
ඉතිහාස ග්රන්ථයක් පිරික්ෂීමේදී අටමස්ථානයට අයත්වන ලංකාරාමය පිළිබඳව ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. මෙහි ධාතු ගර්භයේ නිධන් කර ඇති සුවිශේෂී පූජනීය නිධන් වස්තූන් පිළිබඳව ඒවායේ සඳහන් කර නැතත්. මෙහි සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර ඇති බවට සැකයක් නොමැත.
ඓතිහාසික වටිනාකමින් කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි මෙය ගොඩ නංවන ලද්දේ වළගම්බා රජතුමා විසින් බව කියැවේ. රජතුමා තම බිසව වූ සෝමා දේවිය වෙනුවෙන් කරවූ සෝමාරාමය මෙය යැයි ද මතයක් පවතී.
එස්.පරණවිතාන යන්ගේ ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ පැවසෙන්නේ වළගම්බා රජතුමා විසින් නිමවන ලද සීලාසොබ්භකණ්ඩක චෛත්‍ය මෙය විය යුතු බව අනුමාන වශයෙන් අදහස් කෙරෙන බවයි.
එහෙත් ‘අනුරාධපුර අටමස්ථාන’ පොත ලියූ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පවසන්නේ ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ මණිථූපාරාමය, මණිසෝමාරාමය ආදි නම් වලින් බව බෝධිවංස ගැටපදය මහාවංසය ආදියෙන් හෙළි වන බවත්. මෙය සීලසොබ්භකණ්ඨක (ගල් හෙබකඩ) චෛත්‍ය යනුවෙන් වරදවා හඳුන්වා තිබෙන බවය. අද ලංකාරාමය වෙනම ආරාමයක් වුවද පුරාණයේ මෙය අභයගිරියට අයත් ආරාමයක් ලෙස පැවැති බවත් මෙය ඊට අයත් භික්ෂුණී ආරාමය විය හැකි යැයි තවදුරටත් ඔහු පවසයි.
මහා විහාරයට ථූපාරාමය තිබුණා සේ අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමය සතුව පැවැතුණු බව කියැවෙයි. Read More