Skip to main content
Category

අසිරිමත් ශ්‍රීපාදය … ( Adam’s Peak (Sri Pada), Sri Lanka )

සිරිපා මගුල් ලකුණු හදුනාගනිමු …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. සිංහල අට්ඨකතාවේද සිරි පා මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැවේ.
බොහෝ තැන්වල සදහන් කරනුයේ අජු ලකුණු ප්‍රමාණයකි. මේ දැක්වෙන්නේ පූජාවලියේ සදහන් නිවැරදි මගුලු ලකුණුයි.

01. චක්‍ර ලකුණු දෙක
02. සිරිවස දෙක
03. ස්වස්තික දෙක
04. නඳවට දෙක
05. සෝවැති දෙකය
06. අවතංස දෙක
07. වඩමං දෙක
08. භද්‍රපීඨ දෙක
09. ප්‍රසාච දෙකය
10. මගුල් තොරණ් දෙකය
11. සේසත් දෙකය
12. ම`ගුල් කඩු දෙකය
13. තාල වෘක‍ෂ දෙකය
14. පිල්කලප් දෙකය
15. චාමර දෙකය
16. නළල්පට දෙකය
Read More

සම්බුදු සසුන රකිනා සුමන සමන් දෙවියෝ …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) One Comment

සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවන්. සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණකරන සිංහල බෞද්ධයයා ඒ වන්දනා ගමනෙ හුඟාක්‌ තැන්වලදී සමන් දෙවියන්ගේ ගුණ වර්ණනා ක‍රනවා, පිහිට අයෑදිනවා. බුද්ධං සරණේ සිරස දරා ගෙන සිරිපාද කඳු මුදුනට හෙමින් සැරේ¨ ළං වෙන වන්දනාකාරයෝ ඒ ගමන් වෙහෙස නිමා ගන්නේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියන ගමන්ම ඒ සිරිපතුල කඳු මුදුනෙ කියන්ට කියලා ආරාධනා කරපු සමන් දෙවියනුත් මතක්‌ කරනවා.

සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ

මෙම් කවිය එන්නේ පුරාණ හිමගත වරුණ කියන පොතේ. මෙයින් කියෑවෙන විදිහට අපේ බුදු සසුන බාර වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන් ගෙයි මේ හිම බාර වෙලා තියෙන සමන් දෙවියන්ගෙයි අවසරය, උදව් උපකාර නැතුව මේ නර පණුවන්ට ඒ ගමන යන්ට පුළුවනෑ. දෙවියන්ගෙ අඩවියකට යන ගමන බොහොම ගරු සරු ඇතිව වරම් ලබාගෙන යන්ටත් එපායෑ.

Read More

සමනළ කන්දේ සෙවනැල්ල ලොව පැරණිම දින දසුනයි …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

ශ්‍රීපාදය යනු මෙතෙක් මිනිස් ඇසට හසු නොවූ අභිරහස් වලින් පිරි භූමියක් ලෙස හදුනාගෙන ඇත. හදුනා නොගත් සත්ව වර්ග මෙන්ම ශ්‍රී ලංකාවෙන් වදවී ගියේ යැයි සැලකෙන බොහෝ සත්ව වර්ග ශ්‍රී පාද අඩවිය තුල ජීවත්වන බවට විශ්වාස කෙරේ. අප මෙවර ඔබට ඉදිරි පත් කරන්නට යන්නේ තවත් එවැනි අපූර්ව ප්‍රවෘත්තියක්. ඒ ලොව ඉපැරණිම දින දර්ශනය සිරිපා කන්දේ සෙවණැල්ල වන බවයි.

0(3)

1934 දී රූගත කළ SONG OF THE CEYLON  වාර්තාමය  චිත‍්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල දිස්වු අයුරු.

4(54)

ප‍්‍රතිබිම්බය ගණනය කිරීම (ප‍්‍රතිබිම්බයේ තුඩ කුරුවිට, එරත්න බටතොට ලෙන ආශ‍්‍රිතව පිහිටා ඇති විට)

බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට  පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ  වන විට සමත්ව සිටී.

සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.

Read More

රන් සිරිපා පියුම පිපී නැළවෙන සමන් දෙවි අඩවියේ හාස්කම් …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් ලොවෙත් නෑ අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

Read More

සමන්දෙවියන්ගේ සුදු ඇතා සිරිපා වදින, බලවේගවලින් නොඅඩු අවාරේ ශ්‍රීපාදය …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය  වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්වෙයි.  සැම්බර් මාසයේ උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි.
ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වීම සනිටුහන් වන්නේ ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් චාරිත්‍රානුකූලව සමන් ගිරෙන් පහළට වැඩම කරවීමත් සමගය.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමේදී සුවිශේෂී වත් පිළිවෙත් රැසක් වේ. වන්දනා වාරය නිමාවට පත්වන්නේද එවැනිම සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කිරීමෙන් පසුවය.
ශ්‍රී පාදස්ථානය හා ඊට සම්බන්ධ කටයුතු සියල්ලම වන්නේ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩමළුවේ භාරකාර හිමියන් හා තේවා භාර හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. මේ හැරුණු කොට උඩමළුවේ රාජකාරි ඉටු කරන රාජකාරිකරුවන් පහළොස් දෙනකු පමණද මේ කටයුතු සඳහා සහභාගි වේ.

Read More

අහස් ග‍ගේ සදා පිපී නැළ‍වෙන රන් සිරිපා පියුම නමදිමු … ( ගායනය ‍- මොහිදින් ‍බෙග්)

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

ලංකා මාතාවට තිලකයක් හා සමාන වූ සමන්ත කූට රාජයා‍ගේ ශීර්ෂය මත පිහිටියාවූ අහස්ග‍ගේ සදා පපී නැළ‍වෙන රන් සිරිපා පියුම නමදින්නට ඔබත් ‍මෙවර සිරිපා කරුණා කරන්න. ඔ‍බේ සි‍තේ ශ්‍රද්ධාව ඇතිකරනු පිණිස අප නිර්මාණව්‍ය කල  වීඩි‍යෝ පටය නරඹන්න

https://youtu.be/SuuoWDnADsM

සිරිපාද හි‍මේ …

සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ
මේ ශාන්ත උ‍දේ සූර්යෝදේ
මනහර කඳු‍පෙළ ශාන්තී දේ නවෝදේ

මිහිදුම් සේ‍ලේ ඉරාලා – ආශාවේ සිනහා පාලා
මිහිලිය ගේ නාරි දේහේ – ඉම්බා තුරුල් වීලා
ගංගා ඇළ දොළ වන මල් තුරුලිය
වඳින්නෙ මේ සිරිපාදේ
සැදැහැතියෝ දෙති සාදු සාදු නාදේ

සිංහලයේ කීර්ති රඳනා – රන් සමනළ රක්ෂා කරනා
සෙන්පති මුල වාගේ පෙනෙනා – පූජනීය සීත හිමයේ
දෑල සමනළ උඩ දිය පර වැල්
බඹර විලේ මහ කන්දේ
ඔද තෙද මත සිත රාජ බැම්ම වාගේ

පබැඳුම – කරුනාරත්න අබේ‍සේකර
ගැයුම – මොහිදීන් බෙග්
රූපමය ‍පෙළ ගැස්ම – ‍බෞද්ධ සන්නි‍වේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍වෙනු‍වෙන් එරන්ද ලක්මාල් …

 

සුද්දන් දුටු ශ‍්‍රි පාදය ….

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

රොබට් නොක්ස් කියන්නේ කන්ද උඩරට මහනුවර නගරයට දකුණු දෙසින් සිංහලයන් කියන පරිදි ලංකාවේ උස්ම කන්ද පිහිටා ඇති බවය. එයට ඔවුන් කියන්නේ හිමපොල යනුවෙනි. පෘතුගීසින් හා වෙනත් යුරෝපීයන් එයට ඇඩම්ස් පීක් නොහොත් ආදම්ගේ කන්ද යනුවෙන් භාවිත කරයි. මෙම කන්ද සීනි ගොඩක්  ගොඩ ගැසුවා වැනිය. එහි මුදුන සමතලා ගල් තලාවකි. එහි මිනිසකුගේ  පා සටහනක් වැනි ලාංඡනයක් ඇත.  නමුත් එය මිනිසකුගේ පා සටහනට වඩා විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි.

සිංහලයෝ ඔවුන්ගේ දරු පවුල් පිටින්ම ගොස් මෙම ලාංඡනය වැඳ ගනිති. එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ සිංහල අවුරුද්දට පෙර මාර්තු මාසයේ පමණය. මෙම කඳු මුදුනින් ගංඟා කීපයක් ආරම්භ වී දකුණ හා බස්නාහිර පැති වලට ගලා බසී. ඒ අතර උතුරට ගලා බසින මහවැලි ගඟ ප‍්‍රධානය. බුද්ධා පොළොව මතුපිටින් අතුරුදහන්ව මෙම කඳු මුදුනෙහි පා තබා ඇති බවට සිංහලයෝ විශ්වාස කරති. ඔවුහු තෙල් මල් පහන් සඳුන් කූරු කපුරු ආදිය ගෙන කඳු මුදුනට නැග පූජා පවත්වයි. මෙම පඬුරු ආදිය එකතු කර ගැනීමට පෙර සිටි රජකු මුවර් මිනිසුන්ට අවසර දී ඇතැයි කියමින් විශාල මුවර්වරු සංඛ්‍යාවක් මග දෙපස පෙළ ගැසී මෙම පූජා භාණ්ඩ පඬුරු ආදිය එකතු කර ගනී. වර්ෂ 1818 කාලවකවානුවේදී මෙහි විසූ දොස්තර ඬේව් කියන්නේ මෙම කන්ද තරණය කළ පළමු යුරෝපීය ජාතිකයා වූ ලූතිනන් මැල්කට් මැණ ඇති පරිදි මෙම කඳු මුදුනත අඩි 74 දිග අඩි 24 පළල බවය. එය අඩි පහක් පමණ උස ගල් වැටකින් කොටුකර බැඳ ඇත. කඳු සිරස පොළොවෙන් අඩි පහක් අඩි අටක් අතර උස ඇති තැනකි.

Read More

සිරිපා අඩවි‍යේ හාස්කම් ගැන කිය‍වෙන තවත් එක් සත්‍ය කථාවක් …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.

සමන් දෙවිදුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට දඩුවම් විදි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ.

සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ.

එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුදු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අගුරු හතු, ඉදලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය ස`දහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද ඉදහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ ද තවමත් ජීවතුන් අතර සිටිති.

Read More

සිරිපා අඩවියේ නෑසූ කතා …

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති. අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති.

අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය.

සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය.

සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. එය දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි.

මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය.

Read More

අවාරයේ සිරිපතුල වඳින්නට එන සුදු ඇතා කවුද?

By අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) No Comments

බෞද්ධ සාහිත්‍යයේ හා බුද්ධ චරිතයේ පූජනීයත්වය පාරිශුද්ධත්වය සංකේතවත් කරමින් සුදු ඇතා ගැන බොහෝ විට කියවෙයි. පෙරපින් මහිමය හෝ දෙවියන් දීම නිසා ඇලි – හැලි හෙවත් සුදු ඇතුන් ලැබෙන බව විශ්වාසයයි. විද්‍යාත්මකව සුදු වර්ණය ලැබිම ඉංග්‍රීසියෙන් ඇල්බිනෝ හෙවත් ඇල විකෘතිය ලෙස දැක්වෙයි. සුදු ඇතා අනිත් ඇතුන්ට වඩා පිංවත්, වැඩි සැලකිලි ලබන, නුවණ ඇති, උසස් ගති පැවතුම් ඇති, ලෙස පිළිගැනෙයි. සුදු ඇතෙකු ලැබිම ඉතා කලාතුරකින් සිදුවන නිසා එවැනි දුර්ලභ ඇතුන් රාජකීය හෙවත් මංගල ඇතුන් ලෙස සලකන ලදී. සුදු පාට මංගල වර්ණයකි. ජන ප්‍රවාදයට අනුව ශ්‍රීිපාදයට අධිපති සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි. සමන් දෙවි ගැන කියවෙන කවි ‍පොත්වල ශ්‍රීපාද අඩවියේ ඇලි ඇතා ගැන කියවෙයි. අවාරයේ උඩ මළුවට පැමිණ සිරිපතුල නමදින බව විශ්වාසයයි. හතර කෝරළේ අලුත්නුවර දෙවියන්ගේ වාහනයද සුදු ඇතෙකි.
බෞද්ධ සාහිත්‍යය අනුව ශක්‍ර දෙවිඳුගේ ඓරාවන ඇතා සුදු ඇතෙකි. ඓරාවන ධවල හස්තියෙකු බව සාහිත්‍ය ග්‍රන්ථවල එයි. ධවල හෙවත් ඇලි ඇතා මෙන්ම මුළුමනින්ම කාල වර්ණ ඇතාද ඉතා දුර්ලභ වටිනා සතෙකු වෙයි. බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් දින මහමායා බිසව දුටු සිහිනය අනුව ඇය අනෝතප්ත විල්තෙරට ගෙන ගොස් දෙවඟනන් විසින් නාවා පිරිසිදු කොට සරසන ලදුව කුස තුළට සුදු ඇත් පැටවකු පිවිසෙනු සිහිනෙන් දුටු බව පැවසේ. බුද්ධ චරිතය විස්තර කරන සංස්කෘත ලලිත විස්තරයේ මේ සිද්ධිය ඉතා චමත්කාරව වර්ණනා කරයි. මෙහි සුදු ඇතා ලෙස සංකේතවත් වූයේ මව්කුස පිළිසිඳ ගැනීමයි. බෝසතුන් බිහිවූ දින පන් සියක් සුදු ඇතුන් කපිලවස්තු නුවර වටා ප්‍රදක්ෂිණා කළ බව මහායාන බෞද්ධ ග්‍රන්ථවල එයි.

Read More

error: Content is protected by www.ifbcnet.org.