Skip to main content
Category

සිරි සදහම් ( Dhamma)

ඒඩිස් පාලනයට හොදම මග බුදුදහමයි.

By සිරි සදහම් ( Dhamma) No Comments

Acquired immune deficiency syndrome හෝ acquired immunodeficiency syndrome (AIDS) නැතිනම් ඒඩ්ස් යන්න අපට නුහුරු වචනයක් නොවේ.
සැම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ලෝක ඒඩ්ස් දිනය දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම නැංවීමට කැපකර ඇත.
ලෝක ඒඩ්ස් දිනයක් පිළිබඳ අදහස 1987 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරින් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ විය. බන් සහ නෙට්ටර් විසින් මෙම ඔවුන්ගේ අදහස, ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි අධ්‍යක්ෂක ආචාර්යය ජොනතන් මාන් වෙත ඉදිරිපත් කළහ. මෙම සංකල්පය ආචාර්යය මාන් ගේ සිත් ගත් අතර, එය ඔහු විසින් අනුමත කරනු ලදුව, ලෝක ඒඩ්ස් දිනය පළමුවෙන් සමරන දිනය 1988 දෙසැම්බර් 1 වන දිනය විය යුතුය යන නිර්දේශයටද එකඟ විය. මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ “ ශූන්‍යය කිරීම”යි. ඒඩ්ස් ලොවින් තුරන්කර දැමීම මෙහි අරමුණයි.
මුල්ම ඒඩ්ස් ‍රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. Read More

එල්ලුම්ගහ බොදු ඇසින් දකිමු …

By සිරි සදහම් ( Dhamma) No Comments

ලොව ඕනෑම රටක බරපතළ අපරාධකරුවකුට හිමිවන උපරිම දඬුවම මරණ දඬුවමයි. එක් එක් රටවල එක් එක් යුගවලදී නොයෙක් ආකාරයේ ක්‍රම උපයෝගී කර ගනිමින් මරණ දඬුවම ක්‍රියාත්මක විය. අප රටේ මහනුවර රාජධානි සමයේදී පමණ දරුණු වේදනාකාරී හා ම්‍ලේච්ඡ ආකාරයේ මරණ දඬුවම් දීම් පිළිබඳ පුරාවෘත්ත හිඟ නොවේ. ඒ අතර උල තැබිම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගවීම වැනි මරණ දඬුවම් ක්‍රියාත්මකව තිබූ බවට සාක්ෂි තිබේ.
රට යුරොපීයයන්ට යටත් වීමට ප්‍රථම වැරැදි කරුවන්ට රාජ අණ අනුව මරණ දණ්ඩනය පමුණුවන ලදි. බොහෝ විට මරණීය දණ්ඩනය ලබා දුන්නේ මිනිසුන් බලා සිටියදීය. උල තැබීම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගීම එදා පැවැති දඬුවම්ය. නමුත් අපේ රට සුද්දන්ට යටත් වීමත් සමඟ මේ දඬුවම් ක්‍රම බැහැර කෙරිණි. නමුත් එක්දහස් අටසිය දහඅටේදී මරණ දඬුවම පැමිණ වීමේ නීතිය නීති සංග්‍රහයට ඇතුළත් කරන ලදී. නමුත් එම නීතිය එසේම තිබියදී එක්දහස් අටසිය දහඅට වසරේ නොවැම්බර් මස විසිහය වැනිදා මහනුවර කැරැල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබු කැප්පෙටිපොල නිලමේ තුමා හිස ගසා මරණ ලදී. වීර මද්දුම බණ්ඩාරටත් ඔහුගේ මවටත් සහෝදරයාට හා සහෝදරියටත් එදා උරුම වූයෙත් ඒ ආකාරයේම වූ ම්‍ලේච්ජ මරණ දඬුවමකි. ඒ ඔහුගේ පියා රාජ දෝහියෙකු වී යයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු වෙතින් නිරවද්‍ය හා අහිංසක පිරිසකට නිරපරාදේ කෲර මරණ දඬුවමකට යටත් වීමට සිදුවිය.

ලොව පුරා ඓතිහාසික වශයෙන් ඒ ආකාරයේ අති බිහිසුණු හා වේදනාකාරී මරණ දඬුවම් පිළිබඳව පැවසුණු ද අද වන විට කොතරම් බරපතළ සාපරාධී අපරාධයක් කළ අපරාධකරුවකුට වුවත් හිමි කර දෙන මරණය බොහෝ විට අවම වේදනාකාරී හා ක්ෂණිකව ප්‍රාණය නිරුද්ධ වන ආකාරයෙන් සිදු කිරීමට තරම් ලෝක ප්‍රජාව අද වන විට ශිෂ්ටසම්පන්න වී තිබේ. Read More

රාගයේ විපාක කියදෙන සෝරෙය්‍ය මහරහතන්වහන්සේ …….

By සිරි සදහම් ( Dhamma) One Comment

“ චේ.නාහං භික්ඛවේ කම්මංවදාමි” කියන බුදුවදන අහපු නැති කෙනෙක් හොයන්න නෑ නේද යාලුවනේ. චේතනාව කර්මයට මූලිකවේ කියන එක තමයි මේකෙ සරළ තේරුම. හැබැයි මේ බුදුවදනින් ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කීදෙනාද කියන එකත් හරිම ගැටලුවක්.
අපේ ජීවිතේට අදාල සෑමදෙයක්ම සිදුවෙන්නෙ සිතමුල්කරගෙන නේද? අපි කරන හැමදේටම මුල්වෙන්නෙ සිත. එය කිසිදු දෙවියෙකුගේවත්, වෙනයම් කෙනෙකුගේ බලපෑමක්වත් නෙවෙයි. දේවත්වයට පත්වනේනෙත් තිරිසන් බවට පත්වෙන්නෙත් මිනිසාම බව කියමනක් තියෙනව ඔයාල අහල ඇතිනෙ.

යාලුවනේ ධම්මපදයේ චිත්තවග්ගයේ මෙන්න මෙහෙම ගාථාවක් තියෙනව.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුංකරොති මේධාවි
උසුකාරොව තේජනං

සිත කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්, රැකගන්න අමාරු දෙයක්. වරදින් වලක්වන්නටත් අමාරු දෙයක්, නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටල එබදු සිත පවා ඍජු කරගන්නවා. ඇදකුද ඇරලා හී දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.

Read More

අපිත් අෂ්ඨාංග සීලය සමාදන් වෙමු.

By සිරි සදහම් ( Dhamma) 2 Comments

ඉතින් යහලුවනේ මේ කථාකරන්න යන්නෙ ඉතාම වැදගත් මාතෘකාවක්.  පොහොය දවසෙ ඔයාල හැමදෙනෙක්ම  මේ පොයට සිල්ගන්න යන්න උත්සාහ කරන්න. ‍අඩුතරමින් මේ පෝය දවසෙන්වත් පටන්ගන්න උත්සාහ කරන්න. බුද්ධකාලයේ පවා නි‍වසේ සිට සිල් සමාදන් වූ උවස උවැසියන් හිටිය යාලුවනේ සිල් රෙදි පොරව ගෙන පන්සලට ගිහින් සිල් ගන්න එක තමයි වැදගත්ම දේ. හිතට එකගව එහෙම යන්නම බැරිකෙනෙක් ඉන්නවනම් ගෙදර හරි වැඩකරන තැන සිල්පද අට සමාදන්වෙලා ආරක්ෂා කරන්න. ඒක හරිම වටින දෙයක්. උච්චාසයන මහා සයන කියන ශික්ෂාපදය විස්තර කරල තියෙනව. ඇරත් ඔයාල හිතට එකගවනම් සිල් සමාදන් වෙන්නෙ පුටුවක ඉදගත්ත කියල ගැටලුවක් නෑ. මොකද වැඩකරන තැන බිම ඉදගන්න බෑනෙ. ගෙදරදි වගේනම් පුලුවන්.

යාලුවනේ සමාදන්වෙන්න ඕනි ශික්ෂාපද තේරුමත් එක්ක මම දාල තියෙනව. මේවගෙ තේරුම හිතින් හිතාගෙන පාලියෙන් කියවන්න. බලන්න පළවෙනි ශික්ෂාපදය බොහෝ අය කියවන්නෙ මම සතුන් නොමැරීමේ ශික්ෂාපදය සමාදන් වෙමි කියල. මේ බලන්න මේක කියවල ඒක විතරමද කියවෙන්නෙ කිය. අන්න ඒනිසයි බුද්ධ භාෂිතයෙන්ම මේදේවල් භාවිත කරන්න කියන්නෙ. මෙන්න සිල්පද අට.

1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන් වහන්සේලා ජීවිත හේතුවෙන් වත් සතෙක් මැරුවේ නැහැ. මැරෙව්වේ නෑ. මරාගත් සතුන්ගේ මස්මාංශ ආදිය ආහාරයට ගනිමින් මරණය වර්ණනා කලේ හෝ අනුමත කලේ නෑ. සියලු සතුන්ට මෛත්‍රිය වැඩුවා. ඒ උතුම් රහතන්වහන්සේලාට අනුව අද දවසේ පෙහෙවත් පුරන මම සතුන් මරන්නේ නෑ. අනුන් ලවා මරවන්නෙත් නෑ. නසාගත් සතුන්ගේ මාංශ ආදිය ආහාරයට ගන්නෙත් නෑ. සියලු සතුන්වෙත මෙත්සිත පතුරවමි. Read More

බුදුදහමින් කියැවෙන දරු උපත පිලිබද විශ්මිත අදහස් …

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ අදත් මම විශේඹ කාරණයක් පිලිබදවයි මේ කථාකරන්න යන්නෙ. ඒතමයි දරු උපත ගැන දුටු බුදු ඇස. මේ පිලිබද අපි මෙයට ඉස්සර ඉතාම වැදගත් ලිපියක් කියෙව්ව. මේ ලිපියත් ඒකටම සම්බන්ධවන විදිහට ධාරණය කරගන්න. ඒ ලිපියෙ ලින්ක් එක ‍මේ ලිපිය අවසානයේ දාල තියෙනව.

හොදයි යාලුවනේ අපි ලිපිය පටන්ගම් මේ විදිහට. දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමක්. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙන්. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුqවු පෙළඹුණා. ශිව ලිංග පූජා පැවැත්වීම ද දරු උපතට දේවත්වය ආරෝපණය කරගැනීම නිසා ඇතිවුණ සිරිතක්. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්‌නට ලැබෙනව.

දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක්‌ ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක්‌ වෙනස්‌ වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන්. ඒ අනුව මවු කුසක දරු ගැබක්‌ හටගන්නේ ස්‌ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්‌වීමෙන් පමණක්‌ නොව කර්මය, පුනරුත්පත්තිය, ආත්මය වැනි ශක්‌තීන්ගේ ද බලපෑමෙන්. ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්‍රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කරල තියෙනව. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්‌වීමෙනි. සත් – අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති – පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම – රූප යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවලද දැක්‌වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්‍රහ කරන්නේ නාම – රූප පදනම් කරගෙනයි. ස්‌කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්‌තරය ද එයට ඇතුළත්. අපිට මෙයින් පැහැදිලිවෙන තව කරුණක් තියෙනව. ඉන්දියාවෙ තිබුන ඒ ආගම්වලටත් වඩා පහත් දැනුමක් මතයි වර්ථමානයේ අනික් ආගම් ගොඩනැගිල තියෙන්නෙ. මොකද ඒ ආගම් තාම නිර්මාණවාදය විශ්වාස කරන නිසයි.

Read More

ජීවිතයට අසිරිමත් වෙනසක් … … …

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ මම දාපු නොයෙක් ලිපි වලින් ඔයාලට තේරෙනව ඇති බුදු දහමින් මොනතරම් ප්‍රායෝගික ප්‍රයෝජන ගන්න පුලුවන්ද කියල. මේ ලිපිය අලුතින් කියවන අය මගෙ ගිණුමට ගිහින් අනිත් ලිපි ටිකත් බලන්න. යහලුවනේ මම මේ ලිපි දාන්නෙ කවුරුත් කියපු දේවල් නෙවෙයි. කවුරුහරි කීවම මම ඒව ප්‍රායෝගිකව අත්හදා බලල හරිනම් තමයි ඔයාලට දෙන්නෙ. මොකද මම ඒව නොකර ‍බොරුවට කලා කියල වැදිබණ කියල වැඩක් නෑ. යම් දෙයක් එහෙම කියනවනම් මම පැහැදිලිව කියල ඇති මේව මම කලේ නෑ. ඔයාල කැමතිනම් කරල බලන්න කියල.

හොදයි, අදත් මම ඔයාලට මේ කියන්න යන්නෙ ඉතාම වැදගත් ගාථාවක්. ඒ ගාථාව ඉහලින් දාල තියෙනව තේරුමත් එක්ක. මේ ගාථාව කියන්න ඕනි පාලියෙන්. සිංහල තේරුම පාලි ගාථාව කියවනකොට මතකයට ගන්න. මේවගෙ තියෙන්නෙ සත්‍ය ක්‍රියාවක් පමණයි කියල හෝ වෙන මොනම හේතුවක් නිසාවත් මේක සිංහලෙන් කියලනම් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. මොකද බුද්ධ භාෂිතයට අනුව නිවැරදි ඝන පිහිටුවලයි මේ ගාථා හදල තියෙන්නෙ.
මේ ගාථාව දුටුගැමුණු මහ රජතුමා නිතර භාවිතා කරපු ගාථාවක්. එතුමාට ජීවිතයේ විපුල ඵල ලබන්න මේ ගාථාව හේතු උනා. නොයෙක් තැන්වල සදහන්වෙනව “ විභාග, රැකී රක්ෂා, සුභ කටයුතු වලින් ජය ලැබීමට මේ ගාථාව තෙවරක් සජ්ඣායනා කරන්න ” කියල. ඔන්න ඒකනම් මම කරල නෑ. කොහොමත් විභාග පාස්වෙන්න මේව කිය කිය ඉදල හරියන්නෙ නෑ. පාඩම් කරන්න ඕනි.
ඒත් මේ ගාථාව උදේ හවස භාවිතා කරන්න. මම ප්‍රායෝගිකව අත්වින්ද දෙයක් තමයි හිතේ සතුට ඇතිවෙනව මේ ගාථාව භාවිත කරද්දි. පුදුම සැනසීමක් උදාවෙනව. කරන කියන වැඩ කටයුතුවල තියෙන අවුල් මග හැරිල යනව. සිතේ තියෙන කලහකාරී නැතිනම් කලබල ගතිය මගඇරිල යනව. ආගමට දහමට සිත කවත් ලංවෙනව. හතුරන්ගේ හතුරු ගතිය අඩුවෙලා මිතුරු ස්වභාවයක් පෙන්වනව. යාලුවනේ මම ගාථාව භාවිතා කරන්න පටන් අරන් තව දවස් තුන හතරයි. ඒ ටිකටයි මේ ඵල ලැබුනෙ. ඉතින් නිතර මා සමග ඉන්න වගේම මට ඇණුම් බැනුම්වලින් සංග්‍රහ කරන හැමොගෙම යහපත උදෙසායි මේ බව සදහන් කලේ. Read More

සර්වඥතා ඥාණය … … ..

By සිරි සදහම් ( Dhamma) No Comments

සක්වලක් යනු සූර්යයෙකුගෙන් ආලෝකය ලබන පෙදෙසයි. අපට පෙනෙන සූර්යාගෙන් ආලෝකමත්වන පෙදෙස මගුල් සක්වල වේ. සියලු බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේය. බුදුවරයෙකුට ක්ෂේත්‍ර තුනකි. ඒ බුද්ධ ක්ෂේත්‍රය, ආඥා ක්ෂේත්‍රය හා විෂය ක්ෂේත්‍රය වේ. දස දහසක් සක්වල බුද්ධ ක්ෂේත්‍රයට අයත් වේ. බුදුකෙනෙකු ( බෝසත්වරයෙකු ) මව් කුස පිළිසිද ගැනීම, බිහිවීම, බුදුවීම, ප්‍රථම ධම්සක් පැවතුම් දේශනය, පිරිනිවන් පාන අවස්ථාවලදී ඇතිවන පෙළහර දස දහසක් ස්වල පුරා ඉිතිර පැතිර පවතී,. ආඥා ක්ෂේත්‍රය යනු කෝටිලක්ෂයක් සක්වලයි. රතන සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල අණසක කෝටි ලක්ෂයක් පුරා පැතිර යයි. විශෂය ක්ෂේත්‍රය සීමා කළ නොහැකිය. ගංගාව දෙපසේ ඇති වැලි කැට ගණන මැනිය හැකිනම්, මුහුදේ ඇති ජලබින්දු ගණනය කල හැකිනම් ඒ ගැන අදහසක් ලබා ගත හැකිය. පින්වත් යාලුවනේ ඒතරම් දුර බුදු නුවණින් බැලුවත් මේ විශ්වයේ කෙළවරක් නැතිලු.
අප අදහන ඒ භාග්‍යවත් වූද අරහත් වූද, සම්‍යසම්බුද්ධ වූද සර්වඥ රා‍ාජා්ත්තමයාණන් වහන්සේගේ බලමහිමය හිතාගන්න පුලුවන් නේද? ඒ සර්වඥයන් වහන්සේ පිළිබද සිත පහදවා ගනිමු. අනන්ත බුදුගුණ ජීවිතයට එකතු කරගනිමු.

( හෙණ්ඩියාගල සීලරතන හිමියන්ගේ පුණර්භවය හා නිර්වාණය කෘතියේ පිටු අංක 360 හා 361 යන පිටු වලින් උපුටා ගන්නා ලදි )

ඔබේ සමීපතමයන් නිතර ලෙඩ වෙනවනම් මේ පිළියම කරල බලන්න.

By සිරි සදහම් ( Dhamma) One Comment

යාලුවනේ අපේ සමහර යහලුවො, දෙමව්පියො ඉන්නව නිරන්තරයෙන් ලෙඩදුක් වලින් පෙලෙන අය. වැඩිහිටි අම්මල තාත්තල හරි ආච්චි අම්මල හරි, සීය තාත්තල හරි කමක් නෑ කියමුකො වයස නිසා කියල. අපේ තරුණ අය්යල අක්කල, නංගිල මල්ලිල වගේම පුංචි දුවල පුතාලත් නිතර ලෙඩදුක් වලින් පෙලෙනව. අනේ මේ පුංචි මල් කැකුලු පවා ඇයි මේ ලෙඩින් දුකින් පෙලෙන්නෙ.
පිංවත් යාලුවනේ අපේ මහාකාරුණිකයන් වහන්සේ අපේ ජීවිතය වරක් ගහක හඅදෙන ඵලවලට උපමා කලා. ගස්වල ගෙඩි හැදෙන්න ඉස්සරල මල් පොහොට්ටු කාලෙදිත් පරවෙලා බිමට වැටෙනව. මල පිපිනමත්වැටෙනව, යන්තම් ළදරු කාලෙදිත් වැටෙනව, නෑඹුල් කාලෙදිත් වටෙනව, තරුණ කාලෙදිත් වැටෙනව, පැහිල ඉදෙන්න ඉස්සරත් වැටෙනව, හොදින් පැහිල ඉදිලත් වැටෙනව. අන්න ඒවගේම අපේ ජීවිතත් ළදරු කාලෙ, ළමා කාලෙ, තරුණ ක‍ාලෙ, මැදි වයසෙදි වගේම වයස ගිහිල්ලත් මැරිල යනව. ඔහොම තමයි සංසාරෙ හැටි.
යාලුවනේ ඔයාල දන්නවද පින හා ආයුෂ කියන්නෙදෙකක්. හරියට පහණක තෙලුයි වැටියයි වගේ. පහණක තෙලුයි වැටියයි දෙකම ඉවර වෙලා පහන නිවෙන්න පුලුවන්, තෙල් විතරක් ඉවර වෙලා නිවෙන්නත් පුලුවන්, වැටිය විතරක් ඉවර නිවෙන්නත් පුලුවන්, ඔය දෙකම තියෙද්දිත් ( සුලං පහරකින් ) පහණ නිවෙන්නත් පුලුවන්. අන්න ඒවගේම දයාබර යාලුවනේ අපේ ජීවිතත් පින ඉවරවෙලා හරි, ආහුෂ ඉවර වෙලා හරි, ඔය දෙකම තියද්දි හරි, දෙකම ඉවර වෙලා හරි විනාශවෙලා යන්න පුල්වන්. ඒනිසා පින පව හැදින ජීවත්වෙන්න උත්සාහ කරන්න. වයසට ගිහින් පින්කම් කරන්න බලන් ඉන්න එපා. නොදැනුවත්වම අපාගාමී වෙන්න පුලුවන්. අනිත් කාරනේ බුදුහාමුදුරුවො කියනව අපි වැඩ ඇරිල හරි ගමනක් ගිහින් හරි හවසට ගෙදර එනව වගේ පෘතග්ජනයට සතර අපාය ගෙදර වගේ කියල. ඒ නිසා පින් දහම් කරන්නත් ඕනි වගේම ධර්මාවබෝධය කරගන්න නිතර උත්සාහ කරන්න. මොකද අනිත් දේවල් වගේ නෙවෙයිත පින, පව, වගේම අපේ ධර්මාවබෝධයත්, භාවනාවලින් ලැබෙන පුරුදුත් ( සමාධිය වගේ ) සසරින් සසරට යන්න පුලුවන්. ඒ නිසා ඔයාල ඉගෙනගන්න දේවල් සසර පුරා ඔයාලත් එක්ක එන්න පුලුවන්.

හරි, දැන් අපි කථාවට බහිමු. නිතර ලෙඩවෙන අයට පුංචි කෙමක් මේක. නිරන්තරයෙන් බෙහෙත් වලින්ම ජීවත්වෙන, විවිධ නිධන්ගත රෝග තියෙන අයට මේක හොද පිලියමක්. නිතර ලෙඩවෙන අයට විතරක් නෙවෙයි යාලුවනේ අපි හැමෝටම ඉතාම වැදගත් කෙ‍මක් මේක. ඔබට නිරෝගී බව අවශ්‍යයි නම් මේ පිලියම කරන්න. අනිවාරයෙන් ඔබේ සිරුරේ සියලු රෝග පීඩා දුරුවෙනව, සිරුර නිරොගී වෙනව, ඔබ සුවපත් වෙනව, මානසික ගැටලු දුරුවෙනව, සුවකල නොහැකි රෝග තියෙන අයට සහනය ලැබෙනව, රෝග යටගැහෙනව. සමහර විට සම්පූර්ණ සුවය ලැබෙනව, සිරුර පැහැපත් වෙනව, කාන්තිමත් වෙනව, අන් අයගේ ආකර්ෂණය ඇතිවෙනව‍. සිරිර රන්පැහැවෙනව. දහදිය ආදී දුගද නැතිවෙනව … … … මේකෙ වටිනාකම කියල ඉවර කරන්න බෑ. හොදයි මොකක්ද පිලියම. Read More

බෝධිපූජාවක් නිවැරදිව තියමු …

By සිරි සදහම් ( Dhamma) One Comment

යාලුවටන් ඔයාලට කොහොමද? තෙරුවන් ගුණ බලෙන් හොදින් ඉන්ව ඇති කියල මට හිතෙනව. මම මේ ලිපි පලකරන්නෙ කුසල් රැස්කරගන්නයි. ධර්ම දානයක් විදිහට. අනේ තරහ වෙන්නනම් එපා මෙහෙම කීවට. මේ ලිපි කියවන්නෙත් නැතිව ලයික් කරල සාධු සාධු කියල කොමෙන්ට් එකක දාල ගියාටනම් කිසිම වැඩක් නෑ. රුපය බලල සතුටු උනත් පින් තමයි. ඒත් මේ ලිපි අධික වැඩ රාජකාරි මැදයි මම හදන්නෙ. මගෙ ඉගෙනීම් කටයුතුත් අතපසු කරගනිමින්. ( මම මේ ලිපි හදන්නෙ තව ලිපි කියවල ඒවයින් කරුණු උපුටාගෙනයි. ඒ ඇරෙන්න මේ සියලුම දැනුම මගෙ දේවල් කියල හිතන්නනම් එපා. ) ඒ ම‍ට අවශ්‍ය පින් රැස් කරගන්නත් ඔයාලට ධර්මය පැහැදිලි කරල දෙන්නත් එක්ක. ඉතින් යාලුවනේ ඒ පින මට ලබාදෙන්න පුලුවන් ඔයාලටයි. මේ ලිපි කියවල හිත පහදිනවනම් මගෙ අරමුණ ඉටුවෙනව. හැබැයි හිත පහදවන් පමණක් වැඩක් නෑ. “ සුනාථ, ධාරේථ, චරාත ධම්මේ”. ඒ කියන්නෙ ධර්මය අහල, දරාගෙන, ධර්මයේ හැසිරෙන්න ඕනි කියලයි බුදුහාමුදුරුවො කීවෙ. මේ එක් ලිපියකින් එක කරුණක් හරි ජීවිතයට එක්කරගන්න. විද්‍යාව ඔලුවෙතියාගෙන “මම හැමදේම දන්නව ”කියන අදහසින් ඉන්න අසරණයො මොනාකිව්වත් ගැටලුවක් නෑ. ඉස්සරහට එන්නෙ නැවත රහතන් වහන්සේලා අහස් ගැබ සැරිසරන යුගයක්. අදටත් රහතන් වහන්සේල වැඩසිටිනව. නමුත් ඉදිරියේදී උන්වහන්සේලා සමාජයට විවෘත වෙනව. මොකද අද උන්වහන්සේලා එලියට නොවඩින්නෙ සමාජය විෂම වීම නිසයි. ඒ අභිමානවත් යුගයට යන්න අද සිටම පිලිවෙතින් පෙළගැසෙමු. ඔයාලට තව ටිකදවසකින් මම මේ නොකිය කියන්නෙ මොකක්ද කියල පැහැදිලිවෙයි. එතෙක් ඉවසන් ඉන්නකො.
හරි අද අපි කථාකරන්නෙ නිවැරදිව බෝධි පූජාවක් තියන ආකාරයයි. මෙතනදි කියන්න ඕනි ගාථා කියලදෙන්නේ නෑ. ඒව ගොඩදෙනෙක් දන්නවනෙ. ඒ වගේම අපි ‍බෝධිපූජා තියද්දි හාමුදුරුවන් වහන්සේනමක් එක්කනෙ තියන්නෙ. ඒ නිසා මෙතනදි ගාථා කියල දීල ලිපිය දීර්ඝ කරන්න ඕනි නෑ. ඔයාලට ඕනිනම් මම වෙනම පෝස්ට් එකක් දාන්නම් ඒ පිලිබදව. හරි. ඔයාල දන්නවනෙ ත්‍රිවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල. සීල, සමාධි, ප්‍රඥ කියන තුනයි. ඉතින් ඔය තුනෙන් ප්‍රඥව කියන කාරණයට තමයි බෝධි පූජාව සම්බන්ධ වෙන්නෙ. මොකද බෝධිමූලයේ සිය සර්වඥතා ඥානය අවබෝධකරගත් බුදුහිමියන් ඒ වෙනුවෙන් බෝධීන් වහන්සේට කළගුණ සැලකුව. ඇයි කළගුණ සැලකුවෙ ? සර්වඥතා ඥානය අවබෝධ කරගන්න සෙවන සැලසූ නිසයි. අන්න ඒ අවබෝධකරගත් සර්වඥතා ඥානයට උපහාරයක් කිරීමයි ‍බෝධිපූජාව කියන්නෙ. Read More

දෙව්, බඹ, සුර, නර සාධුකාර මැද ශ්‍රී දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර …

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...), සිරි සදහම් ( Dhamma) No Comments

සෙන්කඩගල පුර දළදා බුදුරැස් – විහිදෙනතුරු නෑ වරදින්නේ
සිංහළයන් හට සිංහළ දේසෙට – සරණයි දළදා සමිදුන්නේ

සිරි දළදා වහන්සේ යනු සිහළ දේශය එගලු කල මිනි පහණක් වැණිය. උන්වහන්සේ සිහළ දේශය රැකබලාගන්නා පූජනීය වස්තුවකි. දේශය ආරක්ෂා කරන පුදුම ශක්තියක් සළදාවහන්සේ සතුය. රරට උවදුරක් පැමිනි සෑම අවස්ථාවකම සිරි දළදා වහන්සේ පෙලහර පාමින් රට ආරක්ෂා කරගත්හ. එවන් මහා බුදුගුණ කදම්භයක් ඇති ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන පරම පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ.

මෙතැනි සිට දිගහැරෙන්නේ ඒ පරමපූජනීය සිරි දළදාවහන්සේගේ පෙළහර කථාන්දරයයි.
කලිගු රට මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. වරක් මිසදිටුවන්ගේ බස් අසා මිසදුටු පඬිරජු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.

එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගඨයන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ කිණිහිරයෙන් එළියට ගෙන ත්‍යාග ලෙස කැමති වස්තුවක් ගන්නැයි ජනතාවට රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය. Read More

error: Content is protected by www.ifbcnet.org.