14 කුරෑඩ මිග ජාතකය

තවද එක් සමයෙක්හි ලොවට හිත ඇති වූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. එක්සමයෙක්හි දම්සභා මණ්ඩපයෙක්හි රැස්ව උන්නාවු භික්ෂුන් වහන්සේ ඇවැත්නි මේ දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥයන් වහන්සේගේ මරණ පිණිස දුනුවායන් මෙහෙයූහ. හිසට ගල් පෙරලූහ. නාලාගිරියා මෙහෙයුහ. සර්වප්‍රකාරයෙන්ම බුදුන් වධයට උත්සහ කළේයයි දේවදත්ත ස්ථිවිරයාගේ නුගුණ කියමින් උන් ‍සේක. සර්වඥයන් වහන්සේ අවුත් පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි දේවදත්ත ස්ථවිරයෝ නුඹවහන්සේට වධයට උත්සහ කෙරෙතියි උන්ගේ නුගුණ කිය කියා උනුම්හයි කීසේක. මහණෙනි. දේවදත්ත ස්ථවිරයන් මා වධයට උත්සහ කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උත්සාහ කළෝමය. එතකුදු වුවත් මරාගත නුහුනුවෝම යයි වදාරා ඉකුත් වත් ගෙනහැර දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නවුර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි, බෝධිසත්වයෝ කුරුංගමෘග යෝනියෙහි ඉපිද එක් වනයක ඵලාඵල කමින් වාසය කෙරෙති. ඒ බෝධිසත්වයෝ එක්කාලයක ඵල සම්පන්න වූ ඇද්දේමට වචයක ඇද්දෙමට ගෙඩි කන්නාහුය. එකල්හි මැස්සේ සිට සතුන් මරන්නාවූ ගම්වැසි වැදිපුත්‍රයෙක් ඵලගත් ගස් මුල් වල මුවන්ගේ පියවර සටහන් බලා ගස උඩ මැස්සක් බැඳ එහි ඵල අනුභව කරන්නට ආවාවූ මුවන් තෙප්දමාලා හැණ මරා ඒ මුවන්ගේ මස් විකුට ජීවත් වන්නේය. එක් දවසක් ඒ ගස මුල බෝධිසත්වයන්ගේ පියවර සටහන් දැන් ඒ ඇද්දෙමට ගස උඩ අට්ටාලයක් බැඳ උදෑසනම බත් කා තෙප් ගෙණ වනයට වැද ඒ වෘක්‍ෂය උඩට නැගී අට්ටාලය පිට උන්නේය. බෝධිසත්වයෝ උදෑසනම වසන්නාවූ ස්ථානයෙන් නික්ම ඇද්දෙමට කමියි ුවුත් ඒ ගස මුලට වහා නොවැද කිසිකළෙක අට්ටාල වැද්දෝ ගස්උඩ අට්ටාල බඳිති. එසේ හෙයින් එබඳු උපද්‍රවයෙක් ඇද්දෝහෝ යි පරීක්ෂා කෙරෙමින් දුරසිටියාහුය. වැදි පුත්‍රයාත් බෝධිසත්වයන් ලඟට නොඑන නියාව දැන අට්ටාලයෙහිම සිට ඇද්දෙමට ගෙඩි කඩ කඩා බෝධිසත්වයන් ඉදිරියට දමන්නේය. බෝධි සත්වයෝ මේ ඵල අවුත් මාගේ ඉදිරියහිම වැටෙන්නේ මේ ගසඋඩ වැද්දෙක් ඇද්දෝයි නැවත නැවත උඩබලන්නාහුය වැද්දහු දැක නොදුටුවාක් මෙන් පින් වත්වූ වෘක්‍ෂය පෙර තෝ ළඹ එල්වන කල්හි මෙන් ඉඳුරාම ඵල ලබන්නේය. දැන්වූ කල්හි තා විසින් වෘක්‍ෂ ධර්මය හළපස මමත් අන්‍ය වෘක්‍ෂයක් කරා එළඹ මට ආහාරයක් සොයමියි නික්මුනහ. එකල්හි වැදි පූත්‍රයා අට්ටාලයෙහිම හිඳ බෝධිසත්වයන්ට තෙප්දමා වැරද ගිය හෙයින් තොප දැන් පලයව වැරද ගියේ වේදැයි කීය. බෝධි සත්වයෝ කරකැවීසිට කියන්නෝ එම්බල පුරුෂය දැන් තා ඒකාන්තයෙන්ම මා වැරදිවූ බවමුත් අටමහනාරයකින් සොළොස් ඔසුපත් නරකායෙහිත් දෙතිස් කම්කටොලු නොවැරදවූයෙහිම වේදැයි කිවුය. මෙසේ කියා ඒ මහාබෝසතානො ්කැමති පරිදි ගියෝය. යැදිපුත්‍රයා ගසින් බැස තමා කැමති පරිද්දෙන් ගියේය.. බුදුරජානන් වහන්සේ මහණෙනි දේවදත්ත ස්ථවිරියන් මා වධයට උත්සහකළේ දැන් මතු නොවෙයි පෙරත් උත්සහකළොමය එතකුදුවූවත් මරාගත නුහුනුවෝයි ධර්මදේශනා ගෙනහැර දක්වා වදාර සෙක්. එසමයෙහි අට්ටාල වැද්දා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝද, කරුංගමෘග වුයේනතිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් මම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.
උපුටාගැනීම – www.jathakakatha.lk

15 ආජඤඤ ජාතකය
13 අයාචිත භක්ත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.