Skip to main content
Category

මඩිහේ හිමියන් රචිත ලිපි … ( Madhihe himiyan rachitha lipi )

ජනගහනය පාලනයෙන් “මිනිසත්කමට” හානි කරන්න එපා.

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

ජනගහනය හා සංවර්ධනය යන මාතෘකාවෙන් ලෝකයෙහි රටවල් 67 ක මහා විශාරදයන් පැමිණ සතියෙක සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ බව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි.

ලෝක ජනගහනය වේගයෙන් වැඩි වෙයි. එහෙයින් ජනගහන පාලනයක් අවශ්‍ය ය. එසේ පාලනය නොකළොත් ආහාරාදී අත්‍යවශ්‍ය දෑ සැපයීම දුෂ්කර වේ යනු උගතුන්ගේ අදහස යි.

රටේ භූමි ප්‍රමාණය හා ආර්ථිකය අනුව ජනගහනය සිදුවිය යුතු ය. ප්‍රමාණය ඉක්මවා යන විට පාලනය කළ යුතු ය. එයට උගත් ජනතාව විරුද්ධ නෙ‍ාවනු ඇත. එසේ ම විරුද්ධ නො විය යුතු ය. එහෙත් ඒ ජනගහන පාලනය කළ යුත්තේ මනුෂ්‍යත්වයට හෙවත් මිනිස්කමට හානියක් නෙ‍ාවන පරිදි ය.

පෙරදිගත් අපරදිගත් පඬිවරු මිනිසා විවිධාකාරයෙන් විග්‍රහ කොට ඇත. එයින් මුල් තැන දිය යුත්තේ ‘දියුණු කළ මොළයක් ඇත්තේ මිනිසා’ යන්නට ය. එහෙත් බෞද්ධ පඬිවරු ‘දියුණුවන මනසක් ඇත්තේ මිනිසා යැ’යි විග්‍රහ කළහ. හැම සත්ත්වයකුට ම මනසක් ඇත. එහෙත් මිනිසා හැර අන් සත්ත්වයන්ගේ මනස දියුණු කිරීමක් නැත.

තිරිසනාට මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු උපන්දාත් තිරිසනා ම යි. මැරෙනදාත් තිරිසනා ම යි. දෙවියනට දියුණු කළ මනසක් ඇත. එහෙත් ඒ දියුණු කළ මනස රැකගෙන ඉන්නවා විනා දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු ද උපන්දාත් දෙවියා ම යි. මැරෙනදාත් දෙවියා ම යි. බ්‍රහ්මයනට වඩා දියුණු කළ මනසක් ඇත. එහෙත් ඒ වඩා දියුණු කළ මනස රැකගෙන ඉන්නවා විනා දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු ද උපන්දාත් බ්‍රහ්මයා ම යි. මැරෙනදාත් බ්‍රහ්මයාම යි. Read More

සක් දෙවිඳුනි, යළිත් වඩින්න.

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 

ලෝකයෙහි පුරාණ තොරතුරු දැන ගන්නට ජාතක පොත හැර අන් පොතක් නැත යනු බටහිර උගතුන්ගේ පිළිගැනීමයි. මේ ලිපියෙන් පැහැදිලි කැර දෙන්නේ ද කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිද්ධියෙකි. එනම් මහා කණ්හ ජාතකය යි.

කස්සප බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක උත්තමයෙකි. දීර්ඝායුෂ්ක බුදුවරු ගේ ශාසනය පිරිසිදු ව පවතින්නේ උන්වහන්සේලාගේ ජීවත්වන කාලයෙහි පමණයි. උන්වහන්සේගේ අවසාන කාලයෙහි ජනතාව තුළ බෙ‍‍ෟද්ධ ප්‍රතිපත්ති පිරිහෙන්නට විය.

භික්‍ෂු – භික්‍ෂුණීහු ශ්‍රමණ ප්‍රතිපත්තීන් ගෙන් පිරිහී යන්නට වූහ. මවුපිය ගුණ නැත්තෝ වූහ. ආවාහ විවාහයෙන් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් වූවෝ රටට වැඩ ඇති දරුවන් බිහි කිරීමට අසමත් වූහ. හැම දෙනා ම මිනිස්කම්වලින් පිරිහී ගියහ. පස්පව් දස අකුසල් කරන්නවුන් ගෙන් රට පිරී ගියහ.

මූලිකයන් පිරිහීමෙන් රට ම පිරිහෙන හැටි පෙන්නීමට බුදු රජාණන් වහන්සේ ඉතා හොඳ උපමාවක් දේශනා කොට ඇත. භාරතය ගොවි රටෙකි. එහෙයින් විශාල ගව රැළවල් සිටියා. ඒ ගව රැළවල් අතර පුංගවයන් හෙවත් වෘෂභ රාජයන් – ගොන් රජුන් – සිටියා. ඒ ගව රැළවල් බලා ගන්නා ගොපල්ලන් සිටියා. ඒ ගව රැළවල් මහා ගංගාවලින් එතෙර කරවන්නටත් සිදු වෙනවා. ඒ මහා ගංගාවල දිය සුළි තිබෙනවා. ඒ දිය සුළිවලට අසු වුණොත් ගවයන් ගසාගෙන යනවා. ගිලෙනවා. පුංගවයන් ඒ මාරක ස්ථාන දන්නවා. එහෙයින් ගඟක් එතෙර වන විට පුංගවයකු ඉදිරියට යොදයි. පුං ගවයා කෙළින් යන ප්‍රදේශයෙහි අන් ගවයන් ද කෙළින් යනවා. ඇදට යන ප්‍රදේශයෙහි ඇදට යනවා.

මේ උපමාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ මෙසේ මනුෂ්‍යයන් අතර ද ශ්‍රේෂ්ඨ යැයි සම්මත අය ඇදට යනවා නම් සාමාන්‍ය ජනතාව ද ඇද ව යනවා. කෙළින් යනවා නම් කෙළින් යනවා. ඉදින් රජතුමා අදැහැමි නම් මුළු රට ම දුක‍ට පත් වෙනවා. ඉදින් රජතුමා දැහැමි නම් මුළු රට ම සුවසේ වාසය කරනවා යැයි දේශනා කළහ.

කස්සප බුදුරජ‍ාණන් වහන්සේ ගේ කාලයෙහි කලින් සඳහන් කළ පරිදි රජුන් හා ප්‍රධානීන් අධර්මිෂ්ඨ වීම නිසා මුළු රට ම අධර්මිෂ්ඨ වී ඇත. එකලැ ක්‍රමයෙන් දිව්‍ය ලෝක හිස් වී අපායවල් පිරෙන්නට විය. මෙසේ වන්නේ කුමක් නිසා දැයි සොයා බැලූ ශක්‍ර දේවේන්‍ද්‍රයාට පෙනුණේ රජුන් ප්‍රධාන මනුෂ්‍යයන්ගේ අධර්මිෂ්ඨකම ය. මෙසේ අධර්මිෂ්ඨයන් තව තවත් වැඩි වුණොත් දිව්‍ය ලෝකයන් හිස් වී අපායවල් පිරී ඉතිරී යනු ඇතැ යි සක්දෙව් රජ සිතී ය.

අපේ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි මනුෂ්‍ය ලෝකය මහද්වීප සතරෙකින් යුක්ත ය. එයින් ප්‍රධාන ස්ථානය ගත්තේ ජම්බුද්වීපය යි. එයිනුත් ප්‍රධාන වූයේ මෙකලැ භාරතය නමින් ප්‍රසිද්ධ භූමිය යි. මේ මහා විනාශය දුටු ශක්‍රදේවේන්‍ද්‍රයා උපායක් යොදා ගත්තා. එනම් ශක්‍ර දේවේන්‍ද්‍රයා වැදි වේශයක් මවාගෙන මාතලී දිව්‍ය පුත්‍රයා අශ්ව නාම්බකු තරමේ බලු වේශයක් ගන්වා ගෙන හය පළකින් බැඳගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණීම යි. දෙව්රජ එසේ කළා.

එකලැ එරට අගනුවර සමීපයෙහි දී බල්ලා වරක් බිරුවා. මුළු රට ම හෙල්ලී ගියා. ජනතාව මරණ බියෙන් පෙළීගියා. රජතුමා ද මරණ බියෙන් බිරාන්ත වුණා. ඒ ශබ්දය කුමක් දැයි විමසා බැලුවා. පැමිණ සිට වැද්දා හා බල්ලා ගැන කීවා. රජතුමා බිය වී මහ දොරටු වහන්න කීවා.

වැද්දා හා බල්ලා කොටු තාප්පයට උඩින් පැන්නා. මහ හඬින් බුරාගෙන රජ ගෙදරට ම ගියා. බියෙන් වෙවුල වෙවුලා රජතුමා ධෛර්යය උපදවාගෙන බල්ලා මහ හඬින් බුරන්නේ මන්දැයි ඇසුවා. බඩගිනි නිසා යැයි වැද්දා කීවා. රජතුමා බියපත් වී බල්ලාට කන්න දුන්නා. දෙන සියල්ල එක වරට කා නැවතත් බුරනවා. ඒ වෙලාවට දෙන්න පිළිවන් කෑම සියල්ල ම දුන්නා. ඒ සියල්ල ම එක වරට ම කා නැවතත් බුරනවා. එවිට රජතුමා මේ තරම් කන්න දීලත් බල්ලා බුරන්නේ මන් දැයි වැද්දාගෙන් ඇසුවා.

“මහරජ, මේ රට පස් පව්, දස අකුසල් කරන්නවුන්ගෙන් පිරිලා. ඔවුන් සියල්ල ම මේ බල්ලා ලවා කවා මරවන්නැයි මා ආවේ’යි කීවා. රජතුමා මහත් බියට පත්වුණා. මේ කියන කාරණා අනුව මේ බල්ලා පළමු ව පනින්නේ මගේ ඇඟටයි කියා රජතුමා හිතන්නට ඇති. බියෙන් වෙව්ලී ගිය රජතුමාත් ජනතාවත් මින් ඉදිරියට පස් පව් හා දස අකුසල් අත්හැර පන්සිල් රකිමින් දස කුසල් රකිනවා යයි පොරොන්දු වුණා. ශක්‍ර දේවේන්‍ද්‍රයා රජතුමාත් ජනතාවත් ස්ථිර පොරොන්දුවක පිහිටුවා අතුරුදහන් වුණා.

මෙකල අපේ රට ද පස් පව් දසඅකුසල්වලින් පිරිලා ඇත. කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිහාගේ හා ශාසනයේ පරිහානිය දැක පැමිණි ශක්‍ර දේවේන්‍ද්‍රයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නොපැමිණෙන්නේ මන්දැයි ඇසිය යුතු කාලය පැමිණ ඇත. තවද ශාසන ඉතිහාසය අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ලංකා බුද්ධ ශාසනයත් එය රකින සිංහල බෙ‍ෟද්ධයනුත් ආරක්‍ෂා කැර ගන්නැයි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ප්‍රකාශ ‍කොට ඇත. ශක්‍ර දේවේන්‍ද්‍රයා එය බාරගත් බව ද ඉතිහාසය කියයි.

එය එසේ නම් සිංහල බෞද්ධයන් ශක්‍ර දේවේන්‍ද්‍රයාට කරුණු කිව යුතු අවස්ථාව පැමිණ ඇත. එය මෙසේ ය: ශක්‍ර දේවේන්‍ද්‍රයෙනි, බුදුරජාණන් වහන්සේ සිංහල රට හා සිංහල බෞද්ධයන් ආරක්‍ෂා කිරීම ඔබතුමාට බාර දුන්නා නොවේ ද? ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔබට පෙනෙන්නේ නැද්ද? ඔබතුමා වැදි වේශයක් ගෙන මාතලී දෙවි පුතුට බලු වෙස් ගන්වාගෙන අවුත් බරණැස් නුවර කසීරට රජතුමා ප්‍රධාන ජනතාව බිය ගන්වා නොමඟින් මුදා සුමඟට ගත්තාක් මෙන් සිරිලක් වැසියන් ද දුමඟින් මුදා සුමඟට ගත යුතු කාලය පැමිණ ඇත.

ශක්‍ර දේවේන්‍ද්‍රයාට මේ පණිවිඩය දෙන්නේ කෙසේ ද? සත්‍යක්‍රියා මාර්ගය හැර අන් මඟක් නැත. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් පිරිදි ශක්‍ර දේවේන්‍ද්‍රයා පුණු පොහෝදා මනුෂ්‍ය ලෝකය දෙස බලනවාලු. එහෙයින් අද පුණු පොහෝ දා සවස 3.30 සිට 5.00 දක්වා හැම විහාරස්ථානයක ම අධිපතීන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලාත් සිල් සමාදන් ව සිටින උපාසක උපාසිකාවනුත් දායක දායිකාවනුත් බෝධීන් වහන්සේ සමීපයෙහි රැස් වී මල් පහන් සුවඳ ගිලන්පසින් බුදුන් පුදා පිරිත් කියා භාවනා කොට ශක්‍ර දේවේන්‍ද්‍රයා සිහි කොට සත්‍යක්‍රියා කළ යුතු වේ.

දවස 1988.11.23

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

උතුරේ සාමය රකින්න මෙතරම් වැය කරන්නේ ඇයි ?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

“උතුරේ පවතින ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපවත්වා සාමය රැකීම පිණිස රජය දිනකට රු. දස ලක්‍ෂයක් පමණ වැය කරනවා. උතුරේ සාමය උතුරේ ජනතාව විසින් ම රැකගෙන සිටිනවා නම් ඒ වෙනුවෙන් වැය කරන කෝටි ගණනක් මුදල රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න පුළුවනි.”

ස්වදේශාරක්‍ෂක සේවා පුහුණු පාඨමාලාව ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාසයේ ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන් ආරම්භ කළ අවස්ථාවෙහිදී පැවැති උත්සව සභාව ඇමැතූ රාජ්‍ය අ‍ාරක්‍ෂක නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ මර්වින් කුලරත්න මහතා ඉහත අදහස් පළ කළේ ය.

ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු නිකම් ආවාට ගියාට කතා කරන්නේ නෑ නොවැ? නියෝජ්‍ය ඇමැතිතුමා ගේ දිනකට දස ලක්‍ෂයේ ගණන අනුව ගණන වැඩි කළ විට මසකට රු. කෝටි තුනයි. අවුරුද්දකට කෝටි තිස් හයයි. ගත වූ අවුරුදු පහට කෝටි එකසිය අසූවයි. උතුරට ඇමැතිවරුන් ගිය දිනයන්හි, විශේෂයෙන් ශ්‍රීමත් ජනාධිපතිතුමා ගිය දිනයන්හි ආරක්‍ෂක විධි විධාන සඳහා කොපමණ වියදම් වන්නට ඇද්ද? අතිරේක වියදම් දිනකට දස ලක්‍ෂය ගණනේ තැබුවොත් තවත් රු. කෝටියක් පමණ විය හැකි ය.

Read More

The Bhikkhuni Order: Can it be Re-established ?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

At present there is a clamour for the re-stabilisation of the Bhikkhuni Order. As a preamble, some facts related to its establishment, later expansion and final extinction are given.

This is for the careful consideration of the Maha Sangha and the Buddhist laity, who have equal responsibilities as regard the preservation of the Buddha Sasana.

When during the time of the Buddha, Mahapajapati Gotami pleaded with Him to enter the Sasana, He put her off with these words: “Do not be interested O, Gothami about the entry of woman into my Order.” (Cullavagga). This request was turned down for the second and third time.

Sometime latter, along with 500 Sakayan princesses, Pajapati Gotami having had her hair cut off, having donned saffron robs set out for Vesali, and in due course approached the Buddha and repeated her request. The Buddha turned down the request once again. Subsequently, the Ven. Ananda pealed with the Buddha for the ordination of females, giving various reasons.

The Buddha elucidated the harm that may befall the Sasana on these words: Read More

බුද්‍ධ ධර්‍මයෙන් වූ ලෝක ශාන්තිය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදු රජාණන් වහන්සේ නිසා ලෝකයට සිදු වූ ශාන්තිය අපමණ ය. සියල්ල කියත් ලිපිය දික්වන බැවින් ඉන් කිහිපයක් ඉතා සැකෙවින් ලියනු ලැබේ.

නිදහස

අද මුළු ලොව ම එක සේ පැතිරී පවත්නා අරුම පුදුම වරප්‍රසාදයක් නම් නිදහස යි. නිදහස යනු කුමක් දැයි නිසි ලෙස නොදන්නා ඉතා පිටිසර වැසියා පවා නිදහස ගැන කථා කරයි. මේ නිදහස පිළිබඳ අදහස් ලැබුනේ කොහෙන් ද? සර්‍ව ලෝකෝත්තම අපේ බුදුරජාණන් වහන්සේ ගෙන් ය. එ මෙන් උන් වහන්සේ ලබා දුන්නේ අද බොහෝ දෙනා බලාපොරොත්තු වන නිදහස නෙ‍ා වේ.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මනුෂ්‍යයනට මෙ බඳු නිදහසක් නොතුබුණේ ය. නිදහසේ සිතන්නට වත් ඉඩක් නො වී ය. විශේෂයෙන් ආගමික නීති රීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳගෙන තුබුණේ ය. ලෝකය බොහෝ දියුණු යැ යි සිතන මේ විසි වන ශත වර්‍ෂයේ පවා ඇතැම් ආගම්වල නිදහසේ කථා කරන්නට, දැනගන්නා අදහසින් වත් ආගමයේ සමහර කොටස් පිළිබඳ ප්‍රශ්න කරන්නට, අන්‍ය ආගමික පොතක් බලන්නට අවසර නැත. බුදුරජාණන් වහන්සේ තම සවුවනට ඒ බැමිවලින් මිදී නිදහසේ හිතන්නට ඉඩ දුන් හ. බුද්ධ ධර්‍මයේ රහස් නැති හෙයින් ඕනෑ ම තැනෙකින් ප්‍රශ්න කරන්නට ඉඩ දුන් හ. එ හෙයින් මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩි දියුණු විය. එහෙත් මෙ කල බොහෝ දෙනා බලාපොරොත්තු වන බාං ළිහා හළ ගොනුන් මෙන් නිදහසේ හැසිරෙන, කතා සහ ක්‍රියා කරන නිදහසක් ප්‍රකාශ නො කළ හ. උන් වහන්සේ ප්‍රකාශ කළේ සුදුස්සාට සුදුසු තැන දිය යුතු නිදහස ය. යමකු එය වරදවා පාවිච්චි කරනුවා නම් එය ඔහු ගේ වරද මිස දුන්නහු ගේ වරද නො වේ. නිසි පමණට යෙදීමෙන් මැරෙන්න යන්නවුන් සුවපත් කළ හැකි තරම් අගනා බෙහෙත් නුසුදුසු ලෙස පමණට වඩා යෙදීමෙන් සුවයෙන් සිටින්නවුන් මරන්නට තරම් පොහොසත් වේ. එ සේ වුවොත් එය යෙදූවහු ගේ වරද මිස සොයා දුන්නහු ගේ වරද නො වේ. මෙසේ සුදුස්සාට සුදුසු තැන සුදුසු පරිදි දිය යුතු නිදහස ලොවට පළමු වරට ප්‍රකාශ කළේ මා ගේ බුදුපියාණන් වහන්සේ ම ය.

Read More

ආනාපානසතිය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

භාවනා නම් කවරේ ද?

“භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ.

භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් එහෙ මෙහෙ විසිර යෑම සිතේ සාමාන්‍ය ස්වභාවය යි. එහෙයින් ඉෂ්ටාරම්මණයෙහි ඇලීමත් අනිෂ්ටාරම්මණයෙහි ගැටීමත් ඇති වෙයි. එයින් අකුසල චෙතනා පහළ වෙයි. එසේ එහෙ මෙහෙ විසිර යා නො දී යහපත් අරමුණෙක්හි මැ නැවැත නැවැත ඉපැදැවීම් වශයෙන් බැඳැ තැබීමෙන් සිත ස්ථිර වෙයි. එයින් කුශල චෙතනා බහුල වෙයි. සුළු සුළු කරුණුවල දී ඇලීම් ගැටීම් අඩුවෙයි. එයින් අකුශල චෙතනා ද අඩුවෙයි. තේරුම් ගැනීමේ පහසුව සඳහා ගල්ඔය මහවැවේ වේල්ල ගැන සිතා බලන්න.

ඒ වේල්ල තනා ඇත්තේ වැලිවලිනි, සාමාන්‍යයෙන් වැලි විසිරී තිබෙන විට සුළු වතුර පාරකට ද සේදී යයි. එසේ වූ වැලි රියන අඟලට බසින සේ එහි එහි මැ තද කැරැ ස්ථිර කිරීම නිසා මහවතුර පාරකට ද ගසා ගෙනැ නො යයි. එසේ මැ ඉතා සුළු ඉෂ්ටානිෂ්ට අරමුණෙකැ දී පවා විසිරැ යන සිත මෙසේ එක් මැ අරමුණෙක්හි නැවැත නැවැත ඉපැදීම් වශයෙන් ස්ථිර කැරැ ගත් විට අතිශයින් ඉෂ්ටානිෂ්ට ආරම්මණ යෙකැ දී හෝ විසිරැ යා නොදී රැකැ ගත හැකි වෙයි. එයින් කුශල චේතනා බහුල වෙයි. අකුශල චෙතනා අඩු වෙයි. භාවනාවෙන් කුශලධර්‍ම වැඩේ යැයි කීවේ එහෙයිනි. Read More

මවුපියෝ …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

තම දරුවන් අයහපතින් මුදා යහපතෙහි යොදා ආරක්‍ෂා කොට ප්‍රේමයෙන් හදා වඩන්නෝ මවුපියෝ නම් වෙති.

“බ්‍රහ්මාති මාතාපිතරෝ – පුබ්බාචරියාති වුච්චරෙ
අහුනෙය්‍යා ච පුත්තානං – පජාය අනුකම්පකා”

– අංගුත්තර, තික නිපාත

මවුපියෝ බ්‍රහ්මයෝ ය, ශ්‍රෙෂ්ඨයෝ ය, මුල් ගුරුවරයෝ ය, දරුවන් විසින් ගෞරවයෙන් පිදිය යුත්තෝ ය, දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ය යි කියනු ලැබෙති.

බ්‍රහ්මයා සියලු සත්ත්වයන් කෙරෙහි මෙත්තා – කරුණා – මුදිතා – උපේක්‍ෂා යන උතුම් පැවැතුම් සතරෙන් යුතු ව වාසය කරයි. මවුපියෝ ද මේ සතර ගුණයෙන් යුක්ත හෙයින් බ්‍රහ්මයෝ – ශ්‍රෙෂ්ඨයෝ වෙති.

මවු කුස වන් ප්‍රත්‍රයා නිදුක් ව නිරෝග ව කවදා දකිමු දෝ යි නිතර ම මෙත් සිත පතුරුවති. දරුවනට ස්වල්ප වූ ද දුකක් කරදරයක් ඇති වූ විට මවුපියන් ගේ ළය කම්පා වෙයි. ඒ දුකින් මුදවන කරුණා සිත පහළ වෙයි. මවුපියෝ වුව ද අන්‍යයන් ගේ දියුණුව කැමැත්තෝ ම නො වෙති. ඊර්ෂ්‍යා නොකරන්නෝ ද නො වෙති. එහෙත් තම දරුවන් ගේ දියුණුවෙහි නම් ඊර්ෂ්‍යා නො කෙරෙති. තව තවත් දියුණු වේවා යි මුළු සිතින් ම බලති, පතති. එහෙයින් මවුපියන් තුළ දරුවන් කෙරෙහි මුදිතා ගුණය ද නොඅඩුව ම වෙයි. මවුපියෝ තම දරුවන් ආවාහ විවාහ ආදියෙන් බැහැර ව ගිය ද මුළුමනින් ම ඔවුන් අත් නො හැර උපේක්‍ෂක ව මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලති. මෙකී ගුණ සතර නිසා – ශේෂ්ඨ පැවැතුම් සතර නිසා මවුපියෝ බ්‍රහ්ම නමුදු වෙති. Read More

බුදු රදුන් ගිහි විනයේ දී වදාළ මවුපිය යුතුකම් …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

යුතුකම් යනු කරන්නට බැදුණු ක්‍රියා යි, නො කර ම බැරි ක්‍රියා යි. මවුපියන් විසින් දරුවන් කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් මහා රාශියක් වුවත් ඒ සියල්ල මෙහි දී විස්තර කරන්නට නො ගොස් බුදුරජාණන් වහන්සේ ගිහි විනයේ දී වදාළ යුතුකම් පහ පමණක් සඳහන් කරනු ලැබේ.

පාපා නිවාරෙන්ති, කල්‍ය‍ාණෙ නිවෙසන්ති” යි වදාළ පරිදි දරුවන් පවින් – අයහපතින් මුදවා යහපතෙහි යෙදැවීම මවුපියන් ගේ මුල් ම යුතුකම වේ. දරුවකු මවු කුස පිළිසිඳගත් දා පටන් ම මේ කටයුත්තෙහි යෙදිය යුතු ය. මව ගේ ශරීරය – ආහාර අනුව දරුවා ගේ කය වැඩෙන්නාක් මෙන් මව ගේ අදහස් අනුව දරුවාගේ අදහස් වැඩේ. එහෙයින් දරුවා ගේ හොඳ වීම හෝ නරක් වීම හෝ පිළිබඳ ප්‍රධාන වගකිවයුත්තී මව ය. පියා ද මව ගේ ශරීර වර්ධනයට පොෂ්‍යාහාර සපයා දෙන්නාක් මෙන් හොඳ අදහසක් දියුණු වනු සඳහා මව ‍ෙග් හිත නරක් නොවන සේ නිතර ම ගුණ නුවණින් යුතු ව වාසය කළ යුතු ය.

ශ්‍රද්ධාවත් බෝධිරාජ කුමාර මාතාවෝ තම කුසෙහි දරුවකු පිළිසිඳ ගත් බව දත් කෙණෙහි බුදුරජ‍ාණන් වහන්සේ වෙතට ගොස් වැඳ යො මෙ අයං භන්තෙ කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා සො භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච භික්ඛු සංඝං ච” යන ආදීන්, ස්වාමීනි, මාගේ කුසෙහි කුමරෙක් හෝ වේවා කුමරියක් හෝ වේවා ඔහු බුදුන් දහම් සඟුන් සරණ යයි කියා කුස හොත් කල ම දරුවා තෙරුවන් සරණ ගත කළ හ. එයින් තෙරුවන් බෙලෙන් දරුවා ආරක්‍ෂා වෙනුවා පමණක් නො ව අනාගතයෙහි උදාර පුරුෂයකු වීමට ද ආධාර වන්නේ ය. Read More

බුදු රදුන් කුල කාන්තාවනට දුන් අවවාද …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුද්ධ ධර්මයෙහි විශේෂයෙන් කුල දූන් හට දෙන ලද අවවාද රාශියෙකි. පුරුෂ පක්‍ෂයට වඩා විශේෂ අවවාද රාශියක් ස්ත්‍රී පක්‍ෂය සඳහා ප්‍රකාශ කළේ යම්කිසි රටෙක යහපත් සමාජයක් ඇති කිරීමට නම් මවුවරුන් සිල්වත් ගුණවත් විය යුතු බැවිනි‍.

ස්වාමිපුරුෂයාගේ ප්‍රධානත්වය පවත්නේ ධන සම්පත් ආදී බාහිර කටයුතු සම්පාදනයෙහි ය. ගේ දොර පාලනයත් දූ දරුවන් නිසි ලෙස තැනීමත් අයිති භාර්ය්‍යාවට ය. යම් ගෙදරක භාර්ය්‍යාව සිල්වත්, ගුණවත්, නැණවත් නම් ඒ ගෙදර හැදෙන වැඩෙන දූ දරු පිරිස එ බඳු ම වීම නිරායාසයෙන් ම සිදු වෙයි.

යහපත් භාර්ය්‍යාවනට අවනත නොවන ස්ව‍ාමිපුරුෂයෙක් නැතැ යි කිව යුතු ය. ඉතා නරක ගති පැවැතුම් ඇති පුරුෂයන් පවා යහපත් භාර්ය්‍යාවන් නිසා සුමඟට බැසැගත් අයුරු ප්‍රකාශ වන පුවත් අප රටේ ද දුබල නැත. එසේ ම සමහර ස්වාමිපුරුෂයන් ගේ නොමනා හැසිරීම්වලටත් දරුණුකම් හා අපරාධවලටත් භාර්ය්‍යාවන් ගේ දුර්වල කම් මුල් වන බව හොඳින් විමසා බලන විට මැනැවින් වැටැහෙයි.

භාර්ය්‍යාවනට දේශනා කළ ධර්‍ම කොට්ඨාශයන් සියල්ල සඳහන් කිරීමෙන් ලිපිය දික්වන නිසා මෙහි විවාහයට සූදානම් වන කුලකුමරියන් හට දෙන ලද අවවාද පමණක් සඳහන් කරනු ලැබේ. Read More

චාම් ජීවිතය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ද උපදේශයෙන් ද ලෝකයාට චාම් ජීවිතය ඉගැන්වූ උත්තමයෙකි. චාම් ජීවිතය බෞද්ධයාට උරුම වූ දෙයකි. ගේ දොර යාන වාහන ඇඳුම් පැළැඳුම් ආදියෙන් විචිත්‍ර වූ ජීවිතය ඇස් කන් නාසාදි ඉන්ද්‍රියයන් පොළඹවන්නෙකි. මේ ජීවිතයේ පරමාර්ථය ඉන්ද්‍රියයන් පිනවීම යැ යි සලකන්නවුන් හට නම් විචිත්‍ර ජීවිතය තරම් උසස් දෙයක් නො විය යුතු ය. බෞද්ධයාට ඊට වඩා උසස් පරමාර්ථයක් ඇත්තේ ය. එය ලැබිය හැක්කේ ඉන්ද්‍රියයන් පෙළඹවීමෙන් නො ව සංවරයෙන් හා චිත්ත දමනයෙනි.

තිරිසනාට ඉන්ද්‍රියයන් පිනවීමට වඩා ජීවිතයේ පරමාර්ථයක් නැත්තේ ය. දෙවියන් තුළ ද බහුල ව ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවීමේ පරමාර්ථය බව කිව හැකි ය. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ මිනිසා තිරිසන් තත්ත්වයෙනුදු මුදා දේවත්වයට ද වඩා උසස් ව ගෙන යන මඟ කියා දීම ය. ඒ කාරිය සිදු කළ හැක්කේ බාහිර අලංකාරයෙන් නො ව අභ්‍යන්තර දියුණුවෙනි.

ගිහි බෞද්ධයාට විචිත්‍ර ජීවිතය සම්පූර්ණයෙන් තහනම් නැත. එ සේ ම තමා ගේ උසස් පරමාර්ථය සිදු කැරගැනීමට චාම් ජීවිතය මෙන් උපකාර ද නැත. ඒ නිසා බෞද්ධයන් විසින් චාම් ජීවිතයක් ඇති කැර ගැනීම සඳහා “අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා,” යන ගුණත්‍රය ද ඇති කැරගත යුතු ය.

අප්පිච්ඡතා නම්, ඇස් කන් නාසා ආදි ඉන්ද්‍රියයන් පිනවන නොයෙක් විදියේ රස විදීමේ ආශා බහුල නොවන බව යි, හෙවත් තමා ‍ෙග් ප්‍රමාණය ඉක්මවා නොයන ස්වල්ප වූ බලාපොරොත්තු ඇති බව යි. ඉතාලියේ සුප්‍රසිද්ධ චින්තකයකු වූ ද, කලාකාරයකු වූ ද ලෙනා‍ෙඩා ද වින්චි මහත්මා කීවේ, ‘මා දුප්පතකු ලෙස නොසලකන්න. දුප්පතා නම් බොහෝ දේවල් ප්‍රාර්ථනා කරන්න‍ා’ යනු යි. ඒ නිසා අල්පේච්ඡතාවට ලඡ්ඡා නො විය යුතු යි. Read More

error: Content is protected by www.ifbcnet.org.