
දුම්බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම ඈතඅතීතයේ පටන් තිබිණ. එයින් දුම්බීම හා මත්ද්‍රව්‍ය ගැනීම තිබුණේ බෙහෙතක් වශයෙනි. වෛද්‍යවරු යම් යම් ආබාධවලට දුම්වැටි ඉරීම නියම කළහ. එය බොහෝ විට ම කළේ දුම්වැටිය පිටින් තබා ගෙන කටින් හෝ නහයෙන් ඉරීම යි. කටේ තබා ඉරීම ද නො තිබුණා නොවේ. වෛද්‍යවරු අබිං, කංසා, ගංජා මත්ද්‍රව්‍යවල විෂ මරා එය බෙහෙත් සමඟ මිශ්‍රණය කිරීම ඉතා සුළු වශයෙන් එදාත් තිබුණා. අදත් තියෙනවා.
පුරාණයෙහි ද මත්පැන් පානය ආගමික වශයෙනුත්, සාමාජික වශයෙනුත් තිබුණා. බුදුරජාණන් වහන්සේ කවර ආකාරයෙකැ මත් පැන් පානයක් වත් පිළිගත්තේ නැත. එහෙයින් ගිහි සමාජයේ නිත්‍ය ශීලය වන පන්සිල්හි මත්පැන් බීමෙන් වැළකීම ඇතුළත් කළහ. එකල ද විවිධ මද්‍යපාන තුබුණත් වෙන් වශයෙන් නම් නො කියා එදා තිබුණු ප්‍රධාන මද්‍යපාන වර්ග දෙකක නම් ඇතුළත් කොට ‘සුරා මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන සික පදය ප්‍රකාශ කළහ.
මත් වීමටත්, ප්‍රමාදයටත් හෙවත් සිහි සැලකිලි නැති බවටත් හේතුවන මත් පැන් බීමෙන් වැළකෙන සික පදය සමාදන් වෙමි යන සිකපදය සමාදන් වැ රැකීමෙන් බුද්ධ ධර්මය පැතුරුණු හැම රටෙක ම මත්පැන් බීම ක්‍රමයෙන් නැති වී ගියා. කෙනෙකු හදිසියෙන් මත්පැන් ටිකක් බීවත් අන් අය දැන ගන්නවාට කැමති වුණේ ම නැත. බෞද්ධයන් මත් පැන් පිළිකුල් කළ බව විදේශීය උගතුන් ද ලියා ඇත. පුරාණයෙහි බෙහෙතකට විනා නිකම් දුම්වැටි ඉරීම හෝ මත් ද්‍රව්‍ය ගැනීම තුබුණේ නැතැයි කීම තරමට අඩුව පැවති බව කිව හැකිය. Read More