බුදු දහමට සබැදි පොදු ලිපි ... Archives - Page 2 of 2 - IFBC Organization | Dhamma

වස් එළඹීම…

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි. එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය. රජවරුන්ගේ හෝ ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත සහ මහජනයාගේ උද්ඝෝෂණයන් පදනම් කොටගෙන පමණක් නොව සමකාලීන ආගමික සම්ප්‍රදායයන් හා සමගාමී වීමෙන් ද පැන වූ විනය ශික්ෂාවන්ගෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කළ අරමුණු 10ක් පිළිබඳව පාරාජිකා පාලියේ විස්තර වේ.

වර්ෂා, වස්සාන සහ වස් යනු පිළිවෙළින් සංස්කෘත පාලි සහ සිංහල භාෂාත්‍රයෙන් වැසි සහිත කාලය හැඟවීම සඳහා භාවිත කරනු ලබන පදයන් ය. මෙම කාලය හා සම්බන්ධ වූ ඉතා වැදගත් විනය කර්මයක් ලෙස වස් විසීමේ ක්‍රියාව දැක්විය හැකිය. ශාසනයාගේ ආයුෂ රඳා පවතින මෙවලම (විනයො නාම සාසනස්ස ආයු) විනය යැයි සැකෙවින් දැක්විය හැකිය. ඒ සඳහා භික්ෂූ සමාජයේ යහපැවැත්ම තීරණාත්මක සාධකයකි. විනය වූ කලී විනය සඳහාම නොවිය යුත්තක් බැවිනුත් එය සමාජය හා සමාජයේ යහපත සඳහා විය යුත්තක් බැවිනුත් දේශයට හා කාලයට අනුරූපව පැන වූ විනය නීති අවශ්‍යතාව අනුව යම් යම් වෙනස්කම් වලට භාජනය වූ අවස්ථා බොහෝ ය. ඇතැම් විනය නීති සහමුලින්ම අහෝසි කර දැමූ බවද පෙනේ.

Read More

පැන් පිදීමේ අනුසස් දැනගනිමු …

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

Read More

ගුරු-ගෝල තරඟයක අපූර්ව නිර්මාණය – අවුකන සහ රැස් වෙහෙර

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

“ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල”

අප මේ සුදානම් වන්නේ විශාරද අමරදේවයන් ගයනා කරන, මයගම සේකර රචනා කල මෙම ගීතය ගැන විචාරයක් කිරීමට නම් නෙවේ, ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉසව්වකට ඔබ ගෙන යන්නයි අද අපේ වෑයම.

Read More

බහු පෙණ නාගයෝ මිත්‍යයාවක් ද?

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

හෙළයන් වශයෙනුත්, බෞද්ධයන් වශයෙනුත් ‘නාගයා’ අපට හුරු පුරුදු සත්වයෙක්. කුරුණෑගල නයින්දනාව විහාරයේ දක්නට ලැබෙන පෙණ හතකින් යුතු උසින් අඩි හතක් පමණත්, පළලින් අඩි පහ හමාරක් පමණත් වන ගලින් නිම කළ නාග රූපය ගැන දක්වමින් පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කොට තිබුණේ පුරාණ යුගයක එහි නාග වන්දනාව පවතින්නට ඇති බවයි. බුදු දහම මෙරටට ලැබීමත් සමඟ නාගයන් කෙරෙහි වූ ගරු සත්කාර යම් තරමකින් වැඩි වූ බව නිසැකයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ නාගයන් වන්දනා කරන්නට හෙළයන් යොමුව තිබුණ බවට සාධක මේ පෞරාණික කැණීම් මගින් හෙළි වී තිබෙනවා.

Read More

කුටි සෙනසුන් පිදීමේ ආනිසංස හා කඨිනානිසංස …

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

ඔබ කිසියම් ම හෝ දවසක කවර ම ආකරයකට හෝ සම්බුද්ධ ශාසනය උදෙසා විහාරයක්, ආරාමයක්, කුටියක්, සෙනසුනක් ඉදි කරගැනීමට උපකාර කර ඇති, සෘජුව ම නොවුණත් වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ වී ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඔබ සම්බන්ධ වී ඇත්තේ කවරාකාර කුසළයකටදැයි ඔබ දන්නවාද? සසර කෙළෙස් ජය ගැනීමට මේ යන ගමනේදී ප්‍රඥාවන්ත ව, කළ කුසළානිශංස මෙනෙහි කරමින්, ඒවායෙ ප්‍රතිඵල මහත්ඵල කරගන්න, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ පහත දහම් විග්‍රහය බලන්න.

බොහෝ දෙනෙක් කඨින මහා පූජ්‍යෝත්සවයන් සඳහා ද සහභාගී වී ඇති නොඅනුමානයි. කඨිනානිසංස බොහෝ ඇති බව කියුවත්, ත්‍රිපිටක විග්‍රහයන්ට අනුව ඒ උතුම් කුසළය ඵල සහිත වන අයුරු පහත දෙසුමෙන් කියවා වටහා ගන්න.

PDF බාගන්න මෙතැනින් : කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස – අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005)2

දහම් ඇසීම / කියවීම භාවනවකි. නිවන් මඟට මහත් අත්වැලකි. ඒ ඔබ සියළුදෙනාටමත් එසේම වේවා!

දේශනාව කියවන්න පහළින්

Read More

නාගයන්ගේ රැකවරණය ලබන හාස්කම්වලින් පිරි නයින්දනාව ….

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

නාගයින් කියලා කියූ සැණින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරග නාගයින්. අතීතයේ නාග නමින් ගෝත්‍රයක් හිටියා කීවට ඒ ගෝත්‍රය කවුද? කියන එක ගැන විවිධ මත පළවෙනවා මිසක ඒ ගැන හරි ඒකමතික කමක් දක්නට නැහැ. මෙවර ‘‘කර්ම ගවේෂණ චාරිකාවෙන්’’ අපි බලාපොරොත්තු වෙනවා ගොඩාක් දෙනෙකුට තියෙන මෙම නාග ගැටළුවලට සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කරන්න.

කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුව නගරයේ සිට කි.මී.21 ක් ගිය පසු එගොඩගම හන්දිය තලාකොළ වැව පාරෙන් ගිය පසු නයින්දනාව කියලා තැනක් අපිට හමුවුණා. හැබැයි නයින්දනාව කියන්නේ ගමක නමක් නම් නෙවෙයි. පන්සලක නමකුත් නෙමෙයි. එහෙනම් නයින්දනාව කියන්නේ මොකක්ද? නයින්දනාව කියන නමේ ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවසට එහා ගිය එකක්. හැබැයි එදා නමින්ම තමයි අදත් හඳුන්වන්නේ. ඒ නයින්දනාව කියලමයි.

Read More

ධ්‍යාන බලයෙන් අහසේ පාවෙන නේපාල භික්‍ෂුව …

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

ඉංග්‍රීසි භාෂාවෙහි Levitation (ලෙවිටේෂන්) නමැති වචනයක්‌ තිබේ. මෙයට දිය හැකි සරළම භෞතික තේරුම සිටින තැනින් ඉහළට නැඟ පා වීමය. ඒ අතර තවත් විඤ්ඤාණවාදී තේරුම් දෙකක්‌ ද මෙයට තිබේ. ඉන් පළමුවැන්න ධ්‍යාන බලයෙන් අහසේ පාවීමය. අනෙක “සෘද්ධිචාරය” ය. සෘද්ධිචාරය පිහිටන්නේ රහතන්වහන්සේලා ඇතුළු සෘද්ධි බලයෙන් අහසේ ගමන් කළ හැකි අයට ය. ගුප්ත විද්‍යාවට අයත් භූතාත්මවලට මෙන්ම දේව සංකල්පයේ පාර්ශ්වකරුවන් වන දෙවිවරුන්ටද අහසින් ගමන් කළ හැකි බව පිළිගැනේ. තම සිරුරට සවි කර ගත හැකි ජෙට්‌ එන්ජිමක ආධාරයෙන් අහසේ ගමන් කිරීමට භෞතික විද්‍යාඥයකුට හෝ ඔහු විසින් එම කාර්යය සඳහා යොදවන පුද්ගලයකුට පුළුවන. අප ගුවන් යානයක යන විට සිදු වන්නේද අහසේ පාවීමකි. පැරෂුටයක්‌ නැතිව තට්‌ටු තිහ හතළිහක්‌ උස අහසින් බිමට පනින කෙනකු ද ක්‍රමානුකූලව අහසේ සිට මහ පොළවට පාවී එයි. ඔහුගේ ගමන සිරස්‌ (Vertical) අතට සිදු වන්නක්‌ වන නිසා පෘථිවියට ආසන්න වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසුවී ඉතාම වේගයෙන් පොළොව මතට වැටී ඔලුව පැලී කොන්ද කැඩී අතපය කුඩු වී විනාශයට පත් වෙයි.

Read More

අවාරයේ සිරිපා වඳින කුරු අලි රංචුව

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

උපාධි උපගුරුවරයකු ලෙස සේවය කරද්දී අධ්‍යාපන පරිපාලන සේවා විභාගයට පෙනී සිටියෙමි. විභාග ප‍්‍රතිඵල පිට වී අවුරුදු තුනක් ගත වන තුරු වරින් වර සම්මුඛ පරීක්‍ෂණ තුනකට පෙනී සිටියෙමි. විභාගයෙන් හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමර්ථව සති දෙකක පුහුණුවෙන් පසු විදුහල්පති ලෙස නුවරඑළි දිස්ති‍්‍රක්කයේ හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයට දුෂ්කර සේවය සඳහා පළමු පත්වීම ලැබුවෙමි. එහෙත් එහි සේවය කරමින් සිටි විදුහල්පති මහතාට කොළඹට දී තිබූ පුරප්පාඩුව අහිමි වූ බැවින් ඔහු යළිත් මුල් විදුහලටම පැමිණියේය.

මට ඉන්පසු ලැබුණේ ශ්‍රී පාද අඩවියේ සමන් එළිය මහා විද්‍යාලයේ විදුහල්පති පදවියයි.

වතුකරයේ මස්කෙළිය නගරය කෙළවර තේ වතු යාය මැද මේ විදුහල විය. වටේට බැලූ තෙක් මානයේ ඇත්තේ කොළපාට තේ වතු යායයි. ඒ වසාගෙන නිල් කඳුපෙළ හා එක් පැත්තකින් පරිවාර කඳු හතක් සහිත ශ්‍රී පාද කඳුවැටිය ඉදිරියෙන් පෙනෙයි. විදුහලේ මිදුල පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද දෙසටය.

Read More

අපායට ගිහින් ආ තරුණයෙක් …

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | 2 Comments

මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සත්‍ය සිදුවීමකි.
අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.

අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.

මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.

මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.

Read More

දළදා ඇත්පන්තිය ගැන ඔබ නොදත් කථා …

Posted by | බුදු දහමට සබැදි පොදු ලිපි ... | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

දළදා පෙරහර විසිතුරු කරන අලි ඇතුන්ගේ විත්ති විස්තරයි අප එදා කතා කළේ… ඒ අලි ඇතුන් පෙරහර මංගල්‍ය සාරවත් කරන අයුරු ගැන, උන්ගෙන් පෙරහරට වෙන අගය ගැන, අප එදා තව තවත් කතා කළා… මහනුවර කියන්නේ දැනට සියවස් ගාණකට ඉස්සර අලි ඇතුන්ගෙන් පිරුණු නගරයක්… හැම තැනකම හැම වැඩකටම යොදා ගන්නේ අලි ඇත්තු… ඒ ගැන මෙහෙම කතා කළාට මදි… ඔබ දවසක නුවර ගිය වෙලාවක බලන්න යන්න මඟුල් මඩුව… රන් ආයුධ මණ්ඩපය, මාලිගා පරිශ්‍රය මේ ස්ථානවල කෙරුණු අනන්ත වැඩවලට අලි ඇතුන් නොයෙක් විදියට සහභාගි කරගන්න ඇති… ඒකයි නුවර යුගයේ චිත්‍රවල, කැටයම්වල අලි ඇතුන්ගේ විවිධ ඉරියව් නිර්මිත රූ රටා තියෙන්නේ… ඉතින් අපි අදත් මාලිගාවේ ඇත් පන්තියේ කතා ගොන්න අස්සට රිංගමු…

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.