දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය.දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව නොහොත් ගඳකිළිය නම් කොටසෙහි දළදා කරඬුව තැන්පත් කර තිබේ. විශේෂ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මෙම සුවිසල් කරඬුව තැන්පත් කර තිබේ. ජපන් රජය මෙම වීදුරු ආවරණය දළදා මාලිගාවට පූජා කර තිබේ.මෙම සුවිසල් කරඬුවෙහි රන්මාල සහ වටිනා මැණික් ගල් අල්ලා තිබෙනු දක්නට ලැබේ. නොයෙක් යුගවලදී රජවරුන්, බිසෝවරුන්, සේනාධිපතිවරුන් සහ විවිධ රාජ්‍ය නායකයන් දෙස් විදෙස් බෞද්ධයන් දළදා වන්සේ උදෙසා එම රන්මාල, මැණික් පූජා කර තිබේ. මෙම පූජාවස්තුන් පූජා කළේ කවුරුන්ද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ ලෝඛනගත කර ඇත.අතීතයේදී ශ්‍රී දළදා කරඬුව විවෘත කිරීමට පෙර එහි ඇති එම පූජා වස්තූන් ගැන ලේකනය කියවනු ඇත.ළදා වහන්සේ වැඩ සිටින දැනට අපට පෙනෙන සුවිසල් කරඬුව පූජා කර ඇත්තේ විමලධර්මසූරිය රජතුමා විසිනි. එය රිදී පාටින් යුක්තය.
වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.
එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට ප‍්‍රධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ.
දළදා ප්‍රදර්ශනයන් ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නේ නම් විසිතුරුව… දෙස් විදෙස් සංචාරක බැතිමතුන්ට තම ජීවිත කාලය පුරාම මතකයේ රඳවන අනඟි දිනයක් සටහන් වෙන එවැනි මහා පින්කමක් ලබන වසරේ නැවත පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණා… ඉතිහාසයේ දළදා වහන්සේ ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්ට යටත්ව පැවැති 1828දී ද මෙවැනිම දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව සඳහන්… ඒ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීයි… වාරියපොළ සුමංගල හිමියන් විසින් රහසිගතව සඟවා රැකගෙන සිටි දළදා වහන්සේ නැවත මහනුවරට වැඩම කරවා 1828 මැයි මස දෙවැනි දින සිට දළදා ප්‍රදර්ශනය ආරම්භ කර එම මාසයේ හත් වැනි දින දක්වා දින පහක් ජනතා බුහුමනට දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බවයි පත පොතේ සඳහන් වෙන්නේ… නාරන්පනාවේ ආනන්ද හිමියන් එදා කතාව නැවැත්තුව තැන ඔබට මතකද… අපි එතැනට යමු…
මහනුවර අද දැකිය හැකි ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරයේ ඉදි වූ පස්වැනි දළදා මාලිගාවයි. මීට පෙර තිබූ දළදා මාලිගා හතරක් දිරාපත් වීම පරසතුරු ආක්‍රමණ නිසා විනාශ වී ඇත.
අද මහනුවර දක්නට ඇති එම නගරයේ ඉදි වූ පස්වැනි දළදා මැඳුර පිහිටි ස්ථානය ඉතා වැදගත් වෙයි. නගරයේ ඉහළම බිම්කඩ මේ අවට පැතිර ඇත. උඩවත්තකැලේ රාජකීය තහංචි කැලේ මායිමේ එය ඉදි විය. එදා උඩවාසලවත්ත තහංචි කැලේ ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ අතර ඒ බහිරවකන්ද,
ගන්නෝරුව කන්ද හරහා හන්තාන කැලෑවටද අනෙක් පැත්තෙන් ලේවැල්ල, පල්ලේකැලේ සිට රන්දෙණිගල තෙක් පැතිර ගිය පල්ලේකැලේ කැලෑවටද සම්බන්ධ වී එකම වන රොදක් ලෙස පැතිර තිබිණි. ඉංගී්‍රසි යුගයේ කෝපි වගාව සඳහා නගරය අවට වනාන්තර එළි කරන ලදුව එකම වනාන්තර විනාශ වී තැනින් තැන කුඩා වන රොදවල් ඉතිරි විය. නගරය ශීඝ්‍ර ලෙස ජනාවාස වීම නිසා ඉතිරිව තිබූ වන රොදවල්ද මිනිස් ජනාවාසවලට යට විය. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත කැලෑවෙන් ගලා ආ සීතල, පිරිසුදු ජල උල්පත් රජ වාසල, දළදා මාලිගාවේ සතර දේවාල හා නගරයේ අවශ්‍යතා සඳහා භාවිත විය.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පත් සිරුර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදී දහස් ගණනක් භික්ෂු භික්ෂු”න් බැතිමතුන් රැසකගේ ගරු බුහුමන්, සාදු නාද මැද ආදාහනය කළේ මේ දැන් බුදු හිමියන්ගේ අධිෂ්ඨානයෙන් විසිරී නොගිය ධාතු කොටස් පෙළහර පාමින් තිබුණේ… එයිනිදු වටිනාම සර්වඥ ධාතු කොටස් හතර වන දළදා වහන්සේ සිවු නම ඛෙදා හදා ගන්න මහ කලබගෑනියක් ඇතිවෙන්න ගියේ.
ඒ අතරේ තමයි ඛේම රහතන් වහන්සේ එක් දළදා වහන්සේ නමක් රැගෙන අහසට පැනනැංගේ. අනෙක් දළදා වහන්සේ තුන් නම සක්දෙව් රජ තම විමානයට එකකුත් අනෙක් දෙකෙන් එකක් නා ලොව නා රජුද, ඊළඟ දළදාව ගන්ධාර දේශයේ රජුටද හිමි කරමින් තමයි දළදා වහන්සේ සිවු නම ඛෙදී ගියේ. ඛේම මහරහතන් වහන්සේ අත් කරගත් වාම ශ්‍රී රදනක දළදාව කලිඟු රට බ්‍රහ්මදත්ත රජුට දුන් බවයි පසුව සැල වුණේ. අපි මේ කතා කරන්න යන්නේ අන්න ඒ දළදා වහන්සේගේ ගමන් මඟ පිළිබඳවයි. කතා සාගරයක් ගෙනෙන මේ දළදා වහන්සේගේ ගමන් මඟ පුරා කෙරුණු කෙරෙන වත් පිළිවෙත්වලින්ම අපි විශේෂාංග ලිපි පෙළ අරඹමු. සාම්ප්‍රදායික ලිපියකට වඩා එහා ගිය දැනුමක් සමඟ ඔබත් මේ ලිපි පෙළ සමඟ එක්වෙන්න. මින් පෙර අප නොදත් බොහෝ දේ දළදා වහන්සේගේ අනුහසින් මේ ලිපි පෙළේ මුතු මෙන් ඇතිරේවි. ඔබ ඒ හැමදේම එකතු කරගන්න. ඉතින් මට හිතුණා මේ විශේෂාංග ලිපි පෙළ අහඹු තැනකින්ම පටන් ගන්න. දළදා වහන්සේ සම්බන්ධව සියලුම දේ ඇතුළත් වෙන මේ ලිපි රැස ඔබේ දැනුම් පැස තව විශාල කරාවි.
මං මේ බලාගෙන හිටියේ මීට සියවස් හයකට ඉස්සර දළදා වහන්සේ වැඩමවාලූ ගොඩනැඟිල්ල දෙසයි… එතැනට දළදා වහන්සේ වඩමවාගෙන විත් තිඛෙන්නේ ඛෙලිගල ඉඳලා. එදා ඒ තුන් මහලක්ව හැදුව දළදා මාලිගාව පසු කලෙක දෙමහල් මාලිගාවක් වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්… මේ කුඩා විහාර ගේ ඇතුළේ විස්මිත චිත්‍රයක් තියෙනවා…
ඒ දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් සිදුවූ දෙයක්… ඒ සිත්තමේ දැක්වෙන්නේ බුදුන් වහන්සේගේ රුවක්. ඒ සිත්තම ඇඳ ඇති ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සිට මෑත පෙනෙන සපු ගස දක්වා රුවන් පාලමක් මතින් ගමන් කරන ආකාරයයි… ක්‍රි. ව. 1236දී දඹදෙණිය රාජධානියේ රජ බවට පත්වෙන දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී සිදුවෙන එම දළදා ප්‍රාතිහාර්ය ගැන පත පොතේ සඳහන් වෙන්නේ, දන්ත ධාතුන් වහන්සේ රජතුමාගේ අත්ලෙන් අහසට පැන නැඟී ෂඩ් වර්ණයෙන් පෙදෙසම ඒකාලෝක කර නැවත රජුගේ අත්ලටම වැඩම කළ බවයි. මෙයින් මහා ප්‍රසාදයට පත්වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා අවුරුදු දොළහක් නොකඩවා දිවා රෑ පුරා තල තෙල් පහනක්, එළඟිතෙල් පහනක්, උරුලෑ තෙල් පහනක්, කපුරු තෙල් පහනක් සහ අමු කපුරු පහනක් දළදා වහන්සේ වෙනුවෙන් දැල්වූ බව දඹදෙනි අස්නෙහි සඳහන් වෙනවා… මං ඒ වෙලේ හිටියේ මීට සියවස් අටකට ඉස්සර ඒ පහන් සිළු දැල්වුණු බිමේ… දළදා හිමි මොන තරම් මහෝගයක්ද… ඔබට අමතක නැතිව ඇති අපි මේ කතා කරන තේවාව ඒ වගේ… සම්ප්‍රදායන්… අපේ අතීත උරුමයන්, ගෞරවයන් සියල්ල වියැකී යා නොදී රැකගත යුත්තේ අපමයි… නාරන්පනාවේ ආනන්ද හිමියෝ එදා කතාව අහවර කළ තැන ඔබට මතක ඇති… අපි යමු එතැනට…
ඉතින් අපේ හාමුදුරුවනේ රජ කාලේ කොහොමද සංඝ සභාව ගැන කියන්නේ…
ක්‍රි.ව. 1300 මෙරට රාජධානි ඉතිහාසයේ කඩඉම් වසරක්… ඒ වසරෙදි තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භය සිදු වෙන්නේ… කුරුණෑගල රාජධානියේ ආරම්භක රජතුමා වෙන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමායි… එතුමා ශ්‍රී නිවාස බුවනෙකබාහු ලෙසයි රාජාවලියේ හඳුන්වා තිඛෙන්නේ…
එතුමා කුරුණෑගල රාජධානියට, දළදා වහන්සේ රැගෙන එනවා… කුරුණෑගල රාජධානියේ තහවුරු වී ඇති තොරතුරු අනුව දළදා වහන්සේ වෙනුවෙන් මැඳුරක් ඉදිවන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුතාගේ රාජාභිෂේකයෙන් පස්සේ… දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රයාගේ නම සිවුවැනි පරාක්‍රමබාහු. ඔහු මෙරට රජ වන්නේ ක්‍රි.ව. 1302දී… ඇතුගල්පුර ලෙසින්ද නරිනාථපුර නමින්ද කලෙක හැඳින්වූ කුරුණෑගල රාජධානියේ ආරම්භක රජු දෙවැනි බුවනෙකබාහු වුවත් කුරුණෑගල රාජධානියේ දීප්තිමත්ම රජු සිවුවැනි පරාක්‍රමබාහු රජතුමායි… එතුමන්ගෙන් දළදා වහන්සේට වූ මෙහෙය අපමණයි… ඒ ගැන විස්තර අපි ලබන කලාපයේ කියවමු… ඉතින් අදත් නාරන්පනාවේ ආනන්ද නායක හිමියන්ගේ ඒ දළදා වහන්සේ හා සබැඳි අප්‍රකට කතා පැසට අපි එඛෙමු…
සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා මින් වසර පන්සිය දෙදහසකට පෙර සම්බුද්ධරාජ්‍යය අත්පත්කරගත් පරම පිවිතුරු ත්‍රයිලෝක තිලක වූ අප අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ මුව පියුමෙහි සුපිහිටියාවූ ලරම පිවිත=රු රන් රේනුව ශ්‍රී දන්තධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ශ්‍රී දන්තධාතූන් වහන්සේ පිලිබද අප නිර්මාණය කල වීඩියෝවක් නරඹන්න. සැදැහැ සිත් ඇත්තෝ සාදු නාද දෙමින් පින් අනුමෝදන් වෙත්වා …
අද නිකිණි පුර පසළොස්වක පොහෝදාය. හෙළ කලා අසිරියේ අතිඋත්කර්ෂවත් මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන මහනුවර දළදා පෙරහර පැවැත්වෙන්නේ අදය.දළදා පෙරහර යන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම පිළිබිඹු කෙරෙන කැඩපතක් වුවද එහි උත්තරීතර වටිනාකම් රඳා පවතින්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන දන්ත ධාතූන් වහන්සේ නිසාය. දළදා කරඬුව පෙරහරේ වැඩම කරවනු ලබන්නේ එහි පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයටය. දළදා කරඬුව ආවාට ගියාට කෙනකුට ස්පර්ශ කළ නොහැකි වී තිබෙන්නේ එහි ඇති පූජනීයත්වය නිසාය.
දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍ය උදාවන්නේ සිව්දෙනකුට පමණි. ඉන් තිදෙනකු වන්නේ අස්ගිරි-මල්වතු උභය පාර්ශ්ව මහා නායක හිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේවරයාය. අනෙක් වාසනාවන්තයා වන්නේ දළදා කරඬුව වැඩම කරවන ඇතාය.
ඇතෙකු වූ පමණින් දළදා කරඬුව වැඩම කරවීම සඳහා එකී ඇතාව තෝරා ගැනෙන්නේ නැත. ඒ සඳහා කාරණා කීපයක් සම්පූර්ණ විය යුතුය.
ඇතාගේ ශරීර ලක්ෂණ සැලකිල්ලට ගැනීමේදී පිට කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නේ දළදා කරඬුව ඇතුගේ පිට මත තබා බැඳිය යුතු බැවිනි. එනම් ඇතුගේ පිට පළල් මෙන්ම පැතලි විය යුතුය. එමෙන්ම හොඬවැල, වලිගය හා ලිංගය පොළවේ ස්පර්ශ විය යුතුය. ඇත් දළ යුගලය පිළිබඳව සැලකිලිමත් වීමේදී දළ ඉදිරියට නෙරා ගිය මෙන්ම මහතට පිහිටා තිබිය යුතුය. එමෙන්ම දළ යුගලය සමාන්තරව නොපිහිටා වම් දළය මඳක් පහත්වී තිබිමද වැදගත් ලක්ෂණයක් ලෙස සැලකේ. ඇතාගේ කන් සොලවන විට මුහුණේ ස්පර්ශ වන ආකාරයට විශාලත්වයෙන් පිහිටා තිබිමද දළදා කරඬුව වැඩම කරවීම සඳහා ඇතෙකු සතු මූලික සුදුසුකමකි.
පන්සාළිස් වසක් පුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ශ‍්‍රී සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ සිව්වැනි සියවසේ කිත්සිරි මෙවන් රජ දවසය. මහින්දාගමනයත් සමඟ බුදු දහමින් පෝෂිත වූ මෙරට ජන ජීවිතය එතැන් පටන් තෙරුවන් මූලික කරගත් සමාජයක් බවට පරිවර්තනය විය. දළදා වහන්සේත්, මහජනතාව සහ රජදරුවන් අතරත් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැඟුණු අතර දළදා හිමි ධාර්මිකත්වයේ හා සෞභාග්‍යයේ සංකේතය බවට පත්විය. දළදා වහන්සේ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ නිසා කලින් කල නායකත්වය හෙබවූ රජ දරුවන් උන්වහන්සේ රැක බලා ගන්නටත්, පුද සත්කාර නො පිරිහෙළා ඉටු කරන්නටත් ඇප කැප වූහ.
දළදා හිමියන් අප රටට වැඩම කරවූයේ කාලිංග දේශයෙනි. කිත්සිරිමෙවන් රජුගේ පියාණන් වූ මහසෙන් රජතුමා කාලිංග දේශයේ රජුගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙසය. දන්ත ධාතූන්වහන්සේ ලබා දිය නොහැකි නම් උන්වහන්සේ දෝවනය කළ පැන් ටිකක් හෝ ලබා දෙන ලෙස මහසෙන් රජු කළ ඉල්ලීමක් පිළිබඳ ව දාඨාවංශයෙහි සඳහන්ය.
දළදා වහන්සේ සම්බන්ධයෙන් කාලිංග දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය යටතේ මේ ඉල්ලීම සලකා බැලූ කාලිංග දේශයේ රජු දළදාවේ ආරක්ෂාව පතා උන්වහන්සේ ලංකාවට එවීමට තීරණය කළේය.