
අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.
අපවත්වන තුරුම ත්‍රිපිටක ග්රන්ථ සහ නවීන විධ්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු මහා ප්‍රඤ්ඤාලෝකයෙන් උකහා ගත් “ සක්වළ සක්මන” ලිපි මාලාව මෙසේ පලවෙයි. මේ එහි පළමු පියවරයි.
මහ නා හිමියනි, සක්වළ පිළිබඳ ව සරලව විග්රහ කරන්නේ කොහොම ද? Read More

මහ නායක හාමුදුරුවනේ, ලෝක විෂය අනන්තයි, අචින්ත්‍යයි කියන්නේ ඇයි ?
බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “ අනවරාග්ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා.
මේ විධියට, සංයුක්ත නිකායේ “ලෝකත්ත ගමන සූත්‍රයෙන්” ද ලෝකයේ සීමාවක් නැති අචින්ත්‍ය දෙයක් බව විස්තර කෙරෙනවා. එහි අග මුල සෙවීම උමතුවට හා මුළාවට හේතුවනු මිස එයින් වැඩක් නැති බව අප බුදු හිමියන් දේශනා කර තිබෙනවා. Read More

ලෝක විෂය’ අචින්ත්‍ය, අනිත්‍ය දෙයක් වගේම, “ කර්ම විෂය” ත් අචින්ත්‍ය (අනන්ත) දෙයක් ද ?
ඔව්, අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය දෙයක් ලෙස විස්තර කෙරෙනවා. ලෝක ධාතු (සක්වළ) අනන්ත වන්නාක් මෙන්ම ඒවායේ ඇති ශක්තීන්ගේ විවිධත්වය ද අනන්ත වෙනවා. ඒ වගේම, ඒවායේ වෙසෙන ජීවීන්ගේ කර්ම ශක්තීන් ද විවිධාකාර වෙනවා. එම කර්ම ශක්තීන් හා කර්මඵල අනුවයි, සත්වයින් විවිධ ලෝක තල (ධාතු) වල උපත ලබන්නේ. ‘සක්වළ විභංගය’ ට අනුව සත්වයන් උපදින ලෝක ධාතු කෝටි ලක්ෂයක් පමණ බුදු කෙනෙකුගේ ඥාන ක්ෂේත්රයට ග්‍රහණය වෙනවා. Read More

මහ නායක හාමුදුරුවනේ, ‘ මහා මේරු පර්වතය’ වගේම, ‘ අනෝතත්ත විල’ ත් පිහිටා තියෙන්නේ, අපේ සක්වළේ ද ?
ඔව්, අපේ අසල්වැසි ඉන්දියාව හෙවත් දඹදිව ඇති ගංගා, යමුනා, අචිරවතී, සරභූ සහ මහී යන පංච මහා ගංගාවන් ආරම්භ වෙන්නෙත් මේ විලෙනුයි. දඹදිව පිහිටි සප්ත මහා විල්වලින් එකක් වන ‘ අනවතත්ත විල’ චිත්‍රකූට, කාලකූට, ගන්ධමාදන හා සුදර්ශන යන මහා පර්වත සතරින් වට වෙලයි තියෙන්නේ.
ගව් ගණන් දිග පළල ඇති මේ අනවතත්ත විල් ජලය බුදු, පසේ බුදු, මහරහත් ආදි උතුමන් වගේම සෘද්ධිමත් දිව්‍ය, නාග ආදීන් ද පාරිභෝග කරනවා. එකළ සහ මෙකළ සෘද්ධිමත් යෝගාවචරයින්ට ගෝචර වූ තැනක් බොහෝවිට මනුෂ්‍යයන්ට විෂය වෙන්නේ නැහැ. එමගින් එහි පාරිශුද්ධතාවට හානි සිදුවිය හැකියි. Read More

මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද?
ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා.
ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට ,ආකාසනාඤ්චායතනය ආදී අරූපාවචර ලෝක (සිත මිස ඇති කය නැති බඹ ලොව) හතරක් පිළිබඳවත් විස්තර වෙනවා. Read More

මහ නායක හාමුදුරුවනේ, වෙනත් ලෝකවල ජීවීන්ගේ, පහළ වීම කොහොමද සිදු වෙන්නෙ ?
ඒ, ඒ ජීව ලෝකවල පවතින ස්වභාවයන්ට අනුගතවයි, ජීවීන්ගේ පහළ වීම සිදුවෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ වුණත් එකම විධියට ජීවීන් හට ගන්නේ නැහැනේ. වරක් අපේ බුදු හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට ජීවීන් උපදින සතර යෝනී පිළිබඳව විස්තර කර තිබෙනවා.
එනම්, බිත්තර (අණ්ඩජ යෝනි) වලින් උපදින ජීවීන්, වැදෑමහ (ජලාබුජ යෝනි) මව්කුස ඇසුරෙන් උපදින සත්වයින්, අපද්‍රව්‍ය – තෙතමනය (සංසෙදජ යෝනි) ආශි‍්‍රතව උපදින ජීවීන් සහ අඟ පසඟ සහිතව (වැඩී) පහළ වන සත්වයින් වශයෙනුයි. කළල රූපයක් ක්‍රමිකව වැඩීමකින් තොරව ඕපපාතිකව පහළ වන ජීවී කොටස් ද මෙලෙස විවිධ ලෝකවල වෙසෙනවා. Read More

මහානායක හාමුදුරුවනේ ,ආලෝකයේ වේගය ඉක්මවා යන නව අංශු විශේෂ වගේම ආධ්‍යාත්මික ශක්ති විශේෂයනුත් සක්වළ පවතින්නට බැරිද?
මිනිස් සිතිවිලි හෙවත් චිත්ත තරංග ගමන් කරන වේගය ඉතාම වේගවත්. මේ බව නූතන විද්‍යාත්මක පර්යේෂණවලිනුත් අනාවරණය වූ සත්‍යයක්. ඒ නැතත්, ඔබට ඇසිපිය හෙළන නිමේෂයකටත් කලින් ඔබ ආගිය ලොව ඕනෑම ස්ථානයකට සිතිවිලි හරහා යාමට අවකාශය තිබෙනවා. මෙලෙස මනෝකායෙන් කෙරෙන සංචාර හා ටෙලිපති (Telepathy) ක්‍රියාවලිය හරහා සිදුවන චිත්ත තරංග ආලෝකයේ වේගය පැහැදිලිව අභිබවා යනවා. Read More

පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා. Read More

මහනායක හාමුදුරුවනේ, ටෙලිපති ක්‍රියාවලියට අනුව, අපි මියගිය අය සිහිකර පින් දුන්නාම ඒවා ඔවුන්ට ලැබෙනවාද?
නිවන් දැකපු, පිරිනිවන්පාපු උතුමන් හැර සෙසු මිය ගිය සියලු දෙනාම මේ විශ්වයේ කොහේ හෝ කුමන ස්වරුපයකින් හෝ සිටිය යුතුයි. එසේ චුත නොවී සසර සැරිසරන අය අරමුණුකොට ගෙන පුණ්‍යානුමෝදනා එක් කිරීමෙන් ඇතිවන චිත්ත (චේතනා) තරංග ශක්තියෙන් ඒවා ඔවුන් කරා ගමන් කරනවා.
දැන් රූපවාහිනී සම්පේ්රෂණාගාරයකින් අවකාශයට එක් කළ තරංග, සැතපුම් දස දහස් ගණනාවක් දුර තියෙන රූපවාහිනි යන්ත්‍රවලට ඇසට පෙනෙන ද්‍රව්‍යමය (Wireless) සම්බන්ධයක් නොමැතිව ග්‍රහණය කරගනු ලබනවා. මෙවැනි අජීවි වස්තුවලට පවා අවකාශයට එක්කරන දුරස්ථ තරංග ග්‍රහණය වෙනවා. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා කරා වුවද භෞතික තරංග ද්‍රව්‍යමය සම්බන්ධයකින් තොරව ගමන් කරනවා. Read More