Skip to main content
Category

මඩිහේ හිමියන් රචිත ලිපි … ( Madhihe himiyan rachitha lipi )

මේ බුද්ධශාසන විනාශය ගුවන් තොටින් ම නතර කරන්න …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

ජපන් නිකායික පූජකවරුන් ටික දෙනකු හැර අන් හැම දෙනා ම ආවාහ වන්නවුන් යැයි ද, ශ්‍රී ලංකාවේ ඇති කරන්නට යන ජපන් නිකාය ද කසාද බඳින ගණයට ඇතුළත් වන්නේ යැයි ද මේ බුද්ධ ශාසන විනාශය ගුවන් තොටින් ම අවසන් කරන්නැයි ද මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියෝ ආර්. ප්‍රේමදාස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිති.

මහා නායක හිමියෝ මෙසේ ද ලියා දනවති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදය මෙසේ ය : “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (ඒ) වන අනුව්‍යවස්ථාවේ (ඊ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”

මේ ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය” යන වගන්තිය අනුව මුල පටන් ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබී නැත. ලැබී තියෙන්නේ සමස්ථානය යි. ඉදිරියට වත් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටුවා එහි අමාත්‍ය ධුරය ද භාරගත් ජනාධිපතිතුමා ගෙන් වත් එය නො ලැබුණ හොත්…? Read More

සිංහල – දෙමළ – මුස්ලිම් සුහද වාසය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය රාවණ රජතුමා තෙක් අවුරුදු දහදාහක් පමණ ඈත අතීතයට දිව යයි. රාවණ රජු හෙළයෙකි. එහෙයින් හෙළ දිව, හෙළ බස, හෙළ පුවත – ඉතිහාසය යන වහර ලැබිණ. ඒ කාලයේ හැටියට රාවණ රජතුමා ඉතා දියුණු කෙනෙකි. දඬුමොනර නමින් අහස් යානවක් තුබුණු බවත් පුරාවෘත්ත ඉතිහාසය කියයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයෙහි විජය කුමරු නමින් හැඳින්වෙන ප්‍රධානියා සමඟ ජන කොටසක් භාරතයෙහි සිට නැව්වලින් පැමිණ හෙළදිවට ගොඩ බැස ඇත. සිංහවංශික නමින් හැදින්වුණු ඔවුහු රාෂ්ට්‍ර පාලකයෝ වූහ. එහෙයින් හෙළදිව සිංහද්වීපය නමිනුත් පසුව සිංහලද්වීපය නමිනුත් හැඳින්විණ. ජනතාව සිංහල නමින් හැදින්විණ. ඔවුන්ගේ රාජ්‍ය පාලනය හොඳින් සිදුවිය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු පිරිසගේ පැමිණීම නිසා තිස්ස රජතුමා ප්‍රධාන රට වැසියෝ බෞද්ධයෝ වූහ.

ටික කලකට පසු දකුණු ඉන්දියාවේ සිට එළාර නමින් හැඳින්වුණු හමුදා නායකයෙක් හමුදා පිරිවරින් පැමිණ ආක්‍රමණය කොට උතුරු පළාතත් උතුරු මැද පළාතෙන් කොටසකුත් යටත් කරගෙන රජකම් කළා. එය සිංහල බෞද්ධයනට මහත් කරදරයක් විය. එයින් සිදුවූ විනාශය රුහුණ දක්වා පැතිර ගියා.

Read More

මීළඟ නීතිගත සංස්ථාව කුමක් වේවි ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මනුෂ්‍යයනට මෙන් ම සුරාවටත් දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කාලයෙහි වෛදිකයන් අතර සෝමපානය ආගමික මද්‍යපානයක් ව තුබුණු අතර සුරාමේරය යන දෙකොටසට අයත් විවිධ මද්‍යපානයන් තිබුණා. මෙකලත් එබඳු පානයන් ඇත.

බුදුරජාණන් වහන්සේගේ චාරිකා දේශනා නිසා නොබෝ කලෙකින් භාරතයෙහි මධ්‍ය දේශය පුරා බුද්ධ ධර්මය පැතිරී ගියේ ය. උන්වහන්සේගේ පඤ්චශීල ප්‍රතිපදාව නිසා බෞද්ධයන් අතර මද්‍යපානය නැත්තට ම නැතැයි කිවයුතු තත්ත්වයක් ඇති විය.

මිහිඳු මහරහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු ලක්වැසියන් බෞද්ධ වුණ නිසා ශ්‍රී ලංකාවේ ද මත්පැන් නැත්තට ම නැතිවුණා යැයි කිව යුතු තත්ත්වයක් එළඹිණ. ඒ සුන්දර තත්ත්වය විදේශිකයන්ගේ ආක්‍රමණය පැමිණෙන තුරු හොඳින් පැවැතිණ.

විදේශිකයන්ගේ ආක්‍රමණයෙන් පසු මේ රටවැසියා ද මත්පැනට පුරුදු විය. සිංහල බෞද්ධයන් හට මත්පැන් පානය ගිජු කිරීම අපෙන් සිදුවුණු විනාශයෙකැයි සර් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා ද පඅවැසී ය. Read More

Bandaranaike and the Buddhists …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

The honourable S. W. R. D. Bandaranaike was a born socialist. His father Maha Mudaliyar Sir Solomon Dias Bandaranaike was a born capitalist. The Maha Mudliyar sent his son to Oxford University for his higher education.

The world’s first university was Nalanda in India. It was begun in the third century and gained university status in the fifth century. There were five such universities in India.

The first university in Europe was Bologna in Italy. The second was Sorbonne. Oxford and Cambridge universities in England were the third and forth respectively. After his return from Oxford, Mr Bandaranaike went into politics giving pride of place to the Sinhala dress, Sinhala language and Buddhism.

He began meeting well known personalities in the country, both laity and clergy. He came to see our reverend teacher Venerable Pelene Siri Vajiranana Maha Nayaka Thera dressed in a simple cloth and banian. In the course of a long conversation he mentioned that he was entering politics. Read More

ශාසනය ද? පක්‍ෂය ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

පුරාණ ශාක්‍ය කෝලිය රටවල් දෙක මැදින් රෝහිණී ගංගාව ගලා බසී. දෙ රටෙහි ම ගොවියෝ රෝහිණී ග‍ඟේ දිය බැඳගෙන ගොවිතැන් කෙරෙති. මේ දිය බැඳීම අරමුණු කැරැගෙන දෙ රටෙහි ගොවියන් අතරැ කලහයක් ඇති විය. අනුවණින් අදූරදර්ශී වැ ක්‍රියා කිරීම නිසා මේ භේදය දෙ රටෙහි පාලකයන් අතරට ද ගියේ ය. අදූරදර්ශී වූ ඒ දෙ පක්‍ෂයෙහි ම පාලකයෝ මහ සටනකට සූදානම් වූහ. ආයුධ සන්නද්ධ වූ දෙපක්‍ෂය ම මහා කෝලාහලයක් කරනු සඳහා රෝහිණී ගඟ දෙ බඩ රැස්වූහ.

මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට දෙ පිරිස් මැද වැඩ සිටිය හ. දෙපක්‍ෂය ම බුදුරජාණන් වහන්සේ දැක සන්සුන් වූහ. මහාකාරුණික බුදුපියාණන් වහන්සේ, “මේ මහා සටනකට සූදානම් වන්නේ කවර දෙයක් අරමුණු කැරැගෙන දැ”යි ඇසූ හ. බොහෝ දෙනා ඒ මහ සටනේ හේතුව වත් දැන සිටියේ නැත. එහෙයින් දෙපක්‍ෂය ම ඔවුනොවුන් මූණ බලන්නට වූහ. ඔවුනොවුන් කසු කසු ගා යම්තම් කාරණය දැනගෙනැ “ග‍ඟේ දිය බැඳීම නිමිති කැරැගෙන ය”යි කීහ. මහාකාරුණික බුදුපියාණෝ “දිය කොපමණ අගනේ දැ යි” දෙපක්‍ෂයෙන් ම ඇසූහ. “ඉතා ස්වල්පයක් අගනේ ය” යි පිළිතුරු ලැබිණි. “ක්‍ෂත්‍රියයෝ මනුෂ්‍යයෝ කොපමණ අගනාහු දැ” යි නැවැතත් බුදුරජාණන් වහන්සේ ඇසූ හ.  ස්වාමීනි, මනුෂ්‍යයන් ගේ අගය, වටිනාකම නො කිය හැකි ය”යි ඔවුහු කීහ. “ඉතා ස්වල්පයක් අගනා ජලය නිසා අගය කළ නොහැකි මනුෂ්‍ය ජීවිත නැති කැරැගන්නට සූදානම් වන්නහු දැ”යි මහා කාරුණිකයන් වහන්සේ ඇසූ හ. ඔවුහු කාරණය වටහාගෙන ලජ්ජාවට පත් වැ බිම බලා ගත් හ.

Read More

රට ද? පක්‍ෂය ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 

ලෝක සිතියමෙහි ලංකාව හඳුන්වනු ලබන්නේ පොඩි තිතෙකිනි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ලංකාව තරම් වාසානාවන්ත භූමියක් ලෝකයෙහි කොහි වත් නැතැ යි කිව යුතු ය. බුද්ධ ධර්මයෙහි ‘නිවන’ තැනක් හැටියට සලකන්නේ නැත. එහෙත් ව්‍යවහාර වශයෙන් තැනක් හැටියට සලකා නිවනෙන් මෙහා හොඳ ම තැන කුමක් දැ යි කවුරුන් විසින් හෝ ප්‍රශ්න කරනු ලැබුව හොත් දිය යුතු එක ම පිළිතුර නිවනෙන් මෙහා හොඳ ම තැන ලංකාව කියා ය.

ලංකාව මේ තරම් වාසනාවන්ත භූමියක් ය යි කියන්නේ කවර හෙයින් ද? ස්වභාවික ‍සෞන්දර්යයෙන් පිරී ස්වභාවික විපත්තිවලින් මිදී ලෙවී ලොවුතුරා දියුණුවට වුවමනා හැම අඟ පස‍ඟෙකින් ම සපිරී තිබීම නිසා ය. ස්වභාවික සෞන්දර්ය හැටියට සලකන නිල් තණ, ගහ කොළ, මල් පල, සරු කෙත්, තැනි බිම්, කඳු හෙල්, ඇල දොල, ගංගා, වැව් පොකුණු, මුතු මිණි ආකර, ලේවා ආදියෙන් ලංකාව පිරී ඇත. ස්වභාවික විපත්තීන් හැටියට සැලැකෙන සෘතු පෙරළියෙන් වන පීඩා, භූමි කම්පා, ගිනි කඳු පිපිරීම්, ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝගාදියෙන් ලංකාව මිදී ඇත. ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝග වරින් වර ඇති වෙතත් අන් බොහෝ රටවල එබඳු විපත් හා සසඳා බලන විට ඒවා ගණන් ගත යුතු තරම් විපත් නොවේ.

බුදුරජාණන් වහන්සේ ලොවුතුරා දියුණුවට මෙන් ම ලොවී දියුණුවට උපකාර වන පරිදි දේශනා කළ ධර්ම මාර්ගය මේ රටෙහි සම්පූර්ණ වැ ම ඇත. ධනය උතුරුවන උල්පත් එමට ය. අධ්‍යාපන පහසුකම් නොඅඩු වැ ම ඇත. සෞඛ්‍ය තත්ත්වය ද හොඳ ය. ලෙඩට පිළියම් පහසු ය. සදාචාරයෙන් එතරම් පිරිහී නැත. එය දියුණු කැරුගැනීමට පහසු ය. ආශ්‍රයට මිනිසුන් ඇත. සුමඟ පෙන්වන නයුවෝ ඇත. මෙසේ ලෙවී ලොවුතුරා දියුණුවට උවමනා හැම අඟ පස‍ඟෙකින් ම ලංකාව පිරී ඇත.

Read More

ජාතිය ද? පක්‍ෂය ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මහාවංශය ආදී වංශ කථාවන්හි සිංහල ජාතියේ ආරම්භය විජය රජතුමා ගෙන් වී යයි කියතත් හැම ඉතිහාසඥයකු ම එය පිළිගන්නේ නැත. ඇතැමුන් සිංහලයා ගේ මුල රාවණා රජු තෙක් ඈතට ගෙන යන්නේ ද කරුණු ඇති වැ ය. ආරම්භය කාගෙන් කවදා සිදු වුවත් සිංහලයා ආර්ය වංශයට අයත් මනුෂ්‍ය ජාතියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නට පෙරැ ද සිංහලයා සෑහෙන තරම් දියුණු ප්‍රෙ‍ෟඪ ජාතියක් හැටියට වැජඹුණු බව පණ්ඩුකාභය රජතුමා ආදීන් ගේ පුවත්වලින් පැහැදිළි වෙයි. සිංහලයා බෞද්ධ වූවාට පසු එවකට ලොවැ කිසි ම ජාතියකට දෙවැනි නොවන තරම් දියුණුවකට පත්වී ය. සිංහලයාට විශිෂ්ට ආගමක්, භාෂාවක්, කලාවක්, ඉතිහාසයක්, සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් ද ඇත. සිංහලයා ආගමට සේවය කෙළේ ය; භාෂාවට සේවයක් කෙළේ ය; ජාතියට සේවය කෙළේ ය‍.

සිංහලයා ගේ ආගමික සේවාව විශිෂ්ට ය. සිංහලයා බුද්ධාගමය පිළිගත්තේ මහාපරිත්‍යාගයෙකිනි. එනම් තමන් එතෙක් කල් අදහාගෙන ආ ආගම හා ආචාර ධර්ම ස්වල්ප වශයෙන් වත් මිශ්‍ර නොකොට ඉතා පිරිසුදු වැ ය. සිංහලයා ආගමට කළ සේවාව අනුරාධපුර පොළොන්නරු ආදි ප්‍රදේශයනට ගිය කෙනෙකුට වහා ම අවබෝධ වනු ඇත. බුද්ධ ධර්මය පහළ වූයේ භාරතයෙහි ය. එහෙත් එය ආරක්‍ෂා වූයේ ලංකාවෙහි ය. කට පාඩමින් ගෙනා බුද්ධ ධර්මය බැමිණිටියා සාය කාලයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට වළගම්බා රජු ගේ උපකාරයෙන් ග්‍රන්ථාරූඪ කළෙ‍ා‍් සිංහල භික්‍ෂූන් වහන්සේ ය. අටුවා, ටීකා, අනුටීකා සකස් වූයේ ද සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමීත්වයෙනි. පාලිය භාෂාවක් හැටියට ඉගෙනීමට උවමනා නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී සියල්ල ම සම්පාදනය වූයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ම ය. මේ කරුණු නිසා බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම හා පාලි භාෂාව වර්ධනය කිරීම පිළිබඳ වැ මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිංහලයා තමා ගේ යයි කිව යුතු කලාව, සාහිත්‍ය, භාෂාව, ආදි හැම දෙයක් ම බුද්ධාගමයෙන් පෝෂණය කැරැගත්තේ ය. සිංහලයාට බුද්ධාගමයෙන් වෙන් වූ කිසිවක් නැතැ යි කිව යුතු තත්ත්වයකට පැමිණියේ ය. බුද්ධාගමය නැතිදාට සිංහල ජාතියක් නැත්තට ම නැතැ’යි ශ්‍රීමත් රාමනාදන් තුමා කීවේ ද එහෙයින් ම ය.

Read More

භාෂාව ද? පක්‍ෂය ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 

සිංහල භාෂාව ඉපැරණි ය. පැරැණි තරමට ම ප්‍රාණවත් ය, පොහොසත් ය. මෙකලැ වාග් විද්‍යාඥයන් කියන උසස් භාෂ ලක්‍ෂණයන් සිංහල භාෂාවෙහි නොඅඩුවැ ඇත.

බුද්ධ ධර්මය ඉතා ගැඹුරු දර්ශනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් එලෙසින් ම ප්‍රකාශ කිරීම මෙකලැ දියුණු වැ තිබෙන ඇතැම් භාෂාවනටත් දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙත් මෙයට අවුරුදු දෙදහසකට පෙර ද සිංහල භාෂාවට ඒ හැකියාට නොඅඩුවැ ම තිබිණි. සම්පූර්ණ ත්‍රිපිටකය පාළියත් සමඟ හෙළ බසින් හදාරන්නට පිළිවන්කම තුබුණා පමණක් නොවැ, අටුවා සියල්ල ම ද හෙළ බසින් ලියැවී තිබිණ. ඉතා ගැඹුරු දර්ශනයක් ඇති දහමෙක අදහස් පැහැදිළි වැ ප්‍රකාශ කළ හැකි භාෂාවෙකින් රටෙකැ පාලන කටයුතු ගෙනැ යෑම දුෂ්කර කාර්යයෙක් නොවේ. එහෙයින් සිංහලයා රාජ්‍ය භාෂාව කිරීමට පැය විසි හතරෙකින්වත් පමා වීමක් වුවමන‍ා නොකෙරෙයි. එහෙත් රාජ්‍ය භාෂා පනත සම්මත වී අවුරුදු දහයක් ගත වී ඇතත් තව ම සිංහලය රාජ්‍ය භාෂාව වී ඇත්තේ ප්‍රකාශවලින් පමණ ය. නීති රීති සම්මත කිරීම තව ම පමා වී ඇති බැවින් නීත්‍යනුකූල වැ ලංකාව පුරා භාවිතා වන එකම රාජ්‍ය භාෂාව දෙමළ යයි කිව හැකි ය. කාගෙ ක‍ාගේත් මේ කටයුතු තමන් තමන් ගත් පක්‍ෂය හා ඒ මඟින් ලබාගත් බලය තර කැරැගන්නට විනා ජාතියට හෝ භාෂාවට හෝ හිතවත් වැ යයි සිතන්නට තරම් ලකුණු තවම දක්නට නැත.

Read More

සිංහලයිනි, එක් වමු. ජාතිය බේරාගනිමු …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

ඇමරිකාවේ ජනාධිපති තරඟය අවසන් වී වැඩි දිනක් ගත වී නැති බව කවුරුත් දනිති. පක්‍ෂ දේශපාලනය පවත්නා රටවල කවුරුන් විසිනුත් වි‍ෙශ්ෂයෙන් සිංහල රට වැසියන් විසින් දූරදර්ශී වැ ඥානවන්ත වැ සලකා බැලිය යුතු ප්‍රකාශ දෙකක් ඇමෙරිකාවෙන් නිකුත් විය.

පළමු වැන්න මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයත් සමඟ ම පරාජයට පත් වූ හියුබට් හම්ප්‍රි මහතා ගේ ප්‍රකාශය යි. එනම්, “ජයග්‍රාහක රිචඩ් නික්සන්, තරඟයේ ජය ඔබට පවරමි. ඔබේ ජය ගැන මම සතුටු වෙමි. ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය සෑම සහයක් ම ඔබට දීමට මම දිවුරා පොරොන්දු වෙමි” යන්න යි.

ලංකාවට නිදහස ලැබුණාට පසු මහා මැතිවරණ හයක් පවත්වා ඇත. ඉන් එක වාරයෙක දී හෝ පරාජිත පක්‍ෂය මෙබඳු ප්‍රකාශයක් කළ බවක් මට නම් මතක නැත. ඒ වෙනුවට හැම වාරයෙක ම ආණ්ඩු පක්‍ෂයට විපක්‍ෂය විරුද්ධ කම් කළ බව නම් ප්‍රකට ය.

Read More

බුදුරජාණන් වහන්සේ …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බු‌ද්ධස්ස

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බු‍ද්ධොස්මි බ්‍රහ්මණ

-සෙලසූත්‍රය

බ්‍රාහ්මණය, දුඃඛ සත්‍යය නම් වූ ජාතිජරාදි ධර්‍මසමූහය එකක් පාසා ගෙනැ මේ හේතුවෙන් අනිත්‍ය යැ, දුක් යැ, අනාත්ම යැ යි විදර්‍ශනාඥානයෙන් පිරිසිඳැ – වෙන් වෙන් කොට – දන්නා ලද්දේ ය. සමුදයසත්‍යය නම් වූ තෘෂ්ණාව හෙවත් දුකට හේතුව චතුර්විධ ආර්යමාර්‍ගයෙන් මුල් සිඳැ නසන ලද්දේ ය. නිරොධසත්‍යය නම් වූ නිර්‍වාණය සතර මඟ නුවණින් පසක් කරන ලද්දේ ය. මාර්‍ගසත්‍යය නම් වූ ආර්යඅෂ්ටාඞ්‍ගිකමාර්‍ගය සිත්සතන්හි ඉපැදැවීම් වශයෙන් වඩනා ලද්දේ ය. එ හෙයින් මම බුදු නම් වෙමි.

බුද්ධ ශබ්දයෙහි නිර්‍වචනාර්ථ දක්වන්නෝ ද, “බුජ්ඣිතා සච්චානී’ති බුද්ධො” යනුවෙන් සතර ආර්යසත්‍යයන් අවබොධ කැරැ ගත් තැනැත්තේ බුද්ධ නම් වේ යි ප්‍රකාශ කළහ. යටැ සඳහන් බුදුරජාණන් වහන්සේ ගේ අදහසත් නිර්‍වචනාර්ථයත් අනුව, “චතුරාර්යසත්‍යය අවබොධ කැරැ ගත් උත්තමයාණන් වහන්සේ බුද්ධ නම් වෙති” යි කිව යුතු ය.

මේ චතුරාර්යසත්‍යය යන්නෙහි ‘චතු’ = සතර යන්නත් ‘සත්‍ය’ = සැබෑව යන්නත් කාටත් ඉතා පැහැදිලි ය. එහෙත් ‘ආර්ය’ = උතුම් යන්න මඳක් සැක උපදවන සුලු ය. සත්‍ය නම් උතුම් විය යුතු ම නො වේ දැයි තර්‍ක කිරීමට ඉඩ ඇති හෙයිනි. සත්‍ය නම් උතුම් බව සැබෑ ය. එහෙත් මෙහි වෙසෙසා දැක්වීමට කරුණු කීපයක් ඇත්තේ ය. Read More

error: Content is protected by www.ifbcnet.org.