233 සර්‍වදාඨක ජාතකය

තවද සද්ධර්මාභිධාන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරබයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ දේවදත්ත ස්ථවිරයෝ තමන්ට තිබි ලාභසත්කාර නාලාගිරියා මෙහෙයිමෙන් ලාභසත්කාර පිරහෙළාගත්තාහයි යන කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ තමන්ට පැමිණ ලාභසත්කාරය පිරිහෙලාගත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ පුරෝහිත බ්‍රාහ්මණව උපන්නාහ, බෝධිසත්වයෝ පෘථිවි මන්ත්‍රයක් දන්නාහ. ඒ මන්ත්‍රය නම් සියල්ලවුන්ම ලබ්බා ගන්නාවූ ආඥාවක් ඇත්තේය. ඒසේවීසින් බෝධිසත්වයෝ ඒ මන්ත්‍රය පිරි වන්නාහ. ඒ වෙලාවට එක් කැනහිලෙක් මන්ත්‍රය පිරිවනු අසාගෙණ උන් තැනැත්තේ මන්ත්‍රය ඉගෙණගත. එකජවනේම ඉගෙණගන්ට කාරණාකින් දැයි යතහොත් පෙර ඔහු බ්‍රාහ්මණව ඉපිද මේ මන්ත්‍රය දන්නේය. ඒ අභ්‍යාසය ඇතිහෙයින් මන්ත්‍රය එකවරින්ම ඉගෙණගත එවිට බ්‍රාහමණය මට ඒ මන්ත්‍රය නිපුනැයි කියා කින්මින. එවිට සිඟාලයාත් මටත් මන්ත්‍රය නිපුනැයි කියා නික්මින. මේ කැනහිලා නිසා බොහෝ විනාසවෙයි සිතා කැණහිලා අල්වයි කිහ. ඒ කැණහිලාත් වහාදිවගෙණ ගොස් වනයට වැද එක්තරා කැණහිල්දෙන කඩැලීය. එවිට කැණහිල්දෙන් ඇයිද ස්වාමීනි කිව. එවිට කැණහිල් ඇයි තෝ නාඳූනෙයිද මම සිව්පාවුන්ට රඳවමි කියා ඒ මන්ත්‍රය කිය, ඒ වෙලේත් බොහෝ කැණහිලුන් පළමුකොට එක්වූවාහ. ඉක්බිති සිංහ ව්‍යාඝ්‍ර ඇත් අස් දිවි වලස් මුවන් ගෝණන් ඌරන් සාවුන් ආදීවූ බොහෝ සිව්පාවෝ පිරිවරාගත්තාහ. ඒ සිඟාලත් එක්තරා සිඟාල ධේනුවක් අගමෙහෙසුන් කොට සර්වදාඨවනම් රජව මා විසින් මනුෂ්‍යයන්ට රාජයකරන්ට උවමැනවයි සිතා ඇතුන් දෙන්නෙකුපිට සිංහයෙකු සිටුවා සිංහයා පිට තමන් හා තමන්ගේ අග්‍රමෙහෙසිකා සිඟාල ධෙුනුව හා දෙන්න සිංහයා පිටට නැගී දොළොස් යොත්තක් ගැවසී සිටි සිව්ප සේනාව පිරිවරා බැණැස්නුවර වටකොටගෙණ සිට බරණැස් රජ්ජුරුවන්ට කියා යවන්නාහූ රාජ්ජය හෝ දෙන්නේය. යුද්ධ හෝ කරන්නේයයි කියා යවුහ. බොහෝ නුවරවාසී සිංහයන් ආදීවුවන් දැක භයින් ත්‍රස්තව වාසල් අගුළු ලුහ. එවිට බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කියන්නාහූ දේවයනි නොබවමැනව මේ සබ්බදාඨක නම් කැණහිලා කැටිව කරණ යුද්ධය මට භාරයයි කියා අට්ටාලයට නැගී සබ්බදාඨකනම් කැණහිලා දැක කියන්නාහූ එම්බල සබ්බදාඨකනම් කැණහිල, තා නුවර කා කා ඇරගෙණදැයි විචාළහ, එවිට කැණහිල් කියන්නේ මාගේ සිඟාලයන් ඇරගෙණ ඔවුන්ලවා නාදකරවා ඒ නාදයෙන් බියගත්තාවූ නුවර හඬාන් භයගන්වා නුවර ගණිමි කීහ. එබස් අසා බෝධි සත්වයෝ කියන්නාහූ එඹල සිඟාලය තා මෙනුවර ගන්නේ කවුරුන් ලවාදැයි විචාළහ. එවිට කැණහිල් කියන්නේ මාගේ කේසරසිංහයන් ලවා නාදකරවා ඒ නාදයෙන් බියගත්තාවූ නුවර සිංහ හඬින් භයගන්වා නුවර ගණිමියි කීහ. එබස් බෝධිසත්වයෝ අසා අට්ටාලයෙන් බිමට බැස මුළුනුවර බෙරලවා නුවර වාසීන් කණ උදුපිට බහාගෙණ ඉදිරියේ බෙරලවා නුවරවාසී ඒ නියායෙන්ම යටත්පිරිසෙයින් ගෙයිවඩනා පක්‍ෂීන් කණත් උඳූපිටි ළූවාහ. ඒ නියාවට උඳූපිටි ළූපසු බෝධිසත්වයෝ අට්ටාලයට නැගී කැණහිලාට කියන්නාහූ තාසේවූ නීච කැණහිලෙකු කීවා අසා උත්තමජාති ඇති කේසරසිංහයෝ නාදකෙරෙද්දැයි කීහ. එබස් අසා කැණහිල් කියන්නේ බ්‍රාහ්මණය මාගේ සෙසු සිංහයන් තබා මේ සිංහයා අඬගසන්දැයි කීය. එබස් අසා යහපතැයි අඬගස්සයි කීහ. එවිට කැණහිලා නැගීවුන් සිංහයාට අඬගසනලෙස සන්කළේය. එවිට සිංහයා ඇත්තේ කුම්බස්ථලය ඩෑ මහත්කොට සිංහනාද කළේය. එවිට ඇතු භයින් දිවන්නාහූ කැණහිලා පයින් ගසා සුනුවිසුනු කළාහ. ඇත්තු උනුන් ඇණ බිඳගෙණ එතනම මළහ. දොලොස් යොදුන් සිටියාවූ සිව්පාසේනාව සිංහයන් ඇර සෙස්සෝ මළහ. එවිට බොහෝ මනුෂ්‍යයෝ කණතුබූ උඳූපිටි ඇර නුවරින් පිටත තුබූ බොහෝ සිව්පා සත්ව සමූහයා දැක කන්න කා බොහෝ විසින් කපා විසලාගත්තාහ. එතැන්පටන් වැලඉරා ඇතිවියයි දතයුතු සබ්බදාඨකනම් ජාතකය නිමවා වදාරා වැඩහිඳ වදාරණසේක් මහණෙනි යම්සේ සබ්බදාඨකම් සිඟාලයා තම ලද්දාවූ රාජ්‍යසම්පත් ස්ථාවරුකොට ගතනොහී යම්සේ විනාශයට පැමිණියේද එමෙන්ම යම් සම්පතක් ලද්දාවූ පුරුෂයෙක් උඩගුව වාසය කෙරේ නම් මෙසේ විනාශයට පැමිණෙන්නේ වේදැයි වදාරා මේ සබ්බදාඨක කැණහිලා නම් දේවදත්ත ස්ථවිරිය.

බරණැස් රජ්ජුරුවෝ නම් ශාරිපුත්ත ස්ථිවිරයෝය බ්‍රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්මයයි වාදරා සබ්බදාඨකනම් ජාතකය නිමවා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

234 සුනඛ ජාතකය
232 මහා පිඞගල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.