Category

සිරි සදහම් ( Dhamma)

සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

By | සිරි සදහම් ( Dhamma) | No Comments

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.

“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.”

“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.”

“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”

“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.

සිංහල බෞද්ධයා වෙබ් අඩවිය ඇසුරිනි

කළලයක විකසනය දුටු බුදුනෙත – ඉන්දක සූත්‍රය හා විග්‍රහය

By | සිරි සදහම් ( Dhamma) | 2 Comments

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍්දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ඉන‍්දක යක‍්ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුරට කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී. Read More

විශ්වයේ පැවැත්ම බුදු ඇසින් දකිමු.

By | සිරි සදහම් ( Dhamma) | No Comments

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.
Read More

රතන සූත්‍රාන්ත දේශනාව …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

පිංවත් යාලුවනේ රතන සූත්‍රය කියන්නෙ මිහිමත ඇති මහා බලගතු වත්තුවක්, වටිනාකම කියල නිමකරන්න බැරි නිධානයක් කීවොත් නිවැරදී. කොටින්ම කීවොත් මේ මුගු ලෝකයම රතන සූත්‍රය පාමුල තිබ්බත් ලෝකයේ වටිනාකම මහ මුහුදෙන් ගත්තු දියබිදක් වගේ කීවොත් නිවැරදි. ඒ මන්ද කීවොත් කෝටි ලක්ෂයක් සක්වලයන්ට ආඥාචක්‍රය පතුරුවා වදාල මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් මේ රතන සූත්‍රාන්ත දේශනාව. ඒ කියන්නේ සක්වලයන් කෝටි ලක්ෂයක ඉන්න අමනුෂ්‍යයන්ට බුදු හාමුදුරුවො ආඥාවක් නිකුත් කරල තියෙනව සීලවන්ත, ගුණවන්ත, මිනිසුන්ට කිසිදු හානියක් කිරීමෙන් වලකින්න කියල. මේ රතන සූත්‍රාන්ත දේශනාව නිසා සුවපත් වූ පිරිස් මෙතකැයි කියල කියන්න බැරි තරම්ලු. මේ විශ්වයෙහි පහළවන සියලු බුදුවරයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන මේ මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාවට හේතුව කුමක්දැයි පොඩ්ඩක් විමසල බලමු.
විශාලා මහනුවරට ඒකාලෙ කීවෙ මිහිපිට සුරලොව නමින්. රාජාණ්ඩුවක් විධියට පාලනය කරපු මෙහි රජවරු හත්දහස් හත්සිය හත්දෙනෙක් හිටිය. ඒ කියන්නෙ රට බෙදාගෙන නෙවෙයි. වරකට එක රජකෙනයි රට පාලනය කරන්නෙ. මාරුවෙන් මාරුවට එකම ප්‍රතිපත්තියක් යටතේ රට පාලනය කලා. මේ අයට කිව්වෙ ලිච්ඡවින් කියල. ඒ කියන්නෙ මෙයාලගෙ සිරුරු විනිවිධ පෙනෙන තරමට සියුම් හමකින් තමයි වැහිල තිබිල තියෙන්නෙ. හරියට නෙග්ගි ගෙඩියක් වගේ. ඉතින් සියලු යස ඉසුරින් පිරි මේ විශාලා මහ නුවරට බුදුන් දවස විශාලාමහනුවර මහා දුර්භික්ෂයක් ඇති වුණා. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියා. ඉවත් ‍නොකල මළමිනී කුණු වී හැමූ ගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් වුනා. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.
Read More

බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය

By | සිරි සදහම් ( Dhamma) | No Comments

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි Read More

මැවුම්වාදය බිද දැමූ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´ Read More

විශ්වයේ ආරම්භය හා විකාශය

By | සිරි සදහම් ( Dhamma) | One Comment

ලෝකය යනු අප ජීවත් වන පෘථිවි තලයයි. එවැනි ග්‍රහලෝක කිහිපයක් හා තාරකාවක් (සූර්යයා) එක්වී අපගේ සෞරග්‍රහ මණ්ඩලය සැදී තිබේ. චක්‍රාවාටයක් නැතහොත් සක්වලක් (Galaxy) යනු එවැනි සෞරග්‍රහ මණ්ඩල මිලියන ගණනකින් සමන්විත වූ දෙයකි. අපගේ විශ්වයේ එවැනි චක්‍රාවාට බිලියන ගණනක් පවතී. විශ්වය අනන්තය. එය අන්ධකාර ආගාධයකි. ඒ තුළ අප වැනි ජීවීන් සහිත තවත් ග්‍රහලෝක ගණනාවක්‌ පැවැතිය හැකිය. විශ්වය පිළිබඳ පොදු නියාමයක්‌ වන්නේ එහි ආරම්භයක්‌ හෝ අවසානයක්‌ දැකිය නොහැකි බවය. ලෝකය ගැන කිව හැක්‌කේද එපමණකි.

එහෙත් ඒ අවිනිශ්චිත ලෝකයේ ආරම්භය ගැන මානව සමාරම්භයේ සිටම මිනිසාගේ කුතුහලය හරහා විවිධ මත පහළ වී තිබේ. ඒවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආගමික මතවාද වශයෙනි. මේ මතවාදවලින් ගම්‍ය වන්නේ ලෝකය කිසිවකුගේ නිර්මාණයක්‌ බවය. එකී නිර්මාණකරුවාට බ්‍රහ්ම, දේව, ඊශ්වර සහ තවත් නාමයන් ඒ ඒ යුගවල භාවිතකර තිබේ.
Read More

සදා නොසිඳෙන දහම් ගඟ,බළංගොඩ හාමුදුරුවෝ … !

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.
මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය. Read More

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ

By | සිරි සදහම් ( Dhamma) | No Comments

“දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී”

අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. අද දින ට (2012.07.19) උන්වහන්සේ ගේ එකසිය පහළොස්වන වන ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරන්න ට යෙදුනි.
රේරුකානේ චන්දවිමල හිමියන් 1897 ජූලි මස 19 දින දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහ පොඩි නෝනා යන අය ට දා ව රයිගම කෝරලයේ අදිකාරී පත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටි රේරුකානේ නම් පුංචි ගමේ උපත ලබන ලදී.
Read More

සිව් බුදුවරුන්ගේ ධාතූන් වැඩ වෙසෙන බුරුමයේ රන්වෙහෙර

By | සිරි සදහම් ( Dhamma) | No Comments

බුරැමයේ රන් වෙහෙර (Golden Pagoda) පන්සල පිහිටා ඇත්තේ බුරුමයේ යැන්ගොන් නගරයේයි. මීටර 99ක් නැතහොත් අඩි 325ක් උසැති මෙම වෙහෙර නගරය පුරා මහා යෝධයෙකු මෙන් ක්ෂිතිජය පුරා නැගී සිටී. මේ අති පූජනීය ස්වේදගොන් චෛත්‍ය ( එහි ඇති පූජනීයත්වය නිසා මා එය රන්වහෙර ලෙස හදුන්වන්නම්) නැතිනම් රන් වෙහෙරේ බුදුවරු සිව්නමකගේ පූජනීය වස්තූන් තැන්පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කකුසඳ බුදුහිමියන්ගේ සැරයටියත්, කෝනාගම බුදුහිමියන්ගෙ ජල පෙරනයත්, කාෂ්‍යප බුදු හිමියන්ගේ සිවුරු කොටසකුත්, ගෝතම බුදු හිමියන්ගේ හිසකෙස් වහන්සේලා අටනමකුත් තැන්පත්ව ඇතිබව සැලකේ.
බුරුමයේ පමණක් නොව සමස්ථ ගගන තලයේම ඉපැරණිම චෛත්‍යය බව කියා පාමින් ස්වේදගොන් චෛත්‍යය (රන් වෙහෙර)වසර 2600කට අධික කාලයක් මුලුල්ලේ පවතිනබව වංශකථාවලට අනුව දැකගත හැකිය. ජනප්‍රවාද අනුව තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයන් ට ක්‍රි.පූ. 588 දී වර්තමාන ඉන්දියාවේදී ජීවමාන බුදුහිමියන් මුන ගැසුනු බවත් උන්වහන්සේ විසින් මේ දෙදෙනාට කේශ ධාතූන් වහන්සේලා අට නමක් ලබාදුන් බවත් ඒ කේශධාතූන් රන් කරඩුවක තැන්පත් කරගත් බවත් සඳහන් වේ. ( මොවුන් දෙදෙනා ලංකාවට පැමිණ ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ ගිරිහඩු සෑය කරවූ බවයි අපේ ඉතිහාසයේ සඳහන් වන්නේ.) කෙසේ වෙතත් මේ වෙළඳ දෙබෑයන් දෙදෙනා සිය මවුරට නැතහොත් වර්තමාන බුරුමයට පැමිණි බවත් එවකට පාලකයා වූ ඔක්කපාල රජුන් සමග එක්වී සින්ගුත්ර කන්ද සොය‍ාගත් බවත් ( පෙරබුදුවරුන්ගේ පූජනීය වස්තු තැන්පත්කර ඇති මෙහි) ගෝතම බුදුහිමියන් වෙනුවෙන් මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඉදිකිරීමට කටයුතු කල බව සදහන් වේ. වෙළදුන් රැගෙන ආ ධාතු කරඩුව විවෘත කිරීමේදී විශ්මිත දෙයක් සිදු උනාලු Read More

error: Content is protected by www.ifbcnet.org.