392 අ‍ඨිසේන ජාතකය

තවද ප්‍රඥා පනැමති ප්‍රදීපයෙන් නසන ලද මොහ නැවති අන්ධකාර ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ අලව්නුවර අග්ගලා නම් චෛත්‍යයෙහි වැඩ වසන සමයෙහි කුටිකාර ශික්ෂාපදය අරභයා මේ ජාතකය දක්වන ලද. හේ කෙසේද යත්. මෙහි වර්ථමාන කථාව මණිකණ්ට ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. මෙහි වනාහි,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහ්මණ කුලයෙක ඉපද අඨිසෙන නම් නමක්ව දිසාපාමොක් ආචාරීන් වසන්නාවූ තක්සලා නුවරට ගොස් සියලු ශාස්ත්‍ර ඉගෙණ අවුත් ගිහිගෙයි කලකිරී හිමාලය වනයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව වසන සමයෙහි ළුනු ඇඹුල් පිණිස අවුත් බරණැස් නුවර රජ්ජුරුවන්ගේ රජගෙයි වාසල සමීපයට පැමිණියාහ. රජ්ජුරුවෝ මතුමහල්තලයෙහි සිටියාහු තපස්වීන් වහන්සේ දැමුනාවූ ඉන්ද්‍රියයන් දැක සමෘධිව රජගෙට ගෙන්වා වැලඳවූහ. තපසයන් වහන්සේ අනුමෙවෙනි බණ වදාළසේක. රජ්ජුරුවෝ සමාධිව තමාගේ මගුල් උයනේ ඉඳිනා නියායෙන් සලස්වා තාපසයන්ට කියන්නාහූ ස්වාමිනි මාගේ රාජ්‍යය උවමනා විනමුත් ඉල්වා ඇරගත මැනවයි ආරාධනාකළත් තාපසයන් වහන්සේ කිසි දෙයකුත් නොයිල්වනසේක. රජ්ජුරුවෝ තාපසයන්ට කියන්නාහූ ස්වාමිනි මා නොඅඳූනන බොහෝ මනුෂ්‍යයෝ පවා මා සමීපයට අවුත් නොයෙක් සම්පත් ඉල්වාගන්නාහ, නුඹ වහන්සේත් උවමනා යම් දෙයක් අරගත මැනැවයි කීහ. එවිට තපසයන් වහන්සේ කියන සේක් හසගවිකාරයෙන් බත් දුන මැනවයි බඩ අතගෑමද පිළිදුනමැනවැයි ඉණ අත ගෑමද බුලත් දුනමැනවයි කට අතගෑමද යනමෙකි දෙයින් පෑමත් කටින් කියා ඉල්විමත් තාපස් වරුන්ට අගනේ නොවෙයි. යම් අභිප්‍රායකින් සිඟා සිටිකල සිටියාවූ ක්‍රියා දැන පිළිගැන්වූ දෙයක් ඇත්නම් පිළිගෙණ අභිප්‍රාය සිද්ධවී නම් වු පමණක් විනා නුවූයේ නම් නුවුයේ යයි ඉදිනා විනා හස්තවිකාරයෙන් වුවත් මුවෙන් කියාවුවත් ඇරගැන්ම කාරනා නොවෙයි.

රජ්ජුරුවෙනි දෙමව්පියන් ගෙන් වුවත් යම් කෙණෙක් ඉල්වත්නම් ඉල්වනතැනැත්තන් කෙරෙහි සියල්ලෝම අප්‍රියවන්නාහ. නෑසියකෙණෙක් විනමුත් දසවිට යමක් ඉල්වත් නම් මුට ඇත්තේ ඇමවේලෙහිම ඉල්වා කෑමයයි ඔහු මෛත්‍රීයවත් නොකරන්නාහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ යාචකයන් නම් ඉල්ලුකල විනාදෙනකෙණෙක් නම් නැත්තාහ. ඉල්විමෙන් දෙනතැනැත්තෝ මා අතින් මෙසේවූ දෙයක් ඉල්වන්නේ යාචකයින් කෙරේ සමාධියෙන් දෙන්නෝය, එසේ හෙයින් ඉල්විම් යහපතැයි කීහ. තාපසයන් වහන්සේ ඉල්විමෙන් යාචකයන්ටත් දෙන්නන්ටත් ලාභය නොයිල්විමෙන් යාචකයන්ටත් අලාභය දෙන්නන්ටත් අලාභය නුඹ වහන්සේ බෑණානොනැගී වැඩ සිටිසේක. එසේ හෙයින් නුඹවහන්සේගේ අභිප්‍රායානුකූල වාසයටත් නුඹ වහන්සේගේ ධර්මයටත් සතුටුවූ මම රතු වෘෂභයෙකු ප්‍රධාන කොට ඇති ගෙරින් දහසක් දෙමිකීහ. තාපසයන් වහන්සේ මහා රජ අපි සරක් අසුන්කොට පටටිලා ඇවිදිමෝදැයි නොයිවසා වදාළසේක. රජ්ජුරුවෝත් තාපසයන්ගේ අනුශාසනාවෙහි පිහිටා කම්වු පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ අටඨසේන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. තාපසයෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

393 වීතිය කපි ජාතකය
391 සත්තුභත්ත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.