Skip to main content
Category

සක්වළ සක්මන… ( Sakwala sakmana )

(40) සිත නිවන භාවනා

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහානායක හාමුදුරුවනේ, සිත නිවන ලෝකයෙහි ආලෝකය විනිවිද දැකීමට භාවනාවෙන් ලැබෙන පිටුබලය කෙබඳුද? 

අපේ සිත එක අරමුණක පිහිටා සිත දියුණු කර ගැනීමට අපට භාවනාව උපකාරී වෙනවා. එමඟින් දමනය කරගත් සිතෙහි පෙර පැවැති කිලිටි දේවල් ඉවත් වී සිත පිරිසුදු වෙනවා. එසේ පිරිසුදු වූ සිතේ අසීමිත බලයක් පවතිනවා. එයින් කොතැනක සිට බැලුවත් විනිවිද දැකිය හැකියි. අපේ ඉන්ද්‍රිය භාවිත නොකර ඇස්, කන් ආදී ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා දැනුම හා අවබෝධය අපට සිතෙන් ලබා ගන්නට පුළුවන්. ඇස්, කන් ආදියේ දෘෂ්ටිය සිතේ උපදිනවා. Read More

(41) අජරාමර සුවය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහානායක හාමුදුරුවනේ, ‘අජරාමර සුවය’ යනු කුමක්ද?

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ජාති (ඉපදීම) ජරා, (පැවතීම) මරණ (නැතිවීම) යන කරුණු තුනෙන් සත්වයා මුදා ගැනීමටයි. එහෙමත් නැතිනම් පුණ්‍යවන්තයන් ‘අජරාමර සුවයට’ පත් කරවන්නයි. ‘අජර’ යනු’ජරාවක්’නැති තැනයි. ‘අමර’ කියන්නේ ‘මරණයක්’නැති තැනයි. එනම්, ජරාවත්, මරණයත්, නැති එකම අජරාමර තැන නිර්වාණයයි. නිවන් සුවයටයි. මෙලෙස ඔබ අහපු ‘අජරාමර සුවය කියන්නේ ලොව ඉපදෙන, මැරෙන මේ දුක නැති පරම සුව විඳගන්නට නම් අපි ඒ තැනට ළඟා වීමට අවශ්‍ය කටයුතු නොපමාව කරගත යුතු වෙනවා. Read More

(42) සම්බුද්ධත්වයේ ආශ්චර්යය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහානායක හාමුදුරුවනේ, මේ වෙසක් සමයේ අපට නොපෙනෙන කිසියම් විශේෂත්වයක් පවතිනවා ද ?

වෙසක් හෙවත් මැයි මාසය කියන්නේ නිරිත දිග මෝසම් සුළඟින් වැසි ලැබී ජල වාෂ්පවලින් පිරුණු සමයක්. පරිසරය මල් ඵලවලින් පිරුණු සුන්දර වසන්ත කාලයක්. මේ නිසා වෙනත් කාලවලට වඩා වෙසක් ( මැයි ) මාසයේ දී පරිසරය වගේම අපේ මනස පුබුදුවාලීමක් පවා සිදුවන බව නූතන විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙම ස්වාභාවික සාධකය අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වන්නට ඇතැයි බටහිර සමහර ඤාණ ගවේෂකයන් තුළ අදහසක් පැවතුණා. නමුත් අදවන විට ඔවුන් එහි යථාර්ථය තේරුම් ගෙන ඇති බව පෙනෙනවා. Read More

(43) සත්වයාගේ උපත විපත සහ පැවැත්ම

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, බලශක්ති විශේෂ උත්පාදනය වෙන විධියට සත්වයන්ගේ උත්පත්තියක් සිද්ධ විය හැකිද?

දැන් ඩයිනමෝවක් කැරකීමෙන් විදුලි බලය ජනනය වෙනවා. මෙලෙස වස්තූන්ගේ ගැටීම හේතුවෙන් ශක්ති විශේෂ උපදිනවා. ඒවා කිහිපයක් එකට මුසු වීමෙන් තවත් බලයක් නිර්මාණය වෙනවා. අචේතනික (අජීවී) ව වගේම සචේතනික (ජීවී) වශයෙනුත් මෙම සිද්ධාන්තය සියුම්ව හා සක්‍රීයව සිදු වෙන්නක්. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ශක්ති විශේෂ පහ (05) ක් මෙසේ උපන් ඒවායි. මෙම ශක්ති විශේෂ පහ එකිනෙක වැලඳගත් පසු උපාධානස්කන්ධ බවට පත් වෙනවා. මෙසේ ‘සත්වයා’ යන තත්ත්වයට පත්වීමෙන් පසු එක ජීවිතයක් අවසන් වූවත් එම සත්වයාගේ අනන්‍යතාවය නතර වෙන්නේ නැහැ. මෙම උපාධානස්කන්ධ සංයුතිය හෙවත් ශක්ති විශේෂය පවතිනතාක් සත්වයාද පැවතෙනවා. එක ජීවිතයක් නිමා වූ පමණින් එම ශක්ති විශේෂය අවසන් වෙන්නේ නැහැ. නැවත නැවත විවිධ ආත්මභාව ලැබ එය ක්‍රියාත්මක වෙනවා. Read More

(44) සැම හිත සුව පිණිස හිඳ සැනසෙමු ද?

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, අපට නිතර බාධා කරදර ඇති කරන කරදරකාරයකු වෙතින් නිදහස් විය හැකිද?

ඔබ කිව්වා වගේ, සමහරවිට ඇතමෙක් “ මොහු මගේ පරම හතුරාය. එබැවින් වහා මොහුගෙන් නිදහස් විය යුතුය” සිතා තමා විසින් හෝ වෙනත් කෙනෙකු ලවා හෝ එම සතුරා තලා පෙලා හෝ නිදහස අපේක්‍ෂා කරනවා. නමුත් මෙයින් සිදුවන්නේ, එම සතුරුකම තවත් වැඩිකර ගැනීමකුයි. ඒ වගේම කෝපය, ද්වේෂය හා පශ්චාත්තාපය තර කර ගැනීමකුයි. Read More

(45) මරණින් මතු ජීවිතය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, අප කවදා හෝ මරණයට පත්වීමෙන් අත්වන්නේ සැපතක් ද? විපතක් ද?

ඔබ මරණයට පත් වීමෙන්, අන් අයට හැර එයින් ඔබට සිදුවන පාඩුවක් ඇත්තේ නැහැ. මරණයෙන් පසු අලුත් ජීවිතය ආරම්භ කරන තැන වඩා සැපවත් තැනක් වුවහොත් හානියට වඩා එයින් වාසියක් අත්විය හැකියි. ඒ සඳහා මේ ලද දුලභ මනුෂ්‍ය ජීවිත කාලය තුළ හැකිතාක් නොපමාව කුසලකර්ම රැස් කරගත යුතු වෙනවා. Read More

(46) දුදන ගති දුරැලා සුගතියට යන හැටි

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මහ නායක හාමුදුරුවනේ, එදිනෙදා ජීවිතයේ දී අප අතින් සිදුවන අත්වැරැදි සහ සුළු සුළු වෙනත් වැරැදිවලටත් මරණින් මතුවට හෝ විපාකදීමක් සිදුවෙනවා ද?

මේ පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ දැරූ අදහස ‘සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ – එක් සූත්‍ර දේශනාවකින් පැහැදිලි කර තිබෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ, මෙලෙස කරනු ලැබූ ඉතා සුළු පාපයකට පවා අපාගත වෙනවා නම්, මෙම සංසාරයෙන් එගොඩවීමට කිසිලෙසකින් හෝ අවස්ථාවක් උදා නොවන බවයි. නොදියුණු ආධ්‍යාත්මීය තත්ත්වයන් ඇති අයට මිස වෙනත් අයට එලෙස දුගතියට යෑමට සිදු නොවන බව මතු දැක්වෙන උපමාවෙන් ද පැහැදිලි කර තිබෙනවා. Read More

(47) අත් හැරීමේ අත් දැකීම

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

අප ඇලුම් කරමින් සිටින අයගෙන් වෙන් වී තනි වීම නිසා මරණය ගැන බියක් හෝ දුකක් ඇති වෙන්නේ කොහොමද?

තමන් ඇලුම් කරන අයගෙන් වෙන්වීම මේ ජීවිතයේ පමණක් නොවෙයි, කොයි ජීවිතයක වුණත් දුකක්. ඒ ගැන ඔබ මොහොතකට මෙනෙහි කර බලන්න. එලෙස සිතීම ද ඔබට සංවේගදායක විය හැකියි. තමන් මරණයට පත්වෙතැයි දැනෙනවිට තම සහකරුගෙන්, සහකාරියගෙන් සහ දරුවන්ගෙන් මෙන්ම ළඟින් ඇසුරු කළ නෑදෑ, හිතවතුන්ගෙන් වෙන් වී යළි කිසිවිටක හමු නොවී තනිවීමට තමාට සිදු වෙතැයි සිතීම නිසා මේ භීතිය, කම්පාව ඇති වෙනවා. Read More

(48) අත්හැරීමට ඇති අකැමැත්ත

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

මරණය ගැන බියක් ඇතිවීමට අප අයිති කරගෙන සිටින දේවල අත්හැර යාමට ඇති අකැමැත්ත බලපාන්නේ කොහොමද?

දැන් කෙනෙකු යමක් උපයා ගන්නේ, ඒ දේ අයිති කර ගන්නේ ඒවට ආශා කරන හින්දනේ. අයිති කර ගත්ත, උපයා ගත්ත දෙය ප්‍රයෝජන ගනිමින් එයට ඇලුම් කරමින් සිටින නිසා එම ආශාව තව තවත් වැඩිවෙනවා. ඊට පස්සේ, ඒ ඇලීම පහසුවෙන් අත්හැරීමට බැරි දෙයක් බවට පත්වෙනවා. නමුත් මෙහි ඇති සැබෑ තතු කල්පනාව ට ගැනීමෙන් මෙය විසඳා ගත හැකියි. විශ්ව ධර්මතාවට අනුව විශ්වයේ ඇති කිසිදෙයක් කාටවත් අයිති නැහැ. නිදර්ශනයක් ලෙස ‘තමාවත් තමාට අයිති (හිමි) නැති ලෝකයක වෙනත් කෙනෙකු හෝ ධනය වස්තුව හෝ අයත්වීමක් කොයින්ද?”යනුවෙන් බුදු හාමුදුරුවෝ වදාළේ ඒ නිසයි. මේ මුළු මහත් විශ්වයම සැම දෙනාටම සාධාරණ වූවක්. Read More

(49) අජරාමර ලෝකය

By සක්වළ සක්මන... ( Sakwala sakmana ) No Comments

අප වෙහෙසී උපයාගත් සම්පත් අපෙන් පසු වෙනත් අය නොමිලයේ භුක්තිවිඳීම ගැන ඇතිවන ඊර්ෂ්‍යාවත් මරණය ගැන බියක් ඇතිවීමට බලපානවා ද?

කෙනෙකුගේ මරණයත් සමඟ ඒ තැනැත්තා සතු කරගෙන සිටි සියලු සම්පත් නිසැකවම ඔහුට අහිමි වී යනවා. ඒක වළක්වන්නට බැහැ. ඊට සුදුසුකම් හා උරුමකම් ඇති කෙනෙකුට හෝ පිරිසකට ඒවායේ අයිතිය හිමි වෙනවා. ඒ පිළිබඳ ඊර්ෂ්‍යා කිරීම ඵලකට නැති දෙයක්. විශ්වයේ ඇති සම්පත් විශ්වයේ හැමටම පොදු වූවක්. ඒවා විවිධ අයුරින් තමන් සතු කර ගත්තාට ඒක තාවකාලික අයිතියක් පමණයි. මෙලොව ඉපදෙන්නේ හිස් අතින් වගේම මෙලොව අතහැර යන්නට වෙන්නේත් බෞතික වශයෙන් හිස් අතින්මයි. මේ විශ්ව ධර්මතාවය අවබෝධ කර ගත්විට එබඳු ඊර්ෂ්‍යාවක් හෝ මරණය ගැන අනිසි බියක් හෝ ඇති වෙන්නේ නැහැ. Read More

error: Content is protected by www.ifbcnet.org.