497 කිංඡන්ද ජාතකය

සඬර්‍ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් උපාසක වරුන්ගේ පෙහෙවස්රැකීමෙන් අරභයා මේජාතකය වදාළ සේක.

දිනක් බුදුරජාණන් වහන්සේ බණ අසනු පිණිස දම් සභා මණ්ඩපයට පැමිණ පෙහෙවස් රැකී උපාසක වරුන්අමතා පින්වත්තී, තෙපි පෙහෙවස්රැකීමේ විපාකයෙන් බොහෝ යසස් ලද්දාහු වේදැයි වදාරා මේ ජාතකය ගෙනහැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර දසරාජ ධර්මයෙන් රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන්ට අල්ස් කන සුළුවූ අධර්මිෂ්ට අධිකරණ නායකයෙක් වූයේ. එක් පොහෝ දිනයෙක්හි රජතෙම ඇමති වාදීන් කැඳවා පින්වත්ති, උපෝසථ ශිලය මාදන් වුයේ දැයි විචාළේය. එදින අධිකරණ නායකයා පෙහෙවස් සමාදන්ව නොව අල්ලස් ගෙන බඩුවිසදා අයුක්ති කොට රාජ සේවයට ආයේ. ඔහු අතිනුත් පෙහෙවස් සමාදන් වූයේදැයි විචාළේ එසේයි පෙහෙවස් සමාදන් වූයේදැයි විචාළේ එසේයි එසේයි පෙහෙවස් සමාදන් වීමියි කියා මාලිගයෙන්බටුයේය. ඔහු සිල්සමාදන් නොවු නියාව දත් එක් ඇමතියෙක් ඇයි? ආචාරණි බොරු කීයේ ඇයි දැයි තින්දු කළේය. එවිට අධිකරණ ඇමති මම උදෑසන බත්අනුභව කොට ගියෙමි. දැන් ගෙට ගොස් මුව සෝදා සිල් සමාදන් වන පමණක් වේදැයි කියා ගෙට ගොස් අඩපෝයක්සිල්සමාදන්වීය පෙහෙවස් ගකි ස්ත්‍රියකට අඩ කැනක්දින බමුණා කළපින් මෙපමණක්ම වූයේය.

ඔහු කල් යාමෙන් කළුරිය කොට හිමාල වනයෙහි කොසිනික නම් ගංගා ප්‍රදේශයෙහි එක් වනයක රන් විමනෙක්හි ශ්‍රි යහන් මතුයෙහි නින්දා පිබිදියාක් මෙන් ගොස් උපන්නේය. දොළොස් දහසක් දෙවගනක් විසින් පිරිවරන ලදුව භාලයෙහි රාත්‍රී අපමණ වූ දිව්‍ය සම්පත් විදින්නේය. විමන් ප්‍රේත භාවය හේතු කොට ගෙණ අරණු නැගී කල්හි දිව්‍ය ආත්ම භාවය අතුරුදහන් වී සියළි ශරිරයම ගිණිගෙන දිලිසෙමින් සුපිපිමලින් ගැවසි ගත් කෑලරකක් වන්නේය. ඔහුගේ අත් දෙකෙහිම එක එක ඇඟිලි වන්නේය. එහි මහත් උදළු පමණ නිය ඇත්තේය. ඒ නියෙන් තමාගේ පිට මස්පලා උපුටා කමින් මහත් වේදනාවෙන් පීඩිත වූයේ බැගෑපත් හඬින් හඬමින් දිවා භාගයෙහි ප්‍රේත දුක් විදින්නේය. හිරු අස්තයට ගිය කල්හි ඒ ප්‍රේත ශරිරය පහළ වී දිව සැප විදින්නේය. පුර්ව ඡන්මයෙහි පෙහෙවස් රකින ස්ත්‍රියකට දුන්නාවූ අඹ කැනෙහි අනු හසින් තුන් යොදුන් වූ පමණ වූ අඹ උයන්ක් ලද්දේය. අල්ලස් ගෙන අධර්මයෙන් නඩු විසඳු පාපයෙන් තමාගේ පිට මස් තමාම උපුටා කමින් දිවා භාගයෙහි මහත් වූ දුක් විදින්නේය. අඩ පොහෝ සිල් රැකි අනුහසින් රාත්‍රියෙහි සොලොස් දහසක් දෙවඝනුන් පිරිවරා ප්‍රීතිවන්නාහ.

එසමයෙහි බරණැස් රාජ කාමයෙහි ආදීනව දැක සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ඒ විමාන ප්‍රේතයා වසන කොසිනික ගංගාව අසල පන්සලක් කොට ගෙන දවස් හරනේය. දිනක් තාපසයන් ජලස්නානය කරන ගංතෙරට කලයක් හා සමාන අඹ ගෙඩියක් ලැබී එය ගෙන ගොස් වෙන අහරයක් නොසොයා දින කීපයක්ම එයින් ම රැකුනේය. ඒ නිමාගිය කල්හි වෙන ඵලයක් කෑ නුහුණුයේ අඹරස තෘෂ්ණාවෙහිද බැඳි එම අඹම අනුභව කරමියි ලෝභයෙන් ගංතෙරට ගොස් උන්නේය. මෙසේ නිරාහාරව සය දවසක්ම ඉක්මි ගියේය. සත්වෙනි දවසෙහි මෙය දුටු ගංතෙරට අධිගෘහිත දෙව්දුව මේ සිල්වත් තාපසයන්ට අඹ ඵලයක් ම දී යුක්ති නොවන්නේය. මොහු එය නොලද්දේ වීනම් මෙතැන්හිම මිය යන්නෙයයි සිතා පැමිණ අහසෙහි සිට තාපසයෙනි, කුමක් පතා මෙහි පසුවන්නෙහිදැයි විචාළිය. තාපසයන් වහන්සේ තම අභිප්‍රාය දෙව්දුවට දන්වා තී කවුදැයි විචාලේය. මම මේ ගංගාවට අධිගෘහිත දෙව්දුවයි පවසා තාපසයන් අමතා තාපසයෙනි, රජ සැප හැර තවුස් වෙස් ගත් තොප මේ සුළු රසයක් කෙරෙහිම ලෝභ කිරීම යෝග්‍ය නොවන්නේය.

ඒ රස තෘෂ්ණාවෙන් වලකු මැනවි. මෙයින් තොපගේ නුවණැති භාවයක් නොපෙනේ. තපසුන්ටනුසුදුව මේ රස බන්ධනය දිව්‍ය බ්‍රහ්මයෝ තොප නොකීවත් තමන්ගේ ආනු භාවයෙන් දන්නාහ. කිසි කලෙකත් රහසින් පවක් නොකළ තාපසයන් පසුතැවිලි දක්වා කීයේය. දෙව්දුවගේ බස් ඇසු තාපසයෝ කියන්නාහු උතුම් ගුණ ඇති මාකෙරෙහි නින්දා වචනායන් අපහාස කරන තෙපි පාපයට හිමිකාරියක් වන්නීය.
ඉදින් මම තොප අධිගෘහිත ගංතෙරෙහි නැසුනොත් මෙසේ තපස් වී කෙනෙකුන් නිරිහාරව මිය යද්දී බලා හුනැයි තොපට අයස් පැමිණිමෙනුත් ප්‍රාණයක් නොරැකීමෙන් වන පාපයෙනුත් වලකිනු මැනවයි කීයේය. එබස් ඇසු දේවතා දුව හොඳයි තොපට කැමති තාක් රස අඹ දෙමියි පිය පුත්‍රයන් වඩා ගන්නා මවක් මෙන් ඔසවාගෙන අහසින් ගොස් තුන් යොදුනක් පමණ වූ එම අඹ උයනෙහි තාපසයන් සිටුවා අඹ වනය වර්ණනා කොට අඹ කැමති පමණ අනුභව කොට තෘෂ්ණාව නිවා ගතමැනවයි කියා දෙව්දුව තමා වසන විමානයට ගියාය.

ඒ තාපසයෝද තෘෂ්ණාව පූරා අඹ අනුභව කොට වෙනෙහි ඇවිදිනා කල්හි දවල් දුක විඳින විමාන ප්‍රේතයා දැක භයින් කිසිවක් කියාගත නුහුණුයේ රාත්‍රිය දිව්‍ය සම්පත් විඳිනවා දැක එහි ගොසස් ඊට හේතුව විචාරා එම තාපසයන් වහන්සේ පෙර බරණැස් රජව සිටියදී අධිකරණ ඇමති ව කරන කුසල් අකුසල් දෙකට ලැබී ඇති සැප විපාකය පෙන්වා තමා විදීනි දුකෙහි භයානක කම පෙන්වා තාපසයන් වහන්සේ ප්‍රවෘජ්‍යාවට ආ තැන් පටන් අඹ උයනට ආතෙක් සියළු විස්තර තාපසයන් අතින් අසා දැකන කිමෙක්ද තාපසයෙනි, මෙහිම රඳනු කැමති සේක් දැයි විචාළේය. එබස් ඇසු තාපසයෝ මෙතැන්හි වසනු නොකැමැත්තෙමි. පෙර මාසිටින පන්සලට යනු කැමැත්තෙමියි කීයේය. එකල්හි විමාන ප්‍රේත තෙම හොඳයි ස්වාමිනි වැඩිය මැනවයි මමත් දිවි පනමණින් අඹ දෙමියි තමාගේ ආනුභාවයෙන් පන්සලට ගෙනවුත් තබා ගොස් දින පතා අඹ ගෙනවුත් පිළිගන්වන්නේය. තාපසයේ නොබෝ දිනකින් ධ්‍යාන වඩා සමාපත්ති උපදවා මිය ගොස් බඹලොව උපන්නාහ.

එසමයෙහි දෙව් දු නම් උපුල්වන් මෙහෙන්‍ණින් වහන්සේ තාපසයෝ නම් බුදු රජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

498 කුම්භ ජාතකය
496 පඤ්ච පණ්ඩිත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.