Skip to main content
Category

අප අදහන අ‍පේ ‍දෙවිවරු … ( Our Gods )

සැමට සෙත සලසන ගම්බාර දෙවියෝ…

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

දෙවියෝ යක්කු නෑ කියලා කියනවනම් ඉතින් බුදු බණත් බොරු වෙන්න ඕන කියලා මට හිතෙනවා . මොකද ආලවක , කාලි , වගේ යක්කුත් සක්‍රයා , උපුල්වන් , වෛශ්‍රවණ වගේ දෙවිවරුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවල සඳහන් වෙනවා . ඉතින් මෙයාලා දැන් කාලේ කෙසේ වෙතත් ඉස්සර කාලේවත් හිටියා කියලා බෞද්ධ අපිට පිළිගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ .

උප්පැන්න සහතිකේ ලියවිලා තියෙන හැටියට ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේ කියලා කියන අර්ධදේව තත්වයේ ඉන්න මේ දෙවියන් ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ හරිම බයෙන් . අඩුම තරමේ මේ පොස්ට් එක කියවලාවත් ඒ බය නැති කරගන්න කියලා මම කියන්නේ . මොකද මේ අමනුස්සයෝ මිනිස්සු වගේ නෙවේ . කිව්වොත් කිව්වා , අනික තමයි කොයික කරත් සාධාරණේට වැඩ .

අර්ධ දේව කියන්නේ මනුස්සයින් හෝ යක්ෂයින් වෙලා ඉඳලා වෙන වෙන ලොකු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන දේවත්වයට පත්වෙච්ච අයට .

දෙවියොත් එක්ක ගනුදෙනු වලදී වැඩිපුර ජෝක්ස් මුල් කරගන්න මමනම් කැමති නෑ . ඒක නිසා පෝස්ට් එක කියවන අයට මේක බොරින් නම් සොරි වෙන්න ඕන හොඳේ ………!

Read More

සසුන රකින්නට බුදුහිමිගෙන් වරම්ගත් දැඩිමුණ්ඩ දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

අලුත්නුවර දේවතා බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, ඌවේ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන පර්යාය නාමයන්ගෙන්ද හැඳින්වෙන දැඩිමුණ්‌ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍ර සතරින් ප්‍රබලතම ගෝත්‍ර දෙකක්‌ වන යක්‍ෂ, නාග යන ගෝත්‍ර දෙකෙහිම සම්බන්ධතාවය ඇති ප්‍රබල ජන නායකයෙකි.

පුර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මෙකී දෙවියන්ට දැඩි සිතක්‌ හා මුඩු වූ හිසක්‌ද ඇති බැවින් දැඩිමුණ්‌ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියෑවේ.

එදා වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දින නේරංජනා නදී තීරයේදී ඇසතු බෝරුක මුල වැඩහුන් සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥනය පහලවෙද්දී සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබාගැනීමට ඉඩ නොදෙමියි සිතූ වසවර්ති මාරයා දස බිම්බරක්‌ මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල්ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනගට බියෙන් පලාගියහ. ඒ බව දුටු වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දැඩිමුණ්‌ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්‍ෂාව පිණිස පිටත්කර හැර ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක්‌ අත දරමින් විවිධ බියකරු වෙස්‌ මවාපාමින් අවි අමෝරා ආ දසබිම්බරක්‌ මාර සේනාව පැරද වූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මහමෙර මත වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර ඇත.
Read More

අසුර බල නැසූ ශිව දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments
හින්දු දේව කතා වල සඳහන් වන නිසා ලංකාවේ අපිට මහ දෙවියන් ගැන එතරම්ම හැඟීමක් නැත.
කතරගම දෙවියන්ට, භද්රකාලි මෑණියන්ට හෝ පත්තිනි මෑණියන් තරම් අපට ශිව දෙවියන් ගැන අදහසක් නැත.
– කෙසේ වුවද මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන කොටසේ සිටින බලගතු, අනුහස් සහිත දෙවි කෙනෙකි.කෙසේ වුවද, ලෝකයටම අධිරාජ්යයෙක්ව සිටි මහා රාවණ මහ රජතුමා දැඩි ශිව භක්තිකයෙක් බව සඳහන්ය. යෝග බලයෙන් යුතු රාවණ රජතුමාට ඒ සම්බන්ධව ආශිර්වාද ලබාදීමට මූලික වී ඇති දෙවි කෙනෙකි ඊශ්වර දෙවියන්.● ඊශ්වර දෙවියන්ට දේවීන් 3ක් යැයි සඳහන් වේ.
ප්රධාන දේවිය වන්නේ පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්ය.
ඊලගට ගංගා දේවිය ගැන සඳහන් වන අතර උමයංගනා දේවිය ගැනද සඳහන් වෙයි.

Read More

කලාවට අධිපති සරස්වතී දේවිය …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු දේව මෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රීසරස්වතී දේව මෑණියන් වහන්සේ දැනුමට, සංගීතයට කලාවට ප්‍රඥාව සහ ඉගෙනීමට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙස සැලකෙයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් “ත්‍රිදේවි” ලෙසින් හැඳින්වෙන උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන්ගෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙම උතුම් ත්‍රිදේවීන් උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ට, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේලාට පිලිවෙලින් නිර්මාණය කිරීමටත්, ආරක්ෂා කර පවත්වාගෙන යාමටත් සහ ලෝකයේ ප්‍රතිජනන චක්‍රයටත් උපකාර වේ.

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ගැන මුලින්ම සඳහන් වන්නේ ඍග්වෙදයේය. හින්දු සම්ප්‍රදායේ වෛදික යුගයේ සිට මේ දක්වාම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා සුවිශේෂී දේව මාතාවකි.  උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ගෞරව දැක්වීමට “වසන්ත් පන්චමි” නම උත්සවය (වසන්තයේ පස් වන දිනය) සමහර හින්දු බැතිමතුන් සමරනු ලබයි. එම දිනය ඔව්න් සලකුණු කරන්නේ කුඩා දරුවන්ට අක්ෂර මාලාව නිවැරදිව ලිවීමට උදවු කිරීමටයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු බැතිමතුන්ගෙන් පමණක් නොව බටහිර සහ මධ්‍ය ඉන්දීය ජෛන බැතිමතුන් සහ සමහර බෞද්ධ සම්ප්‍රදායන්ද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් හට ගෞරව පුද පූජා පවත්වති.

Read More

විශ්වයේ ශක්තිය දරා සිටින ගණ දෙවියෝ ….

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

උතුම් ශ්‍රී ගණ දෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු වන අතර “ගණපති” සහ “විනායක” යන නම් වලින්ද හැඳින්වේ. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා හක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ඝන දෙවියන්ට නමස්කාර පුද පුජා පවත්වයි.

උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වනුයේ අලියෙකුගේ හා සමාන හිසෙනි.  උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කරදර බාදක ඉවත් කර දෙන දෙවි කෙනෙකු වන අතර කලාව සහ විද්‍යාවටත් නුවණ සහ ප්‍රඥාවටත් අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ උතුම් ශ්‍රී ගණ දෙවියන් නමස්කාර කිරීමෙනි. යම්කිසි ලිවීම් කටයුතු කිරීම් වලදී උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්නේ උන් වහන්සේ ඉගෙනීමටත් සාහිත්‍යයටත් අධිපති දෙවියන් වන නිසාවෙනි. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ උපත, දක්ෂතාවයන්  සහ උන්වහන්සේගේ දක්ෂ මුර්ති ශිල්පයත් සමහර පුරාවෘත්ත කතා වල සඳහන් වෙයි.

උතුම් ශ්‍රී ගණ දෙවිඳුන් ක්‍රි.පූ. 4 සහ ක්‍රි.පූ. 5 වන සියවස් වලදී පමණ කාලවලදී උත්කර්ෂවත් දෙවිකෙනෙකු ලෙස පිළිබිඹු වී ඇත. නව(9) වන සියවසයේදී “සමන්ත්‍රා සංස්කෘතිය”(හින්දු නිකායකි) අනුව උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ප්‍රධාන දෙවියන් වහන්සේලා පස්දෙනා අතර රූපාත්මකව අන්තර්ගත විය. “ගණපත්ය” නම් නිකායක භක්තිකයන් පිරිසක් උතුම් ශ්‍රී ගණ දෙවියන්ව අතිශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු ලෙස වැඳුම් පිදුම් කර ඇත. ප්‍රමුඛ ධර්ම ග්‍රන්ථ වන“ගණේෂ පුරාණ”, “මුද්ගල පුරාණ” සහ “ගණපති අතර්වශිර්ස”  නම් ග්‍රන්ථ උතුම් ශ්‍රී ගණ දෙවියන් උදෙසා සම්ර්පිත ග්‍රන්ථ වෙයි.

Read More

වැඩ සිටින්නට දෙවොලක්‌ නැති අයියනායක දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) 2 Comments

උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්‌වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස

ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්‌ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම් රැසකින් විවිධ ප්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත්, කෝකිල සංදේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්‌වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ඡේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඩේ කුලුනක සත්ත්ව රූප තුනක්‌ සහිත වාහනයක වැඩසිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක්‌ මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි.

Read More

අඳුන්ගිරි පර්වතය පයින් මඩ කර වී වැපිරූ පත්තිනි දේවිය

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

සිංහල බෞද්ධ සමාජය තුළ මුල් බැස ගත් එක්‌ දෙයක්‌ තමා දේව විශ්වාසය. දෙවියන්ට පුද පූජා කරලා දෙවියන්ගෙන් පිහිටක්‌ ලබා ගන්නා අය බොහොමයි. ලංකාවට බුද්ධාගම එන්නත් කලින් මේ දේව විශ්වාසය තිබුණා. බුදුහාමුදුරුවන්ගෙනුත් ඒ කාලෙ සමහරුන් අහල තිබුණා දෙවියන් පිළිබඳව එක එක ප්‍රශ්න. අද වුණත් පිරිත් දේශනා කරන කොට දේවාරාධනාවක්‌ කෙරෙනවා. ඒ වගේම දෙවියන්ට පින්දීමත් අපේ අනිවාර්ය අංගයක්‌. දෙවියන් පිළිබඳ නොයෙක්‌ ජනප්‍රවාද ග්‍රීසිය, රෝමය විතරක්‌ නොවෙයි ජර්මනිය, රුසියාව, වැනි රටවලත් හම්බු වෙනවා. සෘග්වේදයෙත් හුඟාක්‌ දේවකතා තියෙනවා.

අපේ පැරැණිම ජනතාව සොබා දහමට, හිරුට සඳුට, මිහිකතට දේවත්වයෙන් සලකලා තියෙනවා. ඉන්දියාවෙ දෙවියන්ට යාග පවත්වලත් තියෙනවා. වස්‌තුව, රත්තරන් මැණික්‌ එහෙමත් පූජා කරල තියෙනවා. බුදුහාමුදුරුවො මේ යාග හෝම නිෂ්ඵල දෙයක්‌ බව ප්‍රසිද්ධියේම පෙන්වා දීල තිබුණත් ඒවයින් ජනතාව ඉවත් වුණේම නැහැ. අදටත් බෞද්ධ දෙවියන් ලෙස අපි පිළිගන්නා දෙවිවරුන් ඉන්නවා. මහාසුමන දෙවියන් බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කළ වෙලාවෙ බණ අහල උන්වහන්සේගෙන් කේශධාතු මිටක්‌ ඉල්ලගෙන මහියංගණ සෑයේ තැන්පත් කරපු විස්‌තරය මහාවංශයේ එනවා. ලංකාවට ගොඩ බැහැපු විජය කුමාරයාට උපුල්වන් දෙවියන් ආරක්‍ෂාව දුන්න බවත් කියනවා. කතරගම දෙවියන් ගැනත් නොයෙක්‌ ප්‍රවාද තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵල බෝධීන්ගෙන් එකක්‌ කතරගම රෝපණය කරලා තියනවා. දුටුගැමුණු රජතුමා එළාර සමග සටන් වැදිලා ජයග්‍රහණය ලබාගෙන කතරගමට බාරයක්‌ ඔප්පු කිරීමක්‌ විදිහට කතරගම දේවාලය හදලා දුන්න බවත් කියෑවෙනවා.

Read More

සම්බුදු සසුන රකිනා සුමන සමන් දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) One Comment

සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවන්. සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණකරන සිංහල බෞද්ධයයා ඒ වන්දනා ගමනෙ හුඟාක්‌ තැන්වලදී සමන් දෙවියන්ගේ ගුණ වර්ණනා ක‍රනවා, පිහිට අයෑදිනවා. බුද්ධං සරණේ සිරස දරා ගෙන සිරිපාද කඳු මුදුනට හෙමින් සැරේ¨ ළං වෙන වන්දනාකාරයෝ ඒ ගමන් වෙහෙස නිමා ගන්නේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියන ගමන්ම ඒ සිරිපතුල කඳු මුදුනෙ කියන්ට කියලා ආරාධනා කරපු සමන් දෙවියනුත් මතක්‌ කරනවා.

සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ

මෙම් කවිය එන්නේ පුරාණ හිමගත වරුණ කියන පොතේ. මෙයින් කියෑවෙන විදිහට අපේ බුදු සසුන බාර වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන් ගෙයි මේ හිම බාර වෙලා තියෙන සමන් දෙවියන්ගෙයි අවසරය, උදව් උපකාර නැතුව මේ නර පණුවන්ට ඒ ගමන යන්ට පුළුවනෑ. දෙවියන්ගෙ අඩවියකට යන ගමන බොහොම ගරු සරු ඇතිව වරම් ලබාගෙන යන්ටත් එපායෑ.

Read More

කදිර පුර සිට හෙළ දැය සුරකින කතරගම දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

තානු තරුණ අරුණ කිරණ බරණින් යස         තේජනේ
බානු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි                    රාජනේ
මූණු සයකි අත් දෙළසකි මයුරා පිට                   වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදීර දේව                     රාජනේ                   

සුබ සිද්ධිය යහපත ප්‍රසන්න බවින් සියළු දනන්හට සුබ පල ගෙනෙන කතරගම දෙවියෝ ලොව සුපතල දෙවිකෙනෙකි. කතරගම වාසභවන කරගෙන වැඩ වෙසෙන දෙවියන්ගේ ස්වරූපය අති ශෝභමාන බවත් කතරගම දෙවියෝ දේහ විලාශය හා දරනු ලබන ආයුධාදිය අතින් ද වෙනත් බොහෝ දෙවිවරුන්ට ආරෝපනය නොවුණු තේජසක්‌ හා ආශ්චර්යයක්‌ මතු කොට දක්‌වයි. කඳ සුරිඳුන්ට මුහුණු සයකි. අත් දොළසකි. සිරුර රන්වන්ය. ස්වර්ණ මයුර (මොණරා) වාහනයද‌,   කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොස සමග රක්ත වර්ණ ශක්තීන් සමග  කීර්තිය බලය සමග සැමට පිහිට වන බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.      සිංහල ජනතාව අතර “කතරගම දෙවියන්” “කදිර සුරිදු”  යන නමින් ද හින්දු ජනතාව අතර  ස්කන්ධ, කුමාර, , මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වන හින්දු මේ දෙවියෙක් වෙති. මුරුගන් දෙවියන්ගේ ආයුධය – වේලායුධය වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි.  එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මෑණියන් වන පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ. “මුරුගන්” යන නමින් ද අද වනවිට ඉතාම ජනප්‍රිය දේව විශ්වාසය ඈත අතීතයේ සිටම පැවතී තිබේ.

Read More

බුදු සසුන සුරකින බවට විශ්වාස කෙරෙන ශ්‍රී විෂ්ණු දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) No Comments

විෂ්ණු දේව විශ්වාසය වෛදික යුගය දක්‌වා ඈතට දිව යන්නකි. සෘග්වේද යුගයෙහි සූර්ය පාක්‍ෂික දේවතාවකු ලෙස නැතහොත් සූර්ය දේවතාවගේ ම ප්‍රභවයක්‌ ලෙස සැලකුණු විෂ්ණු දෙවියෝ හින්දු සමයෙහි පසු භාගයේදී දෙවියන් අතර අග්‍ර දේවතාවකු බවට පැමිණියහ.

පසුකාලීන බ්‍රාහ්මණ සමයේ දී විෂ්ණු දෙවියන් කොතරම් අධිපති තත්ත්වයකට පත් වී ද යත් දෙවියන් ඇතුළු ලෝකයාගේ ආරක්‍ෂකයා බවට පවා පත් වීය. මෙකල බිහි වූ බ්‍රහ්ම විෂ්ණු මහේස්‌වර යන ත්‍රීමූර්ති සංකල්පයෙනුත් විෂ්ණු දෙවිඳුට හිමි වුයේ ලෝකාරක්‌ෂතාවයි. සර්වං ජනාත්මයං විෂ්ණු යනුවෙන් මුළු ලෝකය විෂ්ණුට යෑයි දැක්‌වෙන තරමට ම එම අවදියෙහි විෂ්ණු දෙවියන්ට මුල් තැන ලැබිණි. වරක්‌ දුර්වාසස්‌ සෘෂිවරයාගේ සාපයක්‌ නිසා සූරයන්ගේ සතුරන් වූ අසුරයන් බලවත් ව සූරයෝ පිරිහෙන්නට වූහ. සියලු හින්දු භක්‌තිකයෝ එක්‌ව ලෝකාරක්‍ෂක විෂ්ණු දෙවියන් වෙත ගොස්‌ යාඥා කළහ. මහාමේරු පර්වතය දණ්‌ඩ ලෙසත් වාසුකී (අනන්ත) නාගරාජයා රැහැන ලෙසත් කිරිසයුර කළඹන්නැයිද එවිට පැන නැගෙන අමෘතය පානය කිරීමෙන් සුරයන්ට අසුරයන් පරාජය කිරීමට හැකි වන්නේ යෑයි ද විෂ්ණු දෙවිඳු උපදෙස්‌ දුන්හ යි විෂ්ණු පුරාණයෙහි සඳහන් වේ.

Read More

error: Content is protected by www.ifbcnet.org.