
ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කරයි …
මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි.
දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප්රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?
ඉංග්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ. වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි. Read More