බුද්ධ වංශය ( The Buddha wanshaya) Archives - IFBC Organization | Dhamma

බුද්ධ වංශය ( The Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments
අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම මෙ හි දක්වා ඇත. එ නම් අසංඛ්‍ය කල්ප සතරකුත් මහා කල්ප ලක්ෂයක් තුළ පහල වූ බුදුවරුන් පිළිබඳ ව ය. එ සේ නමුත් ඊට ප්‍රථම ව ද, ප්‍රමාණ කළ නො හැකි තරම් සංඛ්‍යාවක් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ට පත් ව ඇති බව දත යුතු ය. අනාගතයේ ද, එ වැනි ම අයුරින් ලොව්තුරු සම්මා සම්බුදුවරයාණන් වහන්සේලා පහළ වන්නේ ය. අතීතයේ දී විවිධ හේතු නිසා අසංඛ්‍ය ගණනින් සම්බුද්ධ ශාසනයන් මගහැරී ඇති බව ත්, එ බැවින් ම කුසල් රැස්කර පාරමී ධර්ම සපුරා නිවන් මග ට පිවිස ධර්මාවබෝධය කිරීම ට සියලු දෙනා අප්‍රමාදී ව කටයුතු කළ යුතු ය.
සාර මණ්ඩ කල්පය (බුදුවරු සතර නමක් පහළ වේ)
දීපංකර බුද්ධ වංශය.
(තණ්හංකර, මේධංකර, සරණංකර යන තථාගතයන් වහන්සේලා මෙ ම  සාර මණ්ඩ කල්පයේ ම පෙර පහළ වූ බුදුරජාණන් වහන්සේලා වෙයි.)
සාර කල්පය (බුදුවරු එක් නමක් පමණක් පහළ වේ)
කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය.
සාර මණ්ඩ කල්පය (බුදුවරු සතර නමක් පහළ වේ)
මංගල බුද්ධ වංශය.
සුමන බුද්ධ වංශය.
රේවත බුද්ධ වංශය.
සෝභිත බුද්ධ වංශය.

Read More

දීපංකර බුද්ධ වංශය ( Deepankar Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

සරණංකර බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙ හි ද,  කිසිවකු පන්සිල් හි ද,  අනිකකු දස සිල් හි ද, යෙද වී ය. ඒ දිවකුරු මුනික්ෂ  තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යය යි කියන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසයි. කිසිවෙකුහට අසම දහම් වූ සිවු පිළිසිඹියාවන් දෙසයි. නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි.   කිසිවකුහට ත්‍රි විද්‍යාවන් ද,  ෂඩ් අභිඥාවන් ද දෙයි. මහමුනිඳු තෙම ඒ ක්‍රමයෙන් ජන සමූහයා ට අවවාද කරයි. එහෙයින් ලෝක නායක දිවකුරු මුනිඳුන් ගේ සස්න පැතිර වීය.

පිරුණු කොපුල් ඇති ගව රජෙකු ගේ කඳ ට බඳු කඳක් ඇති දීපංකර නම් බුදුරජහු බොහෝ දෙනා සසරින් එතෙර කරයි.  දුගතියෙන් මුදවයි. මහමුනික්ෂප සිව්සස් අවබෝධ කළ හැකි ජනයා දැක සිය දහස් ගණන් ද, යොදුන් ඇසිල්ලකින් ගොස් ඔහු ට සිව්සස් අවබෝධ කරවයි. ලෝනාහිමි වූ බුදුරජතෙම පළමුවර ධර්මවබොධයේ දී කෝටි සීයක් මහජනයා ට සිව්සස් අවබෝධ කළ සේක. දෙවන වර ධරමාවබෝධයේ දී අනූකෝටියක් දෙනා ට සිවුසස් අවබෝධ කළ සේක. යම් කලෙක් හි බුදුරජතෙම දෙව් විමනෙ හි දී දහම් දෙසූ සේක් ද,  එ කල කෝටි අනූ දහසක් දෙනා ට තුන්වන වර ධර්මාවබෝධය විය.
Read More

කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය ( kondanna Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

දිවකුරු බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති,  අපමණ පිරිස් ඇති,  පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය.  සීලයෙන් සාගරය ට බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට බඳු උපමා ඇත්තේ ය.

බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්‍රිය, බල, බොජඣංග,  මග්ග, සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලක‍ෂයක් දෙවි මිනිසුන් ට පළමුවන වර ධර්මාවබෝධය විය. ඉන් පසු ත් දෙවි මිනිසුන් ගේ රැස්වීමක දහම් දෙසන කල් හි කෝටි අනූදහසක් දෙනා ට දෙවනවර ධර්මාවබොධය විය. යම්කලෙක තීර්ථකයන් මඩිමින් දහම් දෙසී ද,  එ කල කෝටි අසූ දහසක් දෙනා ට තුන්වන වර ධර්මාවබෝධය විය.

මහඍෂී වූ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණ ඇති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි සියක් දහසක් රහතුන් ගේ පළමු රැස්වීම විය. කෝටි දහසක් රහතන්ගේ දෙවන රැස්වීම වී.  අනූ කෝටියක් රහතුන් ගේ තුන්වන රැස්වීම විය. Read More

මංගල බුද්ධ වංශය ( Mangala Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

කොණ්ඩඤ්ඤ නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.
ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්. අසම වූ බුදුබව ට පැමිණ පළමුවන දම්දෙසුමෙ හි දී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසක ට පළමුවන වර ධර්මාවබෝධය විය.
ඒ බුදුරජතෙම සක්දෙව් විමනෙ හි දී දම් දෙසූසේක් ද, කෝටි නව දහසකට දෙවන වර ධර්මාවබෝධය විය. යම් කලක ආනන‍ද නම් සක්විති රජ බුදුරදුන් වෙත එළඹියේ ද,  එ කල භාග්‍යවත් වූ සම්බුදුරජ තෙම ඉතා උතුම් දහම් නමැති බෙරය ගැසී ද, ඒ කාලයෙ හි සුනන්ද නම් සක්විති රජහු ගේ එකට හැසිරෙන ජන සමූහයෝ අනූ කෝටියක් වූ හ. ඒ හැම දෙන ම ඉතිරි නො වී ඒහිභික්ඛු භාවයෙන් (මහණ මෙහි එව කී පමණින්) පැවිද්දෝ වූ හ.

Read More

සුමන බුද්ධ වංශය ( Sumana Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

මංගල බුදුරදුන් ට පසු කාලයෙ හි සියලු ධර්මයෙන් අසම වූ,  සියලු සත්වයන් ට උතුම් වූ,  සුමන නම් ලෝකනායක තෙම විය. ඒ කාලයෙ හි ඒ සුමන බුදුරජහු ද මෙඛල නම් නුවර දී චතුරාර්ය සත්‍ය ධර්ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.

ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බොධිය ට බුදුබව ට පැමිණ නිවන් නමැති නුවරක් මැවී ය.   ඒ දහම් නමැති පුරයෙ හි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී ය. ඒ වීථියෙ හි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද,  සිව්පිළිසිඹියාවන් ද,  ෂඩ් අභිඥවෙන් ද, අට සමවත් ද පැතිර වීය.

යම් කෙනෙක් නො පමාවූවාහු ද,  පඤ්චචෙතොබලයෙන් සිතේ ඇනුණු උල් පසින් තොරවූවාහු ද,  ලජජාවෙන් හා වීර්යයෙන් යුක්තවූවාහු ද,  ඒ ඒ දෙවි මිනිස්සු මේ උතුම් ගුණයන් පහසුවෙන් ගණිත්. මෙ සේ සුමන ශාස්තෘන් වහන්සේ මේ ආකාරයෙන් මහජනයා සසර සයුරෙන් ගොඩලමින් කෝටි ලක‍ෂයක ට පළමුවර සිව්සස් අවබෝධ කරවූ සේක. Read More

රේවත බුද්ධ වංශය. ( Rewatha Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

සුමන බුදුරදුන් ට පසු කාලයෙ හි උපමා රහිත,  සමාන කෙනෙක් නැති,  අසම වූ, උතුම් වූ, පස් මරුන් දිනූ රේවත නම් බුදුවරතෙම වීය. ඒ රේවත බුදුරජහු ද, බඹහු විසින් අයදනා ලද්දේ,  පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස් ධාතුන් ගේ විභාග කිරීම ඇති, භවාභවයන් ගේ මනා පැවැත්ම කරන ධර්මය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ගේ දහම් දෙසුමෙ හි දී අභිසමය (ධර්මාවබෝධය) තුනක් වූ හ.   පළමු ධර්මාවබෝධය ගණනින් නො කිය හැකි ය. යම් කලෙක රේවත මුනිඳු තෙම “අරින්දව”  නම් රජු හික්මවී ද,  එ කල් හි කෝටි දහසක් දෙනා ට දෙවන ධර්මාභිසමය විය.

බුදුරජ තෙම සත් දවසක් සිත එකඟ කිරීමෙන් විවේකයෙන් හිඳ නැගීසිට, කෝටි සියයක් දෙවි මිනිසුන් උතුම් රහත් ඵලයෙ හි හික්ම වීය. රේවත බුදදුරදුන් ට තාදී ගුණ ඇති,  යහපත් ව මිදිණු, රාගාදී කෙලෙස් කිලුටු නැති රහතුන් ගේ රැස්වීම් තුනක් වූ හ. යම් කෙනෙක් පළමු රැස්වීම ට පැමිණියාහු ද, ඔවුහු ගණන් මගින් ඉක්ම ගියාහු,  කෝටි ලක්ෂයක් දෙනෙකුන් ගේ දෙවන රැස්වීම වීය.

යම් බුදු කෙනෙකු නුවණින් අසම ද, ඒ නුවණ ට අනුව දම්සක් පවත්වයි ද, ඒ රේවත බුදුරජතෙම ඒ කාලයෙ හි ලෙඩින් පෙලුණේ,  ජීවත් වේද, නො වේ ද, යන සැකය ට පැමිණියේ වීය. ඒ කාලයෙ හි උන්වහන්සේ ගේ ලෙඩ විචාරීම පිණිස යම් ස්ථිර සිත් ඇති කෝටි ලක‍ෂයක් රහත්හු එළඹියාහු ද, තුන්වන රැස්වීම විය. Read More

අනෝමදස්සී බුද්ධ වංශය ( Sobhitha Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

රේවත බුදුරදුන් ට පසු කාලයෙ හි එකඟ වූ සන්සුන් සිත් ඇති  අසම වූ  තමාහට සමානයෙක් නැති සෝභිත නම් ලෝහිමි බුදුරජතෙම පහල විය. ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙ හි දී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. දම්සක් දෙසුමෙ හි දී උඩින් භවාග්‍රය තෙක් ද, යටින් අවීචිය තෙක් ද,  මේ අතර එක පිරිසක් විය. සම්බුදුවරතෙම ඒ පිරිසෙ හි දම්සක් පැවැත්විය. ගණන් නො කළ හැකි පිරිසක ට පළමුවන ධර්මාවබෝධය විය.

ඉන් පසුව ත් දෙවි මිනිසුන් ගේ සමාගමයෙ හි දී දහම් දෙසන කල් හි කෝටි අනූ දහසක් දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය විය. නැවත “ජයසේන” නම් කැත් රජදරු තෙම ආරාමයක් ගොඩනගා ඒ  කාලයෙ හි බුදුරදුන් ට පාවාදුන්නේ ය. පසැස් ඇති බුදුරජතෙම ඒ “ජයසේන” රජු ගේ දානය වර්ණනාකොට දහම් දෙසූ සේක. එ කල්හි කෝටි දහසක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය විය.

මහාඍශි වූ සෝභිත බුදුරදුන් ට තාදී ගුණ ඇති  සන්හුන් සිත් ඇති  රාගාදී කිලුටු රහිත රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ. Read More

අනෝමදස්සී බුද්ධ වංශය ( Anomadassi Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

සොභිත බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අපමණ පිරිවර ඇති  තේජස් ඇති  යටහත් කළ නො හැකි අනොමදස්සී නම් සම්බුදුරජතෙම විය. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ  කාම, රූප, අරූප, යන තුන් භවයන් නසා  දෙවි මිනිසුන් ට පැවැත්ම ට විරුද්ධ වූ මග දෙසූ සේක.

උන්වහන්සේ සාගරය මෙන් නො කැළඹිය හැක්කේ ය.  අහස මෙන් කෙළවරක් නැත්තේ ය.  මහාමේරු පර්වතය මෙන් නො ළං විය හැක්කේ ය.
දෙතිස් මහා පුරුෂ ලක‍ෂණ  අසූ අනූ ව්‍යංඤජන ආදියෙන් මල් පිපුණු සල් ගසක් මෙන් බබළයි. සත්ත‍වයෝ ඒ බුදුරදුන් දැකීමෙන් ද, පිණාගියාහු වෙත්.  ඒ සත්ත‍වයෝ දහම් දෙසන බුදුරදුන් ගේ වචන අසා නිවන ට පැමිණෙත්.

ඒ කාලයෙ හි උන්වහන්සේගේ ධර්මවබෝධය සමෘධවූයේ වැඩුනේ ද විය.   පළමුවන දම් දෙසුමෙ හි දී කෝටි සියයක් සත්ත‍වයෝ ධර්මවබෝධය කළ හ. ඉන් පසු ද, ධර්මවබෝධය වන දහම් වැසි වස්නා දෙවන දම් දෙසුමෙ හි දී, අසූ කෝටියක් දෙනා ධර්මවබෝධය කළ හ.

ඉන්මතු ත්, දහම් වැසි වස්නා කල් හි ද එයින් ජනයන් ට සංග්‍රහ කරන කල් හි ද,  සැත්තෑ අට කෝටියක් සත්ත‍වයන් ට තුන්වන ධර්මවබෝධය විය. Read More

පදුම බුද්ධ වංශය. ( Paduma Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

අනොමදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සත්ත‍වයන් ට දෙව් මිනිසුන් ට උතුම් වූ ගුණයෙන් අසම වූ,  තමා ට සමාන පුද්ගලයෙක් නැති,  නමින් “පදුම” නම් සම්බුදුරජ තෙම විය. උන්වහන්සේ ගේ ද, ශීලය අසම ය. සමාධිය ත් කෙළවරක් නැත. උතුම් සර්වඥතාඥානය නොහොත් ෂඩ් අසාධාරණ ඥානය ද, අසංඛ්‍ය ය.  විමුක්තිය ද, උපමා රහිත ය. අසම තෙද ඇති,  ඒ පදුම බුදුරජහු ගේ දම්සක් පැවැත්මෙ හි මහත් මොහඳුර දුරු කරන ධර්මවබෝධ තුනක් වූ හ.

සම්බුදදුරජතෙම පළමුවන ධර්මවබෝධයෙ හි දී කෝටි සියයක් දෙනා ට සිවුසස් අවබෝධ කරවීය.
නුවණ ඇති බුදුරජහු දෙවන ධර්මවබෝධයෙ හි අනූකෝටියක් දෙනා ට ධර්මවබෝධය කරවූ සේක. යම් කාලයෙක පදුම බුදුරජතෙම සිය පුතු ට අවවාද කළ සේක් ද,  ඒ කාලයෙ හි අසූ කෝටියක් දෙනා ට තුන්වන ධර්මවබෝධය වීය.

මහඍෂී වූ “පදුම” බුදුරදුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි ලක‍ෂයක් රහතුන් ගේ පළමුවන රැස්වීම විය. කඨින සිවුරු අතුරණ කාලයෙක කඨින සිව්රක් ලැබුණු කල් හි දම් සෙනෙවි “සාල” තෙරුන් පිණිස භික‍ෂූහු කඨින සිව්ර මැසුවාහු ද, ඒ කාලයෙ හි කෙලෙස් සතුරන් විසින් නො පරදවන ලද,  මහත් ඍද්ධි ඇති,  ෂඩ් අභිඥාලාභී,  කෙලෙස් කිලුටු නැති ඒ භික‍ෂූහු තුන් ලක‍ෂයක් රැස්වූ හ. මේ දෙවන රැස්වීම ය. නැවත ද ඒ පදුම බුදුරජතෙම මහා වනයෙ හි වස් විසීම ට එළඹි සේක්, ඒ කාලයෙ හි දෙලකක්ෂයක් රහතුන් ගේ සමාගමය විය. මේ තුන්වන රැස්වීම ය. Read More

නාරද බුද්ධ වංශය ( Narada Buddha Wanshaya )

Posted by | බුද්ධ වංශය ( The Buddha wanshaya) | No Comments

පදුම බුදුරජුන් ට පසුකාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ  සමාන පුද්ගලයෙක් නැති නමින් “නාරද” නම් වූ සම්බුදු රජතෙම වී ය. ඒ නාරද බුදුරජතෙම සක්විති රජු ගේ ළයෙ හි වැඩුණු ආදරණීය දෙටුපුත් ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේ ය.
ඒ උයනෙ හි ලෝකයෙ හි ප්‍රසිද්ධ ව දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේ ය. ඒ තොටිල ගස මුල දී වජ්‍රයකට බඳු තියුණු වූ පමණ කළ නො හැකි සර්වඥතාඥානය උපනි.  ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කළේ ය.


ඒ තොටිල ගස මුල දී සියලු කෙලෙසුන් ඉතිරු නො කොට විනාශය ට පැමිණ වී ය. හුදෙක් තනි රහත් මග නුවණ ට ද, තුදුස් බුදු නැණ ට ද පැමිණි සේක.

උන්වහන්සේ බුදු බව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. කෝටි ලක‍ෂයක් දෙනා ට පළමු වන ධර්මවබෝධය වී ය.

ඒ කාලයෙ හි නාරද මහමුනිසඳු  “මහාදොණ” නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා දක්වමින් යමාමහ පෙළහරක් කළ සේක. ඒ කාලයෙහි කළ ඒ දම්දෙසු මෙ හි දී කෝටි අසූ දහසක් දෙවි මිනිස්සු සියලු සැක දුරු කළ හ.

මහාවීර වූ නාරද බුදුරජතෙම යම් කාලයක සිය පුතු ට අවවාද කළ සේක් ද, ඒ කාලයෙහි කෝටි අසූ දහසක් දෙනා ට තුන්වන ධර්මවබෝධය වී ය. මහඍෂී වු නාරද බුදුරජුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි ලක‍ෂයක් දෙනා ගේ පළමු වන සමාගමය වී ය.
Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.