Skip to main content
Category

සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam)

අරාබි කඩු හදන්නත් යකඩ ගෙන ගියේ ලංකාවෙන් … ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි. යහළු මිත්‍රාදීන් විවිධ පැතිකඩ ඔස්සේ විසිර යද්දී ඇය සීගිරිය ආශ්‍රිතව තම පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කළාය. ඒ වෙනුවෙන් මහාචාර්ය සේනක බණ්ඩාරනායක ඇයට මඟ පෙන්වූවේය. තම ගුරුවරයා කියූ ගමන්මගෙ ගිය ඇය මුළු ලොවටම ලංකාව සතුව තිබූ ඉපැරැණි තාක්ෂණයේ අරුමය කියන්නට හැකි සාධක  සොයා ගත්තාය.ආචාර්ය රෝස් සෝලංග ආරච්චි නම් වූ ඇය ලංකාවේ යකඩවලට වටිනාකමක් එක් කළ පුරාවිද්‍යාඥවරිය වූවාය. ලංකාවේ කිරිඔය නිම්නය තුළ කළ ගවේෂණවලදී ඇයට හමුවූ සුවිශේෂීතම යකඩ නිෂ්පාදනාගාර ගණනකි. ඇය එදා සිට අද දක්වාම අවුරුදු විස්සක් පුරා ඉපැරැණි යකඩ තාක්ෂණය ලුහුබඳිමින් සිටින්නීය.ඇයගේ උත්සාහය වතුරේ ගියේ නැත. අදට ද ලොව හොඳම යකඩ තාක්ෂණය තිබූ රටවල් සමඟ කරටකර සිටින්නට අතීතයේදී ලංකාවේ යකඩ තාක්ෂණයට වූ හැකියාව ලොවට ඉදිරිපත් කරන්නේ සෝලංග ආරච්චි නම් වූ යකඩ ගැහැනිය නිසාය. ඒ සඳහා කිරිඔය නිම්නයේ අලකොළවැව, වෑවලගම දික්යාය කන්ද යන ස්ථාන ඇයගේගමනේ මූලිකම පර්යේෂණ කේන්ද්‍රවිය.

Read More

ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි. ( Mihinthale Ancient Hospital )

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

 

මිහින්තලා කඳු පාමුල ඇති රෝහල් පරිශ්‍රය  හඳුනාවා දෙන්නේ දැනට ලොව ඉදිකරන ලද පැරණිතම විධිමත් රෝහල් සංකීර්ණය ලෙසයි. මිහින්තලයෙන් හමුවන රෝහලේ ගොඩනැගිලි වලට වඩා පැරණිවුත් විධිමත්වුත් රෝහල් ගොඩනැගිලි මෙතෙක් ලොව කිසිදු ප්‍රදේශයකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිවි නැත. මිහින්තලා රෝහල් සංකීර්ණය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම ඉතාම ඉහල වන්නේ එබැවිනි.

මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත. එයින් දෙවැනි පැතිස් රජ සමයේදී මෙම ස්ථානයේ රෝහලක් නොපැවතියේය යන ප්‍රවාදයක් තහවුරු වන්නේ නැත.

Read More

පොළොන්නරුවේ තිවංක පිළිමගෙට වැටෙන අද්භූත එළි මොනවාද ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

හෙල ඉතිහාසය පුදුම සහගතය. විශ්වාස කිරීම පවා අපහසුය. අනුරාධපුරය පොලොන්නරුව තවමත් විශ්වාස කල නොහැකි අද්භූත සිද්ධීන් වලින් පිරී පවතී. මේ කියවෙන්නේ එවන් අද්භූත කථාන්දරයකි. මේ ලිපිය උපුටාගන්නා ලද්දේ මවුබිම පුවත්පතිනි.

ඔහු පිරිත් අසන්නේය. පන්සිල් නොව අටසිල්ද රකින්නේය. ඒ සියල්ල අභිභවමින් තම පණටත් වඩා තිවංක පිළිමගෙය රකින්නේය. ඕන ලොක්කෙකුට වැරදි තැන් පෙන්වාදීමට ඔහු පසු බට නොවේ. තම රාජකාරිය දේවකාරියක් ලෙස ඇදහූ මේ මිනිසා පුරාවිද්‍යා ඉතිහාසයේ තැබූ රන් සළකුණක් බඳු විය. තම නිළ ඇඳුම ඇඳ රාජකාරිය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එකම රැකවලා වූවේ මොහුය.

රටට දැයට බරක් නැති ඔහු සොයා ගිය අපි ධර්මරත්න මහතාගේ නිවසට ගියෙමු. තිවංක පිළිමගෙය සමඟ බැඳි මතකයක් දැන ගන්නට අවැසි වග පැවසූ විට ඔහු ඊට බොහෝ සතුටු විය. ධර්මරත්න මෙම පිළිමගෙයෙහි අප නොදොටු සිතුවම් දැක ඇත්තා සේ එහි විනාශයද ඇස් පනාපිටම දැක ගත්තේය. ඔහු කියන පරිදි ඔහු රැකියාවට පැමිණි මුල් යුගය වන විට තිවංක පිළිමගෙයි සිතුවම් කතා කරන්නා තරමට අලංකාරව තිබිණි.

Read More

අපේ ඉපැරණි වාරි තාක්ෂණය ගැන පපුවට දැනෙන කථාවක් …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

සමන්ත විද්‍යා පතිරණ මහතා උමා ඔය ව්‍යාපෘතිය අසාර්ථක බව පෙන්වීම සදහා කරන ලද දේශනයකින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. බලන්න මෙය ඔබේ හදවතට කොතරම් සංවේදීව දැනෙනවද කයල.

ඉරෙන් හඳෙන් වැඩ ගත් අපේ මිනිස්සු …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) One Comment

අප සතුව චිරාත් කාලයක් තිබුණූ දේශීය ඥානය ගැනත්, එ් හරහා අපට හැම ක්ෂේත‍්‍රයක් ඔස්සේ ම ලැබුණ දැනුම් නිධානය ගැනත්, පටු බටහිර චින්තනයට ම ගැති නො වී අපේ ගුණ සුවඳ රැඳි ජීවන පැවැත්මක් ඇතිකර ගැනීමේ වටිනාකම ගැනත්, අපි පසුගිය කලාපවලින් කථා කළා.. අතීතයේ අපේ මුතුන් මිත්තන් සතුව තිබී අපට අහිමි වී ගිය මේ මහා දැනුම් සම්භාරයෙන් අද අප සතුව තියෙන්නේ අල්ප මාත‍්‍රයයි. එ්ත් එ් අල්ප මාත‍්‍රය වුණත් මහා සාගරය වගේ කොතනින් පටන්ගෙන කොතනින් අවසන් කරන්න ද කියලා හිතාගන්න බැරි විදියේ පුළුල් පරාසයක් තුළ විහිදී පැතිරී ගිය එකක්.

අතීතයේ අපේ පැරැන්නො කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙනයාමට සැතපුම් පණහකට වැඩි දිගකින් යුතු යෝධ ඇළ හැදුවෙ එහි බැස්ම සැතපුමට අඟලක් තියෙන විදියට කියල පිළිගැනීමක් තිබුණත් ඇත්තට ම මේකෙ තියෙන්නේ සැතපුම් 17කට අඟල් හයක නැග්මක්. එ් විදියට ඉහළට වතුර ගලාගෙන යන්නට මේක නිර්මාණය කළේ කොහොම ද කියල අද විජාතිකයන්ට හිතාගන්නවත් බෑ… අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී නාසය අගින් වෑස්සෙන ජල බිඳුව හරියට ම පතිත වෙන්නෙ ශ‍්‍රීපතුල් දෙක මධ්‍යයේ මධ්‍ය ලක්ෂයට. මෙතරම් සමමිතිකව, මෙතරම් ලම්භකව අද මැටියෙන් කරන මුර්තියක්වත් නිර්මාණය කරන්න පුළුවන් ද? මේක නැනෝ තාක්ෂණයත් අභිභවා යනව. හිතන්න මේ පිළිම වහන්සේ නිර්මාණය වෙන්නෙ කටුවත්, මිටියත් උපයෝගී කරගෙන. පිහිටි කළුගලක් කියන්නෙ හැම තැන ම එ්කාකාරව ස්ථාවර ශක්තිමත් බවකින් යුතු දෙයක් නෙවෙයි. ඇතැම් තැනකට තදින් ගහන මිටි පහර ඇතැම් තැනකට සැර වැඩි වෙන්න පුළුවන්. වැඩිපුර කෑල්ලක් කැඩිල අහකට ගියොත් ආයෙ අලවන්න බෑ. මෙබඳු පාෂාණයක හරි ම සියුම් විධියට සියුම් අංගෝපාංග ඉස්මතු වෙන විදියට මේක කරන්න එ් ර්මාණකරුවාට මොනතරම් දැනුමක්, මොනතරම් සංයමයක් තියෙන්න ඕනෙ ද? අද අපිට නැත්තට ම නැතිවෙලා යමින් තියෙන්නෙත් මේවා ම නේ ද?

Read More

බුදුහිමියන් පෙන්වා දුන් ස්ථූප ආකෘතියේ රහස කුමක්ද ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) 2 Comments

සිංහලයා යනු උතුම් ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් යන වදන කියැවෙන්නේ අද ඊයේ පටන් නොවේ. මේ පුංචි දිවයිනක සිටිනා මිනිසුන් මුලු ලෝකය පමණක් නොව විශ්වයම ජයගත් පිරිසක් බව එදා පටන්ම කියැවෙන වදනකි. ලිඛිත ඉතිහාසයක් සොයාගත නොහැකි උවද භෞතික සාක්ෂි සාධක මතින් කල එලි බසින රාවණ නම් චරිතයට අදටත් ඉන්දියානුවෝ බිය මුසු හැගීම් පල කරති. විශේෂයෙන්ම සීගිරියෙන් පටන්ගන්නා රාවණ කථා වස්තුව එතැන් පටන් ඉන්දියාව මතු නොව ගීසාහි පිරමීඩ දක්වාද, බැබිලෝනියාවේ එල්ලෙන උයන දක්වාද, දිව යනබව විශ්ලේෂකයෝ පවසති. මෑතකදී BBC වැඩසටහනකින් කියැවුනේ බැබිලෝනියාවේ එල්ලෙන උයන අසලින් සොයාගත් මැටි පුවරුවල “ සිංහ රටින් අහසින් ආ මිනිසුන් සිංහගිරියේ මෙන් අපේ රටේද එල්ලනෙ උයනක් හැදුවා  ලෙසින් සදහන් වී තිබූ බවකි. කෙසේ උවද අපි මෙහි කථා කරන්නට යන්නේ රාවණ ඉතිහාසයක් නොවේ. අපේ ඇස්පනාපිට දිස්වන මහින්දාගමනයෙන් පසු ඉතිහාසය පිලිබදවයි.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි ලෙසින් සංකල්පයක් පුරාතණයේ සිට අපිට තිබුනි. මෙහි දාගැබ යනු පන්සලටම අයත් කොටසකි. එසේනම් දාගැබ පිලිබද විශේෂයෙන් සදහන් වූයේ ඇයි? බෝධිය, බුදුගෙය මේ සංකල්පයට ඇතුලත් නොවූයේ ඇයි ? ගමකට වැවක්ද, විහාරස්ථනයක්ද අවශ්‍යමය. දාගැබ, බෝධිය, බුදුගෙය පන්සලේ අංගයන්ය. එසේනම් දාගැබ පන්සලට පිටින් සදහන් කලේ ඇයි ?

ඒ පිලිබද සෙවීමට කලින් දාගැබක් පිලිබද  කාරණා කිහිපයක් සලකා බැලීම වැදගත් වේ.
දාගැබට නිශ්චිත හැඩයක් ලබා දුන්නේ කවුද යන ගැටලුව පලමුකොට සලකා බලමු.
ඒ පිලිබදව 2010/05/06 වැනි බුහස්පතින්දා බුදුසරණ පුවත්පතේ මෙසේ දකවා ඇත.
උපුටාගැනීම ආරම්භය –

ස්තූපයේ ආරම්භය සිදුවීමට බුදුන් වහන්සේගේ උපදෙස් සෘජුවම බලපා ඇති බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන්නා වූ කරුණු තුළින් අවධාරණය වේ.
‘ආනන්දයනි, ස්තූප සාදවා ගෞරව කළ යුතු වන්දනා කළයුතු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම් බුදුන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ , රහතන් වහන්සේ සහ සක්විති රජු වේ.’ (දීඝනිකාය මහා පරිනිර්වාණ)

ආනන්ද හිමියන් අමතා ස්තූපයක් නිර්මාණය කළ යුතු ආකාරයද දීඝ නිකායේ පරිනිර්වාණ සූත්‍රයේ පෙන්වා දී තිබේ.

‘සඟල සිවුර හතරට නමා තැනිතලා බිමක එලා එය මත උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය මුනින් අතර තබා එහි හරි මැදින් සැරයටිය තබා ස්තූ®පයක් නිර්මාණය කරන ආකාරය පෙන්වා දී තිබේ.

උපුටාගැනීම අවසන් …

වැවක් කැපීමේදී විශාල පස් ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවේ. ඒ පස්වලින් ප්‍ර යෝජනවත් දෙයක් සිදු කිරීමට එදා මුතුන්මිත්තෝ උත්සාහ කල නිසා දාගැබ බිහිවිය. ජලයද, ශ්‍රමටද පස්ද තිබේනම් දාගැබ සෑදීම අරුමයක් නොවේ. කාලය ඉතිරි නිසා අනිත් ප්‍ර යෝජනවත් දෙයකට යොමු කිරීම අපේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨත්වයයි.

එ‍ෙස්නම් පූජණීය වස්තුවක් ලෙසින් හැරුනු කොට දාගැබින් ගමට ඇති ඵලය කුමක්ද ? ඒ බව පේරාදෙණිය කෘෂි ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා 2011 ජූලි 03 දින සිලුමිණ පුවත්පතට පලකල ලිපියක සදහන් කල කොටසකින් දක්වන්නම්.

උපුටාගැනීම ආරම්භය –

එතකොට වී ගොවිතැනට අවශ්‍ය පොහොර ලැබුණේ කොහොමද?” මම ප්‍රශ්නයක් යොමු කළා.

“ගස්වලට අවශ්‍ය ප්‍රධාන පොහොර වර්ග තුන තමයි නයිට්‍රජන් (N) ෆොස්පරස් (P) පොටෑසියම් (K). මෙයින් නයිට්‍රජන් ලැබෙන්නේ වාතයෙන්. ඒවා වැස්ස සමඟ දියවී පොළොවට එනවා. අකුණු සැරට තමයි එය ස්වභාවිකව සිදුවන්නේ. මේ දේ සාමාන්‍යයෙන් කරන්න බැහැ. නමුත් හාබර් බොෂ් ක්‍රමයට කෘත්‍රිමව යූරියා, ඇමෝනියා හදා ගන්නවා. ඒත් එයට විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි.”

“කතාවක් තියෙනවානේ ‘වැවයි දාගැබයි’ කියලා. වැව නම් කෘෂිකර්මයට සම්බන්ධයි. මොකද භූගත ජල මට්ටම (Water table) ඉහළට ගන්න තමයි අපේ වාරි සම්ප්‍රදායේ ක්‍රමවේදය හැදී තිබෙන්නේ. ඒ ජල මට්ටම ඉහළට ගැනීම කෙතරම් වටිනවාද කියලා තේරුම් ගන්න හොඳම උදාහරණය මහවැලිය හරවන්නට පෙර දුඹුරු කහ පැහැයෙන් තිබූ ප්‍රදේශ ගඟ හැරවූ පසු නිල් පාටින් බැබළෙන්නට ගත් ආකාරය.”

“අතීතයේ නයිට්‍රජන් ගන්න ක්‍රමයක් අපට තිබුණේ නැහැ. දාගැබෙන් තමයි අපි නයිට්‍රජන් ලබා ගත්තේ.”

* “ඒ කොහොමද?” මම පුදුමයෙන් ඇහුවා.

“තෙත් කලාපයට බක්මහට අකුණු ලැබුණාට වියළි කලාපයට එහෙම නැහැ. ඒ නිසා අකුණු වැඩි කරගන්න දාගැබ් උදව් කර ගත්තා. දාගැබේ කොත් කැරැල්ලේ මුදුණේ සිට හොඳ සන්නායක ගුණයක් ඇති දඹ ගසේ කඳකින් කණුවක් පොළොවට සවි කර තිබෙනවා. එයට කියන්නේ යූපය කියලා. සාමාන්‍යයෙන් වලාකුළු ධන ඍණ ආරෝපන දෙකම සහිතව පවතිනවා. නමුත් යුපය මගින් දාගැබට ඉහළ පිහිටි වලාකුළකින් ඍණ ආරෝපණ පොළවට ඇද දැම්මාම ඒ වලාකුළේ ධන ආරෝපණ පමණයි ඉතිරි වන්නේ.

එවිට අනික් වලාකුළු සමඟ විදුලි කෙටීමට අවශ්‍ය තත්ත්වය ඒ වලාකුළේ කෘත්‍රිමව ඇති වෙනවා. මෙය ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඇඹුල්දෙණිය මහතාගේ පර්යේෂණවලින් කියා තිබෙනවා. මේ විදිහට කෘත්‍රිම අකුණු ඇති කරගන්න තවත් උදව් වෙන්නේ කොතේ කැරලි ටික. මොකද යුපයෙන් ඍණ ආරෝපණ ගමන් කරද්දී ඒ කැරලි මඟින් කොතේ මතුපිට වපසරිය වැඩි කර දී වැඩිපුර ආරෝපණ ඒ වටා ගොඩ නඟනවා. දාගැබේ පිටත මුළු පෘෂ්ඨයම ධන ආරෝපණ වලින් පිරී තිබෙන නිසා අපට දාගැබ ළඟදී සිතට සතුටක් සහනයක් වැඩිපුර දැනෙනවා.

උපුටාගැනීම අවසන් ….

මේ අනුව පැහැදිලි වන්නේ දාගැබෙන් මහපොළවට නයිට්‍රජන් ලබාදුන් බවය.

මින් හෙලිවන .වත් ප්‍රධාන කරුණක් වන්නේ අකුණු භාවිතාකර වැඩගත් ලොව ප්‍රථම හා එකම ජාතිය වන්නේ හෙලයන් බවය. එපමනකුදු නොව ලොව ප්‍රථම අකුනු සන්නායක භිවිතයද සිදුකර ඇත්තේ සිංහලයන්ය.

ඊට අමතරව මේ වෙහෙර වලින් තව බොහෝ දේවල් සැලකිය හැකියි.මේවා ඉදි කර තිබෙන්නේ නියගයට මුහුණදෙන වියලි කලාපයේ.දාගැබේ උස නිසා වලාවන් රැස් වීම සිදුවී තිබේ.තවද මේවා තිබෙන්නේ අනුරපුර,පොලොන්නරුව,බුදුල්ලේ මොනරාගල යුදගනාව,තිස්සමහාරාමය,දීගවපිය ආදී වියලි කලාපයේ වීමද පුදුමයකි.ආදී රජවරු වර්ෂාව නිපදවන කදුකරයට හානි නොකළේය.

ජනාවාස ඇති කලේ තැනිතලා ගඟ අශ්‍රිතවය.ඒ ස්ථානවල වැසි ලබා ගැනීමට, වන්දනාවට, ජලය රැස් කිරීමට නිර්මාණ කර තිබේ. මේ අනුව බලන කල දාගැබ සිදුකර ඇත්තේ සුලුපටු කාර්යයක් නොවේ.

මින් පැහැදිලිවන වැදගත් කරුණක් ඇත. බුදුහිමියන් නිරන්තරයෙන් ගොවිතැන අගය කල සේක. ගොවිතැන පිලිබද උන්වහන්සේ සූත්‍ර දේශනා වල පවා සදහන් කර ඇත. අග්ගික බාරද්වාජ සූත්‍රය තුල උලමා කොට ඇත්තේ ගොවිතැනය. ධාර්මික ජීවන උපායක් ලෙස ගොවතැන පැසසූ සේක. එසේනම් මෙහි සදහන්වන විද්‍යාත්මක සිද්ධාක්ත උන්වහන්සේ විසින් සර්වඥතා ඥානයෙන් දැක චෛත්‍යෙය්  ආතෘතිය පෙන්වා දුන්නා වන්නටද පුලුවන. ඒ පිලිබද කල්පනා කිරීම බුද්ධිමත් ඔබට බාරය.

මෙපමණ වේලා සදහන් වූයේ භෞතික සාධකයන්ය.

ගමේ මිනිසුන් නිරන්තරයෙන් දාගැබ ඇසුරුකරගෙන පහන් සිත් ඇතිව වැදුම් පිදුම් සිදු කරති. ඉන් ජනිතවන ආධ්‍යාත්මිත්ක ශක්තියද සුලුපටු නොවේ. විශේෂයෙන්ම චෛත්‍යයක නිර්මාණය පෘතග්ජන ජීවිතයේ සිට නිර්වාණය දක්වා ගමන් මග පැහැදිලි කෙරෙන බවද විශ්වාස කෙරේ. එපමණක්ද නොව නිරන්තරයෙන් පින්කම් සිදුකරමින් ඇතිකරගන්නා පින් දිව්‍ය බ්‍රහ්ම තලයන් වෙත යොමුකිරීම සදහා චෛත්‍යය මේ ආකාරයට පිරමීඩ ස්වරූපයෙන් සකස්කරල ලද බවටද මතයක් පවතී. කෙසේ උවද චෛත්‍යරාජයන් වහන්සේ තුල වැඩ වසනා සර්වඥ හෝ අරහත් ධාතූන්ගේ අශ්චර්යමත් බවද මෙවන් කටයුතු සදහා මහගු රුකුලක් වනු ඇත.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා.

අන්තර්ජාල ලිපි ඇසුරුකර ගනිමින් එරන්ද ලක්මාල් විසින් රචනා කරන ලදි.

දිය ගොඩ දෙකම ජයගත් අප නොදුටු ගැමුණු …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

සොබාදහමේ සමහර සංසිද්ධීන් භෞතිකවාදී නියාමන ඉක්‌මවා යයි. චමත්කාරය ගැබ්වන්නේ ඒ විසංවාදය තුළය. කාලනිර්ණ දත්ත පැමිණියේය. එම දත්ත පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් නිල වශයෙන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළේය. කාලනිර්ණ දත්ත අනුව ලී කැබලි අදට අවුරුදු දෙදහස්‌ දෙසියයක්‌ ඈතට දිවගියේය. අරුමයකි. නැව අවුරුදු දෙදහස්‌ දෙසීයක්‌ පැරණිය. මේ නැව පුරාණ ගොඩවාය වරාය අසල ගිලී යන කාලයේ රට හොබවනු ලැබුවේ සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණුය.

අපේ මිනිස්‌සුනට මුහුදේ ලකයක්‌ නැත. අපේ ඉතිහාසයේ උත්පත්ති කතාවත් උපදින්නේ මුහුදේ රැළි අතරිනි. ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට අනුව සමුදුරු තරණය කරමින් කළ රටේ ආනයන අපනයන වෙළෙඳාම ගැන පැරණිම පුරාවිද්‍යා සාධක ලැබෙන්නේ විජය මෙහි එන්නටත් අවුරුදු දෙසීයකට පමණ එපිටදීය. ඒ තොරතුරු ලැබෙන්නේ අනුරාධපුර ඇතුළු නුවර පිහිටි පුරාණ සශ්‍රීක වෙළෙඳ නගරය ඇසුරෙහිදීය. ඒ කතාව වංශකතා වල ලියෑවී නැත.

රටේ මිනිස්‌සුන් ගැන කියවෙන මුල්ම වංශකතා ප්‍රවෘත්තියත් සමුද්‍ර ප්‍රයාණයකට සම්බන්ධ වූවකි. ක්‍රිස්‌තු පූර්ව පස්‌වන සියවසේදී විජය ඇතුළු පන්සියයක පිරිස ඉන්දියාවේ සිට රටට පැමිණෙන්නේ මුහුදෙනි. එසේ පැමිණ ලංකාවේ රජවන විජය ඉන්දියාවේ මධුරාපුරයෙන් විවාහයට කුමාරියන් සොයා ගන්නේත්, තමුන්ට පසු රජකමට අනුප්‍රාප්තිකයන් සොයන්නේත් මුහුද තරණය කරමිනි. අපේ ඉතිහාසයේ මුල් කාර්තුව මුළුමනින්ම නිර්මාණය වන්නේ සමුද්‍ර ප්‍රයාණයන් ඇසුරෙහිය.

Read More

විදෙස් ඉංජිනේරුවන්ගේ පවා ලොමු ඩැහැගන්වන විශ්මිත නිර්මාණය – ජේතවන චෛත්‍යරාජයණන් වහන්සේ …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ශ්‍රී ලංකාවේ ස්‌ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක්‌ ප්‍රධාන කරුණක්‌ නම් ගණිතය මෙන්ම මිණිතය ද ඉතා ම නිවැරැදිව පැරැණි නිර්මාණකරුවන් භාවිත කළ බව ය. මේ බැව් සක්‌සුදක්‌ සේ පැහැදිලි වන්නේ අභයගිරිය, ඡේතවනාරාමය, රුවන්වැලි සෑය වැනි මහා ස්‌ථූප වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ වල් වැදී තිබුණත් ඒවා හැඩයේ වෙනස්‌ වීමකට හෝ මහා පරිමාණ ගරා වැටීමකට හෝ ලක්‌ නො වීමෙනි.

මේ ස්‌ථූප ඉදි කිරීමේ දී භාවිත කළ තාක්‍ෂණ ක්‍රමවේද මොනවා ද?, අදටත් එය රහසක්‌ ව පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව මෙරට ප්‍රධාන පෙළේ පර්යේෂණ ඉංජිනේරුවරුන් තිදෙනකු විසින් මෑතක දී Sඅධ්‍යයනයක්‌ සිදු කරන ලදි. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු, පර්යේෂණ විද්‍යාර්ථී කපිල පීරිස්‌, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විඡේසිංහ සහ වැඩබිම් ඉංජිනේරු සේවා ආයතනයේ වරලත් ඉංජිනේරු චන්දන ජයවර්ධන එම විද්වතුන් ත්‍රිත්වයයි. ඔවුන් මේ මහා ස්‌ථූපය පිළිබඳව කළ විද්‍යාත්මක පර්යේෂණයකින් ලත් ප්‍රතිඵලවලට අනුව මෙය ඉදි කළ විද්‍යා හා තාක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව සොයාගෙන ඇති තොරතුරු අද සතියේ විමසුමින් ඔබ හමුවේ තබමු.

මහා විහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවැනි නිකාය වන්නේ අභයගිරියයි. අභයගිරියෙන් පසු තුන්වැනි නිකායක්‌ බිහි වෙයි. ඒ ඡේතවන නිකායයි. මේ සියල්ල ම බෞද්ධ නිකායෝ වෙති.

Read More

‍ලොව ‍ශ්‍රේෂ්ඨතම වාරිමාර්ග තාක්ෂණය හිමිවන්නේ සිංහලයාට බව ‍යෝධ ඇල සාක්ෂි දරයි …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා “හම්බ කළ ධනය පෙන්වන්නැ,,යි පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට “මා රට – ජාතිය වෙනුවෙන් ඉපැයු ධනය පෙන්වන්නට මා සමඟ එන්න යයි,, පුතාට විධාන කොට තමන් ද අසු පිටට නැඟී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කලාවැවේ උපතට මුල වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ‘ගෝන නදී’ වශයෙනි. ප්‍රථම සියවස වන විට කලාවැව සහ බළලු වැව පැවැතියේ වැව් වශයෙන් නොව – විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයෙකු වූත් ‘ප්ලීනි’ (Pliny) තැප්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ‘මෙගිස්බා’ (Megisba) නමින් විලක් ගැන සඳහන් වේ. පසු කලක කලාවැව හා බළලු වැව බවට පත් වූයේ මේ විල් ය.

Read More

අටමස්ථානය සිංහාවලෝකනයෙන් ( සිංහයෙක් ආපසු හැරී බලන අයුරින් ) පිහිටා ඇතිබව ඔබ දන්නවාද ?

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව පැළලුප්නුවර අශෝකාරාමයේ පැවති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්මදූතයන් පිටත් කර ධර්මප්‍රචාරය සිදු කෙරිණි. මිහඳු මාහිමියෝ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කළේ ඒ අනුවය. ඒ පොසොන් පුර පසළොස්‌වක පොහොය දිනක දී ය. ලංකා රාජ්‍යය විචාළේ දෙවනපෑතිස්‌ රජතුමාය. ලංකාවට පැමිණි දෙවන දිනයේ මිහඳු හිමි ප්‍රධාන පිරිසට අනුරාධපුරයේ පිහිටි රජමාළිගයෙන් දන් පිරිනැමිණි. දන් වළදා අවසානයේ මිහඳු හිමියෝ පේතවත්ථු, විමානවත්ථු සහ පච්චසංයුක්‌තයෙන් ධර්ම දේශනා කළසේක. අනතුරුව දෙවනපෑතිස්‌ රජතුමන් විසින් මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන ස`ගසතු කොට පූජාකරන ලදී. රජතුමන් විසින් දෑසමන් මල් වට්‌ටියක්‌ ද පූජා කරන ලදී. මිහිඳු හිමියෝ දෙවනපෑතිස්‌ රජු සම`ග මහමෙවුනා උයනේ ඇවිද යමින් දෑසමන් මල් ඉසිමින් අටමස්‌ථානය පිහිටන තැන් සලකුණු කළ බව වංශකථාවල සදහන් ය.

Read More

error: Content is protected by www.ifbcnet.org.