ඇසළ උත්සවය මූලික කොටගෙන පැවැත් වූ ඇසළ පෙරහර සම්පූර්ණයෙන්ම දළදා පෙරහරක් බවට පත්වන්නේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුව පෙරහර හා සමාජය අතර වූ බැඳීම, දේවත්වය හා බැඳුණු කි‍්‍රයාවලිය තව දුරටත් වර්ධනය විය. ඒ හා සමඟ රණකාමී බව ද ප‍්‍රකට විය.
දළදා වහන්සේ උදෙසා පෙරහර ආරම්භ වීමත් සමඟ එය අප රටේ ඓතිහාසික අගයෙන් පරිපූර්ණ වූ සුවිශේෂී ම ආගමික, ජාතික හා සංස්කෘතික කලා මංගල්‍යය බවට පත් විය. පෙරහර අධ්‍යනය කිරීමෙන් ඒ හා බැඳුණු ආර්ථිකමය, සමාජ සම්බන්ධතාවයන් මනාව හඳුනා ගත හැකි ය. පෙරහරේ ඕනෑම කාර්්‍යයක නිරත වන පුද්ගලයන් සඳහා අතීතයේ නින්දගම් ප‍්‍රදානය කෙරුණි. පෙරහර කුල ධූරාවලිය, නිල ධූරාවලිය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම වැඩවසම් නින්දගම් ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන.
අද අප ජීවත්වන සමාජය ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබේ. වාණිජ කරණයට ලක් වෙමින් තිබේ. එක් පැත්තකින් වැඩවසම් සමාජ මූලයන් වේගයෙන් බිඳ වැටෙමින් පවතින අර්බුදයට ලක්වෙමින් පවතින වකවානුවකි. අනෙක් පසින් බලන කල සමාජයේ සමානාත්මතාව, පොදු බව, කුසලතා, පිළිබඳ ඇගයීම එක්තරා ප‍්‍රමාණයකට වර්ධනය වෙමින් පවතින යුගයකි. මෙවන් වාතාවරණයක දී රටේ ප‍්‍රධාන කලාකාමී උත්සවය වන ඇසළ පෙරහර කෙසේ පවත්වාගෙන යා යුතු ද යන්න සාකච්ඡාවට ලක් කළ යුතු වේ. ඇසළ පෙරහරේ අනාගත සංරක්ෂණ කාර්්‍යයෙහි ලා එය ඉතා වැදගත් වන බැවිනි. මේ කතිකාවට පෙරහර කරවන වග කිව යුත්තන්, රජය, ආගමික ආයතන, ප‍්‍රජාව, බුද්ධිමතුන් යන මේ සියලු දෙනා ගේ ම ඉතා සියුම්, සංවේදී අවධානයක් යොමු වීම වැදගත් වේ.