බුදු දහම හමුවේ නිෂ්ප්‍රභ වූ බටහිර මනෝ විද්‍යාව…

බටහිර මනෝවිද්‍යාවේ උදාව ගැන සඳහන් කරමින් අද්භූත හා මිථ්‍යාන්ධකාරයෙන් වැසුණු සිත නම් වූ අභ්‍යන්තර අලුත් ලෝකයක්‌ ගැන නවීන විද්‍යාඥයන් විසින් සොයාගෙන යනු ලබන බව කැලිෆොනියාවේ ඩියුක්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඡේ. බී. රයින් වරක්‌ ප්‍රකාශ කළේය. බටහිර මනෝ විද්‍යාව ඇතිවීමට පෙර, එනම් මෙස්‌මර්, ප්‍රොයිඩ්, රූසෝ, ඇඩ්ලර්, යුන්ග් ආදී මනෝ විද්‍යාඥයන් විසින් සිත හා එහි ක්‍රියාකාරිත්වය ගැන විද්‍යානුකූල පර්යේෂණයන්හි නිරත වීමට පෙර සිත හා එයට සම්බන්ධ පුදුම බල මිථ්‍යාවෙන් හා අද්භූත ආවරණයකින් වැසී පැවතුණු බව මෙයින් පැහැදිලි වේ. එහෙත් සිත ගැන නොයෙක්‌ විග්‍රහයන් ඉදිරිපත් කරමින් එහි ඇති පුදුමාකාර හා අසීමිත බලයත්, සියුම් බවත්, ගැඹුරු බවත්, දුරවබෝධ බවත් ඇති සැටියෙන්ම අප බුදුරජාණන් වහන්සේ විසින් ලොවට දේශනා කළේ මෙයට අවුරුදු 2500 කටත් පෙරය. සෑම ඉරියව්වකදීම, සෑම කරුණකදීම සිත ප්‍රධාන වන බවත් එය ප්‍රභවය කොටගත් සතර ඇත්ත ලොවට පෙන්වා දුන බුදුරජාණන් වහන්සේ සිත ගැන ගැඹුරටම යමින් අභිධර්මය දේශනා කළ සේක.

සිත ගැන එතරම් ගැඹුරට කිමිදී බැලීමට බුදු දහමට ශක්‌තියක්‌ ඇතත් අද බටහිර මනෝවිද්‍යාඥයන් විසින් මහත් ආයාසයෙන් හා පරිශ්‍රමයෙන් ගෙන යන මනෝවිද්‍යාත්මක පර්යේෂණයන්ට සිත ගැන එතරම් ගැඹුරට කිමිදීමට ශක්‌තියක්‌ හෝ හැකියාවක්‌ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනෝවිද්‍යාවක්‌ යෑයි කිව හැකි බුදු දහමෙහි මුඛ්‍ය පරමාර්ථය නම් සත්ත්වයා සසර දුකින් මුදා විමුක්‌තිය නැත්නම් සිත කිළුටු කරන දහම් වශයෙන් සැලකෙන සියලු කෙලෙසුන් සීලයෙන් තවා, සමාධියෙන් හා චිත්ත ඒකාග්‍රතා භාවනාවෙන් ප්‍රහීණ කර, ප්‍රඥව ලබා නිවන සාක්‍ෂාත් කර දීමය. එනම් සිතෙහි පිරිසිදු බවේ නැත්නම් චිත්තපාරිශුද්ධියේ අන්තිම කෙළවරට සත්ත්වයා පත්කිරීමයි. බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ නිවන් ලබාගත්තේ නැත්නම් චිත්ත විමුක්‌තිය ළඟාකර ගත්තේ තර්කයෙන් හෝ පර්යේෂණයෙන් හෝ නොවේ. අන්තර් ඥනය තර්කයට හෝ පර්යේෂණයට ගෝචර නොවන හෙයිනි. එහෙත් අද බටහිර මනෝවිද්‍යාඥයන් විසින් සිත ගැන නොයෙක්‌ නිගමනයන්ට බැස ඇත්තේ නිගමනයන්ට බසින්ට තැත්කරන්නේ තර්කය හා පර්යේෂණය වහල් කොට ගනිමිනි. ඒ හේතුවෙන්ම සිත ගැන දක්‌වා ඇති ඔවුන්ගේ නිගමන එකිනෙකට වෙනස්‌ය.


මානසික ලපර්යේෂණයන්හි පුරෝගාමී වූවන් වන සිග්මන්ඩ් ප්‍රොයිඩ්, කාල්යුන්ග්, ඇඩ්ලර් ආදීන්ගේ මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත මෙන්ම ක්‍රම ද එකිනෙකට වෙනස්‌ය. එසේම, සිත ගැන කොතරම් දුරට පර්යේෂණ පැවැත්වුවත් බටහිර මනෝවිද්‍යාඥයන් අවබෝධ කරන්නට තැත්කරන්නේ බුදු දහමෙහි උපක්‌ලේශයන් වශයෙන් හැඳින්වෙන සිත ගැන පවතින ග්‍රාම්‍ය දහම්ය. සිතකින් තවත් සිතකට අදහස්‌ යෑවීම, හැඟීම් හා සිතුවිලි ත්‍රිමානාත්මකව යෑවීම, හා භාග්‍ය ඉන්දියානු බද්ධ දෘෂ්ඨිය සිතෙහි ලෞකික කොටසට අයත් දහම් බව බුදුදහම ගැඹුරට හදාරන විට වැටහේ. එහෙත් සිත ගැනත් චෛතසික ස්‌වභාවයන් ගැනත් බටහිර මනෝවිද්‍යාඥයන් ගේ අදහස්‌ හා නිගමන සොයා බැලීමෙන් බුදුදහමේ උගන්වන සමහරක්‌ ධ්‍යාන හා සෘද්ධි බල ගැන අනුමාන වශයෙන් අවබෝධයක්‌ ලබාගැනීමට හැකිවන අතර එයින් බුදු දහමේ පරම සුන්දරතාවයත්, පරම සත්‍යතාවයත් මොනවට තහවුරු වේ.

ප්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව අනුව යන “මම” යන හැඟීම නොයෙක්‌ සංකීර්ණ මාන හැඟීම්වලට ප්‍රභවය බව පෙනේ. හීනමානය, අධිමානය ආදී නොයෙක්‌ චෛතසික ගති රාශියකට විභවය දුන් මෙම “මම” යන හැඟීම බුදු දහමේ උගන්වන ආත්ම දෘෂ්ඨියට සමාන යෑයි සිතිය හැක. මෙම දෘෂ්ඨිය මාර්ගඵලාවබෝධය ලබන තුරු අප තුළින් ඉවත් නොවේ. “මම” යන හැඟීම නිසා ඇතිවන වේදනාවත්, එයට ප්‍රභවය දෙන ඵස්‌සයත්, සලායතනයත් නාමරූප ධර්මත්, විඤාණයත්, තන්හාවත්, අවිඡ්ජාවත් නැති කරන තුරු මෙම ආත්ම දෘෂ්ඨිය අප තුළින් පහ කළ නොහැකිය. අවිඡ්ජාව කේන්ද්‍රව පවතින මෙම කෙළෙස්‌ දහම් නැති කිරීමට උපකාරවන ආසවකෂ්‍යකර ඥනය ලැබීමම බුදුදහමේ ශ්‍රේෂ්ඨතම ඵලයයි. ආත්ම දෘෂ්ඨියේම අංගයක්‌ වන හීනමානය ඇල්ප්‍රඩ් ඇඩ්ලර් බොහෝ දුරට විග්‍රහ කළ දහමකි. තමන් උලුප්පා පෙන්වීමට තැත් කිරීම මෙම මානයේම චෛතසික ගතියකි. “මම” යන හැඟීම නිසා ඇතිවන කෙලෙස්‌ සිත් මාන ගති හා සිත තුළ තර කරගෙන ඇති කෙළෙස්‌ සහගත හැඟීම් සීලයෙන් තවා සමාධියෙන් ප්‍රහීණ කළ යුතුය. සිත තුළින් ඒවා සහමුලින්ම අරන් දැමිය යුතුය. විමුක්‌තිය ලබාදෙන ආශ්‍රවක්‌ෂ්‍යකර ඤාණය නැත්නම් ප්‍රඥාව ලැබෙන්නේ එවිටය. මානසික රෝග හා මාන ගති සිත්හි බලපාන අන්දම සෙවූ ප්‍රොයිඩ්ගේ මනෝවිග්‍රහයට වඩා මෙය ගැඹුරට යයි. තණ්‌හාවත් එයට මුල් වූ අවිද්‍යාවත් නිසා උපදින ආත්ම දෘෂ්ඨියෙන් ඇතිවන මාන ගති අරහත් මාර්ගය තෙක්‌ පවතින බව දස සංයෝජන ධර්ම විස්‌තර කරන විට දැක්‌වේ. අධිමාන හීනමාන ආදී මේ කෙළෙස්‌ සිත් අනාගාමී පුද්ගලයා තුළ පවා විද්‍යමාන වේ.

අවිද්‍යාවෙන් උපදින තන්හාව, කාම තණහා, භව තන්හා, විභව තණ්‌හා යෑයි තෙවැදෑරුම්ය. නොපැවැත්Aවීමට ඇති ආසාව පැවැත්මට ඇති ආසාව දුරු වූ විට ඇතිවන බව ප්‍රොයිඩ් කීය. මෙය විභව තණ්‌හාවට සමාන යෑයි ඇම්. ඕ. සී. වොල්ෂෙ කියයි. අපේ යටි සිතෙහි ඇතැයි ප්‍රොයිඩ් කී නොපැවැත්වීමට ඇති ආසාව වඩා පුළුල් හරයක්‌ විභව තණ්‌හා යන්නෙන් ගැනේ. මේ තන්හා දෙක අතර ගැටුමක්‌ ඇතිවුවහොත් සමහර විට මානසික විකෘති භාවයක්‌ ඇතිවිය හැක. එය මැඩ පැවැත්වීමට නම් අධිෂ්ඨාන ශක්‌තියක්‌ තිබිය යතු බව ලන්ඩන විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය සර් සිරිල් බර්ට්‌ කියයි. මේ සඳහා බුදු දහමේ උගන්වන සම්මා සතියත් සම්මා සමාධියත් අවශ්‍යය. කෙලෙස්‌ මැඩීමට උපයෝගීවන යහපත් සිහියත්, යහපත් සමාධියත් මෙයින් අදහස්‌ කෙරේ. මෙයට ළංව යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තවත් අවස්‌ථාවකි සම්මා වායාම. මෙයින් නිර්වාණ මාර්ගයට සුදුසු හිත් දියුණු කිරීම අදහස්‌ කෙරේ. අවහිර කරන සිත් බැහැර කර යෝග්‍ය සිත් පමණක්‌ එක්‌තැන් කිරීමට මෙය උපකාරී වේ. මේ සඳහා අධිෂ්ඨානයක්‌ අවශ්‍යය. මේ අධිෂ්ඨාන ශක්‌තිය සිතේ ඇතිවන්නට පටන් ගනිත්ම, තමාට එය කළ නොහැකිය යන සංකල්පයක්‌ සිතේ ඇතිවේ. මේ විචිකිච්ඡාවයි. මේ විචිකිච්ඡා සංයෝජනය බැහැර කර අධිෂ්ඨාන ශක්‌තිය දියුණු කිරීමට නම් චිත්තඒකාග්‍රතාව අවශ්‍යය ය. එසේම මේ අධිෂ්ඨානයෙන් යුත් වෑයමට වඩා සංකල්පනය නැත්නම් විචිකිච්ඡාව බලවත්ය. සෝතාපන්න මාර්ගයට පිළිපන් යෝගාවචරයා තුළ ඇතිවන මේ විචිකිච්ඡාව නැති කිරීමට සම්මා වායාම නම් වූ අධිෂ්ඨානයත් චිත්ත ඒකාග්‍රතාවයත් සතියත් අවශ්‍යය. සමාධියෙන් කෙළෙසුන් ප්‍රහීන කර ආත්ම දෘෂ්ඨිය නිසා ලබන ප්‍රඥව නිවන් දොර සේ ගත හැක. මෙය සිතෙහි ගැඹුරටම යාමයි.

ආත්මදෘෂ්ඨියට විභවය දුන් තණ්‌හාවත්, අවිද්‍යාවත් නැසීමට මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවශ්‍ය බව ඉහතින් සඳහන් කෙළෙමු. එය තවත් පිඬුකර ගත් විට සීල, සමාධි, ප්‍රඥ යනුවෙන් පෙන්විය හැක. මෙයින් අදහස්‌ කෙරෙන්නේ චතුරාර්ය සත්‍යයෙන් පෙන්වා දුන් විමුක්‌තිය ළඟාකර ගැනීම සඳහා සිත පුහුණු කරවීමය. නැත්නම් සිත පිරිසිදු කිරීමය. එසේ පිරිසිදු වූ සිතක ඇති බලය අසීමිතය. එවැනි පාරිශුද්ධ භාවයකට පත් නොවූ සිතක්‌ ඕනෑම බාහිර හෝ ස්‌වයං ඇඟවිල්ලකට පාලනය කළ හැක. තමා දැනුවත්ව හෝ වැඩි වශයෙන් නොදැනුවත්වම තම යටි සිතට වැටෙන හැඟවිලිවලින් ජීවිතය පමණක්‌ නොව තමාගේ පෞරුෂත්වයද වෙනස්‌ කළ හැක. ඒ පිටින් වැටෙන ඇඟවිලි අනුව යටිහිත ක්‍රියාකිරීමෙන් ශරීරයෙහි රසායනික ප්‍රතික්‍රියාවක්‌ ඈත්වීම හේතු කොටගෙනය. කෙලෙස්‌ සහගත ලෞකික චෛතසික ක්‍රියාකාරිත්වයේ ස්‌වභාවයයි ඒ. කෙලෙස්‌ තැවීම අරමුණු කර ගෙන භාවනානුයෝග වන්දනා සමාධිය වැඩිය යුතුය. ඒ සඳහා සමථ, විපස්‌සනා යන භාවනා ක්‍රම දෙකින් එකක්‌ තෝරා ගත හැක. සමථ භාවනාවේදී ලෞකික ධ්‍යානයන් වැඩීමෙන් කෙලෙස්‌ තාවකාලිකව යටපත් කෙරේ. ආකිඤ්ඤායතන නෙවසඤ්ඤායතන ආදී ධ්‍යානයන් මෙම ලෞකික ධ්‍යානය කෙළවර ලැබේ. මේ සිතෙහි ඉතා දියුණු තත්ත්වයකි. මේ තත්ත්වයට පත් වූ විට, අනුන් සිත් දැකීම පෙර විසූ කඳ පිළිවෙළ දැකීම යනාදී ඥන පහළ වේ. මේ සිතේ ගැඹුරුම කොටස මතු වීමකි. බටහිර මනෝ විද්‍යාවේ උප විඥනය හා අවිඤාණය යනුවෙන් හඳුන්වන්නේ මේ යෑයි සිතිය හැක.

කෙලෙස්‌ තවා ධ්‍යාන වැඩූ විට අදහස්‌ ත්‍රිමාණාත්මකව යෑවීම හෝ පෙන්වීම හෝ ආදිය කළ හැක. බුදු දහමේ ඉගැන්වෙන ලෞකික ධ්‍යානයන් වැඩීමෙන් කළ හැකි මෙය නිර්වාණ මාර්ගයට බාධාවක්‌ බවද බෞද්ධ ඉගැන්වීමයි. මෙම හැකියාව ලැබූ ගෝගාවචර පුද්ගලයා ඉන් සෑහීමකට පත්වන්නට බැලීම ස්‌වභාවයක්‌ හෙයින් භාවනාවේ තවත් දුර ගිය විට ලැබෙන ස්‌වභාවයක්‌ හෙයින් භාවනාවේ තවත් දුර ගියවිට ලැබෙන මග්ගාමග්ගඤාණදස්‌සන විසුද්ධි නම් අවබෝධය ලබා ගත් විට යථොක්‌ත හැකියාවන් උපක්‌ලේෂයන් වශයෙන් හැඳින ගනියි. මෙම හැකියාවේ ගැන ඉතාමත් අල්ප අවබෝධයක්‌ ලබාගත හැකි විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමයක්‌ බටහිර මනෝවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලැබේ. එය නම්, උඩු හිත මෝහනයට පත්කර යටි හිතට ඇඟවිලි දැමීමෙන් කරනු ලබන්නකි. ඇඟවිලි සිතකින් තවත් සිතකට ත්‍රිමාණාත්මකව යෑවීමට ඇති හැකියාව පිළිබඳ කරන ලද එක්‌ පර්යේෂණයක්‌ ගැන මනෝ විද්‍යාඥ දොස්‌තර කෙනත් වෝකර් මෙසේ කියයි. “1881 නොවැම්බර් මාසයේ එක්‌ ඉරිදා සවසක මිනිස්‌ අධිෂ්ඨානය සතු මහා බලය ගැන (පොතකින්) කියෑවීමෙන් පසු. කොන්සින්aටන් හොගාර්ත් පාරේ අංක 22 දරණ ස්‌ථානයෙහි ගොඩනැගිල්ලේ දෙවැනි මාලයෙහි නිදන කාමරයක නිදා සිටි, පිළිවෙළින් වයස 25 සහ 11 වූ මා දන්නා කාන්තාවන් දෙදෙනකු ඉදිරියෙහි පෙනී සිටීමට මම තරයේ අධිෂ්ඨාන කර ගතිමි. මේ අවධියේ මා සිටියේ හොගාර්ත් පාරට සැතපුම් තුනක්‌ ඔබ්බෙන් කිල්ඩෙයාර් ගාඩ්න්ස්‌ නම් වූ ස්‌ථාන යේ අංක 23 දරණ ස්‌ථානයේය. මා මෙවැනි පර්යේෂණයක්‌ කරන්නට යන බව මම ඔවුනට නොකීවෙමි. හෝගාර්ත් පාරේ අංක 22 දරණ ස්‌ථානයෙහිදී මෙම අධිෂ්ඨානය අනුව මා සිටිය යුතු වේලාව පාන්දර එක විය යුතු යෑයි මම තීරණය කළෙමි.

“ඊට පසු බ්‍රහස්‌පතින්දා මා එම කාන්තාවන් හමුවීමට ගොස්‌ කතා කරමින්a සිටින විට, ඔවුන්ගෙන් වැඩිමහලු තැනැත්තිය කතා කරමින්, පසුගිය ඉරිදා රාත්‍රියේ මා ඇයගේ සයන අද්දර සිටිනු දැක බිය වී කෑ ගැසූ බවත්, අවතාරය තම නැඟණියට ද පෙන්වූ බවත් කීවාය.” මෙය පර්යේෂණයකි. යටි හිත මගින් ඇඟවිලි අනුසාරයෙන් හැඟීම් ත්‍රිමාණාත්මකව යෑවීමට ඇති හැකියාව මෙයින් තරමක්‌ දුරට අවබෝධ කරගත හැක. එයට භාවනාවක්‌ අවශ්‍යය. අධිෂ්ඨානය යනුවෙන් කෙනත් වෝකර් සඳහන් කරන්නේ මේ භාවනාවටය. එනම් සිතේ එක්‌තැන් බවටය යථොක්‌ත සිද්ධියේ සඳහන් තැනැත්තාට පැය කිහිපයකින් සිතුවිලි යෑවීමේ හැකියාව ලබා ගත හැකි වූයේ නම් බුදු දහමේ ඉගැන්වෙන භාවනාව අවශ්‍යයම දැයි සමහරෙකුට ප්‍රශ්නයක්‌ නැඟිය හැක. ඉහතින් කී සිද්ධිය වැනි දේ ඇති වන්නේ කලාතුරකිනි. එසේම ඒ ගැන එතරම් විශ්වාසයක්‌ ද තැබිය නොහැක. එහෙත් බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රම උපයෝගී කර ගැනීමෙන් මෙවැනි නොයෙක්‌ බල ඕනෑම කෙනකුට ලබාගත හැක. නිර්වාණ අවබෝධයට බාධක සේ සැලකෙන මේ සිතුවිලි යෑවීම හෝ මවා පෙන්වීම ධ්‍යානලාභී වූ විට ඕනෑම විටකදී කළ හැක. එය විස්‌තර කෙරෙන අවස්‌ථාවක්‌ ගැන විභංග අටුවාවේ සඳහන් වේ.

තලගුරු වෙහෙර ධම්මදින්න නම් මහතෙරුන්ගේ ආචාර්යවරයා වන උස්‌වැල්ලේ මහා නාග තෙරණුවෝ රහත් නොවූ බව ධම්මදින්න තෙරුන් දිවැසින් දැක අහසින් ගොස්‌ මහා නාග තෙරුන් ඉදිරියේ පෙනී සිට එර්දි බලපෑමට සමත් දැයි ඇසූහ. එසේ කළ හැකි යෑයි පිළිතුරු දුන් විට ඇතෙකු මැව්ව මැනැ වැයි ධම්මදින්න තෙරුණුවෝ කීහ. මහානාග තෙරුන් විශාල සුදු ඇතෙකු මැව්ව විට ඒ ඇතා භයානක ශබ්ද නගමින් හොඬ කෙළින් තබගෙන තමා ඉදිරියට එන සේ මැව්ව මැනැවැයි නැවතත් කීය. එසේ මැවූ ඇතුට බියේ මහතෙරුන් දුවන්ට සැරසුන බව එම අටුවා කතාවේ වැඩිදුරටත් සඳහන් වේ. භාවනානුයෝගීව ධ්‍යානලාභී වූ විට සිතේ ඇතිවන පුදුම ක්‍රියාකාරිත්වයත් කෙළෙසුන්ගෙන් ඈත්වුණු පිරිසිදු සිතක ඇති අසීමිත බලයත් මෙම කතාවෙන් පැහැදිලි වේ.

කලාතුරකින් සිදුවන කෙනත් වෝකර්ගේ ඉහතින් සඳහන් කළ සිද්ධිය පැහැදිලි කරවන එයට සමාන සිද්ධියක්‌ විස්‌තර වෙන කුඩා කතාවක්‌ විශුද්ධි මාර්ගයේ එයි. “ගිරිකණ්‌ඩ විහාරයට නුදුරු වත්තකාලක ගම එක්‌ තරුණියකුගේ මවුපිය දෙදෙනා බණ ඇසීමට විහාරයට යන්නාහු. “දුව, ඔබට නොකල්හි ඇවිදීම සුදුසු නැත. අපි ඔබටත් පින් සඳහා බණ අසන්නෙමු.” කියා ගියහ. ඕ තොමෝ යනු කැමැති වුවත් මවුපියන්ගේ කීම අසා ගෙදර නැවැතිණි. ගෙමිදුලේ සිට සඳ එළිය නිසා ගිරි කණ්‌ඩකයෙහි කඳු මුදුනෙහි පිsහිටි චෛත්‍යය බලන ඈට එහි පහන් පූජාව ද පෙනුණි. සෑය වැඳ ප්‍රදක්‍ෂිණා කරන සිව් පිරිසද දකින්නට ලැබිණි. “මෙවැනි චෛත්‍යයක්‌ ළඟට පැමිණ මල් පුදමින් හැසිරෙන්නට ලබන්නෝද මිහිරි බණ අසන්නට ලබන්නෝද ඒකාන්ත භාග්‍යවන්තයෝ වෙති” යි. සිතන ඈට උද්වේග ප්‍රීතිය උපනී. ඒ ප්‍රීතිවේගය නිසා අහසට නැඟුණු ඕ තෝමෝ මවුපියන් එහි පැමිණෙන්නට පෙරම සෑ මලුවට අහසින් බැස සෑය වැඳ බණ අසමින් හුණි.

“පැහැදුණු නැත්නම් පිරිසිදු වූ සිතක ඇති බලය පෙන්වන මෙම අටුවා කතාවද උප විඤාණයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරවන්නකි. දැරියගේ දැඩි අධිෂ්ඨානයත්, ධ්‍යානයකට සම වැදුනාක්‌ මෙන් තදින් සිත බැඳවීමත් ඒ සිතේ ත්‍රිමාණාත්මක ගමනට හේතු වූ බව සිතිය හැක. එසේම, කාලය හෝ දුර ප්‍රමාණය හෝ චෛතසික ක්‍රියාවනට බල නොපාන බව මෙම කථාවෙන් ඔප්පුවේ. සිතේ ගමන ගැන බටහිර මනෝ විද්‍යාඥයන් ද මේ තීරණයට බැස ඇත. එසේම, ඇඟවිලි හෝ සිතුවිලි යෑවීමේදී. අප සිත තුළින් ගුවන්විදුලි තරංග වැනි තරංග මාලාවක්‌ පිටවන්නේ යෑයි බටහිර මනෝවිද්‍යාඥයන් කලින් විශ්වාස කළ නමුත්, එවැන්නක්‌ නොවන බව ලෙනින් ගෑඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියෝ නිඩ් වැසිල්යෙච් විසින් කරන ලද පර්යේෂණයකදී හෙලි විය.

බටහිර මනෝ විද්‍යාඥයන් විසින් පර්යේෂණ මගින් වටහා ගන්නට තැත් කරන යථොක්‌ත චෛතසික බල බුදුදහම හඳුන්වන්නේ උප ක්‌ලේෂයෙන් වශයෙන් යෑයි මීට පෙර සඳහන් කළෙමු. ඒවා නිර්වාණාවබෝධයට බාධකව පවතින හෙයිනි. සෘර්දි බලපෑම් ආදිය බුදුරජාණන් වහන්සේ විසින් තහනම් කර වදාළේ. උඩු හිත නැත්නම් කෙළෙස්‌ සහිත විඥාණය සීලයෙන් තවා භාවනාවෙන් කෙළෙස්‌ ප්‍රහීණ කර යටි හිතත් භවාංගයත් මතු කරගත් විට ඇතිවන බලය අසීමිතය.

ඇතිවන ඤාණය විනිවිද යන සුළුය. එහෙත් සිතේ මෙම තත්ත්වය ලබාගැනීමට නම් සිත් එක්‌ අරමුණක තබාගැනීම නැත්නම් චිත්ත එකඟතාව පුරුදු පුහුණු කළ යුතුය. සිත කිසිම බාහිර දෙයකින් කම්පා නොවන චංචල නොවන තත්ත්වයට ගෙන ආ යුතුය. යෝගාවචරා විසින් මෙම තත්ත්වය නියම වශයෙන් ලබාගන්නේ හතරවැනි ධ්‍යානයෙන් නැත්නම් චතුත්ථඥනයෙන් පසුවය. සෘද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේනිවාස ආදී චෛතසික බලයන් ලැබෙන්නේ ඊට අනතුරුවය.

මෙතෙක්‌ බටහිර මනෝවිද්‍යාඥයිනට හැකි වූයේ උඩු හිතේ තැන්පත් අවස්‌ථාවන් ගැන තරමක අවබෝධයක්‌ ලබා ගැනීමට පමණි. එය ඔවුන් විසින් කරනු ලබන්නේ මෝහන විද්‍යානුසාරයෙන් උඩු හිත නිදි ගන්නවා ඇඟවිලි දීමෙනි. එසේ නමුත්. යටි හිතත්, භවාංග නම් වු යටිම යටි හිතත් නියම වශයෙන් හැදෑරීමට නම් ධ්‍යානය අවශ්‍යමය. එය පර්යේෂණයෙන් කළ නොහැක. එසේ ධ්‍යාන වඩා ගත් විට පහළ වන පුබ්බේනිවාසානුස්‌සති ආදී ඤාdණයන්ගෙන් බුදු දහම උගන්වන පුනර්භවය නිතැතින්ම වැටහෙනු ඇත. පුනර්භවය ගැන මෙතෙක්‌ කිසිම බටහිර මනෝ විද්‍යාඥයකුට නියම වශයෙන් වටහා ගැනීමට නොහැකි වූයේ ඔවුන් කිසිවකු සිත ගැන එතරම් ගැඹුරට නොගිය හෙයිනි. එසේ සිත ගැන ගැඹුරට හැදෑරීමට නම් බුදු දහම උගන්වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවශ්‍යමය. එය වටහා ගන්නා තුරු බටහිර මනෝවිද්‍යාව වශීකරණයටත්, මනෝ විග්‍රහටයත් සීමා වුණු තර්කයන් පර්යේෂණයත් ගුරු කොටගත් ග්‍රාම්‍ය විද්‍යාවක්‌ වනු ඇත. තර්කයත්, පර්යේෂණයත් බැහැර කරන තුරු ඔවුනට අන්තර්ඥනයත්, එය දියුණු කිරිමෙන් ලැබෙන නිර්වාණාවබෝධයත්, පුනර්භවයේ සත්‍යතාවත් වටහා ගැනීම උගහට ය.

සසර පුරුද්ද නිසා ඇතිවන භවාංග චිත්නයේ දියුණුව හේතුකොට ගෙන සමහරු උත්පත්තියෙන්ම විශේෂ ඥනයක්‌ සහිතව උත්පත්තිය ලබති. මනෝ විද්‍යාඥ දොස්‌තර කෙනත් වෝකර් විසින් ඉදිරි පත් කරන ලද එවැනි ප්‍රවෘත්තියක්‌ අනුව ඇමරිකාවේ මිසෝරි ප්‍රදේශයේ ජෝන් එච්. ක්‍යqරන් මහත්මිය සුළු අධ්‍යාපනයක්‌ ලත් තැනැත්තියකි. වයස 31 දීත් පිටස්‌තර ලෝකය ගැන කිසිවක්‌ නොදැන සිටි ඇය භූතයන්ගේ ආධාරය ලබමින් යෑයි කියමින් නවකතා තුනක්‌ම ලීවාය. මෙයින් .ඔeකන්. නම් වූ නව කතාව මධ්‍යකාලීන එංගලන්තය ගැන වූවකි. ඇය විසින් විස්‌තර කරන ලද තත්කාලීන එංගලන්තයේ ඓතිහාසික හා සාමාජික කරුණු නිවැරැදි බව පරීක්‍ෂණයන්ගෙන් හෙළි විය. ඇගේ මෙම හැකියාවට හේතුව, යටි හිතින් වෙනත් තැනකින් අදහස්‌ ලබාගැනීම හෝ ඒ මහත්මිය කියන පරිදි භූතාවේශය හෝ විය හැකි යෑයි කෙනත් වෝකර් තීරණය කරයි.

එහෙත් මෙම හැකියාවට හේතුව සසර පුරුද්ද බව බුදු දහම අනුව නිගමනය කළ යුතුය. බටහිර මනෝවිද්‍යාවට සිත ගැන ස්‌ථිර නිගමනයකට බසින්නට නොහැකි බව යථෝක්‌ත මත අනුව ඔප්පු වන අතර පුනර්භවය ඔප්පු වූ අවස්‌ථාවන්හිදීත් එය පිළිගන්නට මනෝ විද්‍යාඥයන් මැළි බවක්‌ දක්‌වන බව ඉන්දියාවේ ශාන්ති දේවි ගැන දීර්ඝ ලිපියක්‌ පළ කරන 1965 ජනවාරි මස .ඡිහජයදකදටහ. සඟරාව පුනර්භවය ගැන කරන මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “මෙම සාක්‍ෂි අනුව පුනරුත්පත්තිය (පුනර්භවය) තවදුරටත් අවිශ්වාස කිරීම උගහට බව පාඨකයනට ඒත්තු යනු ඇත. “පුනර්භවය ගැන කෙළින්ම නොකියා මෙසේ අස්‌ථිර නිගමනයකට බසින්නේ එවැන්නක්‌ කිරීමට බටහිර මනෝ විද්‍යාවට නොහැකි හෙයිනි.

කයත් එයට සම්බන්ධිත නාම ධර්මත් ගැටීම නිසා ඇති වන වේදනාවත් එය දැනෙන සිතද, උත්පාද තිථි භංග යන ක්‍ෂණභංගූරත්වයට යටත් වන, නැත්නම් මොහොතින් මොහොත වෙනස්‌ වන, නාමධර්මයක්‌ පමණක්‌ බවත්, උගන්වන බුදු දහම මෙම නාමරූප ධර්ම හැරුණු විට ආත්ම දෘෂ්ටියකට මඟපාදන “මම” යෑයි ගත හැකි කිසිත් නොමැති බවත් පැහැදිලි කර දෙයි. මෙම නාම රූප ධර්මයෙන් විග්‍රහ කරන සිත හා කය ගැන සඳහන් කරන කෙත් වෝකර් බටහිර මනෝ විද්‍යාඥයන් සිත හා කය ගැනත් එහි ක්‍රියාකාරිත්වය ගැනත් කිසිත් නොදන්නා බවත්, මෙතෙක්‌ කිසිවකු සම්මුති තීරණයකට බැස නොමැති හෙයින් සිත ගැන අප කැමැති පරිදි තිරණයකට එළැඹිය හැකි බව ද පවසයි. බටහිර මනෝ විද්‍යාඥයන් විසින් සිත ගැන හෝ චෛතසික ක්‍රියාකාරීත්වල ගැන හෝ මෙතෙක්‌ පළ කර ඇත්තේ සිද්ධාන්ත නොව එකිනෙකාගේ අදහස්‌ පමණක්‌ බව මෙයින් පැහැදිලි වන අතර, සිත ගැන ගැඹුරු ලෙස උගන්වන දහමක්‌ වශයෙන් බටහිර මනෝවිද්‍යාවෙහි ඇති අසම්පූර්ණත්වයත්, හිස්‌ බවත් මෙයින් හෙළි වේ.

උපුටා ගැනීමකි

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා .

නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
සාමයේ සංකේතය සුදු පරවියා ද නැතිනම් ධර්ම චක්‍රයද ?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.