428 තිත්වටු ජාතකය

තවද එක්සමයෙක්හි මහනීය ගුණ මහිම සම්‍යක් සම්බුද්ධ රජොත්තමයානන් වහන්සේ ධර්මමාතෘ පර්ෂාවෙන් කෙලෙශ දහන නිර්වාපනය කොට චෛනෙය ජනයන් මනදොල පුරමින් ලකුළු ගිජුකුළු පව්වෙහි ආර්ය ඊයාපථ විහරණයෙන් වාසය කරණසේක් මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාළසේක.

එසමයෙහි ප්‍රසිද්ධ දම්සභා මණ්ඩපයෙහි විසුද්ධ බුද්ධාසන පිරිවරා උන් ශික්‍ෂාකාමී භික්ෂූහු බලා ඇවැත්නි මේ දේවදත්ත ස්ථවිරයෝ නම් ලජ්ජා නැති එකෙක. ඔහු සිත සංජාත උතුම් ගුණාලවයකුත් නැත්නේය. එසේ සිටන් බුදුවනු කැමැත්තේය. මුළු ලොවට පතල අපමණ ගුණ ඇති බුදුරජානන් වහන්සේගේ සසුන් වැඳ කෙලෙසුන්ම දැරිය, අජාසත් රජු හා සමඟ නිවන් මඟ වලකන්නාක් මෙන් බුදුන් විදීමට දුනුවායන් යෙදීය. අපාය මග එළිකරවන්නාක්මෙන් ගල් පෙරළිය. අධර්ම නමැති රජ ප්‍රදක්‍ෂිණා කරන්නාක් මෙන් මදැතු බුදුන් සිඟා වඩනා පුරවිථියෙහි හැරවුයේය. තමාගේ සිල්සෙනඟ භග්න කරන්නාක් මෙන් සංඝභේද කළේය. යනාදීන් සත්ගුණයෙන් අස්ථිර වූ දේවදතත ස්ථවිරයාගේ නුගුණ පහළ කලාහුය. එබස් දිවකනින් අසා ලොවට මතුවන වැඩ නිසා අසාධාරණ වූ බුද්ධිමහිමයෙන් ධර්මරාජාන්වූ සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ ප්‍රඥප්තවූ බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ රත්න ප්‍රතිමාවන් මෙන් නිශ්ලව උන් භික්‍ෂු ගණයා බලා එම්බා භික්‍ෂුනි මා එන්නාට පළමුවෙන් මෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි අසා මහණෙනි මා නිසා අසාරවූ දේවදත්ත ස්ථවිරතෙම දැන් මතු වද යෙදුයේ නොවෙයි. බෝසත් කලක් මහත් වදයේදුයේ වේදැයි වදාරා සංක්‍ෂේපව පැවති එපවත් විස්තරයෙන් අසනු කැමති ගණයා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

පෙර දොළොස් යොදුන් බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජක්හු රාජ්‍ය ශ්‍රී අනුභව කරණ කල්හි වෙද වෙදාහ සමය සමයාංග ශිල්ප ශාස්ත්‍රයෙහි නිෂ්පත්තියට පැමිණ දිසාපාමොක් ආචාරියෙක් ඒ බරණැස වසන පන්සියයක් පමණ මානවකයන් ශිල්ප උගන්වනුයේ,එක් දිනයෙක සම්බාධවූ මේ ග්‍රහවාසය මටත් පළිබෝධය ශිෂ්‍යයන්ගේ ශිල්ප ඉගැන්වීමටත් බාධාය, එබැවින් හිමවත් වනයට යෙමි සිතා එපවත් අතවැස්සන්ට කියා වල්හි කල්යවා විසීමට නිසි තල සහල් තෙල් මී සකුරු වස්ත්‍රාභරණ නොහැරගෙණ පිරිවර අතවැස්සන් හා සමඟ මහමග ගෙවා විවේක ජනාලය වූ හිමාලයෙහි ජනමන නන්දනවනයක් මෙන් හොබනා එක් අරණ්‍ය ප්‍රදේශයකට පැමිණ මග අසල්තැනෙක පන්සල කරවා විසීය. ඒ පන්සියයක් අතවැස්සෝද පන්සල්කොට එතැන විසුවාහුය, ඔවුන්ගේ නෑයෝද තමන්ගේ උපකරණ ඔවුන්ට එවන්නාහුවෙති එපන්සලට අසල්වූ පසල්දනව්වෙහි වසන ජනයෝද ශිල්ප උගන්වා වසන්නාවූ ඒපන්සලට අසල්වූ පසල්දනව්වෙහි වසන ජනයෝද ශිල්පඋගන්වා වසන්නාවූ ඒ ආචාරීන්ගේ ගුණ කථා අසා ප්‍රසන්න වූ සිතින් අනනාපානාදීවූ උපකරණ එවන්නාහුය. තවද එයින් එක් මිනිසෙක් මෙයින් ආචාරීයහට නිදුක් වේවායි කියා කිරි දෙනෙකු හා වසෙසකු එවීය. ඒ ඇදුරා වසන මැදුරට නුදුරු තැන්හි එක් තුරු සිදුරෙක දරුදෙදෙනාකු ගොරුකවා ගෝ දෙනෙක් වාසය කරන්නිය. ඒ වනයෙහ වසන උග්‍රවූ සිංහ ව්‍යාඝ්‍රයෝද ව්‍යඝ්‍රවිග්‍රහනොවී ඕහට උපස්ථානයට එති, නොමදහත්වද ලොවට මහත් මහිම දක්නට මෙත් බෝසත්වූ අප මහබෝසතානෝ තිත්වටූ ජන්මයෙහි ඉපද ඒ මානවකයන් හා කැටුව විස්වාසීන්ට වසන්නාවූ ඒ ඇදුරුහු හදාරවන වෙදත්‍රය විස්තරයෙන් දැන චිත්‍ර කථිකව තිත්තිර පණ්ඩිතවුසේක.ඉක්බිති අතවැසි මානවකයන් වෙදප්‍රමාණය නිමවා නිපුණ කරන්නාට පළමුකොට දිසා පාමොක් ආචාරීතෙම මරහු විසින් වසඟගකරණලද්දේ වීය. අතවැස්සෝ ඔහුගේ ආදාහන කෘත්‍ය නිමවා වැල්ලෙන් චෛත්‍යයක් කොට නිත්‍යයෙන් පූජාකොට විලාප කියා හඬති. බෝසතානන් වහන්සේ අඬන කාරණ විචාරා මිත්‍රයෙනි වේදත්‍රය තව විස්තර කොට වදරා නොනිමියේය. එසේ හෙයින් හඬම්හයි මානවකයන් කී කල්හි එසේවුවහොත් තොප උගත් ඒ වේදත්‍රය දැන් කියවයි කී කල්හි ලෝකෙක නෙත්‍රවූ ඒ තිත්තිර පණ්ඩිතයන් වහන්සේ විශේෂවත්වූ මනුෂ්‍ය භාෂාවෙන් ග්‍රන්ස්ථාන නිශ්ශේකොට පර්වත මස්තකයකින් ගඟා ප්‍රාවාහයක් බානා පරිද්දෙන් වේදමන්ත්‍රොධාරණය කළ සේක. එසඳ මානවකයෝ තුටුපහටු සිත් ඇතිව තිත්තිර පණ්ඩිතයන්ගේ සමීපයෙහි වේදමන්ත්‍ර ඉගැන්මට පටන්ගත්තාහුය.

ඒ බෝසතානෝ දිසාපාමොක් තනතුරෙහි සිට ශිල්ප උගන්වනසේක. ඔහුද උන්වහන්සේට ඇදුරු නොවනතරම් සොඳූරු පැහැසර රන්මැදිරියක් කරවා පුදා හැමද මනනද මහත්සත්කාර කෙරෙති තිත්තිර පණ්ඩිතයෙකු පන්සියයක් මානවකයන්ට ග්‍රන්ථ හදාරති උදාරවූ කීර්ති ඝෝෂාව බුද්ධොත්පාදකාලයක් මෙන් ලොව පතළේය. ප්‍රසිද්ධ සම්පත්ති භාරයෙන් හා සුරනරවර සුරපුරයක්සේ බබලන රජගහනුවර ගිරිසිඛර සුරන්ට බිලි දෙන පිණිස අවුරුදුපතා කරණ මහපුදමෙන් එකල සකල ජම්බුද්වීපයෙහි වසන මිනිසුන් විසින් සන්තෝෂව මහත් උත්සවයට උද්ඝෝෂණය කරණ ලද ඒ උත්සව ක්‍රීඩාව නිසා තමන්ගේ මව්පියන් විසින් කියා එවුකල්හි ඒ බ්‍රාහ්මණ මානවකයෝ පන්සියයද පන්සලක් බෝසතානනුත් හොඳනට රක්ෂා කරණ පිණිස නියෝග කොට පණ්ඩිතයන් වැඳ අවසරගෙණ ගියෝය. එකල කලිඟුරටින් සටකපට දුෂ්ටාපාපිෂ්ට මනුෂ්‍යයෙක් උදචිත වංචා සංක්සේ උස්වූ ජටාවක් බැඳ තමා මුවාකොට මුවන් මැරීමට ඇඟ වැසූ වල්කැලෑවක් ඇඳියේ වල්කැලෑ පෙරව චිත්ත විවේක විභාග නොනොදැන්මෙන් කරුණාවෙන් තොරව මස්පලහා කණ අග්ණිකපාලකයක් මෙන් භික්‍ෂා පාත්‍රයක්ද ශුෂ්කමාංස ගුප්තකොට තබන ගබඩාවක් බඳූ ඩබරාවක්ද තුංකමල් සිත වංක බව දක්වන්නාක්මෙන් වංකත්‍රයක් ඇති පිරිකරක්ද අපායට මානයට යෂ්ටියක් බඳූවූ වාරයෂ්ටියක්ද ගෙණා තමා මැරූ ගණනට එබූ බින්දු වැනි තිත්පෙලිං නුදුන් අඳූන් දිවිසමක් ඒකාංශයෙහි කොට රුධිරපානයෙහි ලේ රැඳි රත්ව ගියාක්වැනි මහත් තඹ රැවුලකින් හා වෑහෙන ලේ බින්දුවට තිබූ පිහිල්ලක්සේ දික්වූ දැලිවලල්ලකින් යුක්ත සත්ව සන්තාප වංචා තාපසවෙසකින් උපායෙන් සතුන්ට දුක්දෙන අපායෙහි යමපල්ලකුමෙන් ඒ පන්සලට පැමිණියේය. ඔහු දැක ගොදෙන්ද සොයායන ගොදුරු තබා දයාබර සබා තාපසයෙකැයි නොබා ගොස් ඔහු කෙරහි භක්තියෙන් බත්පිස කවයි සහල් ආදිය දක්වා දී ගොදුරු පිණිස ගියාය. ඒ තාපසයාද එදා උදෑසන බත්පිස හැමකලම සංග්‍රහකළාවූ ජනයන්ට නිග්‍රහකරණ දුර්ජනගුණය අවබෝධ කරන්නාක් මෙන් ඒ ගෝධෙනුවගේ දරු දෙදෙනා මරා මස්රසයෙන් බස් අනුභව කොට දහවල් මැදිරියෙහි උන් ලොවට කල්‍යාණ මිත්‍රවූ කුශලයට පත් මක්‍ෂේත්‍රවූ සද්ධර්මයට ඒකච්ඡත්‍ර මෛත්‍රියට පාත්‍රවූ චාරිත්‍රයෙන් ජන්මක්‍ෂේත්‍රවූ සද්ධර්මයට ඒකච්ඡත්‍ර මෛත්‍රියට පාත්‍රවූ චාරිත්‍රයෙන් පවිත්‍රවූ පක්‍ෂපත්‍රයෙන් විචිත්‍රවූ තිත්තිර පණ්ඩිතයන්වහන්සේ ඒ තාපසතෙම තමාගේ පූර්ව වෛරය හා සමග එලියටගෙණ වනදේවතාවන් හා සමග හඬවහඩවා ඒ වෙනෙහි සිංහව්‍යාඝ්‍රයෙන් හා සමඟ වික්‍ෂේප කොට අත වැස්සන් හා සමඟ දුකට පමුණුවා තුමූගේ අකුශල් හා සමඟ ගිණිදල්වා කුසල් මුල් හා සමඟ ඵලභාවිර රිව්බව හා සමඟ අනුභව කොට එසේද වස්සාද මරා කා නැවත දරුවන් මැරූ බැව් නොදැන කිරිදෙන පිණිස පැමිණි දෙනද මරා හවස මස් අනුභවකොට පරලොව යාත්‍රාවට ගමන් ගතවන්නාසේ පන්සලින් නික්ම ගස්මුලෙකහෙව වස්සාගේ හා දෙන්නාගේ බැගෑපත් හඬසේ ප්‍රධාවනි නාදයේ ගොරව ගොරවා නිදන්නට පටන්ගත. ගොදෙන් ගොදුරු බිමන් අවුත් දරුවන් දෙදෙනා නොදැක බලා ඇවිදිනිය.

එසේ තමා ලග්නා බිලෙන් පාවා ඇවිදිනා ඒ ගෝදෙන දැක වන දේවතාවෙක් විසිතුරු අතුරෙකින් පෙණි මනහර සොඳූරුවන් දිව්‍යරූපයෙන් සිට මියුරු තෙපුලින් කථාකරනුයේ එම්බල තොප විසින් යමෙක්හට අදරින් ආහාර සපයාදී මහත් සත්කාර කරණ ලදද ක්‍රූරවූ ඒ චෝරපුරුෂතෙම තොපගේ දරුදෙදෙනා මරා කා තෙල තුරුමුලෙහෙව නිදන්නේය. දැන් තොප ගොසින් දලින් ඩැහැ එයින් ජීවිතක්‍ෂයට පමුණුවව ප්‍රාණවධ කැමති ඔහු ජීවත්වීම තොපට නොකැමැතිවෙයි කීවේය. එබසට ගෝදන දේවතාවට කියන්නී එම්බල දිව්‍යපුත්‍රය මේ කුලපුත්‍රතෙම බාලපුත්‍රයන් වඩනා දාසී ස්ත්‍රියකගේ මලමුත්‍රයෙන් රැදුනු වස්ත්‍රයක් මෙන් අපවිත්‍රවූ චාරිත්‍ර ඇති රෞදුවු එක් වැදිපුත්‍රයෙක දුෂ්ටකර්මයෙන් කඨින්වූ මොහුගේ ශාත්‍රයෙහිද මොලොක් තැනක් නොදන්නෙමි එයින් ඩැහැ මරන්ට නොකැමැත්තෙමි කියා නැවතත් ඔහු කෙළෙහිගුණ නොදන්නා බව පෙන්වා කියන්නී එම්බල දේවතාව තවද මෙලොව යමෙක් උපකාරී ජනයන්ට ප්‍රත්‍යුපකාර හෙයින් ආකෘතඥවෙද නිරන්තරයෙන් ගොදුරු සොයා යන පක්‍ෂියෙකු මෙන් විපක්‍ෂව සියල්ලවුන්ගෙන් සිරුරම දක්නා සුළුවේද එබඳූ දුර්ජනයාට වස්තුසාගර පරියන්ත නගර නිගම ග්‍රාම රමණීය සමස්ත සම්පත්ති සම්භාර සමලංකෘත සකල පෘථිවි මණ්ඩලය සත්කාර පූර්වාංගමකොට දුන්නේ විනමුත් එසේත් ඔහුගේ සිත්ගත නොහැක්කේයයි මෙසේ රුක් දෙවියාට කියා ගෝදෙන ඒ තවුසා නිසා භයින් අන්තැන්හි ගියකල්හි බෝසතානන්ගේ මෛත්‍රී මහිමයෙන් මිත්‍රව වෙනෙහි වසන සිංහ ව්‍යාඝ්‍රයන් දෙදෙනා අතුරෙන් සිංහරාජතෙම කියනුයේ එම්බා ව්‍යාඝ්‍රරජය ධර්මධර්ම විභාගය දේශනඥනයෙන් ප්‍රතිමණ්ඩිතවූ අපගේ තිත්තිර පණ්ඩිතයන් වහන්සේ දැන් සත්අටදවසක් නුදුටුම්හ. තොපිගොස් ඒ ගුණවත්හුගේ පවත් දැන එවයි ව්‍යාඝ්‍රරාජයා ගමන් කරවිය. එසේද ගෝදෙන ගිය වේලෙහිම ගොස් මිනිස් බඳින් රඳන පවුකඳක් මෙන් නිදන ජඩවු ඒ තාපසයාගේ විපත්ති ලතාවෙහි හටගත් විචිත්‍රාංකුර පත්‍රයක් මෙන් ජටාතුරෙහි පෙණෙන තිත්තිරපණ්ඩිතයන්ගේ පක්‍ෂපත්‍රයන්ද පැතිරගිය ඔහුගේ කර්මරාෂියසේ විසිරගිය දෙනගේ හා වස්සාගේ ඇට රාශියද ගුණෙන් සිස්වු මහතාපසයාගේ සිතුසේ බෝසතුන්ගෙන් සිස්වූ මැදිරිය දැක මේ පාපිෂ්ටයාගේ දුෂ්ටකර්මයෙනැයි රුෂිටව පයින් ඇන පිබිදවිය ඒ තාපස නැගීසිට තමාගේ බෝසතුන් මරා රැස්කළ අකුශල කර්මය දෘෂ්ට ධර්මයෝ මූර්තිමත්ව පෙණුනාක් මෙන් භයංකාරව සිටි ව්‍යාඝ්‍රයා දැක භයින් තැතිගත්තේය. එසඳ ව්‍යාඝ්‍රතෙම මේ සත්වයින් මරා කෑවේ තෝ වේදැයි විචාරා ඔහු නොමැරිම් කීකල්හි මේ සතුන් තා නොමැරුව මේ වෙනෙහි වෙන මරන්නෝ නැත. එයින් බොරු නොකියවයි කියා භය ගැන්විය.

හෙද භයපත්ව සෙස්සවුන් මැරීම් තිත්තිර පණ්ඩිතයන් නොමැරීම් කියා නැවතත් එය ගිවිස්වනු පිණිස කලිගුරට තමා උපන්තැන් පටන් වට නොයෙක් රට ඇවිද තමාකළ පවිටුකම් ආදිය කී කල්හි එසේත් නොගිවිස අනිස තෝ මෙසේ කියයිදැයි අවිස සිංහ රජ්ජුරුවන් සමීපයට එවයි කියා පවිටු තවුසා තමන්හට පෙරටු කොටගෙණ ගියේය. ඔහු ඉදිරිකොට එන ව්‍යාඝ්‍රරාජයාට කථාකරන්නාවූ සිංහරාජතෙම රාහුමුඛයවට නොපැමිණි පූර්ණ චන්ද්‍රයා මෙන් සම්පූර්ණ වූ පූර්වගාත්‍රයන් ඇති හෙයින් සුබාහුනම්වූ එම්බා ව්‍යාඝ්‍රරජ්ජුරුවෙනි ඉතා සීඝ්‍ර වූ මනුෂ්‍යයෙකු කැඳවා ගෙණ මෙතැන්හි ආයෙහිය ක්‍රියාවික්‍රිය කිසි කර්මාන්ත රහිත මේ වනාන්තරයෙහි වසන තොපට මනුෂ්‍යයන්ගේන් කවර ප්‍රයොජ්නයෙක්ද එබැවින් සැබැවින් මොහුගෙන් සිද්ධවන යම් ප්‍රයෝජනයෙක් ඇද්ද ඔහුට නෙවලහා කියවයි කීයේය. එබසට ව්‍යාඝ්‍ර රජගෙම එම්බා සිංහරාජ සත්ගුණ රන්නයට නිධාන වෙදත්‍රයට උපදේශවූ සද්ධර්මයට අසාධාරවූ තොපට කල්‍යාණ මිත්‍රවූ යම් තිත්තිර පණ්ඩිත කෙණෙක් ඇද්ද ඕහට පැමිණියාවූ වධය අධමවූ මේ අසත්පුරුෂයා විසින් කළ පාපකර්මයෙන් ඇසූවාවූ මම මොහුගෙන් පැමිණියායයි සිතමි. ඒ එසේම සකල ඡන්දකින්නර මධුර ලාබයෙන් මනෝහරවූ ඒ තිත්තිර පණ්ඩිතයන් මේ වනාන්තරයෙහි දැන් ජීවත්ව ඉන්නාහු නොවෙති කීයේය. එබසට සිංහරාජතෙම විචාරණුයේ එඹා ව්‍යාඝ්‍රය තා විසින් අසන ලද මේ පුරෂයාගේ ජීවිකාවෘර්තිය නිසා ප්‍රවෘත්තී වූ කර්මයෝ නම් කවරහුද පාපනිවරණ කාරනාවූ ශ්‍රමණ වේසයෙන් සිටිනා මේ මානවකයා කවර ප්‍රතිඥාවක්ගෙණ තිත්තිර පණ්ඩිතයන්ගේ විනාශයට මොහු සැකකරන්නෙහිදැයි විචාළේය. එකල සියල්ල ප්‍රකාශ කොට කියන්නාහු ව්‍යාඝ්‍රතෙම කියන්නේ මනෝහර රූපහාර විහාරබල පරාක්‍රමයෙන් මෘගරාජන්වූ එඹා සිංහරජ්ජුරුවන්ස මේ පුරුෂ තෙම කලක කලිඟුරට වසනකල කපට වෙළදුන්ගේ බඩුපොදි ඉසින් උසුලා බඩ වැඩිම පිණිස ගමින් ගම ඇවිද දාසයකුමෙන් වාසය කළේය. කාලෙක තුලාකූට මානකූට කෂිාපනාදී චාටුක්‍රියාවෙන් වෙළදාම් කළේය. කලෙසා කණුගසා වේවැල්බැඳ එලියායුතුවූ දුර්ගමාර්ගයෙහි සබා මෘගයෙකු මෙන් සංචාරයද කෙළේය. කලෙක මුළු මුළුව නටා ඇවිදිනා නළු නාටකයන් හා කැටුව වැටුප් නිසා යටත්ව ඇවිද්දේය. කලෙක නිරය ගිණි දැල් ඉසලීමට පෙරනිමිත්ත පානාක්මෙන් වරදැල් වැද්දන් හා වල්වැඳ දැල් ඉසලීය. කලෙක සිරුරෙහි අඟුරු ගුරු තවරකර දොරින් දොර මුගුරු සරඹපෑ අගුරු තරවෙසින් ඇවිද්දේය. කලෙක විකිණිමස් පිණිස ගිහිනි වල්වැද නොමද මලිති ලිහිණියන් බදා දිළිදු වැදිවෙසින් ඇවිද්දේය. කලෙක වී මැනදිමෙන්ගෙණ දිවිපවත්වා කොටගුළු රක්ෂා කළේය. කලෙක අනර්ථයට හැරී දොරසේ බෙදූ දුකෙල ඇවිදිනා ධුර්තියන්ට පැහැද පසඇට ගෙණදී ඇවිද්දේය. කලෙක දිවසැපතට පැමිණ මැඩියන් අණුකලෙක රජුන්ට අපරාධකෙරෙන් අත්පා කපාහළ නරන්කරා සොරමැදුම් රෑගොස් කුඩා ආජිවකයන් කෙරෙහි පැවිදිව උනු බත් වළදා දැන් දවා ඇවිද්දේය.

මොහු විසින් ජීවිකාවෘත්තිය නිසා කරණලද මේ යථොක්ත අනාචාර ප්‍රවෘත්තිය ඇසුහෙයින්ද වත්තයෙහි කේලශ ජටාවෙන් අවුල්වූ මොහුගේ ජටා අතුරෙහි කින්නර පණ්ඩිතයන්ගේ පක්‍ෂ පත්‍රයන් දුටු හෙයින්දැ ලොවට වධහිංසා නොව බැවින්ද මරන්ට නුසුදුසු දෙන හා දරුවන් මරාකෑහෙයින්ද, තිත්තිර පණ්ඩිතයන්ගේ වධයට දැන් මොහුම සැකකෙළෙමියි කීයේය. එකල්හි සිංහරාජතෙම කොපුයේ හයාලන කඩුපත්සේ භයානක තියුණු නඛ පන්තීන් නික්මවා සබඳ කොල තෝ අපගේ තිත්තිර පණ්ඩිතයන් මැරූයෙහිදැයි විචාළේය. එකල්හි ජරාමරණ හැරයා නොහැකි ක්‍රූරවූ සිංහ ව්‍යාඝ්‍ර දෙදෙනාගේ අතුරෙහි සිට භයින් අනිකක් කිය නොහි බිලියක් වමාරණ මත්ස්‍යයෙකුමෙන් මහත් උත්සහයෙන් ස්වාමිනි සැබවයි කීයේය. එබස් අසා සාධාරණ සිංහරාජතෙම නොමරා හරණ අභිප්‍රාය වීය ව්‍යාඝ්‍රතෙම නොමරා හරණ අතිදුෂ්ටයාගේ ජිවත්විම ලොවට ඉෂ්ටනොවන්නේයයි කියා ධර්මනැමැති ශරීරයෙහි මට ගන්නාවූ පුංඩරීකයක්සේ ක්‍රූරවූ ඒ පුරුෂයා වෛiාචාර්යයකු සැත්කම් කරන්නාක්මෙන් දලගින් පැහැර පලා ඒ වෙනෙහි සත්වයන්ට සාන්ති කොට අපායට යන්නාවූ ප්‍රාණයට පසුගමන්කරන්නාකේමෙන් පතිතවූ ඔහුගේ මෘතදේහය දැක මේ පරිභවකටයුතු ද්‍රෝහී පුරුෂතෙම අනුභව නොකටයුතු එකෙකැයි ඔහුගේ මෘදදේහයත් අපායේ හෙලන්නාක්මෙන් භුම්විදාරණයකොට එහිබහා පස්වසාලමින් වනදේවතාවන් අස්වසාලය.

ඉක්බිති උත්සව ක්‍රීඩාවට ගිය පන්සියයක් මානවකයෝ පන්සලට පැමිණ බෝසතානන් නොදැක අනේ අපගේ පණ්ඩිතයානන් වහන්සේ කොයිවැඩි සේක්දැයි තැනින්තැන වැටී පෙරලී ගතින්ගත් වැල්ලෙන් අතින් ගත් කුසින් ඉසින්ගත් පරණලින් නෙතින්ගත් කඳූලෙන් සිතින්ගත් සෝකීන් ඒ පන්සල හාත්පසින්බලා නැවත පන්සලට වැද ගාන්ධර්වයන්ගේ ගීතිකා මෙන් මනොහර ශක්‍රයන්ගේ සභාමණ්ඩපයමෙන් පළමු පණ්ඩිතයන්ගේ මධුරා ලාපයෙන් ප්‍රතිමණ්ඩිතවූ මෙපන්සල දැන් නිරිඳූන් හැරගිය කඳවුරමෙන් නිශ්‍රීතවුයේය. පෙරමානික්‍ය රත්නයෙන් ඒකාලෝකවූ වෛඵුල්ල පර්වත ගුහාවසේ බබලන මේ රන්මැදිරිය දැන් ඇඳිරියක්සේ තිබුයේය. පෙර වෙද සැදෑරීමෙන් එක කෝලාහලවූ මේ ආශ්‍රමය දැන් රැල සුමුහුදක්සේ නිශ්ශබ්ද විය, සද්ධර්මප්‍රදීපය නිවුනු නියාය වෙදත්‍රය මුථුපුල නියාව, සුගති මාර්ය වැසු නිසාය, අපායට දොර හළුනියාය, ගුරු ප්‍රදේශ විනාසවූ නිසාය, මෙබදු පණ්ඩිත කෙනෙකුන් කවර කලෙක දකීමෝද මෙවැනි වචනමාතයක් කවර කලෙක ලබමෝද, මෙබදු ශාස්ත්‍රාත්‍ථයක් කවර කලෙක අසමෝද, මේ මහතානන්ගේ මධුර ශබ්දයෙහි බැඳිඋන් මේ වෙනෙහි පක්‍ෂිහූ දැන් කවරක්හුගේ ශබ්ද අසා සතුටුවේද්ද, මුන් වහන්සේගේ මෛත්‍රි මහිමයෙන් මිත්‍රවවිසූ නිත්‍යවිරෝධි සත්වයෝ මතු කෙසේ විස්වාසව වෙසෙන්ද, මුන් වහන්සේගේ සද්ධර්ම ගංඟාවෙහි ගිලි සැනසුනු වනදේවතාවෝ මතුකෙසේ සැනසෙද්ද, යනාදීන් මෙසේ වෙනවෙනම විලාපකියා ඇඬිමෙන් යුගාන්තව වාත ප්‍රභාත සමුද්‍රයාගේ තරඟ ඝෝෂවසේ ඒ සියලු මහවනය එකකෝලාහලකොට ඒ පන්සියයක් බ්‍රාහ්මණ මානවකයෝ තමන්ගේ වාසස්ථානවලට ගියාහුය. මෙසේ කෝධයෙන් ප්‍රමත්තවූ දහම්හි අව්‍යක්තවූ දේවදත්ත ස්ථවිරතෙම පෙරත් වධයෙදුයේම වේදැයි මේ ජාතක ධර්මදේශනාව පූර්වාපර සන්ධි ගළපා නැවතත් විසුද්ධ විදාචරණ ගුණයෙන් ප්‍රශස්ත ලොකෙක නායක සාන්ති ප්‍රදායක ශාක්‍යකුලතිලක ශාස්තෘවූ තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ රාජොත්තමයානන් වහන්සේ එම්බා මහණෙනි එකල තාපස වේසයට පැමිණ ප්‍රාණවධකළාවූ අධම පුරුෂනම් මෙකළ මේ ශාසනයට පැමිණ මහණදම් තබා අකුසල් කරන්නාවූ දේවදත්ත ස්ථවිරයන් වන්නේය.

එකල තාපසයා කෙරෙහි භයින් පලාහැර අන්තැන්හි ගිය ගොධෙනුව නම් මෙකල මේ ගෞතම ග්‍රොත්‍රයෙහි ඉපද සසර භයින් ගිහිගෙය හැර ශාසනයෙහි මහණවූ කිසාගෝතමි ස්ථවිරවන්නේය. එකල ඒ තවුසා නසා මිතුරුගුණ මහිම දැක්වූ ව්‍යාඝ්‍රරාජයා නම් මෙකල මේ කෙලෙසුන් නසා ඍද්ධිමහිම දැක්වූ මෞද්ගල්‍යාන ස්ථවිර වනනේය. එකල ඒ වෙනෙහි සියළු මෘගයන්ට උතුම්වූ සිංහරජ්ජරුවෝ නම් මෙකල මේ ශාසනයෙහි සියලු නුවනැත්තන්ට උතුම්වූ ශාරිපත්‍ර ස්ථවිර වන්නේය. එකල ඒ වෙනෙහි සියළු මෘගයන්ට උතුම්වූ සිංහරජ්ුරුවෝ නම් මෙකල මේ ශාසනයෙහි සියලු නුවනැත්තන්ට උතුම්වූ සිංහරජ්ජුරුවෝ නම් මෙකල මේ ශාසනයෙහි සියලු නුවනැත්තන්ට උතුම් වූ ශාරිපුත්‍රස්ථවිර වන්නේය. එකල ශිල්පයෙන් අගතැන්පත් දිසාපාමොක් ආචාර්යනම් මෙකල සියළු ධුතාංගයෙන් අගතැන්පත් මහාාකාශ්‍යප ස්ථවිර වන්නේය. එකල පන්සියයක් කුලපුත්‍රයන්ට වෙදත්‍රයෙන් අනුශාසනා කළාවූ තිත්තිර පණ්ඩිතයෝ නම් මෙකල භුවන්ත්‍රය වාසීවූ ජනයන්ට පිටකත්‍රයෙන් අනුශාසනාකොට අජරාමර වූ අමාත්‍යමහා නිර්වාණයට පමුණුවන්නාවූ බුදුවූ මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

429 චතුවාර ජාතකය
427 චතුපෝසත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.