දන් පින් සිල් රක්ෂා කිරීම් ආදීවූ සියළු සුචරිතයෙහි යෙදී ජිවිතාවසානයෙහි දෙව්ලොව ගියහ යි වදාරා චතුරාර්ය සත්ත්‍ය ප්‍රකාශ කොට කරුධර්ම දේශනාව නිමවා වදාළ සේක. ඒ බණ අවසානයෙහි බොහෝ දෙනා සතරමග සතරඵලයට පැමිණියාහ. එසමයෙහි කුරුධර්මය රැකී එකොළොස්දෙනා මූ මූ යයි වදාරණ සර්වඥයෝ

ගණිනා උප්පලවණ්ණා ව, පුණේණා දොචාරිකො තදා.

රජ්ජුගාභො ච කච්චානො දොණමාතාවච කොළිතො

සාරිපුතෙතා තදාසෙට්ඨි අනුරුධො ච සාරථි

බ්‍රහ්මණ කස්සපො ථෙරෝ උපරාජා නන්ද පණ්ඩිතො.

මහෙසී රාහුලමාතා මායාදේවි ජනෙත්තියා

කුරුරාජා බෝධිසතෙතා එවං ධාරෙථ ජාතකං.

එම්බා මහණෙනි, එසමයෙහි ගණිකා නම් වෛශ්‍යා දූ මෙසමයෙහි වමත්සව්වූ උපුල්වන් මහාස්ථවිරිය, එසමයෙහි දොරටුපාලයා නම් දැන් පූණ්භද්‍ර නම් මහා ස්ථවිරයෝය. එසමයෙහි යටුවම කළ අමාත්‍යයා නම් දැන් කසයින් මහා ස්ථවිරයෝය. බඩසැල අමාත්‍යයා නම් දැන් මුගලන් මහා ස්ථවිරයෝය.එසමයෙහි සිටානෝ නම් දැන් ශාරිපුත්‍ර ස්ණවිරය, එසමයෙහි රථාචාර්යයා නම් දැන් අනුරුද්ධ මහාස්ථවිරය, එසමයෙහි පුරොහිත බ්‍රාහමණයා නම් දැන් මහාකාශ්‍යප ස්ථවිරය, එසමයෙහි යුවරජ්ජුරුවෝ නම් දැන් නන්දමහාස්ථවිරය. එසමයෙහි අගමෙහෙසුන් නම් දැන් රාහුල මාතා වූ යසෝධරා මහා ස්ථවිරය, එසමයෙහි රජ්ජුරුවන් වහන්සේගේ මෑනියන් වහන්සේ නම් දැන් මහාමායා දේවිය.

එසමයෙහි කරු රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදු වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

267 රොම ජාතකය
265 දුලුසි රාජ ජාතකය

Leave a Reply

IFBC Home Page