256 වාත සෛන්‍ධව ජාතකය

තවද එක්ස්වාමී වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා රූපශ්‍රීයෙන් යුක්ත වූ ස්ත්‍රීයක් තමන්ගේ රූපශ්‍රියෙන් යුක්තවූ පුරුෂයෙකු දැක පිළිබඳ සිත් ඇතිව ඒ නිසාසෝකාග්නියෙන් තැවි තැවී තමාගේ ඇඳ වැලඳ සිපගෙණ නොකා නොබි වැදහොත්තිය. ඒ දැන උන්ගේ යෙහෙලියෝද පරිවාරස්ත්‍රීහුද ලඟට අවුත් ඇයි තොපට කුමන ආයාසයෙක්දැයි දෙතුන් ඇවෑරක් විචාරන්නා එපවත් කී කල්හි එවිට එකියන ගෑනුන් අපට ඒ භාරය තොපි සෝක නොගනුවයි කියා එකියන පුරුෂයා සමීපයට ගොස් එපවත් කිවුය. ඒ පුරුෂයාත් කීපවරක් කියනතුරු නොගිවිස පසුවයහපතැයි අසවල්දා එමි කියායවුහ. ඒ ගැනූන් ගොසින් එපවත් සෝකයෙන් උන් ස්ත්‍රීන්ට කියා තෝ වික්‍ෂේප නොව අසවල්දා එතිකීහ. යහපතැයි කියා ඒ ස්ත්‍රීන් ඒ නියාවට තමාගේ ගෙයත් සරහා තොමෝත් සැරගිගණ යහනාවේ වැදහොත්තීය. ඒ වෙලාවට එ පුරුෂයාත් ඒ ගෙට අවුත් ඇඳ පාර්ශවයක ඉඳ ස්ත්‍රීයගේ අත අල්වන්ට වන. ස්ත්‍රී සිතන්නී ස්ත්‍රීන් නම් පළමුකොට පුරුෂයා අතඇල්ළූවිට ලැගීනම් නිස්සාරයයි සිතතති. එසේ හෙයින් පළමුකොට මා නොකමැත්තාමෙන් අඟවා දෙවනු ආ දවසක අවකාසදෙමි සිතා අතගසා දමාපුවාහ. ඒ පුරුෂයාත් ලජ්ජාව එතනින් පලාගියේය. ඒ ස්ත්‍රීය ලඟට ගෑනු අවුත් ඇයි නි ලඟට ආ පුරුෂයාට තොපිකළේ කිම්දැයි විචාරන්නා ස්ත්‍රීන් නම් පළමුකොට ලැගිනම් නපුරැයි සිතා නොලැගුනෙමි කීහ. ඒ අසා ගෑනු කියන්නාහු අප බොහෝ උත්සාහයයෙන් ඒ පුරුෂයා අපමෙතනට ගෙණායේය. තොපි උන්ට ප්‍රිය වූ බසක් විචරකුත් නොකියා යවුවාහ. උන් යවාපූයේ විපාක දන්නවාදැයි කියා කීහ. එකි යන පුරුෂත් ලජ්ජාවෙන් එකියන ස්ත්‍රීයාගේ මුහුනත් නොබෑළූයේය. ඒ නිසායයි සෝකයෙන් වියලි වියලී මළේය එකියන පුරුෂයාත් ඒ ස්ත්‍රිය මලේ මා කරා ගොස් පූජාකොට සිටියේය. සර්වඥයෝත් ඇයි උපාසකය මෙතෙක් දවස් නොආයේ කින්දැයි විචාරන්නා උපාසකයා විසින් එපවත් නොවළහාදන් විය. සර්වඥයෝ ඒ අසා පළමුත් ස්ත්‍රි උත්තමයන් පවා තොමෝම කැඳවා රවටා යවුවායයි වදරා කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැසු නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වාතසෛන්ධව නම් අශ්වව ඉපද බරණැස් රජ්ජුරුවන්ට මඟුල් අශ්වවාහනව සිටිනාහ. එක් දවසක් බෝධිසත්වයන් ඇර ගෙණ නාවන්ටගොස් නාවාපියා ඇරගෙණ එන්නාවූ බෝධිසත්වයන් දුටු කුන්තාලිනම් කොටළු ධේනුවක් තෘෂ්ණාව වැටී සෝකයෙන් තණ පැන් නොකා නොබී වාසය කරන්නීය. ඒ කියන කොටළු ධේනුවගේ පුතෙක් තමාගේ මව අතින් ඇයි ශෝකව තණ පැන් නොකා නොබී ඉන්ට කාරණා කින්දැයි විචාරන්නා එපවත් කීපවිටක් විචාරන්නා ඒ කාරණා පුතාට කිව, ඒ පිත් යහපත අශවයාට කියාලා ලබ්බන්ට මට භාරයයි කියා අශ්වයා නාවන්ට වැවට ගෙනා වේලේ ඒ කොටළුවා අශ්වයාලඟට වත් පියානන් වහන්ස මාගේ මව්වූ කොටළු දෙන් නුඹ වහන්සේ කෙරෙහි තෘෂ්ණාව වැටී මියන්ට ඉඳිති, එසේ හෙයින් උන්ගේ ජිවිතදානය දුනමැනවයි කීහ. එවිට එකියන අශ්වයාත් මාගේ අස්සලයා මෙතන සිටිනාහෙයින් බැරිය, අස්සලයා මා නාවාපියා පිටියේ තණ කන්ට හරනේය. ඒ වෙලාවට තොපගේ මව කැඳවා ගෙණ එවයි කීහ. ඒ කියන කොටළුවාත් ඒ නියාවට තමාගේ මව කැන්දාගෙණ අවුත් එලියේ සිටුවා තෙමේ බැද්දේ සැඟවී සිටියේය. අස්සලයා බෝධිසත්වයන් නාවා පිටියට අළහ. බෝධිසත්වයෝත් ඒ කියන කොටළුදෙන්සිතන්නී ස්ත්‍රීහු නම් පුරුෂයන් ආවේලේ පළමුකොට ලැගීනම් යහපත් නොවෙයි එසේ කල නොතකති සිතා තමා නොකමැති සැටියේ අඟවන්ට උවමැනවැයි සිතා පලාගියහ. ඒ කියන කොටළු ධේනුවගේ පුතාත් තමාගේ මව්ලඟට අවුත් කියන්නේ මෙතෙක්දා වික්‍ෂේපව උන්නිසා මාගේ පියානන් නුඹ වහනසේ සමීපයට ලන්වුකල්හි ඇයි නොලැග්ගෙන්නට කාරණා කුමක් නිසාදැයි විචාළේය. එවිට කොටළු ධේනුව කියන්නී පුත ස්ත්‍රීහු නම් පළමුකොට නොලැගෙති. පසුව ලැග්ගයුතුය ඒ නිසා පලාආමි කීහ. ඒ අර්ථය දක්වන සර්වඥයන් වහන්සේ යම් ස්ත්‍රීයක් ලඟට ප්‍රාප්තවූ පුරුෂයාට අවකාශ නොදෙත්තනම් වාතසෛන්ධව නම් අශ්වයාට ආලස ඇතිව පළමුකොට තදකම්පෑ එකියන අශ්වයා වික්‍ෂේපකරවූ කුත්තාලිනම් කොටළු ධේනුව වැනියයි වදාරා මේ වාතසෛන්ධව ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි කොටළුදෙන්නම් මේ ස්ත්‍රීයය අශ්වව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

257 කර්‍කටක ජාතකය
255 කුරග්ග ජාතකය

Leave a Reply

IFBC Home Page