239 කිංසුකෝපම ජාතකය

තවද සංසාර පාරගත වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කිංසුගොකාම සුත්‍රය අරභයා මේ ජාතකය වදාරණ සේක.

ඒ කෙසේද යත්,

භික්ෂූන් සතරදෙනෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේගෙන් කමටහන් ඉගෙණගෙණ ඒ සතර දෙනා වහන්සේගෙන් එක් කෙණෙකුන් වහන්සේ පංච ස්ථානයෙන් භාවනාකොට රහත්වූසේක. එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ පංචස්කන්ධ භාවනාකොට රහත්වූසේක. එකී භික්ෂූන් කෙණෙකුන් හන්සේ පංචස්කන්ධ භාවනාකොට රහත් වූසේක. එක්කෙණකුන් වහන්සේ මහභුත භාවනාකොට රහත්වූ සේක. එක් කෙණෙකුන් වහන්සේ අසූභ භාවනාකොට රහත් වූසේක. සතරදෙනා වහන්සේ සර්වඥයන් වහන්සේ දකිනට ගොස් කියනසේක් අපි සතරදෙනම රහත්වූම්හ. රහත්වීම් එක්කලෙක භාවනා සතරක් වන්ට කාරණා කවරේදැයි විචාල සේක. සර්වඥයෝත් කෑළමල් විචාළා සතරබෑයන් වැන්නයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත් නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ රාජකුමාරවරු සතරදෙනෙක් ඇත්තාහ. එ සතරදෙනා කැළමල් කෙසේදැයි විචාරා රථාචාරීයා ගෙන්වා කැළමල් ගෙන්වා අපට පාවයි කීහ. රථාචාරියා සතරදෙනාට එකවිට නොපැ පළමු කොට එක් රාජකුමාකෙණකුන්ට පත්‍රාංකුරයෙන් යුක්ත ගසක් දක්වාලීය, අනික් කුමාර කෙනෙකුන්ට මළ්පිපුනු ගසක් දක්වාලීය. අනික් කුමාර කෙණෙකුන්ට විලිසුනු ගසක් පෑලිය. ඒ කුමාරවරුන් සතරදෙනා එක් දවසක් ඉඳ කථාකරන්නාහූ කැළගස්නම් දාගිය කනුවක්මයයි කීහ. එක් කෙණෙක් කියන්නාහූ නුග ගසක් සේමයයි කීහ. එක්කෙණෙක් මස් කැටි එල්වුවාසේමයයි කීහ. එක්කෙනෙක් විලිස්සාපියාතිබෙන පත්ඇති රුක්මෙනැයි කීහ. මෙසේ කියා සතරදෙන උනුන්ගේ කථා නොගිවිස පියරජුහූ සමීපයට ගොස් දේවයන් වහන්ස කෑළගස්නෙම් කෙසේ තිබේදැයි කීහ. රජහූ විසින් තොප කීයේ කෙසේදැයි කී කල්හි ඒ කුමාරවරු සතරදෙන තමන් කීවා වූ ක්‍රම පළමුපරිද්දෙන්ම කීවාහූය. එබසට රජජුරුවෝ කියන්නාහූ දරුවෙනි තොප සතරදෙනා විසින්ම කැළ ගසක් දක්නා ලද්දේය. එතකුදුවුවත් රථාචරියා විසින් තොපට කැලැගසක් දක්වන කල්හි මේ ගස ඇමකල්ම මෙලෙස තිබේද නොහොත් කලින් කලට වෙන වෙන ආකාරයෙන් පවතීදැයි විභාග කොට නොවිචාළ හෙයින් සැක උපන්නේය. ඒ වෘක්‍ෂයෝ කොලගියකාලයෙහි තනුවක්මෙන් තිබෙන්නේය. පත්‍රාංකුරයෙන් යුක්තවූ කල ගසක් මෙන් තිබෙන්නේය. මල්ගත් කල මස් කැටි එල්ලුවාක් මෙන් තිබෙන්නේය. කොල විලිස්සුනු කල්හි රන්වන් මහරිගසක් මෙන් තිබෙන්නේය. ඒ අවස්ථාවෙහි කාලවිශේෂයෙන් ආකාරහෙදවූ පමණක් මුත් එකකෑලගස වන්නේයයි කියා සැක දුරුකළාහුය. සර්වඥයන් වහන්සේද මේ කථාව දෘෂටාන්තය ගෙණහැර දක්වා වදාරා මහණෙනි ඒ සතර බෑයෝ කැළෑ විභාගකොට නොවිචාළයෙන් යම්සේ සැක උපදාවාපුහුද එපරිද්දෙන් සියළු විදර්ශනඥානයන් සකන්ධායතනගුත ධාතු ප්‍රභේදවූ ධර්මයන්ගේ විභාග දැන සෝතාපත්ති මාර්ගයට නොපැමිණි හෙයින් එක්රහත් විමට භාවනා සතරක් වීමට කාරණා කින්දැයි තොපට සැකඋපන් පමණක්මුත් ඒ භාවනා සතරින්ම පැමිණෙන්නේ එක් නිර්මාණයයි වදාරා මේ කිංසුගොකාම ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් දැන් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

240 සාල ජාතකය
238 පාදාංජලී ජාතකය

Leave a Reply

IFBC Home Page