වර්ෂ 1922 දී වෛද්‍ය ඇන්තෝනියේ මිල්ෆ්ගන්ග් ඩි සිල්වා විසින් එම දේහය පරීක්‍ෂා කොට මෙසේ කියා තිබේ. මෙම දේහය විජලනය හෝ මමිකරණය කළ එකක් නොවේ. කකුලෙන් බත් කෙන්ඩෙහි මෘදු බව නිසා එය ළඟදී එම්බාම් කරන ලද සිරුරක් සේ පෙනේ. සාමාන්‍යයෙන් මෙය බෙහෙත් ගැල්වූ සිරුරක් බවට නම් කළ හැක. යනුවෙනි. ශාන්ත සේවියර්තුමාගේ සිරුර නරක් නොවී තබාගැනීම සඳහා කිසිදු අවස්‌ථාවක බෙහෙත් පාවිච්චි කළ බැව් හෝ පියතුමා මිය යැමට පෙර එසේ වීමට බෙහෙතක් පානය කළ බවට හෝ කතෝලිකයන් කිසිවිටෙක කිසි තැනක ප්‍රකාශ කොට නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ මෙය දේව බලයෙන් සිදු වූවක් ලෙසය. උක්‌ත වෛද්‍යවරයාද කතෝලිකයකු බැවින් මෙම දේහය ඖෂධ මගින් ආරක්‍ෂා වී ඇති බැව් ඔහුට සක්‌සුදක්‌සේ පැහැදිලි නොවූයේ නම් දෙවියන් බලෙන් එසේ සිදුව ඇතැයි ඔහු අනිවාර්යයෙන් පවසනු ඇත. (සිංහලයන් විශ්වාස කරන්නේ රහල් හිමි අපවත් වීමට මොහොතකට පෙර සිරුර දින දහස් ගණනක් නරක් නොවී තබාගැනීම සඳහා ‘සිදු අළු රසය’ නම් බලගතු ඖෂධයක් පානය කළ බවයි.
ආචාර්ය ඒ. එච්. උභයසේකරයන් විසින් රචිත “ශ්‍රී ලංකාද්වීප වර්ණනා නම් පොතෙහි (1934) සඳහන් ඉතිරි කරුණු මෙසේය.
(ඈ) “වීදිය බණ්‌ඩාර” නම් පොතෙහි 58 වැනි පිටුවේ රාහුල හිමිගේ දේහය ශාන්ත සේවියර්ගේ යෑයි හඟවා “එම්බ්‍රොසියා වයිගරා” නමැති නෞකාවෙන් ගෝවේ වෙත ගෙන යන ලදැයි සඳහන් වේ. (මෙම පොත පිළිබඳ වැඩි විස්‌තරයක් එහි සඳහන්ව නොමැත).
(ඉ) ශාන්ත සේවියර්ගේ ජීවිත කතා පොතේ 142 පිටුවෙහි වර්ෂ 1554 දී සේවියර්ගේ දේහය මලක්‌කාවේ සිට ලෝපස් මොරොන්හෝගේ නෞකාවෙන් ලංකාවට ගෙන එන අතරතුර ගල්පරවල හැපී විනාශ වූ බවත්, සේවියර්ගේ ඇටකටුවලින් කොටසක් ගොඩ බිමට ගෙනැවිත් ජයවර්ධනපුර පල්ලියක් අසල භූමදාන කළ බවත් සඳහන් වෙයි.
එවකට රට තුළ තිබූ දේශපාලනික තත්ත්වය එවන් වූ ‘අගනා’ වස්‌තුවක් රටින් පිටමං කිරීමට තරම්” යෝග්‍ය වූයේද?
ඉහත සඳහන් කළ පරිදි 6 වන පරාක්‍රමබාහු රජුගෙන් පසු ඔහුගේ මුණුබුරු ජයබාහු කුමරා රජ වූ නමුත් ඉන් වසර 2 කට පසුව සපුමල් කුමරු ජයබාහුව ඝාතනය කොට සයවන බුවනෙකබාහු නමින් රජ විය. 6 වන බුවනෙකබාහු වසර 7 කට පසුව මියගිය පසු ඔහුගේ සහෝදර අම්බුළුගල කුමරු වීර පරාක්‍රමබාහු නමින් රජ විය. (6 වන පරාක්‍රමබාහු රජු පුතුන් 3 ක් හදාගත් බව එනම් සපුමල් කුමරු, ජයබාහු (පසුව රාහුල හිමි) සහ අම්බුළුගල කුමරු නැවත මතක් කර දෙමි.) වීර පරාක්‍රමබාහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතා ධර්ම පරාක්‍රමබාහු නමින් රජ විය. වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විටදී ලංකාවේ රජ වී සිටියේ ඔහුය. එවකට ඉන්දියාවේ (ගෝවේ) ප්‍රතිරාජවරයා වූයේ ද අල්මේදාය.
වර්ෂ 1505 දී පෘතුගීසින් ලක්‌දිවට පැමිණි පසු රට ඉතා කෲර ලෙස පාලනය කළ අතර මෙම දේහය බලහත්කාරයෙන් රැගෙන ගෝවේ නගරයට ගෙනගිය බව පැරැණි ජනකවි දෙකකින්ද සඳහන් වේ. අද එම දේහය කතෝලික පූජකවරයකු වූ ශාන්ත µeන්සිස් සේවියර්ගේය යෑයි කතෝලිකයන් විශ්වාස කරන අතර ඒ අනුසාරයෙන් ඔවුහු එයට ගෞරවය දක්‌වති. නමුත් සිංහලයන් විසින් මෙම දේහය යුරෝපීය ජාතිකයකුගේ නොව තොටගමුවේ රාහුල හිමිගේය යන තර්කය සනාථ කිරීම සඳහා කරුණු ගණනාවක්‌ම සඳහන් කොට තිබේ. මෙයින් ප්‍රබලම සාක්‍ෂිය නම් දේහයේ දකුණු අත නොමැති වීමයි. කතෝලිකයන් පවසන්නේ රෝමයේ පාප්තුමාට මෙම අත කපා යෑවූ බව වන අතර සිංහලයන්ගේ මතය වනුයේ පෙරකී කවි දෙක කොටා තිබූ බැවින් දේහය රාහුල හිමිගේය යන්න තහවුරු වන බැවින් අත කපා ඉවත් කොට ඇති බවයි. එසේම සේවියර්තුමාගේ උස සහ මිනී පෙට්‌ටියේ මිනුම් ගත් විටද දේහය සේවියර්තුමාගේ නොවන බැව් සනාථ වන බැව්ද ඔවුන් පවසයි. එවකට ලක්‌දිව පැවැති දේශපාලන තත්ත්වය පසුගිය සතියේ විස්‌තර කෙරිණි. පෘතුගීසීන්ගේ සහාය තම බලය රැක ගැනීමට අවශ්‍ය වූ හෙයින් පෘතුගීසීන්ට රිසිසේ රට කොල්ලකෑමට සහ ආගම පතුරවීමට බාධාවක් නොවින. එවන් වාතාවරණයක් තුළ හුදෙකලා ගල් ගුහාවක තිබූ මෙම ආශ්චර්යමත් සිරුර කිසිදු බාධාවකින් තොරව පිටරට ගෙන යැමට රජුගෙන් ඔවුන්ට අවකාශ තිබිණ. බාධාවක් ඇති වූයේ ගම්වාසීන්ගෙන් පමණය. ඒ බවට ද සාක්‍ෂි තිබේ. පැරැණි පුවත්පත්වල මේ සම්බන්ධයෙන් පළවූ වාද විවාදවලින් කොටසක් අද පළවේ.
මෙම ලිපි පෙළින් මෙතෙක් පළ වූයේ එසේ සිංහලයන් සහ කිතුනුවන් විසින් දේහය රාහුලගේ සහ ශාන්ත සේවියර්තුමාගේය යන්න තහවුරු කරන කරුණුයි. එසේම එකල ලක්‌දිව පැවතුණ දේශපාලනික තත්ත්වය ද මෙවන් දේහයක් බලයෙන් ගෝවේට ගෙන යැමට උචිතව තිබූ බවද සඳහන් කෙරිණි. ගිය සතියේ සහ මේ සතියේ පළ වන්නේ පැරණි පුවත්පත්වල උගතුන් විසින් මේ දේහය රාහුලගේය යන්න සනාථ කිරීමට පළ කළ ලිපියි. මේ ලිපි කියෑවීමෙන් එකල ඔවුන් භාවිත කළ භාෂා ශෛලිය සහ ආකල්ප ද පිළිබිඹු වන බැවින් එය එලෙසම පළ කරමි.
සී. පී. කුලතිලක මහතාගේ ලිපියේ (1952 දෙසැ. 7 ලංකාදීප) තව කොටසක්…
තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක් තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක් තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ “සතුරු බුවනෙකබා බලය තෙවිටක් පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා” යන කවි දෙකක් කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක් නරක් නොවී තබා ගැනීම සඳහා “සුදු අලු රසය” නම් ඖෂධයක් පානය කළ බවද සඳහන්
මා විසින් මෙම විෂය සම්බන්ධයෙන් පනස්‌වන දශකයේ පළවූ ලිපි එලෙසින්ම පළ කළේ එකල භාවිත කළ භාෂා ශෛලීය සහ මේ සම්බන්ධයෙන් විද්වතුන් තුළ තිබූ උනන්දුවද හුවාදක්‌වනු පිණිසයි. නමුත් තම මතය තහවුරු කිරීම සඳහා “දෙවියන්” පිළිබඳව සමහර තැන්හි සඳහන් කර ඇති දෑ කතෝලික බැතිමතුන්ගේ නොසතුටට සහ චිත්ත සන්තාපයට හේතුවීමට ඉඩ ඇති බැවින් මින් පසුව එම ලිපිවල එම කොටස් අත්හැර කරුණු පමණක් හැකිතාක් දුරට සඳහන් කරන බවද දන්වා සිටිමි.
(1953 පෙබරවාරි මස සිංහල බෞද්ධයා – පුරාවෘත විශේෂඥ එස්. කුලතිලක විසින් පළ කළ ලිපියේ ඉතිරි කොටස මෙසේයá)
මෙව්රින් බිෂොප්තුමා බොම්බායේ කතෝලික ඇග්සැමිනර් පත්‍රයට ලියා එවා ටයිම්ස් පත්‍රයේ පළ කර තිබූ කරුණු සංක්‍ෂිප්තව මෙසේය.
“ගෝවේ අග්‍ර බිෂොප්තුමාගේ ඉල්ලීම පිට යාපනේ බොන්ජියන් බිෂොප්තුමාත් හයිඩ්‍රබාඩ් පළාතේ බිෂොප්තුමාත්, මදුරාසියේ විහාරි ජනරාල් තැනත් දේවගැතිවරුන් ගණනකුත් කැටුව (වර්ෂ 1878) නොවැ. 29 වැනි දින බොම්බායෙන් පිටත් වී ඊට පසුවදා ගෝවේට පැමිණුනෙමු. සාවියර් ශුද්ධවන්තයාගේ ශරීරය පිළිබඳව පවත්වන ලද “මාහැඟි” මෙහෙය පෙරහැරවල අපි දුටුවෙමු. ශුද්ධවන්තයාගේ ශරීරය වසා තිබූ වැස්‌ම හැර දහස් ගණන් දෙනාට පෙන්වන අතර හිසත්, අත්, පාදත් දෙස බොහෝ වේලා බලා සිටියෙමු. මක්‌නිසාද ඒ අවයව පමණක් වසා නොතිබූ බැවිනි. අනෙක් තැනැත්තෝ මීට අවුරුදු 300 කට පමණ පෙර එතුමාගේ ශරීරය බැලුවාක් මෙන් අප ද එතුමා දෙස බලමින් සිටින අතර කෝටි ගණන් ආත්මවල ගැලවීම පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ඒ උතුම් වූ ශුද්ධ වූ ආත්මයේ කූඩාරම මේ යෑයි හැඟී සමාදානයේ ශුභාරංචිය දේශනා කළ එතුමාගේ පාද ඉතා ගෞරවයෙන් සිප ගත්තෙමු. ඊට පසු දවසේදීත් අග්‍ර බිෂොප්තුමා අප කැඳවාගෙන ගොස් ශරීරය හඳකාර පරීක්‍ෂා කර බලන්ටත් යාච්ඤා ඔප්පු කරන්ටත් ඉඩ ප්‍රස්‌ථා ලබා දුන්නේය. ශරීරයේ දකුණු පාදය ඔසවා බලන්ට මට අවසර ලැබුණේය. විළුඹත්, යටි පතුලත්, ඇඟිලිවල නියපොතුත්, නහර යනාදියත් තදව ඇකිළී දුඹුරු පාටට හුරුව තිබුණ නමුත් සම්පූර්ණ පිළිවෙළට හොඳාකාරයෙන් ප්‍රවේශම්ව තිබුණි. වම් පාදය මඳක් තුවාල වී තිබුණි. දෙවැනි ඇඟිල්ල කැඩී එල්ලී තිබුණේය. කුඩා ඇඟිලි තුනක් නොමැත. විළුඹේ හම සමහර තැන්වල දිරාගොස් තිබුණු නමුත් ඉතා සවිය ඇති හම් වාගේ සවි ලෙස එකට බැඳී තිබුණේය. ඇස් සම්පූර්ණයෙන්ම වළ නොගැසී තිබුණා පමණක් නොව ශරීරය පරීක්‍ෂා කළ වෛද්‍යාචාර්යවරයා කී ලෙස යටිබඩත් එසේමය. දකුණු කම්මුලත් නාසයේ අගත් තුවාල වූවා සේ පෙනුණි. වම් හස්‌තයේ හමට යටින් තිබෙන නහරත්, ඇඟිලි සහ නියපොතුත් සම්පූර්ණ ලෙස ආරක්‍ෂා වී තිබුණි. තවද කිසි තැනක කුණු වී ගිය ලකුණක් නැත.” ආදී වශයෙනි.
Read More
දෙමටමල් විහාරය මෙරට පුරාණ විහාරස්‌ථානයක් වන අතර මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 වන හෝ 2 වන සියවස දක්‌වා ඈතකට දිවයයි. ඌව පළාතේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ බුත්තල නගරයේ සිට කිලෝ මීටර් 4ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම විහාරය කුඹුරු යායක් මැද ඉතා අලංකාර වූ භූමි භාගයක පිහිටා ඇත. මෙම විහාරය හා සම්බන්ධ කතා පුවතක් වංස කතා කිහිපයකම ස`දහන්ව ඇති අතර ඒ තුළින් මෙම විහාරයේ ඓතිහාසික පසුබිම නිරූපණය කරගත හැකිය.
කාවන්තිස්‌ස රජතුමා අවුරුදු 64ක් ආයු වළ`දා මිය පරලොව ගිය පසු දීඝවාපියේ සිටි තිස්‌ස කුමරු වහාම මාගමට පැමිණ පිය රජුගේ ආදාහන කටයුතු සියල්ල නිම කර නැවත මෑණියන් හා කඩොල් ඇතු රැගෙන ආපසු දීඝවාපියට ගියෝය. මෙහිදී විහාරමහා දේවිය දීඝවාපියට යැමට ප්‍රථම යෝධයෙකු අතෙහි ගැමුණු කුමරුට පණිවිඩයක් යවා ඇත. ‘මාගම අමාත්‍යවරුන් ගාමිණි කුමරුට එහි පැවති අරාජික තත්ත්වය දන්වා යෑවූ බවය’ (මහාවංසය, පරි.24, ගාථා 15,16)
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සක්වල චක්‍රය නැතිනම් තරු දොරටුව ලෙසින් හදුන්වන අනුරාධපුර රන්මදු උයනේ පිහිටා ඇති මෙම සුවිශේෂ නිර්මාණය කොපමණ කාලයකට, කුමන යුගයටද අයත්දැයි මෙතෙක් නිශ්චිකව තහවුරු වී නොමැත. මේ නිර්මාණය එක් අයෙකුට අනුව එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි, නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.