ශ්‍රීපාදස්ථානය නැතහොත් සමනළ කන්ද ලොව පුරා බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති පූජනීය ස්ථානයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කර එහි නිල් මාණික්‍යයක් මත ශ්‍රී පතුලේ සටහන තබනු ලැබීය. එදා මෙදා තුර ගිහි පැවදි, අන්‍යාගමිකයන්ගේ මෙන්ම දෙව් බඹුන්ගේ පවා වන්දනා මානයට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය තවමත් හෙළි නොවූ කරුණු කිහිපයක් ස`ගවා ගෙන ඇති ස්ථානයකි. ශ්‍රීපාදස්ථානය වැඳුම් පිදුම් කරන්නට යන බෞද්ධ බැතිමතුන්ට තවමත් හරි හැටි හඳුනාගත නොහැකි වූ ස්ථානයකි, දිවා ගුහාව. බුදුරජාණන් වහන්සේ සමන්ත කූඨය වෙත වඩිනා අවස්ථාවේ දී දිවා විහරණය සිදු කළ
අතීතයේ සිට දිවා ගුහාව ගැන කියැවුණේ සමනළ අඩවියේ මිනිස් ඇසට නොගැටෙන ඉසව්වක දෙවිවරුන්ගේ පුද සත්කාර ලබමින් ඇති ස්ථානයක් ලෙසයි. එනමුත් පසුගිය සමයේ වර්ථමාන ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් විසින් දිවා ගුහාව යනු සිරිපා මළුවට පහතින් පිහිටි නිශ්ශංක ලෙන බව ප්‍රකාශ කළේය. නමුත් බොහෝ ඉතිහාස ගවේශකයෝ මෙන්ම බෞද්ධ ජනතාවද නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පිළිගන්නට මැළි වේ. එයට ද සාධාරණ හේතු පවතී. පළමු කරුණ වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් ඒ පිළිබඳ ව දැක් වූ අදහසයි. එතුමා පවසන්නේ නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පැවසීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැති බවයි. එම ලෙන තුල අදටද දක්නට ඇත්තේ නිශ්ශංක මල්ල රජු සමනොළ ගිර තරණය කර උතුම් වූ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගත් බව සඳහන් සෙල් ලිපියක් සහ රජුගේ රුව සහිත ශෛලමය කැටයමක් පමණි.