Skip to main content
Category

සිරි සදහම් ( Dhamma)

ජීවිතයම අමාවක් කරන මෙත් සිත …

By සිරි සදහම් ( Dhamma) No Comments

මෙය මහ පිරිතට අයත් තුන් සූත්‍රයන් ගෙන් අවසන් සූත්‍රය ලෙස ගැනේ. රතන සූත්‍රය සේම කරණීය‍ෙමත්ත සූත්‍රය අමනුෂ්‍ය බලපෑමක් පදනම් කොට දේශනා කරන ලද්දකි.

බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ විසූ එක්තරා කාලයක සංඝ ශාසනයේ පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුන් වෙතින් කමටහන් ලබා හිමාල වනයට ගොස් වස් විසීය. මෙම වනයේ ජීවත් වූ වෘක්ෂ දේවතාවෝ මෙම භික්ෂූන් වහන්සේලා මෙහි වස් විසීම ඔවුන්ගේ නිදහසට බාධාවක් ලෙස සැලකීය. එනිසා මෙම භික්ෂූන් බිය ගන්වා පලවා ගත යුතුයැයි සිතූ මෙම වෘක්ෂ දේවතාවෝ විවිධ බිය ජනක වෙස් ගෙන භික්ෂූන් ඉදිරියේ පෙනී සිටියහ.
Read More

නිරෝගිකම උතුම්ම ලාභයයි …

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් සෞඛ්‍ය ගැන කරුණු දක්‌වා ඇත. විශේෂයෙන්ම බුදුදහමෙහි මූලිකත්වය ලබාදෙන්නේ යම් කිසි රෝගයක්‌ හටගන්නේ නම් එයට හේතුව සොයා ඒ සඳහා පිළියම් කිරීම ගැනය. එසේම “ආරෝග්‍යා පරමා ලාභා” යන ආකාරයට නිරෝගිකම උතුම්ම ලාභය ලෙස දක්‌වා ඇත. කෙනකුට සමාජයේ ප්‍රීතිමත්ව ජීවත්වීමට මානසික, කායික, සමාජීය අංගයන් අවශ්‍ය බව උන්වහන්සේ දේශනා කළ සේක. නියම නිරෝගී භාවයක්‌ ලබාගන්නේ කෙසේද ඒ සඳහා බුදුදහමේ මාර්ගයන් පෙන්වා දී ඇත. නිරෝගීභාවය සහ ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද කියා සූත්‍ර දේශනා රාශියක්‌ දේශනා කර ඇත. ඒ අතර සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, චුන්ද සූත්‍රය, මහාමොග්ගල්ලාන සූත්‍රය, මහා කාස්‌සපෙFථර සූත්‍රය, විච්ජින්දනික, සලල සූත්‍රය, ජරා සූත්‍රය, ගිලානො ගිලානුපට්‌ඨක සූත්‍රය, ස€ඛාසව සූත්‍රය, සදාපුඤaඤප්පවඩ්ඩන සූත්‍රය, පිහිත සූත්‍රය, භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂය, භික්‍ෂුණී පාතිමෝක්‍ෂය, චුල්ලවග්ග පාලියෙහි සේනාසනඛJධකයෙහි ද චුqල්ල වග්ග පාලියෙහි වත්තක්‌ඛJධකය යනාදිය දැක්‌විය හැකිය.

එසේම ත්‍රිපිටකය පිළිබඳ විමසුම්ශීලි අධ්‍යයනයක යෙදෙන විට බුදුන් වහන්සේ විසින්ම තමන් වහන්සේ වෛද්‍යවරයෙක්‌ ලෙස හඳුන්වා දුන් අවස්‌ථාවන්ද දැකිය හැකිය. ඉතිවූත්තක පාලියේ චතුක්‌ක නිපාතයේදී බුදුන් වහන්සේ තමන් වහන්සේව මෙසේ හඳුන්වාදී ඇත. මහණෙනි, මම රාගාදී කෙළෙස්‌ මුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්‌මි.” එසේම අංගුත්තර නිකායේ මෙසේද සඳහන් කර ඇත. අහමස්‌මි භිCඛවේ බ්‍රාහ්මණෝ යාච යෝගෝ සදාපයතපාණි අන්තිම දෙහධාරෝ අනුත්තරෝ හිසකො සල්ලකත්තො එනම් “මහණෙනි, මම දහම් දෙසුම මැනවයි යනුයෙන් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සුදුසු කාලයකම සේදූ අත් ඇතිව සිටින ශල්‍ය වෛදවරයෙක්‌මි යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. වෛද්‍යවරයෙක්‌ ඕනෑම වෙලාවක ප්‍රතිකාර කිරීමට සූදානම්ව සිටින අතර බුදුන් වහන්සේ වෙතද ඕනෑම වෙලාවක පැමිණි සැමටම උන්වහන්සේ ප්‍රතිකාර කළ බවට විවිධ කථා පුවත් ත්‍රිපිටකයෙන් ගෙනහැර දැක්‌විය හැකිය. Read More

මොකක්ද මේ උතුරුකුරු දිවයින … ?

By සිරි සදහම් ( Dhamma) One Comment

බුදු දහම තුල උතුරු කුරු දිවයින යන වචනය නිතර භාවිතා වන්නක්. බුදු හිමියන්ගෙ සිරිපගුලේ මගුල් ලකුණු 108ක් දැක්වෙනවනෙ. ඒ මගල් ලකුණු අතර තියෙන මේ කාරණා බලන්න.
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
මේ බලන්න. බුදු සිරිපතුල තුල මේ පිළිබද යම් සටහනක් පවා තාබෙනව කියන්නෙ මෙහි ඉතාම වැදගත් බවක් තියෙනවයි කියන කාරණේ නේද?
මේ බලන්න සද්ධර්ම රත්නාවලියෙ තැනක මේ අයුරින් සදහන් වෙනව. “ඉක්බිත්තෙන් බුදුහු දෙවි පිරිස් මැද වැඩ හිඳ මෑණියන්දෑ මුන් ව වීදම් පිටක යදෙසනට පටන් ගත් සේක. මෙ සේ මිනිස් ලොව ආයු ගණනින් තුන් මසක් විතර හා දෙව් ලොව ආයු ගණ නින් මස් විතරට ත් දවස් විතරට ත් පෑ විතරට ත් මද හෙයින් නව විනාඩි ගාවක් විතර හිඳ බණ දෙසන සේක් හිඟා වඩනා වේලේ දී තුන් මසට අනු වාරයක් සිඟා වැඩිය මනා හෙයින් තව් තිසා දෙව් ‍ලොවින් නව විනාඩි ගාවට ම අනූ විටක් සිඟා ගිය කලට සිස් ව තිබීම ඉතා අනුචිත හෙයින් ‘මා වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන් සේ හිම වතට ගොසින් නාලිය දැවිටි වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන්සේ හිම මතට ගොසින් නාලිය දැවිටි වළඳා පැරහුව මැනවැ’යි නැති හෙයින් අනවතප්ත විලින් කට සෝධා උතුරු කුරු දිවයින සිඟා බත් ගෙනවුත් මහ විසල් මළුයෙහි හිඳ වළඳන සේක.” මෙයිනුත් උතුරු කුරු දිවයින ගැන සදහන් වෙනව. Read More

භූමිකම්පා සිදුවීම පිළිබඳව බුදු වදන

By සිරි සදහම් ( Dhamma) One Comment

බුදුරජාණන් වහන්සේ භූමිකම්පාවන් පිළිබද පැහැදිලි කරුණ අටක් දේශනා කර තිබේ. මෙ ම කරුණු අට අතරින් අද විද්‍යාවෙන් සොයාගත හැකි ව ඇත්තේ එක් කරුණක් පිළිබඳ ව පමණි. එය බුදුරදුන් මීට වසර දෙදහස් පන්සියගනනකට ඉහත දී සර්වඥතා ඥානයෙන් දැන දේශනා කර ඇත. විද්‍යාව ට ගෝචර වන පළමු කරුණ සත්‍ය වීම ට ත්, අනෙක් කරුණු හත අසත්‍ය වීම ට ත්, හේතුවක් නැති බව සිහිපත් කළ යුතු ය. බුදුදහමේ ශ්‍රේෂ්ඨ බව විද්‍යමාන වන්නේ ය.

මිලින්ද ප්‍රශ්නයෙහි “වෙස්සන්තර පඨවි කම්පා ප්‍රශ්නය” විසඳන නාගසේන මහ තෙරුන් වහන්සේ විසින් මෙවන් මහා පරිනිබ්බාන සුතුර ඇතුළු සුතුරන්හි දැක්වෙන අවස්ථා ඇතිවන ආකාරය මනාව විග්‍රහ කරනු ලබයි.

වෙස්සන්තර මහ රජාණන් මහා දානයන් දුන් අවස්ථාවේ උන්වහන්සේගෙ චිත්තය කෙතරම් ප්‍රබල වීද යත්, එම ප්‍රබල බව වායුගෝලයට දරා ගැනීමට නොහැකිව කම්පනය විය. එසේ වන වායුවේ කම්පනය දරා ගත නොහැකිව මහා සාගරය කම්පනය විය. මහා සාගරයේ කම්පනය දරාගත නොහැකිව මහා පෘථීවියම කම්පනය විය. Read More

සිදුහත් කුමාරයාණෝ සැබැවින්ම පැන ගියාද ?

By සිරි සදහම් ( Dhamma) 2 Comments

පිංවත් යාලුවනේ අපිට පුංචි කාලෙ ඉදලම අහන්න ලැබුණෙ සිදුහත් කුමාරයාණෝ යශෝධරා බිරිද හා රහල් පුංචි පුතා අතැර හොරෙන් පලා ගිය බව නේද? ඒ වෙනුවෙන් කවි සිංදු පවා නිර්මාණය වෙලා තියෙනව නේද? වසන්තා සදනායක මහත්මිය ගායනා කල ” නොගියාම එදා අසළ මසේ සද ඇති පායා ” ගීයෙනුත් කියැවෙන්නේ ඒ විකාර කථාවමයි නේද? මේකට සමහරු ඒක එක අර්ථ කථන දෙනව. සමහරු කියනව දැනගත්තනම් යන්න දෙන්නෙ නැතිලු. ඒකලු හොරාටම ගියෙ. සමහරු කියනව පවුල් ප්‍රශ්නයක්ලු. තවත් සමහරු කියනව බරපතල වැඩ ඇතිව අවුරුදු පනහක් සිරගත කරන්න පුලුවන් දඩුවමක්ලු. අනේ මේව කියන අසරණයන්ට කවදානම් සංසාරෙන් ගොඩ එන්නද? Read More

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.

By සිරි සදහම් ( Dhamma) No Comments


(මෙය උපුටා ගැනීමක් වේ. සමහර ස්ථානයන් පිළිබද විශ්වාස කිරීම පවා අපහසු වේ. එහෙත් මෙය උපුටාගත් පොත පරිශීලනය කල හැකිනම් ඒ සියලු තොරතුරු ඔබට නිවැරදිව දැන ගත හැකිය. කෙසේ උවද බුදු පසේබුදු මහ රහත් උතුමන් පැන් පහසුව ලද අනවතප්ත විල පිහිටි හිමාලය ගැන දැනගන්න.)

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේ ඉදිරියේ දී නාගිත මහ රහතන් වහන්සේ විසින් කථිනානිසංස දේශනාව පවත්වනු ලැබුවේ අනවතප්ත විලේදීය. අනවතප්ත විල පිහිටියේ හිමාලයේය. හිමාලය ලෝකයේ උසම කන්ද වශයෙන් සැලකේ. නාගාදිධිරාජ යයිද කියයි. භාරතයෙහි උතුරු දිශාවෙහි හිමාලය පිහිටා ඇත්තේ. එය මහ පොළව මනින දණ්ඩක් වශයෙන් සාහිත්‍ය කෘතීන්හි විස්තර කෙරේ.
“ අසත්‍යුත්තරස්‍යාං දිශි දේවතාත්මා
හිමාලයෝ නාම නාගාධිරාජහ්
පූර්වාපරො තොය නීධීවගාහ්‍ය
සථිත්ථහ් පෘථිව්‍යා ඉව මානසණ්ඩහ්”
(කුමාර සම්භව 1.1. ) Read More

බුදුන් දවස පැමිණි පිටසක්වල ජීවීන් නිසා දේශනාවට හේතු වූ චින්තා සූත්‍රය

By සිරි සදහම් ( Dhamma) No Comments

චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී.

කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී ‘උඹට පිස්සු නිසා වෙන්නැති’ යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති.

බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ ‘මහණෙනි යැයි අමතා, ‘මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර – අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.
Read More

ජීවමාන බුදු හිමියන්ට දානයක් දෙන්නේ කෙසේද ?

By සිරි සදහම් ( Dhamma) No Comments

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.
Read More

ලොව විශිෂ්ටතම ආගම් සම්මානය බෞද්ධ ප්‍රජාව වෙත …

By සිරි සදහම් ( Dhamma) No Comments

( මෙය තරමක් පැරිණි පුවතක්. මේ සම්මානය හිමි උනේ පසුගිය වසරේදී. එහෙත් එය සදාකාලිකව බුදුදහම පිළිබද වැදගත් පාඩමක් ලොවට කියාදෙන බවනම් සහතිකයි. )

[[ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී (2011 ගැනයි) බෞද්ධ ප්‍රජාව වෙත පුද කරන බව ජිනීවා නුවර මධ්‍යස්ථානය කැරගත් ආගම් අභිවර්ධන හා අධ්‍යාත්මික හවුල කියයි. ලොව විවිධ ආගම් නායකයන් දෙසිය දෙනකු සහභාගී වූ අන්තර් ජාතික සමුළුවකදී මේ විශේෂ සම්මානය පුද කෙරිණි.

ජිනීවා මධ්‍යස්ථාන සමාජිකත්වය හිමි බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉතා සුළුවුවත් බොහෝ ආගම් නායකයන් තමන් අදහන ආගමට වඩා බෞද්ධාගම වෙනුවෙන් ඡන්දය දී ඇත. ජිනීවා මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්‍යක්ෂ ජොනා හල්ට් පැවැසුයේ ලොව හොඳම ආගම වශයෙන් බුදු සමය තෝරා ගැනීම පුදුමයක් නොවන බවයි.

ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ බුද්ධාගමේ නාමයෙන් එකම යුද්ධයක් නොකිරීම බවයි. ඛෙල් පාස්ට්හි “ටෙඩ් ඕ ෂෝනෙසි” කතෝලික පියතුමා ද, පාකිස්තානයේ “තල්බින් වසාඩ්” මුස්ලිම් පූජක තුමා ද, “ෂ්මුවෙල් වසර්ටීන්” යුදෙව් පූජකතුමාද බෞද්ධාගම අගය කළහ.]]

සමුද්දවාණිජ ජාතකය

By සිරි සදහම් ( Dhamma) No Comments

මෑත ඉතිහාසයේ අප රට තුල ස්වභාවික ආපදාවක් ලෙසින් සිදුවූ විශාලතම ඛේදවාචකය සුනාමිය ලෙස හැදින් වීමට පුලුවන. ඇත්තෙන්ම මෙය ස්වභාවික ආපදාවක් පමණක්ද? නැතහොත් ඉන් එහාට ගිය යමක් මෙහි අන්තර්ගතවී ඇත්දැයි විටෙක සිතට නැගේ. සුනාමිය සිදුවූ දිනට පෙරදින කිතුනු ආගමිතයන්ගේ ආගමික දිනයක් වීමත් ඉන් පසු දින පොහොය දිනක් වීමත් මේ සැකය වඩාත් ඔප්නංවයි. එක්තරා අන්තවාදී ආගමික කල්ලියක් විසින් බුදු දහම විනාශවේවායි පතමින් බුදු පිළිම වහන්සේ නිරූපනය වන අයුරින් තැනූ ඉටිපන්දම් දල්වා මහමුහුදට විසිකල බවට තොරතුරු ලැබුනි. කෙසේ හෝ වේවා ඉතාම පුංචි බුදුපිළිම වහන්සේ පමණක් නොව බුදුගුණ සිහිකල අයපවා ආශ්චර්යමත් අයුරින් සුනාමියෙන් දිවි ගලවාගත් අයුරු අසන්නට දකින්නට ලැබුණි. සුනාමියක් ඇතිවීමට භූමි කම්පා විශේෂයෙන් බලපාන අතර ඒ පිළිබද විද්‍යාත්මක විග්‍රහයක් බුදුහිමියන් සිදුකර ඇත. ඒ පිළිබද ඉදිරි ලිපියකදී පලවේ.
අනිත් අතින් සුනාමියක් ඇතිවීමට මිනිසාගේ නොපනත් ක්‍රියාකාරකම්ද බලපාන අතර මෙහි දැක්වෙන්නේ බුදුහිමියන් ඒ පිළිබදව සිදුකල මනා විග්‍රහයකි. අප ලද සුනාමි අද්දැකීම හා මෙය නිවැරදිව කියවා බැලීමෙන් ‍මේ සමුද්ද වානිජ ජාතකය කෙතරම් නිවැරදිදැයි ඔබට වැටහෙනු ඇත. මෙය කියවා අවබෝධ කරගනිත්වා… එතුලින් ලබන පින් සම්බුදු සාම සංදේශය ලොව පුරා ගෙන යාමට මාහට දිරිය විරිය ලබේවා … … … පතන බෝධියෙන් නිවන් දැකීමටත් කොටි ලක්ෂයක් අසරණයන් ඒ නිවන් මගට යොමු කිරීමටත් පාරමී ශක්තියක් වේවා … … …
මේ ඒ පූජනීය සමුද්දවාණිජ ජාතනයයි Read More

error: Content is protected by www.ifbcnet.org.