බුදුහිමියන් මමත්වය ප්‍රතික්ෂේප කලායැයි කියමින්ජාතික ව්‍යාපාරයට අකුල් හෙලන ඇත්තන්ට ලැබුන කදිම පිලිතුර - IFBC Organization | Dhamma

පින්වත් යාලුවනේ බුදුහිමියන්ගෙ දහම සර්ව සුභදායකයි. කොතනකවත් වැරැද්දක් තියෙනව කියල පෙන්නන්න තැනක් නැහැ. අද සමහරු කියන්නෙ බුදුහිමියන් මමත්වය ප්‍රතික්ෂේප කල නිසා ජිතාක ව්‍යාපාරය බුදු දහමට පටහැනියි කියල. සිය වර්ගයා වෙනුවෙන් බුදුහිමියන් කොතරම් වෙහෙස වෙලා තියෙනවද කියන කාරනය මෙන්න මේ කථාවෙන්ම පැහැදිලි වෙනව. ඒ නිසා ගෞරව නීය ස්වාමීන් වහන්සේලා ජාතිය රැකගන්න වෙහෙසෙනකොට ” දානෙ කාල වැඩඉන්න ” කියන දේනම් කියන්න එපා මීට පස්සෙ. අපේ හාමුදුරුවරු නිසා මේ ජාතිය රැකුන බව අමතක කරන්න එපා. නැතිනම් අවුරුදු දහස් ගණනකට පෙර මේ රට දෙමල රාජ්‍යයක් වෙලා. කොහොම නමුත් මේ කථාව ඔබට බුදුහිමියන් සිය ජාතිය කෙරේ දැක්වූ ඇල්ම මොනවට පැහැදිලි කරයි.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසද්දී එරට රජ වූ කොසොල් රජු කිඹුල්වත් පුර මහානාම ශාක්‍ය රජ පවුලෙන් විවාහයක් කර ගත්තේය. ඕ තොමෝ නමින් වාසභඛත්තියා නම් වූවාය. කොසොල් රජු නිසා ඇය පුතකු ලැබුවාය. හේ විඩූඩභ නම් විය. විඩූඩභ ළමා විය ඉක්මවා තම මවගේ ඤාතීන් වෙත ගිය විටක වාසභඛත්තියා පිළිබඳවත්, විඩූඩභ පිළිබඳවත් ශාක්‍යයන් අනුගමනය කළ රාජ්‍ය කුමන්ත්‍රණයක් හෙළිවිය. කොසොල් රජුගේ මරණින් පසු විඩූඩ ශාක්‍යයන්ගෙන් පිළිගැනීම සඳහා සේනා සහිතව යුද පිණිස ගියහ. තම නෑයන්ගේ විනාශය දුටු බුදුරජු විඩූඩභට පෙර වැඩමවා කිඹුල්වත සමීපයේ විඩූඩභගේ රාජ්‍ය සීමාවේ සෙවණ නැති නුග ගසක් යට වැඩ උන්හ. ශාක්‍යයන් විනාශ කිරීම සඳහා යන විඩූඩභ බුදුරජු දැක ගෞරව සම්පන්නව “ස්වාමීනි, මෙබඳු උණුසුම් වෙලාවේ කවර කරුණක් නිසා මේ නුග ගස මුල වැඩ ඉන්නේදැයි” විමසීය. බුදුරජු “මහරජ, ඤාතීන්ගේ සෙවණ ද සීතල යයි” පිළිතුරු දුන්හ. නැදෑයින්ගේ ආරක්ෂාව පතා බුදුරජු වැඩම වූ බව දත් විඩූඩභ රජු ආපසු හැරී සිය රටට ආහ. මෙසේ තුන්වරක් ම ශාක්‍යයන්ගේ විනාශය බුදුරජු මැදිහත් වී මැඩ පවත්වා ඤාතීන්ට සේවය කළහ. එහෙත් විඩූඩභ රජු සිව්වෙනි වර ගොස් කුඩා දරුවන්ගෙන් පටන් සියලූ ශාක්‍යයන් ඝාතනය කොට විනාශ කළහ. මේ පිළිබඳව භික්ෂූන් අතර ඇති වූ කථාව විමසා “මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නැදෑයින්ට වැඩ පිණිස හැසිරුණේ නොවේ. පෙර ද හැසුරුණේමය” යි කියා කුක්කුර ජාතකය වදාළ සේක.

පෙර බරණැස බඹදත් නම් රජකු කාලයෙහි කිසියම් එබඳු අකුසල කර්මයක් හේතුවෙන් බෝසත් සුනඛ ජාතියෙහි ඉපිද සියදහස් ගණනින් සුනඛ පිරිවර ඇතිව මහ සොහොනෙහි වසති. දිනක් රජ්ජුරුවෝ විසිතුරු කොට සැරසූ අශ්ව රථයකින් උයනට ගොස් සවස නුවරට පැමිණියහ. මෙය සැරසූ ලෙසින්ම රජ මිදුලෙහි විය. රාත්‍රියෙහි පැවති තද වැස්සෙන් සැරසීමට ගත් සම්, වරපට ආදිය පෙඟී මොළොක් විය. මාළිගයේම හැදූ බල්ලන් පැමිණ ඒ සියල්ල කා දමන ලද්දේය. පසුදින රාජ පුරුෂයෝ කාණුවෙන් පැමිණ බල්ලන් විසින් රථයේ සම් හා වරපට කා දමන ලදැයි පැමිණිලි කළහ. කුපිත වූ රජ දුටු තැන බල්ලන් මරණ ලෙස අණ කළේය. බල්ලනට මහා විනාෂයක් ඇති විය.

සියලූ සුනඛයෝ එක්ව සොහොනට ගොස් තමන්ට ඇතිවී තිඛෙන භය බෝසතුන්ට කීහ. බෝධි සත්වයෝ “පිටත බල්ලන්ට රජ ගෙට ඇතුළු වීමට මඟක් නැත. මෙය ඇතුළත හදන බල්ලන්ගේ ම වැඩක් විය හැකිය. සොරු නිදහසේ සිටිති. නොසොරු මරණයට පත්වෙති. සොරුන් පෙන්වා දී නෑයන්ට උපකාරයක් කිරීම හොඳය˜ යි සිතා මෛත්‍රී පෙරදැරිව” ඒ බලයෙන් මට පහරක් ගැසීමටත් කිසිවෙකුට නොසිතේවා යි ඉටාගෙන රජු සිටි තැනට ම ගොස් අසුන යටට ම රිංගා ගත්හ. රාජ පුරුෂයෝ ඔහු ඇද දැමීමට මහන්සි ගත්හ. රජ්ජුරුවෝ වැළැක්වූහ.‍

මඳකින් එළියට අවුත් බෝධිසත්වයෝ “රජතුමනි, ඔබ වහන්සේ බල්ලන් මරවන සේක්ද? ඔවුන්ගේ අපරාධය කුමක්දැයි?” විමසූහ. “මාගේ රථ සම්, වරපට කෑ නිසා” යයි රජ කීය. “සම් කෑ බල්ලන් දන්නෙහිදැයි?” ඇසූ විට “නොදනිමිය” කීය. “සම් කෑ සොරුන් හරියට ම නොදැනු දුටු දුටු තැන බල්ලන් මැරවීම සුදුසුද දේවයන් වහන්ස?” යි ඇසූයෙන් “රථයේ සම් බල්ලන් කෑ නිසා දුටු තැන බල්ලන් මැරීමට නියම කෙළෙමි” කීය. “එම නියමය පරිදි සියලූම බල්ලන් මරත්ද? නැත්නම් නොමරනු ලබන්නෝත් සිටිත්දැයි?” ඇසූහ. “නොමරනු ලබන්නෝත් සිටිති. අපගේ ගෙයි ඇති කරන බල්ලෝ මරනු නොලබතී” රජ කීය.

එසේ කී කල්හි බෝධි සත්වයෝ “මහරජ, ඔබ වහන්සේ ඡන්ද, දෝසය, ආදියෙන් අගතියට යන සේක. අගතිකාමී බව සුදුසු නැත. රාජ ධර්මයකුත් නොවේ. රජවරු කාරණා කාරණා විමසා තරාදියක් සේ මධ්‍යස්ථ විය යුතු වෙති. මෙය සියලූ බල්ලන් මැරීමක් නොව දුර්වලයන් මැරීමකි. රජවරුන් සොරුන්ට නිග්‍රහ කළ යුතුය. නිසොරුන්ට නිග්‍රහ නොකළ යුතුය. දැන් නිසොරු මැරෙති. අහෝ… අයුක්තියක තරමැයි” කීහ.

රජ “එසේ නම් රිය සම් කෑ සොරුන් දන්නහුදැයි” විචාළෙන් “ඔව් දනිමියි” කීහ. “කවුරුන් විසින් කන ලද්දේදැයි?” ඇසූ විට ගෙයි ඇති කළ බල්ලන් විසිනැයි” කීහ. ඔවුන් කෑ ඔප්පු කරමී කී බෝසත්හු ඔවුන්ට මෝරු සමඟ ඊතණ කොට පොවන ලෙස කීහ. එසේ කළ විට බල්ලෝ සම් හා වරපට කෑළි වමනය කළහ. ප්‍රසාදයට පත් රජ රාජ්‍යය පූජා කළේය. බෝසතාණෝ දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරන ලෙස රජුට අවවාද කොට රාජ්‍යය ආපසු භාර කළහ. සියලූ සතුන්ට අභය දුන් රජ තමන් වළඳන අහරට සමාන වන ආහාර අපේ බෝසතුන් ප්‍රධාන සුනඛයන්ට නිරන්තර දීමට සලස්වා ආයු පමණින් සිට මිය ගියේය.

එකල රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. අවවාද දුන් සුනඛයාණෝ නම් බුදුරජාණන් වහන්සේ ම යයි වදාළ සේක.

පේනව නේද බුදුහිමියන් සිය වර්ගයා කෙරේ දැක්වූ දයාව. ඒ නිසා ඔබත් තමන්ගේ ජාතිය රැකගන්න පසුබට වෙන්න එපා.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ‍ලොවම සැනසේවා. …

මම එරන්ද ලක්මාල්ද සිල්වා ..

සතර දළදා වහන්සේ ...
පිංවන්ත පෙම්වන්තයෙක් වන්න ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.