218 කොසිය ජාතකය

තවද මුළුලොවට තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසිය රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව ඉකුත්වතසේමයයි දතයුතු.

ඒ කෙසේද යත්,

එක් රජ්ජුරුකෙණක් නොකාලයෙහි යුද්ධයට නික්ම මඟුල්උයන කඳයුරු බැඳගෙණ උන්නාහ. ඒ වෙලාවට එක්බමුණෙක් උනපදූරක් මධ්‍යයෙහි සැතපුනේය. කව්ඩෝ උණ පඳූර වටකොටගෙණ උන්නාහ. බකමුනු තමාට බල ඇතිවූ රූපිවත් නොවි දහවල්ම පිටත්විය. එවිට වටකොටගෙණ උන් කවුඩෝ ඔළුවේ ඇන එතන ඵලාපුවාහ. රජ්ජුරුවෝත් ඒ දැක තමන්ට අමාත්‍යකම් කරමින් සිටියාවූ බෝධිසත්වයන් අතින් මේ කිමෙක්දැයි විචාළහ. බෝධිසත්වයෝ කියන්නාහූ රජ්ජුරුවන් වහන්ස මේ බකමුනා තමාට නොකාලයෙහි පිටත්වූ හෙයින් බොහෝ විනාශයට පැමිණියේය. ඉඳින් දේවයන් වහන්ස සබකනොවි සැපසේම පලායන්නේයයි යනාදීන් වදාළසේකී. රජ්ජුරුවෝ ඒ අසා යහපතැයි සිතා පෙරලා රජගෙට ගියහයි වදාරා කෝසිය ජාතකය නිමවා වදාළ සේකී.
එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. එසමයෙහි අමාත්‍යයව උන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

219 ගූථපාණී ජාතකය
217 ඛත්තීය වණ්ණ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.