දෙව්, බඹ, සුර, නර සාධුකාර මැද ශ්‍රී දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර …

සෙන්කඩගල පුර දළදා බුදුරැස් – විහිදෙනතුරු නෑ වරදින්නේ
සිංහළයන් හට සිංහළ දේසෙට – සරණයි දළදා සමිදුන්නේ

සිරි දළදා වහන්සේ යනු සිහළ දේශය එගලු කල මිනි පහණක් වැණිය. උන්වහන්සේ සිහළ දේශය රැකබලාගන්නා පූජනීය වස්තුවකි. දේශය ආරක්ෂා කරන පුදුම ශක්තියක් සළදාවහන්සේ සතුය. රරට උවදුරක් පැමිනි සෑම අවස්ථාවකම සිරි දළදා වහන්සේ පෙලහර පාමින් රට ආරක්ෂා කරගත්හ. එවන් මහා බුදුගුණ කදම්භයක් ඇති ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ.

මෙතැනි සිට දිගහැරෙන්නේ ඒ පරමපූජනීය සිරි දළදාවහන්සේගේ පෙළහර කථාන්දරයයි.
කලිගු රට මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. වරක් මිසදිටුවන්ගේ බස් අසා මිසදුටු පඬිරජු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.

එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගඨයන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ කිණිහිරයෙන් එළියට ගෙන ත්‍යාග ලෙස කැමති වස්තුවක් ගන්නැයි ජනතාවට රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය.

එකල්හි අනේපිඬු සිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්‍ර නම් එක් සිටු පුත්‍රයෙක් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කලේය. එහිදී සුභද්‍ර සිටාණන් ජාතක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළ බව පැවසේ. මෙහිදී ගායනා කළ අලංකාර පද්‍ය බෞද්ධ ග්‍රන්ථවල දැක්‌වෙන අතර ඒවා අත්‍යලංකාර බව කිව යුතුය.

මුනි රාජ වරො – නර රාජ වරො
දිවි දෙව වරො – සුචි බ්‍රහ්මවරො
සක පාප හරො – පර පාප හරො
සක වුද්ධිකරො – පර වුද්ධි කරො

ලෝක ජනී ජනයාගේ පූජාවට පාත්‍රවූ අනන්ත කරුණා ගුණයෙන් යුත් මහා කාරුණික වූ සියලු ප්‍රඥවට මුල්වූ, ශාඛ්‍යවංශයට අයත්, මාරදිව්‍යයාට බියක්‌ වූ සියලු සත්ත්වයාට ප්‍රිය උපදන්නාවූ, ලෝක ශිවඞකර වූ පාපභයඞකරවූ සර්වඥ දිවාකරයාණන් වහන්ස. ඔබ වහන්සේගේ ආශ්චර්යය පෙන්වාදුන මැනව.

සත්‍ය ක්‍රියා කළෙන් දළදා වහන්සේ අහස් කුසව පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත් කළ සේක. එය දුටු නිගණ්ඨයන් විසින් මෙය වනාහි සිටු පුත්‍රයා විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.

මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාත්‍රයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් ප්‍රසාදයට පත්කළ සේක.

එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වළක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන්ලවා පාගවන ලදී.

එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලු දිසාවන් බුදුරැසින් බබළවාලූහ. නිගණ්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ. එහෙයින් සිව්වෙනුව මළ මුත්‍රාදියෙන් අපවිත්‍ර දිය අගලකට දළදා වහන්සේ දැමූහ. එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්යය මාර්ගයෙහි යොමු කළහ.

මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් ප්‍රසාදයට පත් පඩි රජතුමා දිය අගලෙහි වැඩ සිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජ ගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරියුම් කළේය.

එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩම වමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක.

මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලු කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.

ලක්දිව පළමු දළදා පෙළහර

ලක්දිවය දළදා වහන්සේ ලැබුනෙ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවසය. මෙම රජුගේ රාජ්‍ය ප්‍රාප්තියෙන් නවවන වර්ෂය වූ ක්‍රි.ව. 312 දී. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව රැගෙන ලක්‌දිවට ආ වග ඉතිහාසයේ සඳහන් වේ. එදා දෙවනපෑතිස්‌ රජු විසින් බුදුසසුනට පූජා කළ මහමෙව්නාවේ පිහිටි ධම්මචක්‌ක ගෘහයේ දළදාව තැන්පත්කර රජු ඇතුළු පිරිස්‌ ඊට පුද සත්කාර කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.

අනුරාධපුරයට වැඩම කළ දළදා වහන්සේ එම ශුද්ධ භූමියෙහි වඩා හිඳුවා. මහ පූජාසත්කාර කිරීමට රජු අණකළේය. ඒ සඳහා දෙවියන්ගෙන්ද සහාය ලැබුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය. කෙසේ වෙතත් බුදුන්වහන්සේ ජීවමානව සිටියදී දෙසා වදාළ ලෙසින් ප්‍රධාන පූජාමය වස්‌තුවක්‌ අපට ලැබීම අපේ බෞද්ධ ජනයාගේ භාග්‍යයක්‌ කොට සැලකිය යුතුය.

ලක්දිව පළමු දළදා පෙළහර

මෙසේ ලක්දිවට වැඩම වූ පරම පූජනීය දළදා වහන්සේ දුටු කිත්සිරිමෙවන් රජු තුළ පැහැය පිළිබඳව කුකුසක් ඇතිවිය. එකෙණෙහි දළදා වහන්සේ රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිලඹර සරසමින් සවණක් රසින් පෙළහර පා වදාරා සියලු ජනයා පැහැද වූ සේක.

ලක්දිව දෙවන දළදා පෙළහර

එවිට මහ රජතුමා සුදු ඇතිරියක් සිංහාසනය මත එලා ඒ මතට දළදා වහන්සේ වැඩමවා සමන් මල් රැසකින් වැසීය. එකෙණෙහි දළදා වහන්සේ මල් ගොඩ මුදුනට පැන නැගී මල් කෙමියෙහි වැඩහිඳ දනන් සිත් සනසා සුදු මුදු බුදු රැස් විහිදුවා වදාළ සේක.

ලක්දිව තෙවන දළදා පෙළහර

තවදුරටත් විමසා බලනුයේ සිංහාසනය මත දුහුල් සුදු වස්ත්‍රයක් එළා දළදා වහන්සේ ඒ මත වඩා හිඳුවා තවත් සුසිනිඳු සළු සියයකින් පමණ වැසීය. දළදා වහන්සේ ඉන් මතුවී උඩට පැන නැගී සියලු දිසාවන් සුදු බුදු රැසින් බැබළවූ සේක. එකල මහ පොළොව කම්පා විය. මහ සයුර නිසල විය. අහස් ගැබෙහි වැසි වැසිණ. මෙම ආශ්චර්යන් දැක පැහැදුණු රජතුමා නොයෙක් ආකාරයෙන් දළදා වහන්සේ පිදීය.

දඹදෙණියේදී පෑ දළදා පෙළහර

දඹදෙණියෙහි දෙවැනි පරාක්‍රමබාහු රජු සතුරන් පැරදවීම සඳහා යුදයට සූදානම්ව කළ සත්‍ය ක්‍රියාවේදී රජුගේ හස්තයෙන් අහසට පැන නැඟුණු දළදා වහන්සේ බුදු රුවක් මවා සවණක් ගණ බුදු රැස් විහිදුවා සියලු පුරය බබළවා භික්ෂූන් වහන්සේ හා මහජනයා විසින් කරන ලද සාධුකාර මධ්‍යයේ පෙළහර පා රජු සතුටට පත් කොට ධාතුන් වහන්සේ අහසින් බැස යළි රජතුමාගේ හස්තයෙහි පිහිටි සේක.

එම විස්මිත පෙළහර දුටු රජතුමා, රජ ඔටුනු ඇතුළු සිව්සැට බරණින් දළදාව පුදා මිණි කරඬුවෙහි පිහිටුවා ඒ කරඬුව රන් කරඬුවෙක බහා ඒ කරඬුව ද මාහැඟි කරඬුවෙක තැන්පත් කළේය. මෙසේ කරඬු තුනක තැන්පත් කර නැවත දළදා වහන්සේ ස්වකීය ධාතු මන්දිරයෙහිම තැන්පත් කළේය.

මෙම අද්භූත දළදා ප්‍රාතිහාර්යය මහාවංසයෙන් පමණක් නොව පූජාවලිය හා දළදා පූජාවලිය වැනි මූලාශ්‍රයන්ගෙන් ද සනාථ වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ කරා පැමිණ කළ කන්නලව්වක්‌ පිළිබඳව අපූරු කතාවක්‌ ඇත. දිනක්‌ දළදා තේවාව පැවැත්වූ රජතුමා “සමහරු ඔබවහන්සේගේ ඇට කටු කැබැල්ලක්‌ ඌරු දතක්‌ බව කියමින් ඔබවහන්සේට නින්දා අපහාස කරති. ඒ කිසිවක්‌ විශ්වාස නොකරන මම ඔබවහන්සේ මගේ රජයෙන් මගේ ජීවිතයෙන් පූජා කරමි. මගේ මේ ශ්‍රද්ධාව, භක්‌තිය. සත්‍යය නම් මට ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යයක්‌ දැක ගැනීමේ වාසනාව ලැබේවා• යි පැවැසුවේය. පසුදා උදැසන සිරිත් පරිදි දළදා තේවාව සඳහා පැමිණි රජතුමා දුටුවේ ආශ්චර්යයකි.

බුදුරැස්‌ මාලාවන්ගෙන් මුළු උඩුමාලෙම ආලෝකවත් වී බැබලෙමින් තිබිණි. ශ්‍රද්ධා භක්‌තියෙන් ඔද වැටී ගිය රජතුමා තමාගේ සියලුම ආභරණ හා ඇඳුම් ආයිත්තම් ගලවා දන්ත ධාතුන් වහන්සේට පූජා කළේය. මේවා අද ද වැඩහිටින මාලිගය පිටුපසින් පිහිටි “හලුමණ්‌ඩලයේ” තැන්පත් කර ඇත.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ යටකී අවස්ථාවන් හී පමණක් නොව වර්තමානය දක්වා පෑ පෙළහර පිළිබඳව සැදැහැව දනවන කතා පුවත් රාශියක් දක්නා ලැබේ.

මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921. 05.1 2 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.
ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.
සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු සමාවුව මැනවි දළදාහිමියනි සිතින් වන්දනා කරමින දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.
අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.
කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.
එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.
ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.
“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.
වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදා බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.
රංඑතනා මිත්තණියක් මේ් කථාව මෑතකදී හෙලිකල බව දැක්‍වේ. ඒ කාලයේ ඇයද එහි සිට ඇත. බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.

උඩරට ගිවිසුමින් පසු 1818 දී මාතලේ කැරැල්ල ඇති වීමෙන් පසු සිංහලයන් මට්‌ටු කිරීමේ අරමුණින් ඉංග්‍රීසි පාලකයෝ සෑහෙන්නට තදින් සිටි අතර, එතෙක්‌ කල් චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වුණු දළදා පෙරහැර ද නවත්වා දමනු ලැබීය. මේ වසර 1823 දී සිදු වූ දෙයකි. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.
එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට ප‍්‍රධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ.
පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා ප‍්‍රදර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය.
මෙම ප‍්‍රාතිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය.

නැවතත් මේ අයුරින්ම පෙරහරට බාධා ඇතිකරීමට පටන් ගති. මේ නිසා රටවැසියන් අතර නොසන්සුන්තාවක්‌ ඇති වූ අතර රටේ මහා නියඟයක්‌ ද ඇතිවිය. රටවැසියා මේ නියඟය දේව කෝපයක්‌ ලෙස සැලකූහ. මේ සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය දළදා වහන්සේ වෙනුවෙන් පෙරහැර පවත්වා දළදා වහන්සේගේ ආශීර්වාදය ලබා ගැනීම බව මහා සංඝරත්නයත්, ප්‍රභූවරුත් ඉංග්‍රීසි පාලකයන්ට කියා සිටියහ. ශ්‍රී දළදා ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමටත්, බ්‍රිතාන්‍ය කිරීටයේ අවසරය ලබා දීමට බාන්ස්‌ ආණ්‌ඩුකරු තම කැමැත්ත පළ කළ අතර, ඒ සඳහා අවශ්‍ය වියදම් හා සංවිධාන කටයුතු රජයෙන් සැලැස්‌වීමටද එකඟ විය. දළදා වහන්සේගේ ආශිර්වාදය සමඟ වැස්‌ස නොලදහොත් පෙරහැර හා ප්‍රදර්ශනය ඉල්ලා සිටි අයට රාජ දඬුවම් විඳීමට සිදුවන බව ද බ්‍රිතාන්‍ය පාලකයෝ පැවැසූහ. ඕනෑම දඬුවමක්‌ විඳීමට සිය ගණනක්‌ ප්‍රභූවරුන් සිය කැමැත්ත පළ කළහ.

මෙම පෙරහැර 1828 මැයි මස 29 දින පැවැත්වීමට තීරණය කෙරිණි. මෙදින ඉතා උත්කර්ෂවත් අන්දමින් දළදා පෙරහැර සිදු කරනු ලැබිණි. පෙරහැර පවත්වා ඉක්‌බිති ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරවීම ඇරඹිණි. දළදා පෙරහැර හා ප්‍රදර්ශනය හමාර වීමත් සමඟම හත් අවුරුදු නියං සමය අවසන් කරමින් ධාරානිපාත මහා වැසි වැටෙන්නට විය. පේරාදෙණියේ මහා පාලම කඩා බිඳ දමමින් ගංවතුර ගලා ආවේය. පහත් බිම් සියල්ලම ගංවතුරින් යට විය. කටුගස්‌තොට ලී පාලමත්, තැන්නකුඹුරේ පුංචි පාලම සුණු විසුණු වී ගියේය. පෙරහැර නැරඹීමට පැමිණි බාන්ස්‌ ආණ්‌ඩුකාරයාට කොළොම්පුරයට ආපසු යැමට හැකි වූයේ ගංවතුර බැස ගියායින් පසුවය. මෙම ගංවතුර දළදා ගංවතුර ලෙස ප්‍රකට විය. මෙම දළදා ගංවතුර බැස ගිය පසු වත්මන් රැජන හෝටලයේ මේස මත පවා ඉදිබුවන් දක්‌නට ලැබුණු බව අද ද අසන්නට ලැබෙන රසබර පුවතකි.

එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ වර්ෂා පිලිබද සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ.
කි‍්‍ර.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි ප‍්‍රාතිහාර්යන් සිදුව තිබේ.
රජුගේ ප‍්‍රධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්‍රීයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත.
මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ දී ශ්‍රී දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ ප‍්‍රදේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය.
ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්‍රී දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්‍රීකත්වය සෞභාග්‍ය ලබා දීමට හැකි වූ බවය.

දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි ප‍්‍රාතිහාර්යයක් වී ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය.
අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ.

බුද්ධ ගෞරවය හා ශ්‍රද්ධාව දනවන සුළු එම කතා පුවත් ලිඛිතව මෙන්ම, ජනප්‍රවාද වශයෙන් ද පවතී. අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත ජනී ජනයාගෙන් සනාථ වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අති පූජනීය ගුණ මහිමයයි. මෙවන් මහා ගුණ කදම්භයකින් යුතු ඒ පරම පූජනීය දළදාවහන්සේ වැදපුදාගැනීමට ඔබත් අද අදම යන්න. ඒ අපිරිමිත ගුණකදම්භය සිහිකරමින් සිත්සේ වැද පුදාගන්න.
ඒ පරම පූජනීය සිරි දළදාවහන්සේ මේ හෙළ දව සදාකල් රැකදේවා.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සංදේශය ලොව පුරා රැගෙන යාමට මාහට අනන්ත ශක්තිය ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මහත් ඵල මහානිසංස ලබාදෙන බෝමලු, විහාර මලු ඇමදීමේ පින්කම
බෝධිපූජාවක් නිවැරදිව තියමු ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.