254 මහාපනාද ජාතකය

තවද අප්‍රතිනාථවූ සර්වඥයන් වහන්සේ කොටි ග්‍රමයෙහි වැඩවසන සමයෙහි භද්දිය මහතෙර සාමීන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එකියන කොටිග්‍රාමයෙහි භද්දිය සිටානන්ගේ භද්දිය නම් සිටු කුමාර කෙණෙක් ඇත්තාහ. උන් වාසය කරන්නාහූ තුන්සෘතුවට තුන්ප්‍රාසාදයෙක් ඇත. ඉන් එකී එකී ප්‍රාසාදයෙහි සාරසාරමස වාසය කරන්නාහ. ඌත් එක් ප්‍රාසාදයෙක වාසයකොට එක් ප්‍රසාදයකට නික්මෙනවේලේ උන්ගේ ආශ්චර්වව බලන්ට බොහෝ මනුෂ්‍යයෝ මැසිපිට මැසි බැඳසිට ආශචර්ය බලන්නාහ. මේ නියායෙන් වාසයකරණ කල්හි එක් දවසක් කොටිග්‍රාමයෙහි මනුෂ්‍යයෝ දනක්දෙන්ටයයි බුදුන් ප්‍රධාන මහාසංඝයා පවරාගෙණ මහත්වූ ශාලාවෙක වඩාහිඳුවා දන්දෙන්නාහ. ඒ වෙලාවට එකියන භද්දිය කුමාර තමාලත් ප්‍රාසාදය ඇර අනික් ප්‍රාසාදයකට යමින් සිටි කලට සර්වඥයන් වහන්සේ බොහෝ මනුෂ්‍යයන් පිරිවරා ධර්මදේශනා කරමින් වැඩඋන්තෙනට තමාගේ පිරිවර හා සමඟ සර්වාලංකාරයෙන් සැරහී සිටිපලසිටම සියලු කෙලෙසුන් නසා රහත්වූහ. සර්වඥයෝ භද්දිය සිටානන්ට කියන්නාහූ තොපගේ පුතනුවෝ භද්දිය කුමාරයෝ රහත්වූහ. එසේ හෙයින් අද උන් පිරිනිවන් පාන්නක් හෝ මහණ වන්නක්හෝ උවමැනවයි වදාළසේක. එවිට භද්දිය සිටානෝ කියන්නෝ මාගේ පුතනුවෝ මීයන්නේ ඇයිද මහණ වෙතිකීහ. යහපතැයි කියා සර්වඥයෝ ඒ කුමාරයන් මහණකරවාගත්තාහ. එකියන භද්දිය ස්ථවිරයෝත් තමන්වහන්සේට පැමිණියාවූ නිවන් සැපත අනුභව කරණසේක් ධ්‍යානභවනාදීවූ දෙය කොට සැපවූ ස්ථානයක උන්සේක. ඒ වෙලාවට බොහෝ භික්ෂූහූ උන් වහන්සේ කරා ආසේක. උන්වහන්සේත් තමන් වහනසේගේ ධ්‍යානභාවනායෙන් උන්හෙයින් කවුරුන් වහන්සේ ආවත් නැගී නොසිට උන්සේක. එවිට බොහෝ පෘථක්ජන භික්ෂූන් වහන්සේ ඇයි භද්ධිය ස්ථවිරයන් මහණවූයේ නොබෝ දවසෙක වැඩිමහළු වහන්දැ දැක මහතෙරකෙණෙකුන් මෙන් ඉන්ට කාරණා කින්දැයි උත්ඝෝෂණය කළසේක. සර්වඥයෝ එපවත් දැන ඒ වහන්දැගේ සිතිවිල්ල සුද්ධකරණ පිණිස උපාසකවරුන්ට කියා අපි මේ ගංගාවෙන් එගෙඩයන්නා කැමැත්තෙම්හයි වදාළසේක. යහපතැයි කියා නැව් ඔරු පාරු ඉදිකොට සර්වඥයන් වහනසේ හා සංඝයා වහන්සේ වඩිනා නියායෙන් සැලැස්සූහ. සර්වඥයන් වහන්සේලාගට කැඳවා භද්දිය ස්ථවිරයෙනි තොප මහා පනාදකාලයෙහි තොප විසූ පස්විසියොදුන් දිග හා සත්යොදුන් පුළුල හා සත්රුවන් ප්‍රාසාදය කොයිදැයි විචාළසේක. එවිට භද්දිය තෙරුන් වහන්සේ කියනසේක් ස්වාමිනි ඒ ප්‍රාසාදය මේ ගංඟායයි වදාළසේක. ඒ අසා බොහෝ භික්ෂූන් වහන්සේ සිතනසේක් මේ භද්දිය තෙරුන් කියන්නේ කින්දැයි සිතුසේක. එපවත් සර්වඥයෝ දැන භද්ධිය ස්ථිවිරයෙනි තොපගේ සබ්‍රම්සරුන්ගේ සාංකාවන් දුරුකරවයි වදාළසේක. එවිට භද්ධිය තෙරුන්වහන්සේ යහපතැයි කියා තමන් වහන්සේ පළමුසිටි ප්‍රාසාදයෙහි කෙවින්න මාපටඟිල්ලෙන් ඔසවාගෙණ ප්‍රාසාදය උඩ ඔසවාගත්සේක. ඒ වෙලේ බොහෝ මනුෂ්‍යයෝ ප්‍රාසාදය ගව්වක් එසවන දෙගව්වක් එසවීනැයි යනාදීන් කියා බල බලා සිටියාහ. එවිට මහාපනාද කාලයෙහි නෑයෝ එකියන මාලිගාව කෙරේ ගත් ලෝභයෙන් එහිම මස්කැසුප්ව උපන්නාහ. ඒ උපන්නාවූ බන්ධූහූ ප්‍රාසාදය උඩට ඔසවත්ව පෙරලි පෙරලි දියෙහිම වැටෙන්නාවුන් බලා සර්වඥයන් වහන්සේ භද්දිය ස්ථවිරයෙනි තොපගේ පූර්වයෙහි නෑයෝ බොහෝ ව්‍යසනයනට පැමිණෙති වදාරා ප්‍රාසාදය හරුවයි වදාළසේක. යහපතැයි කියා භද්දිය තෙරුන්වහන්සේ මාලිගාව අළසේක. මාලිගාව පළමුතුබූ ස්ථානයෙහිම පිහිටුවාහ. සර්වඥයෝත් එකියන ගංගාවෙන් එගෙඩව පණවනලද බුද්ධාසනයෙහි වැඩූන්සේක. එවිට බොහෝ භික්ෂූන් වහන්සේ මේ භද්දිය තෙරුන් නාන්සේමහාපනාද කාලයෙහි මෙහිවිසූ කාරණය ශ්‍රී බුද්ධියට මිසක් අපට නොදැනෙයි එහි පිළිවෙළකථාව දක්වා වදාළොත් යහපතැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේදයත්,

මෙහි ජාතක කථාව පකිණ්ණක නිපාතයෙහි සුරුවිරුජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මෙහි වනාහී යටගිය දවස වේදේහ රට මියළුනුවර සුරුචි නම් රජ්ජුරු කෙණෙක් වූහ. ඒ රජ්ජුරුවන්ගේ සුරුචි කුමාරයෙක් වූශ. සුරුචි නම් රජ්ජුරුවන්ට මහාපනාද නම් රාජ කුමාරයෙක් ඇතිවූශ. ඒ කුමාරයන්ට ශක්‍රයන් විසින් මවනලද ආයාමෙන් මාලිගාව දියෙහි තිබූයේයයි වදාරා බුදුව වැඩහිඳ වදාරණසේක් මහාපනාද නම් රජ්ජුරුවන්ගේ පස්විසියොදුන් සියක් මාල් ඇති නගනලද ධජයෙන් අලංකෘතවූ ඉන්ද්‍රනීල මානික්‍යමය වූ දොරලී දොරබාවෙන් යුක්තව සැටදහසක් නාටකයන් විසින් දක්වන ලද ජාතත විතත විතතාතය ඝනය සුසිරියයන පංචාංගික තූර්ය නාදයෙන් ඒකානාද වූ අලංකෘත වූ මාලිගාවෙහි චක්‍රවර්තී රජකෙනෙකුමෙන් රාජ්ජය කොට පරලොක ගියහයි වදාරා මේ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මහාපනාද රජ්ජුරුවෝ නම් භද්දිය ස්ථවිරයෝය. එසමයෙහි ශක්‍රවඋපන්නේ නම් බුදුවූ ම්මම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

255 කුරග්ග ජාතකය
253 වීතීය සංකප්ප ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.