Monthly Archives

March 2016

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇµaගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

Read More

ගත සිත සමාධි ගත වන පොළොන්නරුවේ ගල් විහාරය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ඉපැරැණි පොලොන්නරු පුද බිමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් ගල් විහාරයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි.
ලක්‌වැසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ උරුමයක්‌ද වන මෙය දූරාතීතයේ පටන්ම වන්දනීය, පූජනීයත්වයට පත්ව තිබේ.
දොහොත් මුදුන්දී, සාධුකාර දෙමින් සැදැහැවතුන් මෙහි පැමිණෙන්නේ ජීවමාන බුදුන් දකින්නට මෙනි.මෙම නිසල ආගමික පරිසරයේ කොතකුත් වේලා සමාධිගත වන්නට හැකි යෑයි කිවහොත් වඩා නිවැරදිය.
වන අරණක සෙවන ලබන බිමේ ගල් කුලකට බුදුගුණ ගැන්වීමෙන් හෙළ කලාකරුවාගේ විස්‌මිත නිර්මාණ හැකියාව එක්‌ පසෙකින් ලොවටම විදහා දැක්‌වීමකි.

Read More

සූවිසි විවරණය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

01.පළමු වැනි නියත විවරණය …දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්
දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක් සේ එම මඩ බිමෙහි ජීවිත ආශාව රහිතව මුනින් වැතිර සිටීම ….
02.දෙ වැනි නියත විවරණය …කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන්
කොණඩඤ්ඤ බුදුහිමි පාද මූලයෙහි විජිතාවී නම් සක්විති රජව සක්වළගල හිමිකොට ඇති මහසයුර ඇතුළුව ආධිපත්ය පවත්වමින් සිට බුදුන් වහන්සේ ප්රමුඛ කොටිලක්ෂයක් රහතුන් වහන්සේලා මධුර වූ ආහාරයෙන් සන්තර්පණය කිරීම ….
03.තුන්වැනි නියත විවරණය …මංගල බුදුරජාණන් වහන්සේගෙන්
මංගල බුදුහිමි පාදමූලයෙදී සුරුචි නම් ත්රිවේදයෙහි පාරප්රාප්ත බ්රාහ්මනයෙක්ව සිට බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් බුදු පාමොක් මහා සඟනට ගඳ මලින් පුදා එළකිරියෙන් පමණක් පිසූ භෝජනයෙන් සැතැපීම …

Read More

සොබා දහමට බැඳුණු එදා ගොවිතැන …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සිය ප්‍රධාන ආර්ථික මාර්ගය ලෙසට පවත්වාගෙන ගියේ කෘෂිකර්මයයි. අටුකොටු සරු වූ ලක්දිව අතීතයේදී හඳුන්වනු ලැබුවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි. එදා අප සරුබිම අස්වද්දනු ලැබූ ගොවියා සියල්ල ඉටු කළේ සොබාදහම සමග සමගාමීවය. අවට පරිසරයට අනුගත වෙමින් ආගමට දහමට මුල්තැන ලබාදෙමින් ඔවුහු සිය ගොවිතැන කරගෙන ගියහ.

ඔවුන්ට සරු අස්වැන්නක් ලැබුණා සේම වස විස නොමැති ආහාරද ලැබුණි. ඔවුහු සිය මූලික අවශ්‍යතා මත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම ප්‍රදේශය තුළම නිපදවා ගත්හ. තම ප්‍රධාන ආහාරය වූ බත උදෙසා මෙහිදී හිමි වූයේ මූලික ස්ථානයකි.

Read More

සාම්ප්‍රදායික ඥානය සැගවුන පුස්කොළ පොත …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

අප සතුව ඇති අමිල දායාදයක් වන පුස්කොළ පොත් සම්පත පිළිබඳව ලියැවෙන මේ ලිපිය අපට අමතකව ඇති ජාතික වගකීමක් සිහිපත් කර දෙයි.

මුද්‍රණ තාක්ෂණය බෙහෙවින් දියුණු වී ඇති අද ඕනෑම කෘතියක් මුද්‍රණය කොට සිය දහස් ගණන් ජනතාවට කියැවීමට බෙදා-හැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මෙම තාක්ෂණය පැමිණෙන්නට පෙර අතීතයේ පැවැති ලේඛන ක්‍රමය පිළිබඳව සොයා බැලිය යුත්තේ වර්තමානයේ අප කියවන දකින දෑවලින් අතිවිශාල ප්‍රමාණයක් පුරාණයෙන් අපට දායාද වූ ඒවා බැවිනි. ඉතා ඈත අතීතයේ සිටම යම් යම් දෑ ලියා තැබීමේ පුරුද්ද මානව වර්ගයා සතු විය. අපට හමු වී ඇති සාධක අනුව ශිලාලේඛන හෙවත් ගලෙහි කෙටීම, ලෝහවලින් නිපදවූ යමක සටහන් කොට තැබීම හා පුස්කොළ පොත් භාවිතය වැනි ක්‍රම මේ සඳහා යොදාගෙන තිබේ. මේ සියල්ල අතරින් වඩාත් ප්‍රචලිත ව, මෑත කාලයක් දක්වා පැවතියේ පුස්කොළ පොත් මාධ්‍යයයි.

Read More

වසර 2000කට වඩා ඉපැරණි “හරබර” වැව …

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය.  දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු  පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ  කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.

උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ  දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

4

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.

අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,

දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි.  එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි.               රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ  යි  කියා ප්‍ර‍ශංසා කළේය.

එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.

දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.

ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු                 බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර              හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම්             ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්  කළේ

පසු සටහන

ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණයද සිදු කර ඇත.

උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ.  මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍ර‍වාදයේ පවතී.

දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම  මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.

6

ඉහත්තෑව නමින් හදුන්වන ජල පෝෂක ප්‍රදේශ මගින් පැමිණෙන ජලය කුලු වැව් නමින් හදුන්වන කුඩා වැව් 3 ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ.  කුල්ල යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ලබා ගැනීමට ගේ දොර භාවිතා වන උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම තාක්ෂණය මෙහිදීද භාවිතා වේ. කදු සේදී යාමෙන්  වැසි ජලයට එකතු වන මඩ කුලු වැව් තුන හරහා යාමේදී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අවම මට්ටමකට පත් වී ඇත.  පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, සළපනාව, වැව් බැම්ම ආදී  වැවක පොදු ලක්ෂණ වලින් සොරබොර වැව පොහොසත් වුවද, එහි මඩ සොරොව්වක් දක්නට නැත…වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේදී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරැ මත තැන්පත් වීමෙන් සාරවත් අස්වැන්නක් පොහොර යෙදීමකින් තොරව  ලබා දීමට  දායක වී ඇත.

1

එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.

වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල්  උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍ර‍වාදයේ පවතී.

බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය  ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් මගින් දැනගතිමි.

වැවේ තාක්ෂණික තොරතුරු
ධාරා ප්‍රදේශය  ව.සැ 16.89
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය  අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍ර‍මාණය අක්කර 3000
වම් ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 1 දම්වැල්  32.5
දකුණු ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20
මෙම ලිපිය http://siragekamare.blogspot.com/ වෙබ් අඩවියෙන් උපුටා ලත්බව කරුණාවෙන් සලකන්න.

අරාබි කඩු හදන්නත් යකඩ ගෙන ගියේ ලංකාවෙන් … ?

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි. යහළු මිත්‍රාදීන් විවිධ පැතිකඩ ඔස්සේ විසිර යද්දී ඇය සීගිරිය ආශ්‍රිතව තම පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කළාය. ඒ වෙනුවෙන් මහාචාර්ය සේනක බණ්ඩාරනායක ඇයට මඟ පෙන්වූවේය. තම ගුරුවරයා කියූ ගමන්මගෙ ගිය ඇය මුළු ලොවටම ලංකාව සතුව තිබූ ඉපැරැණි තාක්ෂණයේ අරුමය කියන්නට හැකි සාධක  සොයා ගත්තාය.ආචාර්ය රෝස් සෝලංග ආරච්චි නම් වූ ඇය ලංකාවේ යකඩවලට වටිනාකමක් එක් කළ පුරාවිද්‍යාඥවරිය වූවාය. ලංකාවේ කිරිඔය නිම්නය තුළ කළ ගවේෂණවලදී ඇයට හමුවූ සුවිශේෂීතම යකඩ නිෂ්පාදනාගාර ගණනකි. ඇය එදා සිට අද දක්වාම අවුරුදු විස්සක් පුරා ඉපැරැණි යකඩ තාක්ෂණය ලුහුබඳිමින් සිටින්නීය.ඇයගේ උත්සාහය වතුරේ ගියේ නැත. අදට ද ලොව හොඳම යකඩ තාක්ෂණය තිබූ රටවල් සමඟ කරටකර සිටින්නට අතීතයේදී ලංකාවේ යකඩ තාක්ෂණයට වූ හැකියාව ලොවට ඉදිරිපත් කරන්නේ සෝලංග ආරච්චි නම් වූ යකඩ ගැහැනිය නිසාය. ඒ සඳහා කිරිඔය නිම්නයේ අලකොළවැව, වෑවලගම දික්යාය කන්ද යන ස්ථාන ඇයගේගමනේ මූලිකම පර්යේෂණ කේන්ද්‍රවිය.

Read More

ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි. ( Mihinthale Ancient Hospital )

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

 

මිහින්තලා කඳු පාමුල ඇති රෝහල් පරිශ්‍රය  හඳුනාවා දෙන්නේ දැනට ලොව ඉදිකරන ලද පැරණිතම විධිමත් රෝහල් සංකීර්ණය ලෙසයි. මිහින්තලයෙන් හමුවන රෝහලේ ගොඩනැගිලි වලට වඩා පැරණිවුත් විධිමත්වුත් රෝහල් ගොඩනැගිලි මෙතෙක් ලොව කිසිදු ප්‍රදේශයකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිවි නැත. මිහින්තලා රෝහල් සංකීර්ණය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම ඉතාම ඉහල වන්නේ එබැවිනි.

මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත. එයින් දෙවැනි පැතිස් රජ සමයේදී මෙම ස්ථානයේ රෝහලක් නොපැවතියේය යන ප්‍රවාදයක් තහවුරු වන්නේ නැත.

Read More

පොළොන්නරුවේ තිවංක පිළිමගෙට වැටෙන අද්භූත එළි මොනවාද ?

By | සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) | No Comments

හෙල ඉතිහාසය පුදුම සහගතය. විශ්වාස කිරීම පවා අපහසුය. අනුරාධපුරය පොලොන්නරුව තවමත් විශ්වාස කල නොහැකි අද්භූත සිද්ධීන් වලින් පිරී පවතී. මේ කියවෙන්නේ එවන් අද්භූත කථාන්දරයකි. මේ ලිපිය උපුටාගන්නා ලද්දේ මවුබිම පුවත්පතිනි.

ඔහු පිරිත් අසන්නේය. පන්සිල් නොව අටසිල්ද රකින්නේය. ඒ සියල්ල අභිභවමින් තම පණටත් වඩා තිවංක පිළිමගෙය රකින්නේය. ඕන ලොක්කෙකුට වැරදි තැන් පෙන්වාදීමට ඔහු පසු බට නොවේ. තම රාජකාරිය දේවකාරියක් ලෙස ඇදහූ මේ මිනිසා පුරාවිද්‍යා ඉතිහාසයේ තැබූ රන් සළකුණක් බඳු විය. තම නිළ ඇඳුම ඇඳ රාජකාරිය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එකම රැකවලා වූවේ මොහුය.

රටට දැයට බරක් නැති ඔහු සොයා ගිය අපි ධර්මරත්න මහතාගේ නිවසට ගියෙමු. තිවංක පිළිමගෙය සමඟ බැඳි මතකයක් දැන ගන්නට අවැසි වග පැවසූ විට ඔහු ඊට බොහෝ සතුටු විය. ධර්මරත්න මෙම පිළිමගෙයෙහි අප නොදොටු සිතුවම් දැක ඇත්තා සේ එහි විනාශයද ඇස් පනාපිටම දැක ගත්තේය. ඔහු කියන පරිදි ඔහු රැකියාවට පැමිණි මුල් යුගය වන විට තිවංක පිළිමගෙයි සිතුවම් කතා කරන්නා තරමට අලංකාරව තිබිණි.

Read More

පිරිතේ බලමහිමය සියැසින් දැකගන්න …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ධ්‍යාන ලාභී භික්ෂූන් වහන්සේලා අප අතර කෙ‍ාතෙකුත් සිටිති. මේ ලෝකයේ රහතුන්ද වැඩවෙසෙති.  බුදුරදුන් පෙන්වා දෙනුයේ යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එහි පළමු වන ශ්‍රමණයා ද, දෙවැනි ශ්‍රමණයාද, තුන්වැනි හතරවැනි ශ්‍රමණයන් ද නොමැති බවයි. මෙහි පළමු ශ්‍රමණයා යනු රහතන් වහන්සේ ය. දෙවැනි ශ්‍රමණයා යනු අනාගාමි ආර්යයන් වහන්සේ ය. තුන්වැනි හතරවෙනි ශ්‍රමණයන් යනු සකෘදාගාමි හා සෝවාන් ආර්ය ශ්‍රමණයන්ය. බුදු සසුන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති හෙයින් මෙහි ශ්‍රමණයන් හතර දෙනාම වෙති. එහිදී පෙන්වා දෙනුයේ “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙයියුං න සුඤ්ඤො ලෝකො අරහත්තේහි අස්ස” භික්ෂූන් මනාකොට වාසය කරයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන වගයි.

Read More

error: Content is protected by www.ifbcnet.org.