Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

41 වෙළුක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක් හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරණසේක් එක්තරා දුර්වල භික්ෂූවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ ඕහට වනාහි වදාරණසේක් මහණ තෝ දුර්වල වූයේ සැබෑදැයි විචාරා ස්වාමීන් වහන්ස සැබවයි දැන්වූ කල්හි මහණ තෝ දුර්වල වූයේ දැන් මතු නොවෙයි පෙරත් දුර්වවූයෙහිය දුර්වවූ බැවින්ම නුවනැත්තන්ගේ වචනය නොකොට සර්ප මුඛයෙන් ජීවිතක්ෂයට පැමිණියෙහි යයි වදාරා ඉකුත් වත් කථාව වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ මහාභොගකුලයෙක්හි ඉපිද වැඩි වයසට පැමින පංචකාමයෙහි ආදීනව හා මහබිනික්මන් කිරීමෙහි ආනිශංස දැක වස්තු කාමයෙන් හැර හිමාලවනයට වැද සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව කිසුණු පිරියම් කොට පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් කල් යවනසේක් මෑත භාගයෙහි මහත් පිරිවර ඇතිව පන්සියයක් තපස්විවරයන් විසින් පිරිවරණ ලදුව ගණශාසතෘව වාසය කරන සේක. Read More

42 මකස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි ශාන්තගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ මගධරට සැරිසරා වඩනාසේක් එක්තරා ගමෙක නුවණ නැති ගම්වැසි මනුෂ්‍යයන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් සමයෙක බුදුරජානන් වහන්සේ සැවැත්නුවරින් නික්ම මගධ රාජ්‍යයට ගොස් එහි චාරිකා කොට ඇවිදිනා සේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගම තෙමේත් බොහෝසේ අඥාන මනුෂ්‍යයන් විසින් ගැවසීගත්තේය. එක් දවසක් ඒ ගම අඥාන මනුෂ්‍යයෝ රැස්ව කියන්නෝ් පින්වත්නි. අප වනයට වැද කර්මාන්ත කරණ කල්හි මදුරුවෝ කති උන්ගේ කෑම නිසා අපගේ කර්මාන්තයට බාධා වන්නේය. අපි ඇමදෙනම දුනු හා ආයුධ ඇරගෙණ ගොස් මදුරුවෝ හා යුද්ධ කොට සියලු මදුරුවන් විද කොට මරම්හයි මන්ත්‍රණය කොට වනයට ගොස් මදුරුවන් මරම්හයි ඔවුනොවුන් විද කොට මහදුකට පැමිණ අවුත් ඇතුළු ගමත් ගම් මධ්‍යයෙහිත් ගම්දොරත් වැදහොත්තාහුය. Read More

43 රොහිණි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙරෙ වැඩවසන සේක් අනේපිඬු මහාසිටානන්ගේ දාසියක් අරභයා මේ ජාතකය වදාළ සේක.

අනේපිඬු මහසිටානන්ගේ වනාහී රෝහිණි නම් වූ දාසියක් වූවාය. ඒ දාසියගේ වී පහරණ තැනට අවුත් මැහැළිවූ මෑණියෝ හොත්තීය. එර් මැහැලි ස්ත්‍රිය මැස්සෝ පිරිවරා හිදියෙන් විදිනාක් මෙන් කන්නාහුය. ඕ තොමෝ දුවනියන්ට කියන්නී දියනියෙනි මක්‍ෂිකාවෝ මා කති මොවුන් වලක්වයි කිව ඕතොමෝ මෑණියෙනි වලක්වමියි කියා මොහොළ ඔසවා මෑණියන්ගේ ශරීරයෙහි මක්ෂිකාවන් මරා විනාශයට පමුණුවන්නෙමි සිතා මෑණියන්ට මොහොලින් ප්‍රහාර දී ජීවිතක්ෂයට පැමිණිවුව,ඒ දැක මාගේ මෑණියෝ මළායයි කියා අඬන්ට පටන් ගත්තීය. ඒ ප්‍රවෘත්තිය අනේ පිඬු මහාසිටානන්ට දැන්වූවාහුය. සිටානෝ් ඒ දාසියගේ ශරීරය ආදාහණ කරවා විහාරයට ගොස් සියලු ප්‍රවෘත්තිය සර්වඥයන් වහන්සේට දැන්හූහ. Read More

44 ආරාම දුෂක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උද්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනා කොට තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී ස්වාමින් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්වයි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙණ උයනෙහි හැසිරෙන්නාහූ එක් එලිවූ තැනැක් ඝනවූ ඡායාව ඇත්තේය මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපනය කරණ කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැල වුල් උදුරා මුල් මපණින් දිය ඉස්සේය. ඒ රුක්පැල මලානිකව මලේය. Read More

45 වාරුණී ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් ආරාම දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

අනේපිඬු මහසිටාණන්ගේ වනාහි යහළුවූ එක්තරා වෙළෙන්දෙක් තියුනුවූ රා යොදාහි රණ්‍යස්වර්ණාදිය ගෙණ විකුට වසනුයේ මහජනයා රැස් වූ කල්හි සගය තෙපි මිලගෙන රා දෙවයි කියා අතවැස්සකුට අනවා තෙමේ නගනු පිණිස ගියේය. අතවැසි පුරුෂතෙම මහජනයාහට රා දෙනුයේ මනුෂ්‍යයන් අතරතුර ලුණුකැට ගෙන්වාගෙන අනුභව කරන්නවුන් දැක රා ලුනු නැත්තේවන ලුනු මෙහි බහන්නෙම් සිතාරා සැලෙහි නැළියක් පමණ ලුනූ බහා ඔහුන්ට රා දෙන්නේය. ඔහු මුඛය පුරපුරාගත් රා දමා තොප විසින් කවරක් කරණ ලද්දේදැයි විචාළහුය. තෙපි රා බී ලුනු ගෙන්වන්නවුන් දැක ලුනුයෙන් යෙදුයෙමි කියේය. මෙබඳු මනාප වූ රා නැසූයෙහිය අඥානයෙහි යයි ඕහට නින්දාකොට නැගීසිට ගියාහ. රා වෙළඳතෙම අවුත් එක් සත්වයෙකුත් නොදැක රාපීවාහු කොතැන්හි ගියාහුදැයි විචාළේය. Read More

46 නක්ඛත්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් එක්තරා ආජීවකයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වනාහි එක්කුලයෙක දුවනී කෙනෙකුන් ජනපදයෙහි වාසය කරන්නා වූ එක් කුලපුත්‍රයෙක් තමාගේ පුත්‍රයාහට වලක්වා අසවල් දින යෙහි කැඳවාගෙණ යන්නෙමි නියා දවස නියමකොට තබා ඒ දිනය පැමිණි කල්හි තමාගේ කුළුපග වූ ආජිවකයක්හුගෙන් විචාලේය. ස්වාමීන් වහන්ස අද අප එක් මඟුලක් කරම්හ. නක්‍ෂත්‍ර යහපත්දෝහෝ අයහපත්දෝහෝයි විචාළේය. ඒ ආජීවකතෙම සිතනුයේ මේ තෙම මා අතින් පළමුවෙන් නොවිචාරා දවස්තබා දැන් විචාරන්නේය වන්නාට මොහු හික්මවන්නෙමි කිපී අද නක්‍ෂත්‍ර යහපත් නොවන්නේය. දැන් මගුල් නොකරව ඉඳින් කළාහු නම් මහත් විනාශවන්නේයයි කීයේය. Read More

47දුම්මෙධ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි දිව්‍යබ්‍රහ්මයන්ගේ මස්තකයෙහි කෙලෙනා ශ්‍රී පාද ඇති බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ලෝකාර්ථ චර්යාවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්තමාන කථාව දොළොස් වැනි නිපාතයෙහි වූ මහා කණහ ජාතකයයෙහි මතු ප්‍රකාශ වන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහ බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුහුගේ අග්‍රමෙහෙසිකාවන්ගේ කුක්‍ෂියෙහි පිළිසිඳ ගත්සේක. මව් කුසින් නික්මුනා වූ අප මහ බෝධිසත්වයන් වහන්සේට නම් තබන්නා වූ දිනයෙහි බ්‍රහ්මදත්ත කුමාරයයි කියා නම් කළාහුය. ඒ බ්‍රහ්මදත්ත නම් කුමාර තෙම සොළොස් ඇවිරිදි වයසට පැමිණ තක්ෂලා නුවරට ගොස් ශිල්පය ඉගෙණ වෙදත්‍රයාගේ පරතෙර පැමිණ අටළොස් විද්‍යාස්ථානයන්ගේත් නිස්පත්තියට පැමිණිසේක. ඉක්බිත්තෙන් අප මහබෝසතානන් වහන්සේට පියමහරජ්ජුරුවෝ යුවරජ තනතුරු දුන් සේක. එසමයෙහි බරණැස්නුවර වාසිහූ දේවතාවන් මගුල්කොට පවත්නාහ. දෙවියන්ට නමස්කාර කරන්නාහ. Read More

48 චූලජනක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

එහි වර්තමාන කථාව හා අතීත කථාව මහජනක ජාතකයෙහි විස්තර වශයෙන් මතු ප්‍රකාශ වන්නේය. මේ ජාතකයෙහි චුල්ලජනක රජ්ජුරුවෝ වනාහී ධවල චඡත්‍රයාගේ යට පනවන ලද සිංහාසන මස්තකයෙහි හුන්සේක් මෙසේ පර්ෂිද්ට කීසේක.

පුරුෂතෙම නිෂ්ඨාවට පැමිණෙමියි ආසාව කරන්නේය. ප්‍රාඥා පුරුෂ තෙම මේ නම් සදාගත හැකිදැයි උකටලී නොවන්නේය. ඒ එසේමැයි දියෙන් ගොඩට නැංගාවූ මම මාගේ ඓශ්චර්ය බලමි යම් පුරුෂයෙක් වීර්ය කළේ නම් ඒ වීර්ය ඵලය සිද්ධ වන්නේය. සාගරයෙන් පීනා විර්යයෙන් ගොඩ දුටුවා මෙනැයි දැක්වූසේක. මේ ජාතකයෙහිද පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයට පැමිණිසේක ජනක නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටාගැනීම – www.jathakakatha.lk

49 පුණ්ණපාතී ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි අෂ්ට පර්ෂිත් හි අකම්ප්‍ය වූ ඥාන ඇති සර්වඥයන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් විෂ යොදනලද සුරාවක් අරබයා මේ ජාතකය වදාළ සේක.

එක් සමයෙක්හි සැවැත් නුවර වාසය කරන්නාවූ සුරා ධූර්තයෝ එකතැනකට රැස්ව කියන්නාහු අපගේ සුරා මිල ක්‍ෂය වූයේය. කෙසේ මිල ලබමුදෝයි කියා මන්ත්‍රණය කළාහුය. ඉක්බිත්තෙන් එක් කක්ෂි ධුර්තයෙක් කියන්නේ තෙපි නහමක් නොසිතව එක් උපායෙක් ඇත්තේය යි කිය. කවර නම් උපයෙක්දැයි කී කල්හි අනේපිඬු මහා සිටානෝ අංගුෂ්ටමුද්‍රිකාව පැළඳ මට සිලිටු වස්ත්‍ර හැඳ පෙරවරු රජහට උපස්ථානයට යන සේක. අපි සුරා පාත්‍රවල්හි විසංඥ කරණ පිණිස බෙහෙත් බහා සුරා පාන ශාලාව සදාහිඳ අනේ පිඬු මහසිටානන් එන කල මහා සිටානෙනි මෙසේ එවයි කියා කැඳවා ගෙන්වා ඔහු සුරාපානය කරවා විසංඥවුවහුගේ අගුෂ්ට මුද්‍රිකාව ද වස්ත්‍රයන්ද ගෙණ රාම්ලකරමිහයි කියේය. Read More

50 ඵල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සර්ව ධර්මයන් සර්වාකාරයෙන් කරතලාමලක ක්‍රමයෙන් අවබෝධ කළාවූ සර්වඡයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක් ඵලයෙහි දක්ෂ වූ එක් උපාසකයක්හූ අරබයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වාසය කරන්නාවූ එක් කෙළඹි පුත්‍රයෙක් වනාහි බුදු පාමොක් භික්ෂූ සංඝයා වහන්සේට ආරාධනාකොට තමාගේ උයනෙහි වැඩ හිඳිනට සලස්වා කැඳ අවුළුපත් වළඳවා උයන්ගොව්වාට ආමන්ත්‍රණය කොට භික්ෂූ සංඝයා වහන්සේ හා සමග උයනෙහි හැසිර ආර්ය වූ භික්ෂූ සංඝයාවහන්සේට අඹ දඹ ආදී වූ නොයෙක් ඵලාජාති පිළිගන්වයි කීයේය. උධ්‍යාන පාලතෙම ඔහුගේ වචනය පිළිගෙණ භික්ෂූ සංඝයා කැඳවාගෙණ උද්‍යානයෙහි හැසිරෙන්නේ වෘක්‍ෂය දිසාව බැලුපමණකින්ම මේ ඵලය අමුය. මේ ඵලය යහපත්ව නොපැසුනේය. මේ ඵල යහපත්ව පැසුනේයයි දැනගන්නේය. හෙතම යමෙක් කීයේද ඔහුගේ වචනය එලෙසම වන්නේයයි කියා භික්ෂූ සංඝයාගොස් සර්වඥයන් වහන්සේට දැන්වුවාහුය. Read More

error: Content is protected by www.ifbcnet.org.