“මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල්හි එ තැනට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැනට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එහි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය.
එ සේ මැ මහණෙනි, අනාගතයෙහි මෙ බඳු භික්ෂූහු වෙති. කෙබඳු ද යත්: යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති; කන් යොමු නො කෙරෙති; වටහා ලනු සඳහා සිත ද නො දෙති; ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති.
එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති; කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති; එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ.”
(සංයුක්ත නිකාය – ඕපම්ම සංයුක්තය)