
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ සියලු ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකේ. ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි බුද්ධ ගෞරවයෙන් , ශ‍්‍රද්ධා භක්තියෙන්, ඇපකැප වීමෙන් මහත් පුද සත්කාර වත් පිළිවෙත් පූජා චාරිත‍්‍ර චිරාගත සාම්ප‍්‍රදායානුකූලව නොකඩ කොට ඉෂ්ට සිද්ධ කිරීම සසුනේ චිර පැවැත්මට මෙන්ම ජාතියේ මහත් අභිමානයට ද හේතු සාධක වන්නේ ය.
මෙම පූජා චාරිත‍්‍ර බොහොමයක් සැකසී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා වූ බුද්ධෝපස්ථාන, බුදු පුද, පූජා චාරිත‍්‍ර මුල් කොටගෙනය. ශී‍්‍ර දළදා බුද්ධෝපස්ථාන, දළදා පූජා චාරිත‍්‍ර, දළදා පුද සිරිත්, දළදා පුද පිළිවෙත්, දළදා පුද සත්කාර හා දළදා තේවා ආදි වශයෙන් විවිධාකාරයෙන් හඳුන්වන මෙම පූජා චාරිත‍්‍ර දුරාතීතයේ පටන් රාජකීය ස්වරූපයක් ගෙන තහවුරු වී ඇති බව පෙනේ.