
ජපන් නිකායික පූජකවරුන් ටික දෙනකු හැර අන් හැම දෙනා ම ආවාහ වන්නවුන් යැයි ද, ශ්‍රී ලංකාවේ ඇති කරන්නට යන ජපන් නිකාය ද කසාද බඳින ගණයට ඇතුළත් වන්නේ යැයි ද මේ බුද්ධ ශාසන විනාශය ගුවන් තොටින් ම අවසන් කරන්නැයි ද මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියෝ ආර්. ප්‍රේමදාස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිති.
මහා නායක හිමියෝ මෙසේ ද ලියා දනවති.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදය මෙසේ ය : “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (ඒ) වන අනුව්‍යවස්ථාවේ (ඊ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
මේ ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය” යන වගන්තිය අනුව මුල පටන් ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබී නැත. ලැබී තියෙන්නේ සමස්ථානය යි. ඉදිරියට වත් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටුවා එහි අමාත්‍ය ධුරය ද භාරගත් ජනාධිපතිතුමා ගෙන් වත් එය නො ලැබුණ හොත්…? Read More