
චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් පවා ඉඳගෙන සිටින අසුනින් බොදුනුවා නැගී සිටින්නේ මහත් ගෞරවයෙනි. චීවරයට මෙතරම් ගෞරවයක් දක්වන බෞද්ධයෝ කඨිනය යන නම ඇසු පමණින් ම සැදැහැයෙන් සැනසෙති.
විහාරස්ථානයක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ වසරකට එක් වතාවක් පමණි. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙති. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත ය.
වස් කාලය – පෙර වස් කාලය සහ පසුවස් කාලය වශයෙන් කාල දෙකකි.