අවසන් මහ සටන …

අදින් වසර දහස්‌ ගණනකට පෙර ත්‍රී සිංහලයේ, රුහුණු, මායා, පිහිටි යන ප්‍රධාන සීමාවලින් පිහිටි රටට අයත්වූ අනුරාධපුරය නම් ප්‍රධාන නගරය ආක්‍රමණය කර යටත් කර පාලනය ගෙන ගියේ එළාර නමැති ද්‍රවිඩ සෙන්පතියාය. පසුව ඔහු එළාර රජු ලෙස අනුරාධපුරයේ අභිෂේක ලැබීය.

දහස්‌ ගණනක්‌ වූ ද්‍රවිඩ හේවායන් හා දීගජන්තු වැනි ආක්‍රමණශීලී යෝධයන් ගැන ඇසීමෙන් සැලීමට පත්වූ අපේ රජවරු දකුණට වී සිටි අතර ඔවුන් උතුරේ වන කිසිදු දෙයක්‌ ගැන විමසිලිමත් නොවූහ. ඒ නිසාම ඔවුන් විජිතපුර සිට හක්‌වටුනා පෙදෙස දක්‌වාම කඳවුරු ඉදිකරමින් නිසි නින්දේ තම කටයුතු ගෙන ගියහ. රටවැස්‌සා කම්පාවට පත්වුණේ “අනේ අපේ රටට ගිය කල” යෑයි හඬාවැටෙමින්ය. මේ කාලපරිච්ඡේදයේදී රටේ වාසනාවට පහළව සිටි කාවන්තිස්‌ස රජුගේ පුත්· දුටුගැමුණු කුමරු එළාරගේ මේ ජාතිබ්‍රෂ්ඨ කටයුතු කිසිසේත් අනුමත නොකළ අතර, තම පියාගේ අනුශාසනා පවා ඉවතලමින් මේ අර අඳින්නේ අනුරාධපුර ආගමික රාජධානිය වනසන එළාර ප්‍රධාන ආක්‍රමණිකයන් පළවා හැරීමටය.


යුද්ධය ජයගැනීමට ලෙහෙසියෙන් හැකි නොවේ. ඒ සඳහා අතිවිශාල තරුණ භට හමුදාවක්‌ අවශ්‍යය. ඔවුන්ට තුන්වේල සඳහා ආහාර ඇවැසිය. ඒ සඳහා තම ආදරණීය මලනුවන් කැඳවූ ගැමුණු කුමරු· මලණ්‌ඩ තිස්‌සය· යන්න ඔබේ හිතවතුන් කැටුව· වෙල්ලස්‌ස ඔබ පිළිගැනීමට බලා හිඳී· ගොස්‌ පස පෙරළා අස්‌වනු රැස්‌කරන්න· අපේ රට නසන ආක්‍රමණිකයන් හා මම සටන් වදිමි· මට ඔබේ සහය ඉතාමත් අවශ්‍යයි· ඔව්· අදම මේ දැන්ම ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටුකරන්න· තිස්‌ස මලණුවන් තම අයියණ්‌ඩියගේ හදවතට තම හදවත තබා තුරුළු කරගතිá “අයියණ්‌ඩියනි· මම ඔබේ අනුශාසනා පිළිගනිමි· මේ මහ සටනේදී සෙවනැල්ලක්‌ මෙන් ඔබට සහය දෙමි. දොසෝයුරන් එසේ පිළිසඳරේ යෙදී තම කටයුතු සඳහා ඉදිරි බැලීය.

දුටුගැමුණු කුමරු තම ජයකොන්තයේ සර්වඥධාතු තැන්පත්කර ඊට පුදසත්කාර කර· මහ සඟන පෙරටු කරගෙන තිස්‌ස මහවෙහෙර බලා නික්‌මින. දුටුගැමණුq කුමරුගේ සම්ප්‍රාප්තිය නෙත ගැටෙන තුරු බලා සිටි තිස්‌සමහවෙහෙර නායක හිමියන් මහපෙරහැරින් එන දුටුගැමුණු කුමරු පිළිගෙන පිරිත් කියා තෙරුවන ආශිර්වාද ලබාදුනි.

මහ නාහිමියන්ගේ දෙපා නලලේ තබාගත් ගැමුණුකුමරු· “ස්‌වාමීනි මට බුදුසසුන නංවාලීමට ඕනෑය· ආක්‍රමණකාරි එළාර පලවා හැර අනුරපුර බුද්ධභූමිය නිදහස්‌ කර ගනිමි. ඒ සඳහා මහවැලි ගඟෙන් එතෙර යමි” තුන්කල උවටැන් සඳහා කැටුව යැමට මට භික්‍ෂූන් වහන්සේ වුවමනාය. එයට අවසර ලැබෙන සේක්‌වා·” නාහිමියන් දුටුගැමුණු කුමරු හා කැටුව යැමට මහා සංඝරත්නයට අවවාද පිරිනමන ලදී.

පන්සියයක්‌ රහතන්වහන්සේ හා මහ සේනාවද, දසමහ යෝධයන්ද, මව් බිසවද ඒ සමඟ ගමනට පිටත්විය. දුටුගැමුණු කුමරු කඩොල් ඇතා පිට නැඟී අභීත ලෙස ගමන ආරම්භ කළ අතර කුමරුන්ට ආදරය කළ දෙපස තරුණ ගැටව් අතට හසුවන්නේ කුමක්‌ද එය රැගෙන සේනාවට එක්‌විය. රුහුණු මාගම්පුර සිට බුත්තල දක්‌වා එකම හිස්‌ ගොඩකි. එතරම් මහ සන්නිපාතයක්‌ පළමු දවසේ “කලුවල” නම් ස්‌ථානයේත්, දෙවන දවසේ “කහටපිටිය” නම් ස්‌ථානයේත් නවාතැන් ගත් භටසේනා රණගී ගයමින් වහසි බස්‌ කියමින් සිංහලයේ තරම පෙන්නුහ. මෙහිS දුටුගැමුණු කුමරු තම මුළු සේනා බලය කොතෙක්‌ දැයි දැනගැනීම පිණිස භට හමුදාව පෙළගැස්‌සූ විට එම හමුදා පිරිස ගව් හතරක්‌ දිගට විහිද ගිය බව කියවේ. කොතරම් නම් විශාල සේනාවක්‌ද? මේ සේනාවට අනුරාධපුර ආක්‍රමණිකයන් කීතු කීතු කළ හැකිය. මෙහිදී එක්‌ ප්‍රශ්නයක්‌ දුටුගැමුණු කුමරු මන්දෝaත්සාහි කළේය. එය නම් එළාරගේ ආක්‍රමණික හමුදාව සටන් පුහුණු කළ පිරිසක්‌ වීමත් අපේ සිංහල හමුදා නිසි පුහුණුවක්‌ නොලත් පිරිසක්‌ වීමත්ය. එහෙත් බුද්ධශාසනය රැකගැනීම සඳහා දිවිපරදුවට තබා කරන මේ සටනින් ශාසනාරක්‌ෂක දෙවිවරු අපව රකීවායිෘ දුටුගැමුණු කුමරු සත්‍ය ක්‍රියා කර කන්නලව් කළේය. විශ්මයකි. දෙවියන් කුමරුගේ කන්නලව්ව පිළිගති.”

පළමු ප්‍රහාරය එල්ල කළේ එළාරගේ අනුප්‍රාප්තිකයෙක්‌ වන “ජත්‍ර” නම් සාමන්තයා සිටි මහියංගන බලකොටුවටයි. තිස්‌ දෙදහසක මහ සේනාවක්‌ එහි සිටියේය. අපේ තරුණ ගැටව් කිසි පැකිලිමකින් තොරව ආක්‍රමණිකයන්ට පහර දුන් අතර උන් සීසීකඩ දීවේ පිස්‌සුවැටුන වුන් මෙනි. කොටසක්‌ පහරකා මහවැලි ගඟට පැන්න අතර තවත් පිරිස්‌ අතේ ඇති ආයුධ බිම දමා කැලෑවැදුනි. උදේ වරුවේ පටන්ගත් හටන හැන්දැ වනවිට අහවර වුණි. දුටුගැමුණු කුමරු තම සේනාවට ප්‍රශංසා කළ අතර ගැටව් ජයපැන් බීම ආරම්භ කළේ ඉහ වහා ගිය සතුට නිසාය. මෙම සටනේදී මහියංගන බළකොටුව බිඳීමට අපේ දස මහයෝධයන් එකාවන්ව පෙරමුණ ගත් අතර ඔවුන්ට එය සෙල්ලම් වැඩකි.

එළාරගේ ආක්‍රමණිකයන් ඒ වන විට මහියංගන මහ වෙහෙර කොල්ලකා විනාශකර තිබූ නිසා මහ පිරිවර සමගින් එයද යථා තත්ත්වයට පත්කරන ලදී. මහියංගන චෛත්‍යය පිළිසකර කර මහදන්දී පුදසත්කාර පවත්වා යළිත් මහ සටනට පිටත් විණි. අතර මඟ ඉදිකර තිබූ තවත් බළකොටු කීපයක්‌ විනාශ කර එහි සිටි ආක්‍රමණිකයන් යටත් කර කසාතොටට පැමිණ එම බළකොටුව ආක්‍රමණිකයන් ගෙන් ලබා ගැනීමට සටන් කළේය. සිංහල භට පිරිස්‌ තම ජීවිත පරදුවට තබා දෑතීන් සටන් කළේ විදුලි වේගයෙන්ය. මෙහි එක්‌ වැදගත් සිදුවීමක්‌ නම් එම බළකොටුවල සිටි සාමන්තයන් හත්දෙනෙක්‌ ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමයි. ඔවුන්ද යදමින් බැඳ දක්‌කාගෙන යන ලදී. අනුරාධපුර ජයගැන්මට ප්‍රථම විජිතපුර බළකොටුව විනාශ කළ යුතුය. එය මේ සටනේ බරපතළම කටයුත්තයි. එළාර විජිතපුර බළකොටුව නිර්මාණය කර තිබුණේ අමුතුම ආරකටය. කළුගල් යොදාගනිමින් ඉතාමත් ශක්‌තිමත් ලෙස ඉදිකළ මෙම බළකොටුවෙහි දිය අඟල් තුනක්‌ මගින් සතුරන් ගෙන් ආරක්‌ෂාව සලසා තිබිණි. වියළි අගලක්‌ෘ මඩ සහිත අගලක්‌ හා ජලය පීරි මිනීමස්‌ බුදින ජලචර ජීවින් ගෙන් පිරීගිය දිය අගලක්‌ද විය. වටේ තිබූ මහා ප්‍රාකාරය අටළොස්‌ රියනක්‌ උස්‌විය. උඩට ඔසවා කණුමත අට්‌ටාල පිහිටුවා සකස්‌ කළ මුරකුටි හතර කොණ දක්‌නා ලදී. රාත්‍රි පහන්වන තුරු මේවායේ සෙබළුන් නිදිමරා සිටියේ බළකොටුවේ ආරක්‌ෂාව සඳහාය. මෙම බළකොටුව බිඳ ජයගැනීම සඳහා ගැමුණුසේනාවට මහත් පරිශ්‍රමයක්‌ දරන්නට සිදුවිය.

සාරමසක්‌ ඇවෑමෙන් විජිතපුර බළකොටුව බිඳ දැමූ සිංහලසේනා ක්‍රම ක්‍රමයෙන් සියලු බාධක ජයගනිමින් අනුරාධපුර නුවර අසලට විත් කඳවුරු බැඳගත්හ. එහිදී එළාර සියලු දමිළ සෙන්පතියන් කැඳවා ඒ වනවිට තිබූ තත්ත්වය පැහැදිලි කර දුන් අතර සටනට සූදානම් විය යුතු බැව් දැක්‌වීය. අනුරාධපුර මහ සටනේ වැඩි වැඩකොටසක්‌ පැවරුණේ එළාරගේ දීඝජන්තු නම් යෝධයාටය. මේ දීඝජන්තුවා පොළවේ සිට දහඅටරියනක්‌ උසට හිස්‌ අවකාශයට පැන හටන් කිරීමට දක්‌ෂයෙකි. මොන විදියේ ශිල්ප ක්‍රම අනුගමනය කරමින් යුද කළත් දීඝජන්තුවා පැරදවීම එතරම් සුඛර කාරියක්‌ නොවීය.

මේ භයානක ප්‍රතිවාදියා ගෙන් බේරී සටන ජයගත හැකි ලෙසක්‌ උදේ සවස කල්පනා කළ දුටුගැමුණු කුමරු අවසානයේ තම මැණියන් ගෙන් ඒ පිළිබඳව කළ යුත්තේ කුමක්‌ දැයි උපදෙස්‌ පැතීය. විහාරමහාදේවිය තම පුත් ගැමුණු කුමරුට ඉතාමත් අපූරු ඥණාන්විත උපදෙසක්‌ ලබා දුන්නාය. “පුත බළකොටු තිස්‌ දෙකක්‌ ඉදි කරන්නෘ” එසේ ඉදිකර ඒ තුළ සන්නාහයෙන් සමන්විත රාජකුමාර පිළිරු තිස්‌ දෙකක්‌ද ඉදිකර තබන්නෘ උන් රැවටී යුද කරනු ඇත. ඊට පසු උන් හෙම්බත්ව ගිය කල්හි ප්‍රති ප්‍රහාර එල්ලකොට උන් වනසා දමන්න.· සිය මෑණියන්ගේ මේ උපක්‍රමය ක්‍රියාවට නැංවූ දුටුගැමුණු කුමරු එවැනි බළකොටු තිස්‌ දෙකක්‌ ඉදිකර නිමවා ඵළාර රජ යුද්ධයට එනතෙක්‌ බලා සිටියේය. දීඝජන්තු ඇතුළු විසිමහ යොAධයන් පිරිවරාගත් එළාර යුද්ධයට පැමිණියේ මහා සමුදුර රළ පතර ගොඩගලන්නාක්‌ මෙන්ය. අපේ සිංහල කොල්ලන් කිසිදු පැකිළීමකින් තොරව තුණුරුවන සිහිකර තුණුරුවන ආරක්‌ෂා කිරීම සඳහා සටන් පෙරමුණට ගියහ. මහසට ඇවිලුණි. දීඝ ජන්තුවා රියන් තිස්‌ දෙකක්‌ අහස උසට පැන කරණම් ගසමින් අසිපත ලෙලවා සිංහලුන්ට පහර දුන් අතර අපේ දුනුවායන් හරියටම එල්ලයට සතුරාගේ ඇසට නැත්නම් හිසට ඊ පහර එල්ල කළ අතර ලන්සකරුවන් අසුන් පිටනැගී සතුරන් කීතු කීතු කර දමන ලද්දේ රඹකැලෑ කපන්නාක්‌ මෙනි. සටන අවසානය කරා ළඟා වෙත්ම එළාර සහ දීඝජන්තුවා දුටුගැමුණු කුමරු සිටි බළකොටුව වෙත පැමිණ එහි සිටි සුරනිමල යෝධයාට බැණ වදිමින් අහසට නැගුනේ සුරනිමලයා ඉවරයක්‌ කර දමමියි සිතාය. නමුත් සුරනිමල යෝධයා ඊගසක්‌ මෙන් තමා කරා එනු දුටු දීඝජන්තුවා ළංවෙත්ම ඉවතට පැන්නේය.

පහර වැරදී ගිය දීඝජන්තුවා මහපොළවේ පතිත වූයේ කිසිත් කරගත නොහැකිවය.

සූදානමින් සිටි සෙන්පති සුරනිමල යෝධයා තම කඩුවෙන් ඇසිල්ලකින් දීඝජන්තුවා දෙපලු කොට දැමීය. පුස්‌සදේව එකෙනෙහිම සිය උරේ එල්ලාගෙන සිටි ජයසංඛය ගෙන මහා ඝෝෂාවෙන් පිඹින්නට වුණි. ඒ හඬ ඇසුනු ආක්‍රමණික දෙමළ සේනා හිස්‌ ලූ ලූ අත පලා දීවේ සිංහල කොල්ලන් ගෙන් බේරීම සඳහාය.

එළාරද සියසේනා සමග මදක්‌ පසුබාන්නට විය. යළිත් මොවුන්ට ඉඩක්‌ නොතැබිය යුතුයි සිතටගත් ගැමුණු කුමරු පළායන සේනා පසුපස හඹාගොස්‌ එළාර කොටුකරගත්තේය. “එළාර එවෘ දැන් ඇත්තේ තොප හා අප අතර සටනයෘ” ඒ සඳහා තවත් පාර්ශ්වයක්‌ අවශ්‍ය නොවේ.· ගනු තොපගේ ජීවිතාරක්‌ෂක ආයුධ· අද දෙකින් එකක්‌ කෙළවර කළ යුතුය. එක්‌කෝ මගේ මාතෘභූමිය නැතහොත් තොපෘ එළාරද සැහැසිය. එම්බල සිංහල කොල්ල මම එළාරගේ හැටි තට උගන්වමි. දකුණු වාසල් දොර අසල ඇතිවූ මෙම වාග් සටන නිමේෂයකින් මහ සටනක්‌ බවට පත්වුණේ එළාර දුටුගැමුණු කුමරුන් වෙත තම තෝමරය දමා ගැසීමත් සමගය. කීස්‌· ස්‌· ස්‌· යන ශබ්දය නගමින් තෝමරය ගැමුණු කුමරුන්ගේ හිස දක්‌වා ගමන් කළත් කුමරුට ඉන් හානියක්‌ නොවිණි.· සිංහල සේනාව විමතියට පත්විය.· ඇසිල්ලකින් ගැමුණු කුමරු සිය කඩොල් ඇතාට පාදයේ විළුබෙන් සංඥ කළේ පර්වත ඇතාට අනින්නටය. ක්‍ෂණයකින් කඩොල් ඇතා පර්වතයාට ඇන්නේ සිය දළ යුගළ අඩි ගණනාවක්‌ පර්වතයාගේ උර හරහා වදින්ටය. පහර කෑ පර්වතයා එළාරත් සමග මහ පොළවට ඇද වැටුණි. මේ දුටු ගැමුණු කුමරු ඇසිල්ලකින් තම තෝමරය එළාරට දමා ගැසීය. තෝමරය කීස්‌-ස්‌-ස්‌-ෂ් යන හඬ නංවමින් එළාරගේ පපුවේ ඇනී පිටින් පසාවී ගියේය. එළාර පොළව බදාගෙන බිම පතිත විය. ආක්‍රමණික සේනා හිස්‌ ලූ, ලූ අත දිවේ මරණයෙන් ගැලවීමටය. දුටුගැමුණු කුමරු සේනාවන්ට අණ කරමින් කීවේ කිසිවෙක්‌ මරා නොදමන ලෙසයි. මගේ සහෝදරයනිෘ අප යුද්ධය දිනුවෙමු දැන් අපට ඇත්තේ ඝාතනය නොව උන් විනාශ කළ අනුරාධ නගරය යළි ස්‌ථාපනය කිරීමය.” එළාරද රජෙකි. අප ඔහුට හිඟන්නකු සේ නොසලකමු. ඔහුටද රජකුට කරන ගෞරව දක්‌වමු. එසේ කියා එළාර සිsහිවටනයක්‌ද ඉදි කළේය.

පිහිටි රට තුළ පැවැති ආක්‍රමණික බලය සහමුලින් නැතිකළ දුටුගැමුණු කුමරුන් පංචතූර්යඝෝෂා පවත්වමින් ජයග්‍රහණය රටට හඬගා කීය. පිට පළාත්වල වැසියෝ කැවුම් කෙසෙල් කත්පිටින් ගෙන අනුරාධ නගරය වෙත ඇදී ආයේ සටනින් දිනූ ගැමුණු කුමරුන් හා සිංහල සේනා දැකීමටය.

එළාර රජ සටනින් මියගොස්‌ සත් දිනකට පසු යළිත් දකුණු ඉන්දියාවේ “භල්ලුක” නමැති එළාරගේ බෑණා කෙනෙක්‌ දුටුගැමුණු කුමරු ගෙන් පලි ගැනීමට පැමිණි අතර භල්ලුකයා හා පැවති සටනේදී ඵුස්‌සදේව යෝධයා භල්ලුකයාගේ කටටම හීසරයක්‌ යවා ඌ මරා දැම්මේය. ඒ සටනට ආ දහස්‌ ගණන් භල්ලුකසේනා සිර අඩස්‌සියට ගෙන අනුරාධපුර සංවර්ධන කාර්යයට යොදවන ලදී. මහා සංඝරත්නයද පෙරටු කොටගත් ගැමුණු කුමරු සිය මෑණියන්ගේ අනුශාසනා හා උපදෙස්‌ පරිදි යළිත් අනුරාධ නගරයේ ඇතුළු නුවර හා පිට නුවර අලංකාර ලෙස ඉදිකරන්නට පටන් ගති. ඒ සඳහා දිනපතා දස දහසකට අධික සෙනගක්‌ යෙදවූ අතර ඔවුන්ට ආහාරපානාදියෙන්ද සංග්‍රහ කළේය. මේ කටයුතු සඳහා දහස්‌ ගණනක්‌ ඉන්ජිනේරුවන් කැටයම් ශිල්පීන් වඩු කාර්මිකයන් සහභාගි වූ අතර සම්බුද්ධ ශාසනය නිසි ලෙස පිහිටා ඇත්තේ මේ අනුරාධ නගරයේ බව පෙන්වීමට මහා නිර්මාණ රාශියක්‌ ඉදි කළේය. ඉන් පසු යළිත් විදේශ ආක්‍රමණ කාලයක්‌ යනතුරු ඇති නොවුණි. ගැමුණු කුමරුන්ගේ බල පරාක්‍රමය ගොළු මුහුද පරයා ගොස්‌ පැතිරුණි. අපේ සිංහලයේ මුල්ම මහ සටන එසේ ඉතිහාසයට එක්‌ව ඇත.

දිවයින පුවත්පතින් උපුටා ගැනින.

ආර්ථිකය ජයගන්න බුදු දහමෙන් උපදෙස් ...
තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක් ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.