පිංවන්ත ජනයා සුමගට යොමු කරමින් නිර්වාණාවබෝධයට කටයුතු සැලස් වූ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පෑම සඳහා කුසිනාරාම බලා වැඩම කළහ. බුදු රදුන් මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට එළඹුණහ. ආනන්ද තෙරුවන් ලවා සල් ගස් දෙකක් අතරෙහි උතුරට හිස දමා ඇඳක් පිළියෙල කරවාගත් උන්වහන්සේ යළි නොනැගිටින අදහසින් එහි සිංහ සෙය්‍යාවෙන් සැතපුණහ. අප‍්‍රමාදීව කුසල ධම¢යන්හි කටයුතු කරන ලෙස අවසාන බුද්ධ වචනය දේශනා කොට පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැදී සංස්කාර ධම¢යන්හි අනිත්‍යතාව පසක් කරමින් වෙසක් පෝදා අලුයම අනුපදිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළසේක.

මල්ල රජ දරුවෝ උන් වහන්සේගේ ශී‍්‍ර දේහයට දින හතක් පුද පූජා පැවැත් වූහ. අනතුරුව ඔවුහු ශී‍්‍ර දේහය “ මකුට බන්‍ධන චේතිය” නම් ස්ථානයේ තැන්පත් කළහ. ආනන්ද තෙරුවන්ගේ උපදෙස් පරිදි පළමුව බුදු සිරුර අලුත් වස්ත‍්‍රයකින් වෙළුෑහ. අනතුරුව මැනවින් පොලන ලද කපු පුළුන් පටලයකින් වෙළුෑහ. මෙසේ වස්ත‍්‍ර යුගල් පන්සියකින් (500) හා කපු පුළුන් පටල පන්සියයකින් (500) බුද්ධ ශරීරය වෙලා රනින් කළ තෙල්දෙනක බහා එවැනිම රන්දෙනකින් වසා ආදාහන කටයුතු සිදුකළහ.


“මාගේ ශාසනය තවමත් සැම තැනම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිණිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙන තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නාහ.” මෙසේ බුදු රජාණන් වහනසේ ධාතූන් විසිරීමට අදිටන් කළසේක. මහාධාතු හත නොකැඩි, නොබිඳී, නොවිසිරී එලෙසින්ම පැවතුණි. අනෙක් සියලු අස්ථිධාතු කුඩා කැබිලිවලට බෙදී වෙන්වුණහ. නොවිසිරුණු සප්ත මහා ධාතූන් වහන්සේලා නම් ලලාට ධාතුවය. අකුධාතු දෙනමය, සතර දළදාවන්ය යන ධාතූන් වහන්සේලාය.

තව්තිසාවේ වැඩ සිටින්නේ ද්‍රෝණ බමුණාගේ ජටාව තුළ සඟවා තිබියදී සක්දෙව් රජු විසින් ලබාගත් දකුණු දළදාවයි. මෙම දළදාව දකුණු උඩු දළදාවද දකුණු යටි දළදාවද යන්න පැහැදිලිව දක්වා නොමැත. ධාතු බෙදීමට සූදානම් වූ ද්‍රෝණ බමුණා රන්දෙන විවෘත කිරීමෙන් අනතුරුව රජවරු රන්දෙක සමීපයට පැමිණ හඬන්නට වූහ. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ද්‍රෝණ බමුණා සව¢ඥ දකුණු දළදා දෙනමගෙන් එක් නමක් ගෙන තම ජටාවේ සඟවා ගත්තේය. අනෙක් දකුණු දළඳ්‍රව ගෙන බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදාව ගෙන වස්ත‍්‍ර අතරෙහි සඟවා ගත්තේය.

දෙව්ලෝවට අධිපති සක්දෙව් රජු ධාතූන් අතර බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව නොදැක්කේය. දළදා වහන්සේ කවරෙකු විසින් ගනු ලැබුවේ දැයි දිවැසියන් බලන්නේ ද්‍රෝණ බමුණා ජටාව තුළ සඟවාගෙන සිටිනු දුටුවේය. මෙම දළදා වහන්සේට පුදසත්කාර කිරීමට ද්‍රෝණ බමුණාට හැකිදැයි දිවැසින් බලන්නේ නොැකි බව දුටුවේය.

එහෙයින් ධාතූන් වහන්සේ මොහුගෙන් ගනිමියි සිතා සියුම් අතක් මවා ජටාවෙන් දකුණු දළඳ්‍ර වහන්සේ ගෙන රන් කරඬුව තැන්පත් කළේය. තැන්පත්කොට හිසමුදුනේ තබාගෙන දෙව්ලොවට ගෙනගොස් සිළුමිණි මහා සෑයේ තැන්පත් කොට පුද සත්කාර කළේය. මෙසේ බුදු රජාණන් වහන්සේගේ එක් දකුණු දළඳ්‍ර වහන්සේ නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය තුළ වැඩ සිටිති.

ධාතු බෙදා අවසානයේදී ද්‍රෝණ බමුණා හිස අතගා ධාතූන් වහන්සේ සොයන්නේ නොමැති බව දැන ගත්තේය. කවුරුත් විසින් පැහැර ගත්තේ දැයි විමසිමටද නොහැකිය . මෙහි මටත් වඩා සොරෙකු ධාතූන් වහන්සේ සොරකම් කරගෙන ඇතැයි සිතින් සිතා නිහඬ වූයේය. කිසිත් කරකියා ගත නොහැකි වූ ද්‍රෝණ බමුණා රජ වරුන්ට පවසා ධාතු බෙදු නැලිය පමණක් ලබා ගත්තේය. ඔහුට ඒ හැර කිරීමට අන් කිසිවක් නොවීය.

දකුණු දළදාවන්ගෙන් අනෙක් දළඳ්‍ර වහන්සේ නාග ලෝකයේ තිබී පසුව ලක්දිවට වැඩම කරන ලදි. එය සිදු වූයේ මෙසේය. බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව ඇසූ නාගලෝකයේ ජයසේන නැමැති නා රජු මහත් වූ දුකට පත්ව අවසාන වතාවටත් බුදුන් වහන්සේ දැක බලා වන්දනා මාන කරන්නෙමියි සිතා නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ ධාතු බෙදන ස්ථානයට ගොස් නුදුරෙහි හුන්නේය. ධාතු බෙදන අවස්ථාවේදී ද්‍රෝණ බමුණා විසින් එක් දකුණු දළදාවක් ගෙන බිම දමා පයින් වසා ගත්තේය. මෙය ජයසේන රජු දුටුවේය. ද්‍රෝණ බමුණාට නොදැනෙන්නට සෘද්ධියෙන් දළදාව ගත් නාරජු නාග භවනයට ගෙන ගොස් නාග පුරය මධ්‍යයෙහි මැණික් සෑයක් තනවා එහි දළදාව තැන්පත් කොට පුද සත්කාර පැවැත්විය.

කාවන්තිස්ස රජු දවස මහා දේව තෙරුවන්ගේ ශිෂ්‍ය මහින්ද නැමැති තෙරුන් වහන්සේ නාග භවනයට ගොස් සව¢ඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කළහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවැති දකුණු දළඳ්‍රව නිදන් කොට ස්තූපයක් කළේය. එය “සෝමාවති මහා සෑය“ නම් වෙයි. මෙම සෝමාවතී මහා සෑයෙහි වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප‍්‍රාතිහාර්යයන් සිදු කරන ධාතුන් වහන්සේ නමක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

අවස්ථා කිහිපයකදීම දීප්තිමත් ආලෝක ධාරා විහිදි ඇති අතර මෑත කාලයේ දී ද එවැන්නක් සිදුවිය. සෝමාවතී පුද බිම නොයෙක් අසිරිමත් සිදුවීම් සිදුවන පුදබිමක් වශයෙන් බෞද්ධයන් අතර මෙන්ම අබෞද්ධයන් අතරද ඉතා ප‍්‍රකටය. මේ වර්ෂයේදී ද දීප්තිමත් ආලෝක ධාරා විහිදුනු අතර ඒ සෑ රදුන්ගේ ප‍්‍රාතිහාර්යයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ද්‍රෝණ බමුණා විසින් එක් දකුණු දළදාවක් ජටාවෙහිත් අනෙක් දකුණු දළඳ්‍රව බිම දමා පයට පාඟා සඟවා ගත් අතර බුදුන් වහන්සේගේ උඩු වම් දළදා වහන්සේ වස්ත‍්‍ර අතරෙහි සඟවා ගත්තේය. දළඳ්‍ර වහන්සේ වස්ත‍්‍ර අතර සඟවා ගත් අයුරු. පෙර බුදුවරුන්ගෙන් විවරණ ලද මහා පිණැති ගන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් දුටුවේය. ඔහු කුසල් සිතින් ඒ දළදා වහන්සේ ගෙන ගන්ධාර වැසියන්ද සමග තම රටට ගොස් චේතිය නැමැති වනයේ උඩු වම් දළදා වහන්සේ තැන්පත් කොට පුද සත්කාර කළහ.

ගන්ධාර දේශයේ චේතිය වනයෙහි උඩු වම් දළදා වහන්සේ තැන්පත් කළ බව සඳන්ව තිබුණත් ඉන් මත්තට විස්තරයක් සඳහන් නොවන්නේය. මෙසේ ගන්ධාර දේශයට වැඩම කළ දළදා වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටින්නේ දැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි වුවත් තිස්සමහාරාම චෛත්‍යයේ තැන්පත් කොට ඇත්තේ එම දළදා වහන්සේ බවට විශ්වාසයක් පවතී.

ධම¢ සේනාධිපති සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වු ඛේම නම් මහ රහතන් වහන්සේ චිතකයේ ගිණි නිවිමටත් මත්තෙන් බුදු රජාණන් වහන්සේගේ වම් යටි දළදා වහන්සේ ගෙන ගොස් කාලිංග දේශයෙහි රජතුමාට භාර දුන්නේය. මුලින් මිසදිටුවෙකු වු රජතුමා මහ තෙරුන් නිසා දහමෙහි පැහැදී බුදු දහම වැළඳ ගත්තේය. මෙතුමා ඉතා අලංකාර මන්දිරයක් තනවා ධාතූන් වහන්සේ එහි තැන්පත් කොට ධාතු පූජා පැවැත්විය. මෙසේ වසර 800 ක කාලයක් දළදා වහන්සේ කාලිංග දේශයේ රජ දරුවන්ගේ සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ. පසු කාලීනව එරට පාලනය කළ ගැහැසිව රජතුමා පරසතුරු උදුරුවලින් ධාතූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීමට හේමමාලා කුමරියට හා දන්ත කුමරුට බාර දි ලක්දිවට යාමට උපදෙස් දුන්නේය.

හල්මිල්ලාරේ නන්ද හිමි
විද්‍යෝදය මහ පිරිවෙණ,
මාලිගාකන්ද

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

සමාධි බුදුපිළිම වහන්සේ (Samadhi Buddha Statue )
බුදුහිමියන් මමත්වය ප්‍රතික්ෂේප කලායැයි කියමින්ජාතික ව්‍යාපාරයට අකුල් හෙලන ඇත්තන්ට ලැබුන කදිම පිලිතුර
IFBC Home Page