Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

111 මිත චින්ති ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වයෝවෘද්ධ තෙර දෙදෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. ඒ තෙර දෙදෙනා වහන්සේ පිටිසර ජනපදයෙහි ගමක වස් වසන්ට වැඩ උපාසකවරුන් විසින් එලවූ සිව්පසය පිළිගෙණ වස් තුන්මස රඳා ඒ ගම සැප බැවින් දෙවන අවුරුදු වසුත් ඒ විහාරයේ වැස අන්තයේ සැවැත් නුවරට වැඩිසේක. ඒ දෙදෙනා වහන්සේ දුටු සංඝයා වහන්සේ ඇවැත්නි බුඬුපසථානයට පමා වූයේ ඇයිදැයි කියන්නා ගිය තැන පාසුවිසින් රැඳුනම්හයි වදාළසේක.

එදවස් සවස දම්සභාමණ්ඩපයට වැඩ වැඩි මහලු වරුන්වහන්සේ විසින් මේ කථාව කියමින් උන්සේක. එතැනට බුදුහු වැඩ පණවන ලද බුඞාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මා එන්නාට පළමු කිනම් කථාවකින් යුක්තව උනුදැයි වදාරා භික්ෂූන් වහන්සේ විසින් අසවල් මහළුතෙර දෙදෙනෙකු වහන්සේගේ කුසීතභාවය කියමින් උනුම්හයි කීකල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් ඔහු දෙදෙන කුසිතවූවෝම වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බාරානසී ගංඉස්වන ප්‍රදේශ ස්ථානයෙහි වසන බහු චිනතිය, අලපචිනතිය, මිතචිනතිය යන මත්ස්‍යයන් තුන් දෙනෙක් මනුෂ්‍යපථ ආසන්නව ගඟ වසන කල්හි ඉන් මිතචින්ති නම් මත්ස්‍යා කියන්නේ මනුෂ්‍යයන්ට දෙදෙන තෘෂ්ණාවෙන් ලෝභීව අදයම්හ, සෙටයම්හයි කිය කියා තුන් මිසක් දවස් යව්කල්හි එක් දවසක කෙවුළෝ ගඟ අහුරා දැල් එලූහ, බහුචින්ති අලපචිනතියයි කියන මත්ස්‍යයෝ දෙදෙන ඉදිරිව යන්නාහු දැල ආඝ්‍රානය නොකොට ගොසින් දැලෙහි බැඳුනුවුය, පස්සේ යන මිතචින්ති නම් වූ මත්ස්‍යයා දැල ආඝ්‍රානය කොට දැල ඇතුළට නොවැද දැල ඇසින් අනික් පිට ගොස් සිතන්නේ මා කියමින් නොගෙණ මත්ස්‍යයෝ දෙදෙන අසුවූය. උන් ගලවන්ට උවමැනවැයි සිතා ඇතුලේ සිට පිටට පැන්නාසේ අඟවා පැණ පිටත සිට ඇතුළටත් මේ සැටියෙම්ම පැණ දිය පළාගෙණ කවා ගියකල්හි මහ මසුන් බැඳුනු හෙයින් දැල ඉරුනේවනැයි සිතා දැල එකපිටකින් එසෙව් කල්හි මත්ස්‍යයෝ දෙදෙන දැලින් ගැළවුනාහයි වදාරා දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාරා චතුසසත්‍යය ප්‍රකාශ කොට බණ වදාළ කල්හි මහතෙර දෙදෙනාම දහසක්නයින් ප්‍රතිමණ්ඩිතව සෝවාන් පෙළෙහි පිහිටිසේක.

එසමයෙහි බහුචින්තිය අලපචින්තිය යන මත්ස්‍යයෝ නම් මේ තෙර දෙදෙනාය, මිතචින්ති නම් මත්ස්‍යව උපන්නේම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

112 සකුන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සැවැත් නුවර සර්වඥයන් වහන්සේ වැඩවසන සමයෙහි එක්තරා කුලස්ත්‍රියක් භික්ෂුණී ශාසනයෙහි මෙහෙණිව තෘෂ්ණාවෙහි ගිජුව වසනසේක්. මෙහෙණිතැන් නොකැඩී වීථියක සිඟා වැඩ එහි උපාසකවරුන් විසින් දුන් මිහිරි ආහාර වළඳා දවස්හරණසේක්. මේ වීථියට අනික් මෙහෙණිකෙණෙකුන් වහන්සේ වැඩිසේක් නම් මට ආහාරය මෙබඳු නොලැබෙයි. එසේහෙයින් ඊට මහා කුලක් කෙරෙමි සිතා මෙහෙණිවරට ගොස් අසවල් තැන වීථියේ චණ්ඩවූ ඇතුන් අසුන් කඩා කන බල්ලන් ආදී වූවන්ගෙන් උපද්‍රව ඇත, ඒ වීථියේ කවුරුන් වහන්සේත් නොයන බව යයි කියන්නා එබස් ඇසූ මෙහෙණින් වහන්සේලා කීවේ ඇත්තෙකැයි සිතා වීථියෙන් යන්නා තබා කරකැවී බලන්නකුත් නොකළසේක.

එසමයෙහි ඒ කියන මෙහෙණින් වහන්සේ තනිව සිඟා වළඳා ඇවිදිනා කල්හි එක් දවසක් එක් ගෙයකට සිඟා වඩනා ගමනේ බැටළුවෙක් දිව අවුත් ඇන කළවය ඇටබිඳ එළුකල්හි එතන සිටි උපාසකවරු අල්වා කැඩී ගිය ඇට සන්ධි ගන්වා බැඳගෙණ ඇඳක ලා ගෙණගොස් මෙහෙණිවරළූහ. Read More

113 ක්‍ෂබත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තව ද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් නොකීකරු භික්ෂුවක්හු අරභයා මේ ජාතකය වදාළ සේක. මේ ජාතකය නවවැනි නිපාතයෙහි ගිජක්‍ඞ ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය, සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මේ මහණ දැන් මතු නොවෙයි නොකීකරු වූයේ පෙරත් නොකීකරුමයයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කරනම්පනන විජජත් කුලයක ඉපිද වැඩිවිය පැමිණ කරනම් නිමවා ඉගෙණ ගුරුන් හා සමග ඒ ඒ තැන ඇවිදිනාසේක්. එක්තරා ගමකට පැමිණ ආචාරීන් විසින් සිල්ප දක්වන්ට ආයුධ පසක් බිම හිඳුවා පණින්ට සරා මෙතෙක් දවස් අභ්‍යාසය පණින්නේ ආයුධ සතරපසක් කෙළේ ඇයිදැයි එකක් හලමැනවැයි කියන්නා රාමදයෙන් මත්ව ඒ ආචාරී තෙපි මාගේ පමණ නොදන්නවාදැයි කියා ආයුධ සතර පැන පස්වන ආයුධය ඇනී මළාහ. Read More

114 තිත්තිර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ජේතවනාරාමයෙහි සර්වඥයන් වහන්සේ වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන්ගේ දක්ෂිණ ශ්‍රාවකවූ කෝකාලික ස්ථවිරයන් නිසා මේ ජාතකය දක්වන ලදී.

එහි වර්තමාන කථාව තෙරස නිපාතයෙහි විස්තර වශයෙන් එයි. සර්වඥයන් වහන්සේ මහා කෝකාලික ස්ථවිරයෝ බොහෝ කොට බස් කීමෙන් පෙරත් ජීවිතක්ෂයට පැමිණියෝම වේදැයි වදාරා,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ බ්‍රාහ්මකුලයක ඉපද වැඩිවිය පැමිණ සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන්ට ගණනාසකව හිමාලය වනයෙහි වසනසේක. එසමයෙහි පාඬු රෝග ඇති තාපස කෙනෙක් ගිණිතපිනා නිසා පොරවක් ඇරගෙණ වලට ගොස් දර පලන්නාහ. Read More

115 වුටක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි උත්තර සෙටර්‍ඨ පුත්‍රයන් අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර වසන මහා සම්පත් ඇති උත්තර සිටානන්ගේ ගෙයි මහා පින් ඇති බ්‍රාහ්මණ කුමාරයෙක් ඇවිත් උන්ගේ භාය්‍ර්‍යාවන්ගේ කුස පිළිසිඳ දසඑකඩමසක් ඇවෑමෙන් බිහිව වැඩිවිය පැමිණියේය. එසමයෙහි එනුවර කරතික උත්සවය බොහෝ සිටුකුමාරවරු තමන්ගේ ගෙයි භාය්‍ර්‍යාවන් හා සමග උත්සව සත් දවසක් කෙළනාහු උත්තර කුමාරයෝත් ස්ත්‍රීන් හා සමග උත්සව සත් දවසක් කෙළනාහු උත්තර කුමාරයෝත් ස්ත්‍රීන් හා සමග උත්සව කෙළින්ට උවමැනවැයි සිතා උන්කරා ගොස් එපවත් කීහ. උත්තර කුමාරයන් බ්‍රහ්ම ලෝකයෙන් ආ නියායෙන් එබස් නොගිවිස්සෝය. එසේ නොගිවිස්සත් සිටුකුමාරවරු එක්ව ඒ ගම වෛශ්‍ය ස්ත්‍රියක් ගෙණ අවුත් සර්වාභරණ පළඳවා සරසා ගෙයි ලූහ. උන් දැක කරනගා බලන්නක්වත් බසක් කියන්නක්වත් නොකියා ඉන්නා විසින් හාව භාවයක් දක්වා වුවත් ලබවවා ගතහැකිදෝහෝයි සිතා මන්දස්මිතවූ දෙයක් දැක්වූහ. එසඳ සිටුකුමාරයෝ අසුභ වශයෙන් බලා ඇගේ ශරීරය ඇට කෑල්ලක් කොට සිතා පිළිකුල්ව ආ ගමන් සිස්ව යන්නේ ඇයිදැයි සිතා ඈට උවමනා සම්පත් දී යවූහ. එසේ ගෙයින් පිටත්ව වීථියෙන් යන්නීය. පොහොසත් අමාත්‍යයෙක් දැක තමාගේ ගෙට කැඳවා ගෙණ ගියෝය. උත්සව කෙළි කෙළ ඉක්බිති වූ පසු වෛශ්‍ය ස්ත්‍රියගේ මවු තමාගේ දූ නොදක්නී සිටු කුමාරවරුන් කරා ගොස් තොපි හැම මාගේ දුව ගෙණ ගියාහුය පාවයි කියන්නා උත්තර කුමාරයන්ට එදාම පාවාදීපුම්හයි උන්කරා යවයි කියන්නා උන්කරා ගොස් මාගේ දුව පාවාදුනමැනවයි කියන්නා එදාම් උන් යවපීම් කොයිගිය බවත් නොදනිමි කියන්නා උත්තර කුමාරයනුත් හැරගෙණ රජ්ජුරුවන් කරා ගොස් එපවත් කියා මුරගාන්නා රජ්ජුරුවන් විසින් අiනත විචාරණා තොපගේ ගෙට වන්පසු පාවාදුනමනාමයයි කියන්නා කොයිවන් බව නොදනිමි කියන්නා එසේ වීන්නම් ආඥා කරවයි විධාන කළාහ. විධාන ඇසූ අමාත්‍යයන් විසින් පිටිතල හයා බැඳ ගෙණ වදබෙර ගස්වාගෙණ වීථියෙන් පිටත්වූහ. ඒ ඇසූ බොහෝ මනුෂ්‍යයෝ අඬමින් වැලපෙමින් එතනට අවුත් නුඹසේවූ ව්‍යවසථයන්ටත් මෙසේවූ දෙය පැමිණියේයයි වැලපෙමින් යන්නවුන් දැක ඒ සිටු කුමාරයා සිතන්නේ මේ දුකින් යම්සේ ගැලවීයෙන් නම් ගෞතම බුදුන්ගේ ශාසනයෙහි මහණ වෙමි සිත සිතා යමින් සිටිකල වෛශ්‍ය ස්ත්‍රිය තමා නිසා සිටු පුත්‍රයා මරණ නියාව අසා මහා ප්‍රාසාදයෙන් බැස වධකරණ පුරුෂයා කරා ගොස් තමා දැක්කවිය. ඈ දුටු පුරුෂයෝ ඈටම පාවාදී සිටු පුත්‍රයා ගැලවුනාහ. මරණින් මිදුනාවූ සිටු පුත්‍රයා වැවට ගොස් ඉස් සෝදා නහා බත් කා දෙමවුපියන් වැඳ අවසර ඉල්ලාගෙණ මහත්වූ පෙළහරින් වනයට ගොස් මහණව උපසම්පදා ලදින් නොබෝ දවසකින් විදර්ශනා වඩා රහත්වූසේක. එදවස් දම්සභාමණ්ඩපයට රැස්වූ මහළුවරුන්වහන්සේ මේ කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුණුදැයි විචාරා වදාරා අසවල් සිටුකුමාරයෝ මරණ දුකින් ගැලවී රහත්වූ නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි නුවණැත්තෝ පළමුත් මරණ පැමිණි කල උපායෙන් ගැලවුනෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන්වහන්සේ වටු ජාතියෙහි උපන්සේක. එසමයෙහි බරණැස් නුවර ලිහිණි වැද්දෙක් වලට ගොස් වටුන් බදාගෙණ ගෙයි තිබා ගොදුරා ලා අනුන්ට මිලයට දෙන්නේය. එක් දවසක් බෝධිසත්වයන් වහන්සේ වැද්දහු දැමූ දැලට අසුව උගේ ගෙට අවුත් උගෙන් ලූ ගොදුරු දැක ඇඟ මහත්වීනම් නපුරැයි සිතා ගොදුරු නොකා ඇඟ දුර්වල කොට ඒ වැදිත් බෝධිසත්වයන් ගොදුරු නොකන්නේ කුමක් නිසාදෝහෝයි සිතා අල්ලෙහි තබාගෙණ බලමින් සිටි කලට උගේ ප්‍රමාදයක් බලා පවනටබඳුවූ වේගයෙන් වනයට පලා ගියාහ. බන්ධු වටුවන් විසින් මෙතෙක්දා පමාවූයේ ඇයිදැයි විචරන්නා වැද්දෙකුට අසුව ගැළවුනු මාන කීවාහුයයි වදාරා දෙකල් ගළපා මේ වට්ටක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වටුව උපන්නෙම් තිලෝගුරු බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

116 අකාලරාරි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා වහන්දෑ දෙනමක් කළමනා වත්පිළිවෙත් කළමනා වේලාවට නොකොට රාත්‍රියෙහි නිදිවූ කලත් යෙහෙන් පිබිදීමක් නැතිව පිබිදිනා කල මහත් කොට ඝෝෂාව පවත්වා පුබුදිනා හෙයින් ස්වමීපයෙහි වැදහොත් වහන්දෑ රාත්‍රියෙහි නිදි නැතිව හිඳිනාසේක. මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ විසින් කියමින් උන්කල්හි සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාල කල්හි අසවල් නම අකාළරාවිවූ නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි මොහු දැන්මතු නොවෙයි පළමුත් අකාළරාවී වූවෝ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ කුලයක ඉපද උගතමනා ශිල්ප ශාස්ත්‍ර නිමවා දිසාපාමොක් ආචාරීව පන්සියයක් අතවැස්සන්ට ආචාරීව වසන්නාහ. එසමයෙහි අතවැස්සන්ගේ කල් නොවරදවා හඬන කුකුළෙක් ඇතිවූ නිසා ශිල්ල ශාස්ත්‍ර වේලාවට පිරුවති. ශාස්ත්‍ර නොපිරිහෙලා ඉන්නා අවදියෙහි ඒ කුකුළා කල්යාමකින් නැසී ගියහ. එක් ශිෂ්‍යයෙක් සවසානභූමිය කෙරේ බැද්දක දර කඩා ගියේ එක් කුකුළකු අල්වා ගෙණවුත් මැදිරියක ලා පෝෂ්‍යය කෙරෙති. එසමයෙහි ඒ කුකුළා අඬන කල මඬ්‍යම රාත්‍රියෙහි ඇඬූ කල්හි ශිෂ්‍යයෝ පිබිද ශිල්ප ශාස්ත්‍ර පිරිවන්නට නැගීසිටි කලට වේලා බෝ විසින් නිද නිදා පිරිවීමෙන් වනපොත් කළ දෙයත් පිරිහෙයි. Read More

117 බන්‍ධන මොක්ඛ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි චිඤචමානවිකාව නිසා මේ ජාතකය වදාරණ ලද එහි වර්තමාන කථාව වාදස නිපාතයෙහි මහාපදුම ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ට ප්‍රියවූ බෝධිසත්වයන් වහන්සේ පුරෝහිතව උපන්සේක. ඒ රජහට පියව අගමෙහෙසුන් බිසෝ කෙනෙක් ඇත්තාහ. රජ්ජුරුවෝ ඒ බිසවුන් කෙරෙහි අධික වූ ප්‍රේම ඇතිහෙයින් තොප කැමති වරයක් ගණුවයි කියන්නා එවිට බිසව් කියන්නේ තෙල කුමක් අඩු හෙයින් ඉල්වම්ද අන්‍ය ස්ත්‍රියක රාග චිතතයෙන් නොබැලුවහොත් ඒ මට වරයයි කියන්නා රජ්ජුරුවන් වහන්සේ විසින් සොළොස් දහසක් පුරඞගනාවන්ද ඉන්දදී එබඳු වරයක් දෙන්ට බැරියයි කීව බිසවුන් තත්පරව නැවතත් ඉල්වන හෙයින් බිසවුන් බස ඉක්මවා යා නොහෙන රජ්ජුරුවන් වහන්සේ විසින් වැරදී එතැන් පටන් අන්‍ය ස්ත්‍රියක රාග මිශ්‍රව නොබලා දවස් යවන කල්හි පසල් ගමක සතුරන්ගෙන් භයක් පැමිණ ඒ රට උන් අමාත්‍යයා විසින් කීපවරෙක සටන් කොටත් ජය ගතනොහී එපවත් රජ්ජුරුවන්ට කියා යැවීය. Read More

118 කුසනාලි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අනේ පිඬුමහසිටාණන් මිත්‍රයෙකු නිසා මේ ජාතකය වදාරණ ලද යටකියන ලද කාලකන්නි ජාතකයෙහි කියන ලද ක්‍රමයෙන් මයයි දත යුතුයි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධි සත්වයන් වහන්සේ මඟුල් උයන මඟුල් සල්ගස වන දේවතාවා හා සමග විශ්වාස වැලුප් පඳුරෙක වාසය කරණ සේක, එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ එක සතම්භ මහා මාලිගාවෙක වාසය කරණසේක, එසමයෙහි ටැඹ සෙලවෙන, ඒ රජ්ජුරුවෝ වඩු ආචාරීන් ගෙන්වා එක් සත් මහ මාලිගාවෙහි පළමු කප උදුරවා ඇර කපක් අමුතුව ඉඳුවයි කී විසින් ආචාරීවරු ගසක් බලා නොදැක උයනට ගොස් උයන මඟුල් සල් ගස මිසක් අනික් ගසක් නොදැක ඒ ගොසින් රජ්ජුරුවන් වහන්සේට කීහ. රජ්ජුරුවෝ එසේ උවත් කපා එව ඉඳුවයි කී විසින් වඩු ආචාරිවරු ගස ළඟට ගොස් බලි පූජා කොට සෙට ගස කපම්හයි කියා දේවතාවන් අනික් ගසකට පලායන්ට ආරාධනා කළහ. Read More

119 දුමෙමධ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි සර්වඥයන් වහන්සේ වැඩ වසන සමයෙහි එක් දවසක් දම් සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ මහළුවරුන් වහන්සේ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනූ ව්‍යජන භ්‍යමප්‍රභා ආදීවූ රූපශ්‍රී දැකත් බුදුන් කෙරෙහි මෛත්‍රියක් නැතිව මෙබඳුවූ රූපශ්‍රීයක් මට ඇතිනූයේ යයි සිතා බුදුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බුදුන් නසන්ට සිතති කිය කියා කථා කොට උන් සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ බුද්ධාසන මසතකයෙහි වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තන උනුදැයි විචාරා වදාරා දේවදත්ත ස්ථවිරයෝ බුදුන් කෙරේ ඊර්ෂ්‍ය නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි මතු නොවෙයි පළමුත් මා කෙරෙහි ඊර්ෂ්‍යාව ඇත්තේමවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගිය දවස රජගහ නුවර මගධ නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඇත් කුලයක ඉපිද ස්වර්ග ධවලව විසිතුරු වූ රූප ශ්‍රීයෙන් අලඞකෘතව මගධ නම් රජ්ජුරු කෙණෙකුන් වහන්සේට වාහණව සිටිනා සේක. Read More

120 නගුලිස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කාළුදායි තෙරුන්වහන්සේ උපාසකවරුන්ට බණ වදාරා ප්‍රස්තාව බලා වදාරන්ට නොදන්නා විසින් මඟුල් පැමණි තැනදී බණ වදාරන්ට ආරාධනා කළ කල අවමඟුලට සුදුසු බණ වදාරණ සේක. අවමංගල්‍ය ස්ථානයකදී බණ වදාරන්ට ආරාධනා කළ කල්හි මංගල සූත්‍රාදී බණ වදාරණ සේක. මේවූනියාවෙන් ප්‍රසථාවට නොනිසිකොට කාළුදායි තෙරුන්වහන්සේ බණ වදාරණ නියාව දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ සංඝයා වහන්සේ කිය කියා උන් සේක. එතනට බුදුරජානන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුම්දැයි විචාරා වදාළ කල්හි කාළුදායි තෙරුන්වහන්සේගේ නුවණ මද නියාව කිය කියා උනුමහයි දැන්වූහ. මහණෙනි දැනමතු නොවෙයි පළමුත් නුවණ නැත්තෝම වේදැයි වදාරා ආරාධිත වූ බුදුරජානන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේ්ක.

ඒ කෙසේ ද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාරීව සියළු මනුෂ්‍යයන්ට සිල්ප දෙමින් වාසය කරන්නාහ. එසමයෙහි පොහොසත් කෙණෙක් ශාස්ත්‍ර උගන්නාහ. Read More

error: Content is protected by www.ifbcnet.org.