මෙයින් කල්ප ලක්ෂයකටයකට අතීතයේ දී පළවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ අවධියෙහි එක්තරා කෙළඹි පුත්‍රයෙක් තම බාල සොහොයුරා සමඟ සර්වඥයන් වහන්සේ කාෙළඹ නිතිපතා දහම් අසයි. එක් දිනයක දී බුදුරජාණන් වහන්සේ අරූප ධ්‍යානයේ දී දක්ෂ වූ භික්ෂුවක අග්‍රස්ථානයෙහි තබන දැක කුල පුත්‍රයා මා විසින් ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ නම් මැනවැයි සිතා බුදුපාමොක් මහ සඟනට සතියක් මහ දන් පවත්වා අවසානයේ දී බුදුරජාණන් වහන්සේට සිය අභිප්‍රාය දන්වා සිටියේය. සර්වඥයන් වහන්සේ ඔහුගේ අභිප්‍රාය සඵල වනු දැක් මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි ලොව බුදුවන ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දී ඔබට එම අග්‍රස්ථානයේ ලැබෙනු ඇතැ යි විවරණ දුන් සේකැ.
රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක් විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක් පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක් වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස් මා පියවරු කෙතෙක් උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝකලකින් ඇය ඔහු හා පැන ගියාය. සිටු මා පියන් ඇය මියගියා යෑයි සලකා ඇයව සිටුපවුලෙන් ඉවත් කළෝය. සිටුදියණිය දැන් තම දුප්පත් සැමියා සමග ආදරයෙන් දුක සැප සමව බෙදා ගනිමින් ජීවන තරගයේ යෙදෙන්නේ තම කුලුඳුල් දරුවා ලැබීමේ කාලයට ළඟා වූවාය. දැන ඇයට තම මව් සෙනෙහස අවැසිය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ අතරමගදී දරුවා බිහිවිය. ඔවුන් මහ මග උපන් දරුවාට “පන්ථක” යෑයි නම් තැබූහ. කාලය වේගයෙන් ගලා යයි. දැන් ඇය තම දෙවෙනි දරු උපතටද සූදානම්ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවාද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ “පන්ථක” කියාය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථකය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත්විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසීය. ”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙතී” යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ.
නිකෙලෙස් විහාරී භික්ෂූන් අතර එහිද දක්ෂිනාර්භ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ සුභූති මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පූර්වයෙහි පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වීමටත් කලින් හංසවතී නුවර ධනවත් බමුණු කුලයක උපන්නේය. නමින් නන්ද මානව විය. ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණ එහි සාරයක් නොදැක පිරිවර හතලිස් හතර දහසක්ද සමඟ ඍෂි පරිවෘජාවෙන් පැවිදිවිය. කල්යාමේදී සියලු දෙනාම පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී වූහ. පියුමතුරා නම් සර්වඥයන් වහන්සේ අළුයම් කාලයෙහි ලොව බලන සේක් නන්ද තාපස තුමා ඇතුළු හතළිස් හතර දහසක් තවුසන්ගේ වාසනා ශක්තිය දිවැසින් දැක අසපුවට වැඩි සේක තාපස තුමා ඇතුළු පිරිවර තවුසෝ බුදුරජාණන් වහන්සේට මල් අසුන් පිළියෙළ කොට පිළිගැන්වූහ.
බුදුරදුන්ගේ ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූයේ ඛදිරවනිය රේවත රහතන් වහන්සේ යි. බොහෝ භික්‍ෂූන් ආරණ්‍යකව විසුවත් පැන් පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව වැනි දේ බොහෝ දුරට සලකා ආරණ්‍ය ගතව වැඩ වාසය කළා. මේ රේවත හාමුදුරුවන් ඒ කිසිදු පහසුකමක් නොබලා ඉතා කටුක මග ඇති දරුණු කිහිරි ගස් වැවී තිබුණු ආරණ්‍යයක ඉතා සතුටින් වැඩ වාසය කළා. පදුමුත්තර බුදුරදුන් කළ විවරණ ලබා සසර ගමන් කොට අප බුදුරදුන් කල උපත ලබා සිටි උන් වහන්සේ ගේ චරිත කතාව ඉතා සිත් ඇද ගන්නා මෙන්ම වැදගත් වූවක්.
මගධ රාජ්‍යයෙහි නාලක නම් බමුණු ගමෙහි උපතිස්ස මහාසාල බමුණා නිසා සාරි නම් බැමිණියගේ කුසෙහි පිළිසිඳ උපත ලැබීමෙන් පසු රේවත නමින් හැඳින්වූවා. වැඩි මහලු සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහලු සොහොයුරියන් තිදෙනෙක් රේවත කුමරුවන්ට සිටියා. ඒ වැඩි මහලු සය දෙනාම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වූ නිසා මේ රේවත පුතණුවන් කෙසේ හෝ ගෙදර නතර කර ගැනීමට මෑණියන්ට දැඩි ඕනෑකමක් තිබුනා. ඒ අනුව තරුණ වියට පා තබන්නටත් පෙර සුදුසු කුමරියක හා අතිනත ගැනීමට කටයුතු යෙදුවා. විවාහ උත්සව අවස්ථාවෙහි ඒ සුරූපී කාන්තාවට තම මිත්තනියට මෙන් අවුරුදු එකසිය විස්සක් ජීවත් වීමට වාසනාව ලැබේවා යි ඤාතීන් ප්‍රාර්ථනා කළා. මේ අවස්ථාවෙහි එකසිය විසි වයස් වූ මිත්තනිය කොහිදැයි රේවත කුමාරයා විමසූ විට දත් වැටුනු, කෙස් ඉදුනු, සම රැලි ගැසුනු, දුර්වල ඉඳුරන් ඇති, අපැහැදිලි කථා ඇති, කුදු සිරුරක් ඇති, සැරයටි වාරුවෙන් ගමන් කරන මහලු කාන්තාවක් පෙන්නුවා. ඒ මහළු කාන්තාවගේ තත්ත්වය තම අතිනත ගත් බිරියට ද සිදුවන්නේ දැයි විමසා ඇයට පමණක් නොව තමන්ටත් ඒ තත්ත්වය උදා වන බව මැනවින් වටහා ගත්තා. මෙයින් රේවත කුමරුවන්ගේ සිත මහත් සේ වෙනස් වූවා.
නිරන්තරයෙන්ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ රේවත තෙරණුවෝ කැප අකැප හැම දෙයකම සැක උප උපදවන හෙයින් කංඛා රේවත නමින් ප්‍රසිද්ධ වූයේය. උන්වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ සමයෙහි රේවත තෙරණුවෝ එක්තරා මහා භෝග ඇති කුලයක ඉපිද වැඩිවියට පත්ව කල්ගෙවන කල්හි එක් දිනක පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසනු පිණිස යන සැදැහැවත් උපාසක උපාසිකාවන් සමඟ විහාරයට ගොස් බන ඇසුහ .
එදිනම බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය තබනු දුටු යටකී පුරුෂයා ඒ ගැන අතිශයින් පෑ පැහැදී මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේනම් යෙහෙකියි සිතා බන දෙසුම් කෙළවර පසුදින දනට ආරාධනා කොට සිය නිවසට ගියේය.
පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ සෝණ මහරහතන් වහන්සේ කෝලි විස නම් ගෝත්‍ර යෙහි උපන් නිසා හෝ කෝටි ප්‍රාප්ත ධනවත් ගොවි කුලයක උපන් නිසා කෝලි විස යැයි ප්‍රසිද්ධ විය. භික්ෂූන් විසින් වීර්යය වැඩිය යුතු වුවද මුන්වහන්සේ වීර්යය අඩු කළ යුතු විය. ඒ නිසාම පරිප්පු පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතර එහි මුන්වහන්සේ අග්‍ර වූ සේක උන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය පහත දැක්වේ.
සිද්ධාර්ථ බෝසතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්ව බරණැස ඉසිපතනාරාමයට වැඩමවා ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය මාතෘකා කොට දේශනා කොට වදාළා. එදින ධර්ම ශ්‍රවණය කළ සාතාගිර නම් යක්‍ෂයා සෝවාන් භාවයට පත් වූ අතර තමාගේ යහළු හේමවත යක්‍ෂයාට බුදුරදුන් ලෝ පහළ වී ඇති බව පැවසීම සඳහා තම පිරිවර සමඟ පිටත්ව ගියා.
මේ කාලයේ ම හිමාලයෙහි අකාලයේ මල් පිපී ඇති බව දුටු හේමවත යක්‍ෂයා ද ඒ බව තම සාතාගිර නම් යහළුවාට දන්වා හිම ක්‍රීඩා කිරීමට ඔහු කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ආවා. ඒ දෙදෙන රජගහ නුවර කාලි නම් උපාසිකාවගේ නිවසෙහි ඉහළ අහසෙහි දී මුණ ගැසුණා. සාතාගිර බුදුරදුන් පිළිබඳවත්, ඇසූ දහම් පිළිබඳවත් විස්තර ප්‍රකාශ කොට අවසන් වත්ම හේමවත යක්‍ෂයා ද සෝවාන් භාවයට පත් වුණා. එදා ඒ යහළු යක්‍ෂයන් දෙදෙනා එක්ව කළ ධර්මය පිළිබඳ සාකච්ඡාව අසා සිටි කාලි නමැති පෙර පින් ඇති කාන්තාව සෝවාන් භාවයට පත්වීම විශේෂ සිදුවීමක්. අප ගෞතම බුද්ධ ශාසනයෙහි පළමුව සෝවාන් භාවයට පත්වූ කාන්තාව මේ කාලි උපාසිකාව යි.
කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.
පියමතුරා සර්වඥයන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.
ශ්‍රද්ධා බහුල භික්ෂූන් අතර මෙම වක්කලී තෙරුන් වහන්සේ අග්‍ර යැයි ප්‍රකාශ කරනු ලැබේ. අන් අයගේ ශ්‍රද්ධාව වැඩී වර්ධනය කළ යුතු අතර මුන්වහන්සේගේ ශ්‍රද්ධාව අඩු කළ යුතු විය. උන්වහන්සේගේ පුර්වාපර චරිත චරිතාපදානය මෙසේය.
මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝ සතුන් සසරින් එතෙර කරවනු පිණිස දහම් දෙසන සමයෙහි මෙම වක්කලී තෙරුන් වහන්සේ එක්තරා කුල පුත්‍රයෙක් ව ඉපිද වැඩිවියට පත්වූ කල්හි සර්වඥයන් වහන්සේගෙන් බණ අසනු පිණිස විහාරයට ගොස් පිරිස් කෙළවර බණ අසමින් සිටි යේය. ඒ අවස්ථාවේදී පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාදෙනු දුටු හෙතෙම තමා ද අනාගත කාලයකදී බුදු කෙනෙකුන්ගේ එබඳු පදවියක් ලබනු කැමැති ව සත් දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දී අවසානයේදී එම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය.
මුන් වහන්සේ වනාහි ත්‍රිවිධ ශ්‍රී ශික්ෂාවන් කැමැති වන්නා වූ අතිශයින් ප්‍රිය කොට හික්මෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ පැවිදි වූ දා පටන් දිනපතා උදේ උදෑසන වැලි දෝතක් ගෙන මෙහි ඇති වැලි ප්‍රමාණයට මට අද බුදුරජාණන් වහන්සේගෙන් ද ආචාර්ය උපාධ්‍ය තෙරුන්ගෙන් ද අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කරන සේක් ඒ නිසාම ශික්ෂාකාමින් අතරෙහි අග්‍රයයි දක්වන්නාහ. රාහුල මහරහතන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේ දක්වනු ලැබේ
රාහුල තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ගොවි මහාසාල කුලයක ඉපිද තම මුතුන් මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධන රාශිය පරලොව යහපත වෙනුවෙන් වාසල් දොරටුව සිට දුගී මගී යාචකයන්ට දුන්හ. හෙතෙම දිනක් මුව සෝදනු පිණිස ගම්න් පිටතට ගිය කල්හි එක්තරා ඉර්ධිමත් තාපස දෙදෙනකු අහසින් එහි පැමිණ සිටිනු දැක එයින් එක් තාපස කෙනෙකුට ආරාධනා කොට නිතිපතා දන් දුන්නේය.