Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

472 මහා උක්කුස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් මිත්‍රගන්ත නම් උපාසකයකු අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,
සැවැත් නුවර සම්පත්තියෙන් පිරී ගිය එක් කුල පුත්‍රයෙක් කුල දුවක් පාවා ගෙන කිසි කටයුත්තකට පිහිටවන්නට සුදුසු මිත්‍රයෙක් විචාර නැතැයි කී කල ඇගේ අවවාද අනුව ක්‍රමයෙනි් සතර වාසල් රකින දොරටු පාලයාගේ පටන් මහ රජ්ජුරුවන් දක්වා ද අසූ මහා සව්වන් වහන්සේ පටන් සර්වඥයන් වහන්සේ දක්වා ද මිත්‍රවී ලෞකික ලෝකෝත්තර සම්පත් ලබාගත්තේය. මේ කරුණ ගැන දම් සභා මණ්ඩපයෙහි උපන කතාවක් අරභයා මහණෙනි, පෙර තිරිසන් යෝනියෙහි පවාඉපිද මෑගේ බසින් බොහෝ මිත්‍රව පුත්‍ර සෝකයෙන් මිදුනේ වේදැයි ඉකුත් වත වදාළ සේක. Read More

473 උද්දාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් වංචාසහගත භික්‍ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂුව සිව්පසය නිසා තුන් වැදෑරුම් වූ කුහකගුණ පුරන්නේ ය. මේ ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා එහි වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, පෙරත් ඔහුගේ පවත් එසේම වේදැයි ඉකුත් වත වදාළ සේක.

ඒ කෙසේද යත්,

පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කල්හි එරජුට ඉතා පණ්ඩිත ව්‍යක්ත පුරෝහිතයෙක් සිටියේය. ඔහු දිනක් උයන් කෙළියට ගියේ මනා රූපත් වෛශ්‍යාවක් දැන ඈ සමඟ එරහැන්ද ගසක් යටදී ලෝකාස්වාද රතියෙහි යෙදුනේ ය. මේ නියායෙන් දින දෙකතුනක් කල් යැවූයේ ඈට දරුගැබක් ඇති විය. ඒ බව දැන ස්වාමීනී, මට දරු ගැබක් පිහිටි කල කෙසේ වූ නමක් තබම්දැයි විචාළී ය. පුරෝහිත බමුණා වෛශ්‍යාවන්ට උපන් දරුවන්ට කුලගොත් අනුව නම් තැබිය නොහැකැයි සිතා එරහැන්ද ගසට වාතගත වෘක්‍ෂයයි කියන හෙයින් මේ ගස යටදී ගැබ්ගත් දරුවාට උද්දාල යයි නම්තබවයි කියා ඇඟිල්ලෙහි වූ පේරැස් මුද්ද දී දුවක් නම් මෙය විකුණා පෝෂ්‍ය කරව. පුතෙක් නම් වැඩිවිය පැමිණි පසු මා ලඟට එවන්නැයි නියම කොට යැවීය. Read More

474 මහිස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ඒ අමතා බුද්ධ ශාසනයෙහි උකටලී වූයේ සැබෑ දැයි විචාරා සැබැවැයි කී කළ මහණ පෙර ගුණ දහම් පුරුදු වූයේ කෙලෙස්කම් නිසා උපන් පසයට නින්දා කොට හලෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.

ඒ කෙසේද යත්,

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අසූ කෙළක් පමණ ධනය ඇති මහසල කුලයක උපන් මහාකංචන මානවකයා වැඩිවිය පැමිණ සිප් සතර නිමවා මා පියන්ගේ ඇවෑමෙන් සියළු ධනය අත්හැර උපකසුප් තම බාල සහෝදරයන සය දෙනා ද කංචන දේවී නම් තම නැගෙණිය ද එක් දාසයකු හා දාසියක් ද එක් මිතුරෙක ද ගෙන හිමාල වනයට වැද පියුම් විලක අසල පන්සලක් කොට තවුස්දම් රකිමින් වාසය කරනනාහ. එකල පළාපල නෙලීමට යන වනය අසළ එක් ගමෙක මහත් අරගලයක උපන්නේය. Read More

475 සුරුචි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සර්වඥ රාජයන් වහන්සේ සැවැත් නුවර මිගාර නමින් ප්‍රසිද්ධ වූ විහාරයෙහි වැඩවසන සේක් විශාඛාවන් ලබන ලද වර අටක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් විශාකාවෝ විහාරයට ගොස් බණ අසා දනට ආරාධනා කොට ගෙට වඩමවා මහා දන් දී බුදුන් වැඳ වර අටක් ඉල්ලීය. කවර වර අටක් ද යත් දිවි පමණින් සඟනට වස් වැසි සිවුරු දීම, ආගන්තුත බත් දීම, ගිලන්පස දීම, ගිලනුන්ට උවටැන් කිරීම, ඔවුන්ට වුවමනා බෙහෙත් සපයා දීම, සඟනට නිතර කැඳ අවුලුපත් දීම, මෙහෙණින්ට නානාකඩ දීම සහ ගමික බත් දීම යන වර අට වෙති. බුදුහු විශාකාව කවර අර්ථයක් සඳහා එසේ වර ඉල්ලන්නේදැයි අසා ඈ එහ් අනුසස් කී කලහී තුන් යලක සාධුකාර පවත්වා අට වරය දී වදාළ සේක.දනක දම් සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූණ් අතර ඇවැත්නි, විශාකා මහ උපාසිකාව ගෑණු ආ්තමයෙහි සිට බුදුන් අතින් අට වරයක් ලද යැයි ඈගෙ ගුණය ගැන කථා කරමින් උන් තැනට වැඩි බුදුරාණන් වහනසේ මහණෙනි, ඈ පෙරත් මා සමීපයෙහිම වරප්‍රසාද ලද්දී යයි ඉකුත්වත වදාළ සේක. Read More

476 පංචුපොසථ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ශාන්ති නායකයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් එක් දවසක් පෙහෙවස් විසූ පන්සියයක් උපාසකවරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසෙද යත්,

දිනක් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස මධ්‍යයෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ උපාසකවරුන් අමතා කිමද උපාසකවරුනි, පෙහෙවස් සමාදන් වූයේදැයි විචාර එසේ යයි කී කලහි තෙපි හැම කරන ලද්දේ පෙර උතුමන්ගේ සිරිතක්මි යයි පසසා ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස කසී – කොසොල් – මගධ යන රටවල් තුනට මධ්‍යයෙහි මහ වනයක් විය. ඒ අසළ පන්සලක එක් තාපසකේ ද ඊට නුදුරු උණ පඳුරෙක තම අඹුව හා එක් පරවයෙක තුඹසෙක සර්ප රාජයෙක වන ලැහැබක කැනහිලෙක් සහ වලසෙක් ද වසන්නේය. මෙකී සතර දෙනා තාපසයන් කරා එළඹ බණ කථා අසන්නාහ. දිනක් ගොදුරු සොයා ගිය පරෙවි ධේනුව උකුසෙක ගසාගෙන ගියේ ය. ඇගේ වියෝගයෙන සෝකයට පත් පරෙවියා ගොදුරු බිම හැර තාපසයන් කරා එළඹ පෙහෙවස් සමාදන්ව එකත්පසෙක හොත්තේය. Read More

477 මහාමයුර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ශාසනයෙහි උකටලී භික්ෂුවක් අරභයා ජාතකය වදාළ සේක.

ඒ භික්ෂූව ස්ත්‍රීයක් දැක සුභ නිමිත්තග්‍රහ වශයෙන් බලා ලොහ උපදවා ශාසනයෙහි කළකිරි වත් පිළිවෙත් අතපසු කොට බුදුන් ඉදිරියට කැඳවූයේ මහණ, මෙසේ වූයේ සැබැදැයි වදාරා පෙර සත් සියයක් අවුරුදු මුළුල්ලෙහි ක්ලේශයන් අභ්‍යන්තරයෙහි සඟවා විසු සුඬ සත්වයන් පවා මේ ක්ලේශයට වසඟව පසුව නිදහස් වූයේ වේදැයි ඉකුත්වත වදාළ සේක.

ඉතිරිය ස්වර්ණමයුර ජාතකය මෙනි.

479 මහා වාණිජ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

අප සර්වඥ රජෝත්තමයන් වහන්සේ දෙවිරම් වෙහෙර වැඩ වසන සෙක් එම නුවරම වසන වළෙඳුන් පන්සියයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ වෙළඳුහු දිනක් බුදුන්ට මහදන්දී සරණ ශීලයෙහි පිහිටා පන්ියයක් ගැල්හා නික්ම වෙළදාමට යන්නාහු මහාකාන්තාරයකට පැමිණ පැන් නැතිව සයින් මුලාව ඇවිදිනා කළ නාගපරි ගෘහිතවූ නුග ගසක් දැක එහි ගැල් මුදාහැර ඒ ගස පැන්ඇතිව වැඩුන එක් ශාඛාවක්දැක එකතු ගසට නංවා එය කපාපීය. ඉන් තල් කඳක් පමණ වූ දිය කඳක් ගලා බැස්සේය. හැම පැන් බී දකුණු ශාඛාව කැපූහ. ඉන් නොයෙක් රස භෝජන පිටත්වීය. ඒ අනුභව කොට පශ්චිම ශාඛාව කැපූහ. ඉන් සර්වාකාරයෙන් සැරසුන් ස්ත්‍රීහු පිටත් වූහ. උන් හා සමඟ අභිරමණිය කොට උතුරු දිග ශාඛාව කැපූහ ඉන් සත්රුවක් නික්මිණ ඒවායින් ගැල් පුරවා ගෙන සැවත් නුවරට නැවත අවුත් ඒසම්පත් සඟවා තබා පුද පූජා ගෙන ජේතවනයට අවුත් බුදුන් වැඳබණ අසා දෙවන දවස් මහ දන්දී මේ පින් වෘක්ෂ දේවතාවට දෙම්හයි කියාතමා සම්පත්ලත් නියාව දැන්වූහ එවිට බුදුරජානන් වහන්සේ, තෙපි තෘෂ්ණා වසඟ නොවී සම්පත් ලබාගෙන ආවාහුය. පෙර තෘෂ්ණවට වසඟවූවෝ සම්පතින්ද ජීවීතයෙන්ද පිරිහුනේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

ඒ වෙළෙඳුන් සමූහය

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යකරන කල්හිඑනුවර නුවණැතිඑක්සාත්තු නාකයකු සමඟපන් සියයක් වෙළඳුමට යන්නේ නිධාන කථාවෙහි මෙන් පැන් නොලැබ ඇවිදින අතර එවැනි නුග ගසක් දැක පෙර සේම අතු කපා සියලු සම්පත් ලබා තවත් වැඩියෙන් සම්පත් ලැබීමේ බලවත් තෘෂ්ණාවෙන් ගස මුලින් සිඳ දැම්මේ අදහසින් පොරෝ ගෙන ඊට සුදානම් වූහ. එවිට සාන්තු නායක වෙළෙඳා පින්වත්තී, තොපට ජිවිතය පවා රැක ගැනීමට උපකාර වූ මේ ගස සම්පූරණ විනාශ කර දැම්ම මහත් අකෘතඥකමකි. නුවණැත්තෝ සෙවණ දුන් ගසක අත්තක් පවා සිඳ නොදමන්නාහ. එබැවින් මේ භයාණක ලාමක අකුසලය නොකරවයි දෙඅත් හිස තබා කීහ. ඒ නොඇසු අඥානයෝ ගස මුලින් කපන්ට වන්හ. මේ බව දුටු රජ්ජුරුවෝ මුන්ගේ අකෘතඥ භාවය දැක සාත්තු නායකයා හැර සියළු දෙනාවම ඇණබිඳ ජීවිතක්‍ෂයට පත්කොට දවා අළු මිටක් කොට පියවයි කීහ. නාගයෝ ඒ සියල්ල ඉටුකොට මනිස් වෙසින් අවුත් සාකත්තු නායකයාව ඒ සියළුම වස්තු ව සමඟ ගැල් පන්සියය බරණැස් නුවරටම කැඳවාගෙන ගොස් ඔහුගේ ගෙයි තැන්පත් කොට අවසර ඉල්ලාගෙන තම නාග භවනයටම ගියාහ.

එකල නාග රජ්ජුරුවෝ නම් දැන් සැරියුත් තෙරුන්ය. සාන්තු නායකව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

උපුටා ගැනීම – http://jathakakatha.lk/sinhala

480 සාධින ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සංසාර සාගරයට ක්‍ෂෙම නවුනාවක් වැනිවූ තවද සංසාර නැමත් විෂ වෘක්ෂයෙහි හටගත් අමා ඵලයක් වැනි වූ හීනවූ කලියුග කාල නැමති හිණිවල පළානැගී සශ්‍රීකවූ පියුමක් බඳුවූ තිලෝගුරු සම්‍යක් සම්බුද් රජාණනන් වහන්සේ එක්සමයෙක්හි සුළුපා මහපා චංක්‍රමණ රාත්‍රි ස්ථාන දිවා ස්ථානදීන් විසිතුරුව සැඳුම්ලද ජේතවන මහා විහාරයෙහි වැඩවසන සෙක් එක්දවසක් පෙහෙවූ බොහෝ උපාසක වරුන් අරභයා මේ සාධීන ජාතකය ධර්ම දේශනාව කළ සේක.

ඒ කෙසේද යත්,

ඒ කෙසේද යත් එක්සමයෙහි බුදුහු පෙරවරු දන්දී සවස් වේලෙහි ගඳ දුම් මල් පහන්ගෙන දෙවුරමට ගොසි බණ අසන පිනිස බුද්ධාසනය පිරිවරා උන් උපාසක වරුන්ට ආමන්ත්‍රණය කොට උපාසකවරුනි පෙර පණ්ඩිතවරහු තමන්සකසා වැසි පෙහෙවස් හි අනුසසින් මිනිස් කය නොහෙළා දිව්‍යලෝකයට ගොස් බොහෝ දවස් විසුයේ දේදැයි වදාරා උපාසකවරුන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත් වත් දක්වන සේක. Read More

481 දසබ්‍රාහ්මණ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ධර්ම රාජයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් අසදෘස මහා දානය අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

කොසොල් රජතුමා බුදුන් ප්‍රමුඛ මහ සඟණට මහ දන් පිරීනැමීමෙන් ඔහුගේ ගුණය ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේනුවනැති රජතුමාගේ දැන් දන්දීම පුදුමයක් නොව පෙර පඬීවරහු සුදුස්සන්ම තෝරා දැන් දන්නේ වේදැයි ඉකුත්වන දක්වා වදාළ සේක.

ඉහත ඉඳිපන් නුවර යුධිෂ්ඨිල ගොත්‍ර ඇති කොරව්‍ය රක්‍ කෙනෙක් රාජ්‍යය කරන කල්හි ඒරජුට මහ නුවණනැති විධුර නම් ඇමතියෙක් සිටියේය. කෝරව්‍ය රජතුමා නිතී දන් දෙන්නාහ. ඒ දන් පිළිගන්වුන් අතර පන්සිල්වත් රක්නා කෙනෙක් නැත. දුශ්ශීලයෝය. මේ හේතුවෙන් නොසතුටට පත් රජතුමා පසුදා විධුර පණ්ඩිතයෝ තමා හමුවට ආ කල ඔහු අමතා පණ්ඩිතයන් වහන්ස, සිල්වත් වූ අය තෝරා දෙන දෙන මහත් ඵල මහානිශංස වන්නේය. Read More

error: Content is protected by www.ifbcnet.org.