නිරෝගිකම උතුම්ම ලාභයයි ... - IFBC Organization | Dhamma

Posted by | September 04, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

බුදුන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් සෞඛ්‍ය ගැන කරුණු දක්‌වා ඇත. විශේෂයෙන්ම බුදුදහමෙහි මූලිකත්වය ලබාදෙන්නේ යම් කිසි රෝගයක්‌ හටගන්නේ නම් එයට හේතුව සොයා ඒ සඳහා පිළියම් කිරීම ගැනය. එසේම “ආරෝග්‍යා පරමා ලාභා” යන ආකාරයට නිරෝගිකම උතුම්ම ලාභය ලෙස දක්‌වා ඇත. කෙනකුට සමාජයේ ප්‍රීතිමත්ව ජීවත්වීමට මානසික, කායික, සමාජීය අංගයන් අවශ්‍ය බව උන්වහන්සේ දේශනා කළ සේක. නියම නිරෝගී භාවයක්‌ ලබාගන්නේ කෙසේද ඒ සඳහා බුදුදහමේ මාර්ගයන් පෙන්වා දී ඇත. නිරෝගීභාවය සහ ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද කියා සූත්‍ර දේශනා රාශියක්‌ දේශනා කර ඇත. ඒ අතර සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුන්ද සූත්‍රය, මහාමොග්ගල්ලාන සූත්‍රය, මහා කාස්‌සපෙFථර සූත්‍රය, විච්ජින්දනික, සලල සූත්‍රය, ජරා සූත්‍රය, ගිලානො ගිලානුපට්‌ඨක සූත්‍රය, ස€ඛාසව සූත්‍රය, සදාපුඤaඤප්පවඩ්ඩන සූත්‍රය, පිහිත සූත්‍රය, භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂය, භික්‍ෂුණී පාතිමෝක්‍ෂය, චුල්ලවග්ග පාලියෙහි සේනාසනඛJධකයෙහි ද චුqල්ල වග්ග පාලියෙහි වත්තක්‌ඛJධකය යනාදිය දැක්‌විය හැකිය.

එසේම ත්‍රිපිටකය පිළිබඳ විමසුම්ශීලි අධ්‍යයනයක යෙදෙන විට බුදුන් වහන්සේ විසින්ම තමන් වහන්සේ වෛද්‍යවරයෙක්‌ ලෙස හඳුන්වා දුන් අවස්‌ථාවන්ද දැකිය හැකිය. ඉතිවූත්තක පාලියේ චතුක්‌ක නිපාතයේදී බුදුන් වහන්සේ තමන් වහන්සේව මෙසේ හඳුන්වාදී ඇත. මහණෙනි, මම රාගාදී කෙළෙස්‌ මුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්‌මි.” එසේම අංගුත්තර නිකායේ මෙසේද සඳහන් කර ඇත. අහමස්‌මි භිCඛවේ බ්‍රාහ්මණෝ යාච යෝගෝ සදාපයතපාණි අන්තිම දෙහධාරෝ අනුත්තරෝ හිසකො සල්ලකත්තො එනම් “මහණෙනි, මම දහම් දෙසුම මැනවයි යනුයෙන් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සුදුසු කාලයකම සේදූ අත් ඇතිව සිටින ශල්‍ය වෛදවරයෙක්‌මි යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. වෛද්‍යවරයෙක්‌ ඕනෑම වෙලාවක ප්‍රතිකාර කිරීමට සූදානම්ව සිටින අතර බුදුන් වහන්සේ වෙතද ඕනෑම වෙලාවක පැමිණි සැමටම උන්වහන්සේ ප්‍රතිකාර කළ බවට විවිධ කථා පුවත් ත්‍රිපිටකයෙන් ගෙනහැර දැක්‌විය හැකිය.

අංගුත්තර නිකායේ දසම නිපාතයේ සඤaඤd වග්ගයේ බුදුන් වහන්සේ තමන් වෛද්‍යවරයකු වන්නේ කෙසේදැයි විස්‌තර කොට ඇත.

මහණෙනි වෛද්‍යවරු පිතෙන් සෙමෙන් වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මමද ආර්ය විරේචනය දෙන්නෙමි. ඒ විරේචනයෙන් ඉපදීම ස්‌වභාව කොට ඇති සත්ත්වයා ජරාවෙන් මිදෙයි. සෝකය, විළාපය, දුක්‌ දොම්නස්‌, උපායාස ස්‌වභාවය කොට ඇති සත්වයෝ එයින් මිදෙති.

මහණෙනි වෛද්‍යවරු පිතෙන් සෙමෙන් වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස වමනය කර්මය කරවති. මහණෙනි, මමද වමනය කර්මය කරවති.

ඒ වමනය කර්මයෙන් ඉපදීම ස්‌වභාව කොට ඇති සත්ත්වයා ජරාවෙන් මිදෙයි. සෝකය, විළාපය, දුක්‌ දොම්නස්‌, උපායාස ස්‌වභාවය කොට ඇති සත්වයෝ එයින් මිදෙති.

බුදුන් වහන්සේ ශල්‍යවෛදවරයකු බව සේල නම් බ්‍රාහ්මණයකුට ප්‍රකාශ කර ඇත. සුත්ත නිපාතයේදී සේල සූත්‍රයේදී එය මෙසේ දක්‌වා ඇත. සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලක්‌කත්තෝති මෙහිදී ශල්‍ය වෛද්‍යවරයකු බව උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ ඇති ක්‌ලේශ, රාග සහ දුක්‌ ආදී සියලු දේ මුලිනුපුටා දැමීම සඳහා තමන් වහන්සේ ධර්මය දේශනා කරන බැවිනි. තමන් වහන්සේ දේශනා කරන ධර්මය හා සමාන කිසිම ඹෘෂධයක්‌ නැති බවත් එම ඹෘෂධ පානය කරන ලෙසද දක්‌වා ඇත. ධම්මොසම සමං නථි එතං පිබථ භිCඛවෙ මේ බව බුදුන් වහන්සේගේ කාලයේ උන්වහන්සේ හමුවට පැමිණි විවිධාකාර රෝගීන් ගැන විස්‌තරවලදී දැකගත හැකිය. බුදුන් වහන්සේ වෛද්‍යවරයකු වශයෙන් විශාල ලෙස පරීක්‍ෂණ කර ඇත. මිළිඳු ප්‍රශ්නය මීට උදාහරණයකි. නාගසේන හිමියන් බුදුන් වහන්සේගේ වෛද්‍ය පීඨය මෙසේ විග්‍රහ කරයි. බුදුන් වහන්සේගේ ප්‍රතිකාරවලින් දෙවියන් සහ මිනිසුන් සුවපත් කළ හැක. මෙම ප්‍රතිකාරවලට බෝධිපාක්‍ෂික ධර්ම 37 අඩංගුයි. මෙයින් සියලු රෝග සහ විපත් නිවාරණය කළ හැක.

මහාචාර්ය එච්වඩ් කොන්සේ බුදුන් වහන්සේ ගැන පවසන්නේ මේ ආකාරයටය.

Buddha is like a phaysician

” The Buddha is like a physician, Just as a doctor must know the diagnosis of the
different kinds of illness, their causes, the antidotes, and remedies, and must able to
apply them, so also the Buddha has taught the four holy truths which indicate the
range of suffering, its origin, its cessation,and the way which leads to its cessation”

බුදුන් වහන්සේ බව දුකට වෙදාණන් කෙනකු වැනිය. වෛද්‍යවරයෙක්‌ විවිධ ව්‍යාධිවල නිධානය දැන සිටිය යුතුය. එමෙන්ම ඒවා භාවිත කළ යුතු ආකාරය ද දැන සිටිය යුතු වෙයි. එ නයින්ම බුදුහිමියෝ චතුරාර්ය සත්‍යය දේශනා කළහ. දුක, දුක ඉපදීමේ හේතුව, දුක්‌ඛ නිරෝධය, සහ දුක්‌ඛ නිරෝධය සඳහා යා යුතු මගත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

මේ නිසාම වීදාගම මෛත්‍රී හිමියෝ ලෝවැඩ සඟරාව රචනා කිරීමේදී මුලින්ම බුදුන් වහන්සේට නමස්‌කාර කරන කවියෙහි මෙසේ දක්‌වා ඇත.

“සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන්
සත්හට වන බව දුකට වෙදානන්,

සියලුම සත්වයන්ගේ දුක, දුක නැති කිරීමේ මග දන්නා වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේ බව පවසයි.

බුදුන් වහන්සේ දේශනා කරන සෞඛ්‍ය යන්නෙහි අදහස විමසා බලමු. උන්වහන්සේ දේශනා කරන්නේ මුළු ශරීරයම ලෙඩ ගොඩක්‌ ලෙසය. එසේම රෝගාබාධ කොටස්‌ දෙකක්‌ වශයෙන් දක්‌වා ඇත.

1. කායික රෝග (Physical)
2. මානසික රෝග (Mental)

මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමේදී ත්‍රිපිටකයේ විවිධ ස්‌ථානවල වැදගත් දේශනා රැසක්‌ රෝගාබාධ, සෞඛ්‍ය සම්බන්ධයෙන් ගෙනහැර දැක්‌විය හැකිය. අංගුත්තර නිකායේ චතුක්‌කං නිපාතයේ රෝග සූත්‍රයේ දී රෝගාබාධ ගැන මෙසේ සදහන් කර ඇත.

දිස්‌සන්ති භික්‌ඛවෙ සත්තා කායිකෙන
රොගෙන එකංපි වස්‌සං ආරොග්‍ය පටිජාන මානා – පෙ – වස්‌සසතංජි ආරොග්‍ය පටිජාන
මානා – පෙ – භික්‌කවෙ සත්තා දුල්ලභා ලොකස්‌මිං යෙ චෙතසිතෙන රොගෙන මුහුත්තංපි
ආරොග්‍ය පටිජානානි අඤaඤත්‍ර ‚නාසවෙහි

මහණෙනි රෝගයෝ දෙකකි. කායික රෝග සහ මානසික රෝග යනුවෙනි. මෙයින් කායික රෝග වලින් නෙපෙළී අවුරුද්දක්‌, දෙකක්‌ තුනක්‌ හතලිහක්‌ පනහක්‌ ඇතැම්විට සියයක්‌ නිරෝගිව වසන අය සිටිති. එහෙත් මානසික රෝග වලින් එක මොහොතක්‌ හෝ නොපෙළී පීඩා නොවිඳි සිටින අය රහතන් වහන්සේලා හැර වෙන සොයා ගැනීම දුෂ්කරය.

මේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලි වන්නේ මානසික රෝගවලින් නොපෙළී සිටිය නොහැකි බවකි. එක්‌ අවස්‌ථාවක උන්වහන්සේ දේශනා කළේ සබ්බේ පුථුජජනා උම්මත්තකා, යනුවෙනි. එනම් සියලුම පෘථග්ජන පුද්ගලයන් මානසික ලෙඩුන් ලෙසය. විශේෂයෙන්ම ජපානයේ වැඩිපුර වැඩකිරීම නිසා මානසික ආතතියෙන් මරණයට පත්වීම ,ණ්‌රදිස, යනුවෙන් නම්කර ඇත. එමගින් අපට හැඟෙන්නේ මුළු මහත් ලෝකයම සංකීර්ණත්වයෙන් පිරි ආතතියෙන් වෙළී ඇති බවකි. එමගින් සිදුවන සියදිවි නසා ගැනීම් දිනෙන් දිනම ඉහළ යන අතර ආතතිය නිසා කර්මාන්ත ශාලාවලට නොපැමිණීමෙන් පාඩු විඳින අතර ශාරීරිකව කර්මාන්ත ශාලාවල සිටියද මානසිකව එහි නොසිටීම නිසා සිදුවන අනතුරුද දිනෙන් දිනම ඉහළ යන බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කර ඇත. එම නිසා ඒ තත්ත්වය නියම ප්‍රතිකර්ම සෙවීම වඩාත් කාලෝචිතය. එසේම එම තත්ත්වයන්ට නියම සහ සරළ ප්‍රතිකර්ම අවුරුදු 2500 ට ප්‍රථම බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

සල්ලේඛ සූත්‍රයේදී බුදුන් වහන්සේ මානසික රෝග 44 දක්‌වා ඇත.

අනුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, අන්සතු දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම,බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ප්‍රයෝජන වචන කීම, අනුන්ගේ දේ ගැන ඇති ආශාව, දූෂිත නරක සිත් ඇති බව, වැරදි සහිත දර්ශනය, වැරදි අකුශල සංකල්ප, වැරදි වචන කථාකිරීම, වැරදි කර්මාන්ත කිරීම, වැරදි ජීවිකාව, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, නරක ක්‍රියා කොට හොඳ ක්‍රියා කළේයෑයි සිතීම, වැරදි විමුක්‌තිය, ථීන මිද්ධයෙන් යුක්‌ත වීම, උඩඟු බව, සැක ඇති බව, කිපෙන සුළුබව, බද්ධ වෛරය, ගුණමකු බව, යුගග්‍රාහ ඇති බව, ඊර්ෂයාවන්තකම, මසුරු බව, කෛරාධිකබව, මයා ඇතිබව, තද බව, මානාධිකබව, අකීකරු බව, පාප මිත්‍රයන් ඇති බව, සැදැහැනැති බව, ලැ-ජා නැතිබව, පවට බිය නොමැති බව, ඇසූපිරූ තැන්නැති බව, ප්‍රමාද බව, කුසීත බව, සිහි මුලා බව, මෝඩ බව, තම අදහස දැඩිකොට ගත් බව.

සෞඛ්‍ය ගැන කථා කිරීමේදී බුදුසමය නිරෝගිකමට මුල්තැනක්‌ දෙනු ලැබේ. එසේම තම ජීවිතයේ චර්යා තුළින්ම නිරෝගිකම ළඟාකර ගතයුතු බව බුදුන් වහන්සේ පවසයි. එසේම ගිලනුන්ට උවටැන් කිරීම බුදුන් වහන්සේට උවටැන් කිරීම හා සමාන බව දක්‌වා ඇත. යො ගිලානං උපට්‌ඨෙය සො මං උපට්‌ඨෙය” එක්‌ අවස්‌ථාවක පූතිගත්තතිස්‌ස හිමියන් ගිලන් වී සිටි විට ආනන්ද හිමියන් සමඟ එකතු වී නහවා පිරිසිදු කර යමෙකු බුදුහිමියන්ට සත්කාර වැඳුම් පිදුම් කිරීමට අවශ්‍ය නම් ගිලනුන්ට උපස්‌ථාන කිරීමෙන් ඒ පින ලබා ගත හැකි බව පවසා තිබීමෙන් බුදුන් වහන්සේ සෞඛ්‍ය ගැන ලබාදී තිබූ තැන උපකල්පනය කළ හැක. එසේම එකම විහාරයේ වසන ගුරුවරයකු හෝ ශිෂ්‍යයා අසනීප වූ විට එකිනෙකාට උපස්‌ථාන කරගත යුතු බවද උන්වහන්සේ දක්‌වා ඇත.

එසේම විනය නීතිවලට අනුව වස්‌ කාලය තුළ භික්‍ෂූන් සහ භික්‍ෂූණීන් විහාරයෙන් පිටත එක්‌ රැයක්‌ හෝ ගත කළ නොහැකි නමුත් ගිලන් වූ මව් පියන්ගේ කටයුතු කිරීම සඳහා සතියක්‌ විහාරයෙන් පිට සිටීමට බුදුන් වහන්සේ අනුදන වදාරා ඇත. ඊට අමතරව ශාරීරික රෝග රාශික් සදහා ඔසු බුදු හිමියන් විසින් දේශනා කර ඇත. උදාහරණ ලෙස වස විශ ශරීර ගත වූ විට අශූචි දියකර පෙවීමත්, ඉනා බෙහෙත් ආදිය ශරීර ගත වූ විට නගුලේ ඇති මඩ දියකර පෙවීමත් ආදිය දැක්විය හැකිය. ඒ පිළිබද ඉදිරි ලිපියද සදහන් කරන්නම්.

බුදුන් වහන්සේ ශාරීරික සුවය සහ මානසික සුවය යන දෙකම වැදගත් බව දේශනා කළ නියම නිරෝගී භාවයක්‌ ලබාගන්නේ කෙසේද ඒ සඳහා බුදුදහමේ මාර්ගයන් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම අනෙකුත් ආගම් හා සංසන්දනාත්මකව බලන විට බුදුදහම පරිසරය හා තදින් බැඳී පවතී. මෙම පොතෙහි බෞද්ධ පාරිසරික මනෝවිද්‍යාව නැමති පරිච්ෙච්දයෙන් පරිසරය හා බුදුදහම අතර ඇති සම්බන්ධය ඉතා විස්‌තරාත්මකව දක්‌වා ඇත. මූලිකම දෙය නම් අප ජීවත්වන පරිසරයේ අපට හොඳ වාතාස්‌තරයක්‌ ලැබිය යුතුය. එසේම බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විට උපමා ලෙස දක්‌වා ඇත්තේද අවට පරිසරයෙන් ලබාගත් උපහැරණයන්ය. ගඟක්‌, කුඹුරක්‌, කැලයක්‌, ගසක්‌, කොළ ටිකක්‌ සහ පාරිසරික වශයෙන් වූ දේ තුළින් ධර්මය ඉතා අගනා ලෙස විස්‌තර කර ඇත. ගිහි ගෙයින් නික්‌ම වූ දා සිට බුදු බව ලබා පිරිනිවන් පානා අවස්‌ථාව දක්‌වාම පරිසරයත් සමඟම වැඩ සිටිය අතර උපත සිදුවූයේද රමණීය ලුම්බිණි නම් සල් උයනකය. දුෂ්කර ක්‍රියාකළ කාලය තුළද ගස්‌වල පල වැල වළඳමින් දැඩි දුක්‌ විඳි අතර සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද මනරම් නේරංජනා නදී තීරයේ ගසක්‌ යටය. සොත්ථිය බමුණා පූජා කළ කුස තණ මිටි අටක්‌ද රැගෙන ඇසතු= ගසක්‌ මුල බුද්ධත්වයට පත් වූ අතර ඒ සෙවන ලබා දුන් ගසටද ප්‍රතිඋපකාර වශයෙන් දෙසතියක්‌ ගස ළඟ වැඩ සිටි සේක. එසේම පිරිනිවන් පාන අවස්‌ථාවටද යොදා ගන්නේද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනයි. මේ ආකාරයට බලන විට පරිසරය සමඟ දැඩි සම්බන්ධයක්‌ බුද්ධ චරිතයේ අවස්‌ථාවන් සමZඟ ඇත. වර්තමාන පාරිසරික මනෝවිද්‍යාවේ දී කථාකරන සියලුම කාරණයන් බුදුන් වහන්සේ අවුරුදු 2500 ට කලින් ඉතා පැහැදිලි ලෙස දක්‌වා ප්‍රකාශ කර ඇත.

බුදුන් වහන්සේ පරිසරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව වැදගත් දේශනා රාශියක්‌ ඉදිරිපත් කර ඇති අතර නිරෝගිමත් ජීවිතයක්‌ සඳහා පරිසරය කෙතරම් පිරිසිදුව තබා ගතයුතු දැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. විශේෂයෙන් සේයා වැනි කරුණු ප්‍රාතිමෝක්‍ෂයට අන්තර්ගත කර දේශනා කිරීමෙන් අපට පෙනීයන්නේ අදටද එම විනය නීති රීති විශේෂයෙන්ම එම ප්‍රාන්තවලට අනිවාර්යයෙන් අවශ්‍ය බවකි. චුල්ලවග්ග පාලි චත්තඛධකයේදී බුදුරජාණන් වහන්සේ කෑම ගතයුතු ආකාරය, පාත්‍රය පිරිසිදුව තබාගත යුතු ආකාරය, එසේම ළිං සහ වැසිකිළි පිරිසිදු භාවය දැක්‌වූ විශේෂත්වය පැහැදිලි ලෙස පෙන්නුම් කර ඇත. පිරිසිදු වැසිකිළි නොමැතිවීම බොහෝ ලෙඩවලට හේතු වේ. එම නිසා වැසිකිළි මනාව පවත්වා ගෙනයැම පිළිබඳව දැඩි අවධානයකින් නීතිරීති පනවා තිබේ. එක්‌ අවස්‌ථාවක බුදුරජාණන් වහන්සේ නකුලපිතා නමැති ගෘහපතියාට දේශනා කළේ මෙසේය.

“ආතු රොගායං ගහපති කායො අධභුතො පරියෙනද්වො යොහි ගහපති ඉමං කායං
පරිහනෙතො මුහුත්තම්පි ආරොග්‍ය පටිජානෙය නිමඤදු බලා? තස්‌මා තිහ ගහපති
එවං ස තබ්බං ආතුර කායස්‌ස මේ සකුං චිත්තං අනාතුරං භවිස්‌සති”

ගෘහපතිය, කෙළ, සෙම්, සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුරය. දුබලය, එබැවින් වැටුනහොත් බිඳී යන බිත්තරයක්‌ වැනිය. සියුම් සමකින් වැසී ඇති එකකි. ගෘහපතිය, යමෙක්‌ මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමා නිරෝගී යයි ප්‍රතිඥා කෙරේ නම් එය අනුවණකම හැර කිමෙක්‌ද? ගෘහපතිය, ආතුර කයක්‌ ඇති ඔබ අනාතුර සිතක්‌ ඇතියෙකු වන පරිදි පිළිපැදිය යුතුය. අනේක විධි වූ ව්‍යාධීන් හටගන්නා ස්‌වභාවයක්‌ ඇති මෙම පංචස්‌ඛන්ධය ගැන අවබෝධ කරගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පංචස්‌ඛන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නේය. විශේෂයෙන් දුක්‌ඛ සත්‍යයේ විස්‌තර කරන ආකාරයට ඉපදීම, ලෙඩවීම, කැමති දෑ නොලැබීම ආදී සියල්ලම දුකය.

“ජාතිපි දුඛා, ජරාපි දුඛා ව්‍යාධි පි දුඛා, අප්පියෙහි සම්පයොගො දුඛා, පියෙහි

විප්පයොගො දුක්ඛා, යංපිච්ඡං න ලබති තම්පි දුක්ඛං”

අපේ සිරුර රෝගාබාධ වලට මූලිකම වස්‌තු බීජයයි. එම නිසා ශාරීරික නිරෝගිතාව පවත්වා ගැනීමට අවශ්‍ය මූලික දේ උගන්වා ඇති අතර ඒ අනුව ක්‍රියා කිරීම තුළින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ උදාකර ගත හැකිය.

දිවයින පුවත් පත ඇසුරිනි

මොකක්ද මේ උතුරුකුරු දිවයින ... ?
ජීවිතයම අමාවක් කරන මෙත් සිත ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.