Skip to main content
Category

මඩිහේ හිමියන් රචිත ලිපි … ( Madhihe himiyan rachitha lipi )

ධර්මචක්‍රය ද? නැවේ සුක්කානම ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මහජනතාව විසින් ජාතික රාජ්‍ය සභාවේ නියෝජිතයකු හැටියට පත් කැරැගන්නා ලද ජේ. ආර්. ජයවරධන මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට හා එයින් ජනාධිපති ධුරයට ද පත් වීම ගැනත් ජනාධිපති ධජයෙහි ධර්‍මචක්‍රය යෙදැවීම ගැනත් සතුට ප්‍රකාශ කරන අතර අභිනව ජනාධිපතිතුමාට තෙ රුවන් සරණින් දිගාසිරි වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි.

ඒ සේ ම රටෙහි සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න රාශියක් විසඳන්නට තිබෙන කාලයෙකැ ධර්මචක්‍රය නිසා අතිරේක ප්‍රශ්නයක් මතු කිරීම කරදරයක් ලෙස නොසිතන මෙන් කරුණාවෙන් දන්වමි. ජනාධිපතිතුමා තිබෙන පනත් සංශෝධනය කෙරෙමින් අලුත් පනත් සම්මත කෙරෙමින් පසු ගිය කාලවල සිදු වූ වැරැදි නිවැරැදි කැරැගනිමින් ඉදිරියට යන බව ප්‍රකාශ කරන දේශපාලනඥයෙකි.

එ හෙයින් ජනාපධිපති ධජයෙහි යොදෙන ධර්මචක්‍රයෙහි දැති හෙවත් ගරාදි පිටට පැන තිබීම වැරදි බව පුවත්පත් මඟින් පෙන්වා දුන් අවස්ථා වෙහි ජනාධිපතිතුමා ක්‍ෂණික වැ ක්‍රියා කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කළ බවත් ඒ මහ උගතුන් එය වැරදි නැතැ යි ප්‍රකාශ කළ බවත් පුවත්පත්හි සඳහන් විය.

චක්‍රය නම් රෝදය යි. හය හතර දන්නා ළමයා පටන් මහල්ලා දක්වා හැම දෙනා ම රෝදය දැකැ හඳුනන බ කිව මනා නො වේ. තෙවළා පෙළ අටුවාවන්හි ‘චක්ක’ (චක්‍ර) ශබ්දය නොයෙක් නැත සඳහන් වෙතත් චක්‍ර හතරක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වැ ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රාදිය අනු වැ නිර්මාණය කරන ලද රත්නචක්‍ර හෙවත් චක්‍රරත්න යැ, ලක්ඛණ සූත්‍රය අනුවැ නිර්මාණය කරන ලක්‍ෂණචක්‍රය හෙවත් චක්‍රලක්‍ෂණ යැ, ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනුවැ නිර්මාණය කරන ලද ධර්මචක්‍ර යැ, පටිච්චසමුප්පාදය අනුවැ නිර්මාණය කරන ලද සංසාරචක්‍ර යැ යන චක්‍ර සතර ය. මෙයින් ධර්මචක්‍රය කුමක් දැ යි පළමු වැ පැහැදිළි කෙරෙමි. Read More

රට හදන්න නම් මිනිහා හදන්න …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

‘මිනිහා නො හදා රට හදන්න බැහැ’ යන බොදු පිළිවෙත වර්තමාන උගත් ලෝකය ම පිළිගන්නා තත්ත්වයට පැමිණ ඇත. පෙරදිග පඬිවරු මනුෂ්‍ය ශබ්දය විවිධාකාරයෙන් විග්‍රහ කල හ. ඒ අතර බෞද්ධ පඬිවරු “මනස්ස උස්සන්නතාය මනුස්සො – දියුණු වන මනසක් ඇත්තේ මනිසා යැ” යි විග්‍රහ කළ හ.

තිරිසනාටත් මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එ හෙයින් තිරිසනා උපන් දාත් තිරිසනා ම යි, මැරෙන දාත් තිරිසනා ම යි. දෙවියන්ට මිනිස් වැ සිටිය දී දියුණු කැරගත් මනසක් ඇත. දෙවියන් ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණු කිරීමක් නැත. එ හෙයින් දෙවියා උපන් දාත් දෙවියා ම යි, මැරෙන දාත් දෙවියා ම යි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හැර ඉතිරි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් හට ද මිනිස් වැ සිටිය දී වැඩි දියුණු කැරගත් මනසක් ඇත. බ්‍රහ්මයන්ද ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණුවක් නැත. එ මෙයින් බ්‍රහ්මයා ද උපන් දාත් බ්‍රහ්මයා ම යි, මැරෙන දාත් බ්‍රහ්මයා ම යි.

නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරයි. එ හෙයින් බොහෝ කරුණුවලින් තිරිසනකුට සමාන වැ උපන් මිනිස් මනස දියුණු කොට අතිශ්‍රෙෂ්ඨත්වයට පත් වෙයි. මනස දියුණු කොට දේවත්වයට යන්නේ ද මිනිසා ම ය. බ්‍රහ්මත්වයට යන්නේ ද මිනිසා ම ය. මනස දියුණු කිරීමෙන් දෙවියනට හා බ්‍රහ්මයනට ද නො ලැබිය හැකි බුද්ධත්වය ලබන්නේ ද මිනිසාම ය. බුද්ධත්වයලැබිය හැක්කේ මිනිසාට පමණක් ය යි දේශනා කෙළේ එ හෙයිනි. Read More

ශ්‍රීමත් ජනාධිපතිතුමා වෙතට යි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

(උතුරේ කැරෙන ත්‍රස්තවා දී ක්‍රියා එන්න එන්න ම උත්සන්න වෙමින් පවත්නා සේ ය. මේ වූ කලි අද ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදුවී ඇති බලවත් ම තර්ජනයෙකි. මේ උවදුර නැති කරනු වස් අප මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කලෙක සිට සාධරණ විසැඳුම් මඟක් ඉදිරිපත් කැර ඇත. එය එළි පෑදුම් කැරෙන මේ සන්දේශයෙහි කාලෝවිත භාවය සලකා මෙහි ලා ‍මෙ සේ පළ කරන්නට අදහස් කෙළෙමු)

ශ්‍රීමත් ජනාධිපතිතුමනි,

යාපනේ කලබල පසුගියදා ඇති වූයේ 1977 තේ අගෝස්තු 16 වැනිදා උදේ ය. 19 වැනිදා වන විට ලංකා පුරා ම පැතිරි ගියේ ය. යෝජනා පහකින් යුත් මගේ සන්දේශය අගෝස්තු 22 වැනිදා මහරගම මන්ත්‍රී දැන් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ප්‍රෙමරත්න ගුණසේකර මහතා මඟින් ජනාධිපතිතුමා අතට පත් කෙළෙමි. එය ඔබතුමා අතට පත් වු බව නිසැක වම දන්නේ ඒ සන්දේශ පිටපත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දෙන ලදු වැ පුවත් පත්වල පළ වූ නිසා ය.

එ සේ පුවත්පත්වල පළ කරවීම නිසා මාත් තව බොහෝ දෙනාත් අනුමානයෙන් සිතුවේ ජනාධිපතිතුමා ඒ යෝජනා පහ පිළිගන්නට ඇත කියා ය. විපක්‍ෂ නායක ඒ අම්ර්තලිංගම් මන්ත්‍රීතුමාටත් අපට පහළ වූ සිතිවිල්ල ම ඇති වී එබඳු සන්දේශයක් ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවෙන් පුවත්පත් වලට දීම වැරදි ය යි ප්‍රකාශ කළා. ඒ සන්දේශයෙහි ලියූ එක් වාක්‍යයක් නම්, “මේ යෝජනා පහ ක්‍රියාත්මක කළොත් ශ්‍රි ලංකාවේ නැවැත කවරදාක වත් ජාතිවාදී කෝලාහල ඇති වන්නේ නැත” යනු යි. Read More

බෞද්‍ධ ජීවන සැලැස්ම …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

“අනුපුබ්බෙන මෙධාවී   – ථොකථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙ ව – නිද්ධමෙ මලමත්තනො”

නුවණැත්තේ පිළිවෙලින් ටික ටික මොහොතෙන් මොහොත රන්කරුවෙකු මෙන් තමන් තුළ ඇති මල කිලිටු දුරුකරන්නේ ය යනු බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. රන්කරුවකුට ආකරයෙකින් රන් ලැබෙන්නේ කුණු බොර සහිත වැ ය. රන්කරුවා ලස්සන ආභරණයක් හදන්නේ වැඩ දෙකක යෙදීමෙනි. එක අතෙකින් රත්කොට කුණු ගතිය ඉවත් කරයි. අනෙක් අතෙකින් රත්කොට රූප නෙළා ලස්සන ආභරනයක් තනයි. එලෙසින් නුවණැත්තේ පිළිවෙලින් ටික ටික මොහොතෙන් මොහොත තමන් තුළ ඇති අගුණ දුර්වලකම් දුරලමින් ගුණනුවණින් දියුණු වෙයි.

සැලැස්මකට කටයුතු කිරීම වර්තමාන දියුණු ලෝකය ම පිළිගත් උතුම් ප්‍රතිපදාවෙකි. මේ උතුම් ප්‍රතිපදාවේ ඉතිහාසය සොයා ආපස්සට ගියොත් නතර වන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ ය. උන් වහන්සේගේ සියලු කටයුතු සැලැස්මකට දින චරියාවකට අනුව සිදුකළ බව මනා ව පැහැදිලිය. බුද්ධ ධර්මය අනුව මෙලොව පරලොව දියුණුවට හා ලෝකෝත්තර දියුණුවට ද උවමනා සැලැසුම් හදා ගත හැකි වේ. එයින් මෙහි පැහැදිලි කරන්නේ ජීවන සැලැස්ම යි. ජීවන සැලැස්ම අවස්ථා පහකට බෙදිය හැකි ය: 1. මවුකුසයෙහි කාලය 2. ළමා කාලය 3. තරුණ කාලය 4. මැදුම් කාලය 5. වැඩිහිටි කාලය වශයෙනි.

1. මවුකුසෙහි කාලය

මවුකුස මේ ජීවිතය ආරම්භ වන ස්ථානය යි. මවුකුසෙක දරුවකු පිළිසිඳ ගත් කලැ පැවැත්විය යුතු ආචාරධර්ම සමූහය නුවණින් සලකා බලන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි කුසෙහි දරුවකු පිළිසිඳ ගත් කල ඇතැම් මවුවරු උන්වහන්සේ වෙතට ගොස් නමස්කාර කොට, ස්වාමීනි, මගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගෙන ඇත. ඒ දරුවා තෙරුවන් සරණ ගත කොට ආශීර්වාදය ලබා ගන්නටයි කියා නැවැතත් වැඳීම සිරිතයි. බුදුරදුන් නැති අවස්ථාවන්හි දීත් පසු කාලයන්හි දීත් ආගමික වතාවත්හි යෙදී තුනුරුවන්ගේ ආශීර්වාදය ලබා ගැනුම සිරිත යි.

අනතුරු වැ ‘ගබ්භ පරිහාරං අදාසි’ යි කියූ පරිදි ආගමික චාරිත්‍ර වශයෙනුත් වෛද්‍යෝපදේශ වශයෙනුත් දරුවකු හට පුදසත්කාර කිරීම යි. කුසෙහි හැදෙන වැඩෙන දරුවාට මාස පහේ සිට දැනීමත් විඳීමත් ඇති වේ. දුක්ඛ සත්‍යය වර්ණනාවෙහි දරුවකු මවුකුසෙහි විඳින දුක් පිළිබඳ විස්තරය මවුවරුන් විසින් දැන ගතු යුතු ම යි. කවර මවක වත් කුසෙහි සිටින දරුවාට දුකක් දෙන්නට කැමැති වෙන්නේ නැත. එහෙත් නොදන්නා කම නිසා කුසෙහි සිටින දරුවා දුක් විඳිනවා. බටහිර උගතුන් යන්ත්‍රෝපකරනවල උපකාරයෙන් දරුවා දුක් විඳින සැටි බලා ඇත. දුක වැඩි වධ විට කෝපයට පත් වී පයින් ගහන සැටි ද බලා ඇත.

දරුවා මවුකුසේ දී දුක් විඳින්නේ මෙසේ ය: කුසෙහි සිටින දරුවා ඉතා සිව්මැලි ය. එහෙයින් සුළු කරුණක දී දුක වැඩියෙන් දැනෙයි. අම්මා හදිසියෙන් නැමුණොත් හැරුණොත් දරුවාට දුක දැනෙයි. උණුසුම් වැඩි – මිරිස් වැඩි – ඇඹුල් වැඩි ආහාර පානයක් ගතහොත් සියුම් දරුවාට දුක දැනෙයි. එහෙයින් පුරාණ අම්මලා මෙබඳු හැම කටයුත්තෙක දී ම සිහියෙන් කල්පනාවෙන් ක්‍රියා කළා.

කුසෙහි වැඩෙන දරුවාගේ කායික වර්ධනයටත් මානසික වර්ධනයටත් උපකාර වන පරිදි පැවැතිය යුතු ය. දරුවාගේ කායික වර්ධනයට උවමනා වන පරිදි අම්මා ප්‍රමාණවත් ව පෝෂ්‍යදායක ආහාර ගත යුතු ය. තාත්තා පෝෂ්‍යදායක ආහාර ප්‍රමාණවත් ව සපයා දිය යුතු ය. මානසික වර්ධනයට නම් බණ කතා ඇසිය යතුය, කියවිය යුතු ය, වීරකතා ඇසිය යුතුය, කියවිය යුතු ය. ධර්මය – චාරිත්‍ර හා ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කළ යුතු ය. ගුවන් විදුලියෙහි හා රූපවාහිනියෙහි හොඳ වැඩසටහන් පමණක් අහන්න, බලන්න. නරක වැඩ සටහන් නොඇසිය යුතු ය, නොබැලිය යුතු ය. පුවත්පත් වාර්තා පිළිබඳ ව ද ඉතා කල්පනාකාරී විය යුතු ය. අම්මා හොඳ හෝ නරක හෝ කථා කරන දේ කුසෙහි සිටින දරුවාට මාස පහෙන් පසු ඇසෙන බවත් වචන වශයෙන් නොතේරුණත් අදහස් වශයෙන් මනසෙහි තැන්පත් වන බවත් විද්‍යාඥයෝ කියති. එය එසේ නම් මවුපියන් වීම කවර තරම් අපහසුවක් දැයි අහන්නට පිළවන. එලෙස කැපවීමක් වන්නට අපහසු නම් එබඳු අය ආවාහ විවාහයෙන් භර්යාවන් හා ස්වාමි පුරුයන් වන්න, අම්මලා තාත්තලා වන්නට එපා යයි කරුණාවෙන් කිව යුතු අවස්ථාව එළැඹී ඇත.

මවුකුසෙහි සිටින දරුවා හොඳින් හැදී වැඩී උපදින කාලය ළං වූ විට පිරිත්, විශේෂයෙන් අංගුලිමාල පිරිත කියවා ගැනීම බෞද්ධ චාරිත්‍ර යයි. එම සූත්‍රය කල්පස්ථායී බලයක් පවත්නා හෙයින් නොවරදවා ම කියවා ගත යුතු ය. මවුකුසෙහි දී ම දරුවන් හැදීමේ බෞද්ධ පිළිවෙත බටහිර විද්‍යාඥයන් ද මහ ඉහළින් පිළිගෙන ඇති බව කිසි විටෙකත් අමතක නොකරන්නේ මැනැවි.

ඇමෙරිකාවේ කැලිපෝනියාවේ යුනීක් ප්‍රීබර්ත් විශ්ව විද්‍යාලයෙහි පිළිසිඳ ගෙන මාස පහෙන් පසු දරුවනට පන්ති පැවැත්වීම ආරම්භ කොට ඇත.

හැම භාර්ය්‍යාවන් හා ස්වාමි පුරුයන් ම රටට ජාතියට – ආගමට හා භාෂාවට වැඩ ඇති පින් ඇති දරුවන් ලබා දෙන්නට ඉටා ගන්නේ මැනැවි.

2. ළමා කාලය

උපතේ පටන් වයස 15 දක්වා

චරිත – බුද්ධි දියුණුව

 

මේ වයසේ ළමයින් 58 ලක්‍ෂයක් සිටිනවා. දෙමාපියන් බාරේ සිටින මේ ළමයින් තව ම නරක් වුණේ නැත. හදාගන්නට පිලිවන් වයසයි. මේ ළමයින් හදාගත්තොත් අපට අනාගතයක් තිබෙනවා. මේ ළමයින් හොඳින් හදා ගන්නේ කෙසේ ද? උපන් කාලේ කිරිකැටි වයසයි. එහෙයින් මවුකිරි ම දිය යුතු ය. දරුවාට පෝෂ්‍යදායී කිරි දීමට මවට හොඳ ආහාර දිය යුතු ය. ඉදින් දරුවාට දෙන්නට තරම් මවට කිරි එරෙන්නේ නැත්නම්, මවට සනීප මදි නම්, ඊටත් වඩා අනතුරක් නම් කිරිමවුවරුන් සොයා ගැනීම පුරාණ චාරිත්‍ර යයි. බෝසත් සිදුහත් කුමරුගේ මව සතියෙකින් දිවංගත වුණා. සිදුහත් කුමරුන් පෝෂණය කළෝ මහා ප්‍රජාපතී දේවීන් ඇතුළු කිරිමවුවරුය.

කිරිමවුවරුන් තෝරා ගැනීම අපේ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ මෙසේය: සමහර මවුවරුන්ගේ කිරේ සීත වැඩි ය. සමහරුන්ගේ උෂ්ණය වැඩි ය, සමහරුන්ගේ ඇඹුල වැඩි ය. මේ කිරිවල රසබලා තෝරා ගතයුතු ය. විශේෂයෙන් තළෙලු මවුවරුන්ගේ කිරි පෝෂ්‍යදායී ලෙස පිළිගෙන ඇත. කිරි මව ඉතා උස නම් උකුළේ සිට උඩට ඇදී කිරි ඉරීමෙන් බෙල්ල දිග් ගැස්සෙනවා. ඉතා මිටි නම් උකුළේ සිට හැකිලී කිරි ඉරීමෙන් බෙල්ල කුරු වෙනවා යනු පැරණියන්ගේ විශ්වාස යයි. මෙසේ මවගේ තත්ත්වය අනුව කිරිමවුවරුන් තෝ ගැනීම මැනැවි. මෙසේ මවුකිරි කාලය ඉක්ම ගිය පසු එළකිරි හෝ මෙකල බහුල ව තිබෙන පිටිකිරි හෝ දීම සුදුසු ය.

යුරෝපීයයන්ගෙන් ආරම්භ වූ පෙර පාසල් ක්‍රමය ජනප්‍රිය වී ඇත. එහි ද ඉතිහාසය සොයා ආපස්සට ගියොත් නරක වන්නේ බුදු රජාණන් වහන්සේ ළඟ ය. උන් වහන්සේ හැම ගෙදරක් ම පෙර පාසලක් හැටියට සැලකුවා. එහෙයින් මවුපිය දෙදෙනාට පුබ්බාචරිය – පෙරගුරුවරු යන නම දුන්හ. ඔවුනට උගන්වන්නට තිබෙන්නේ ප්‍රධාන විෂය දෙකයි. 1. අයහපතින් මිදැවීම 2. යහපතෙහි යෙදවීමයි. මෙයින් ප්‍රකාශ වුණේ චාරිත්‍ර හා වාරිත්‍රයි. එය ද කළ යුත්තේ ආදර්ශයෙන් හා උපදේශයෙන් ය. කුඩා ළමයාගේ ස්වභාවය අනුකරණ යයි. හොඳත් නරකත් දෙක ම අනුකරණය කරයි. එහෙයින් මවුපියන් සිහියෙන් හා නුවණින් යුතු ව කතා කළ යුතු ය, ක්‍රියා කළ යුතු ය.

දරුවාගේ වයස තුන පිරෙන්නට පෙර අකුරු කියැවීම චාරිත්‍ර යයි. එතැන් සිට මෙකල පවත්වන පෙර පාසලකට යැවීම මැනැවී. අනුකරණය වැඩි කාලය බැවින් තමන්ගේ ශිෂ්ටාචාරයටත් ආගමටත් අනුකුල වන පෙර පාසලක් සොයා ගත යුතු ය. එහෙයින් ධර්මවිජය පදනම පන්සල සම්බන්‍ධ කැර ගෙන ළදරු ගුරු සෙවණ නමින් පෙර පාසල් ක්‍රමයක් ආරම්භ කටන්නට ගුරු අත්පොතක් ද මුද්‍රණය කොට ඇත. වත්මන් රජය ද මූලික අධ්‍යාපනය ආගමික ස්ථානවල පැවැත් විය යුතු ය යන යෝජනාව පිළිගෙන ඇත.

බෞද්ධ අධ්‍යාපනය හැදියාව පසුබිම් කැරගත් ඉගැන්වීම් ක්‍රම යයි. එහෙයින් වයස පහළොවෙන් පහළ ළමයින්ගේ අධ්‍යාපනයට චරිත හා බුද්ධි යන දියුණු දෙක ඇතුළත් වේ. චරිත දියුණුවට ආගමයි. බුද්ධි දියුණුවට අධ්‍යාපන යයි. පුරාණ කාලයෙහි ආගම පසුබිම් කැර ගෙන අධ්‍යාපනය දුන් නිසා චරිත බුද්ධි දියුණු දෙකම ලැබුණා. මෙකල ආගම උගන්වන්නේ විෂයක් හැටියට ය. එහෙයින් දැනීමක් ඇති වුනත් ආගමික හැඟීමක් ඇති වන්නේ නැත. එයින් රට ජාතිය ආගම හා භාෂාව ගැන හැඟීමක් නැති උගත් පිරිසක් ඇති වෙනවා. එහි අනිටු විපාක දැනට මත් පෙනෙයි.

මෙකල දහම් පාසල් හය දහසක් පමණ ඇත. දැන් දහතුන් ලක්‍ෂයක් පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහම් පාසල් ඉගෙනීම ලබති. දහම් පාසල්වල ද තරඟකාරී කටයුතු බහුල වෙමින් පවතින නිසා හැදියා අංශය හීන වන බවක් පෙනෙන්නට ඇත. එය නොමැනැවි. එහෙයින් දින පතා පාසලේ් හා දහම් පාසලේ් ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත සඳහන් කරුණු අනුව හැඩ ගැස්විය යුතු කාලය පැමිණ ඇත.

  1. කුලදෙවි – මාපිය – ගුරුවර – වැඩිහිටියන් පිදීම,
  2. චාම් ජීවිතයට හා සුහදවාසයට හුරු කිරීම,
  3. සංවර බව හා විනය ගරුක බව හා ධර්ම ඥානය ද දියුණු කිරීම,
  4. ආගම ඇදහීමට හා නිති පන්සිල් රුකීමට හා පොහොය දින අටසිල් රුකීමට ද උත්සාහවත් කිරීම,
  5. ආගමාලයෙන් පිබිදුණු – ස්වදේශවාත්සල්‍යයෙන් ඔද වැඩුණු ජාතිකාභිමානයෙන් මෙහෙයැවුණු – ස්වභාෂානුරාගයෙන් පණ වත් වුණු දරු පරපුරක් බිහි කිරීම.

3. තරුණ කාලය

වයස 15 සිට 30 – 35 දක්වා

චරිත – බුද්ධි – ආර්ථික දියුණුව.

තරුණ ශක්තිය තමන්ටත් අනුන්ටත් හිතසුව සඳහා යොදවන්නට තරුණ – තරුණියන් පුහුණු විය යුතු ය, පුහුණු කළ යුතුය, ජීවිතයේ අවුරුදු විස්සක් විසිපහක් පමණ වන තරුණ කාලය වරදවා යෙදුවොත් ඉදිරි ජීවිතය අඳුරු වනු ඇත. තරුණ කාලය හොඳින් ගත කොළොත් ඉදිරි ජීවිතය ආලෝකවත් වනු ඇත.

තරුණ කාලයට චරිත බුද්ධි ආර්ථික යන දියුණු තුන ම ඇති කැර ගත යුතු වේ. ආගම චරිත දියුණුවටත් අධ්‍යාපනය බුද්ධි දියුණුවටත් ධන සම්පාදනය ආර්ථික දියුණුවටත් මුල් වෙයි.

ළමා කාලයෙහි ලබා ගත් ධර්ම ඥානයත් ප්‍රතිපත්ති ගරුකත්වයත් තවත් දියුණු කැර ගත යුතු ය. මේ උසස් අධ්‍යාපනයට හැරෙන කාලයයි. ඉදිරියට යන්නට බලාපොරොත්තු වන්නාට තරඟකාරී විභාග දෙකක් ඇත. විශේෂයෙන් විශ්ව විද්‍යාලයට යන්නට බලාපොරොත්තු වන්න මහා තරඟයක් ඇත. උසස් අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයෙන් වර්ෂයකට සියලු සුදුසුකම් ඇතිව සමර්ථ වන්නෝ තිස් දහසක් පමණ වෙති. විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නට පිළිවන් වන්නේ හය දහසකට පමණ ය. තවත් වරක් උත්සාහ දැරීම ඉතා හොඳයි. ඉතිරි අය ධන සම්පාදනයට හා විවිධාකාරයෙන් බුද්ධිවර්ධනයට හැරිය යුතු ය.

වර්තමාන විශ්ව විද්‍යාලය නවීකරණය කළ යුතු ය. එය කළ යුත්තේ අවුරුදු එක්දහස් පන්සියයක් ආපස්සට ගොස් නාලන්දා විශ්ව විද්‍යාලය අනුගමනය කිරීමෙනි. නාලන්දාව ලෝකයෙහි පළමු විශ්ව විද්‍යාලය යි. බටහිර ප්‍රථම විශ්ව විද්‍යාලය වන ඉතාලියේ බෝලෝඥාව ආරම්භ කළේ් නාලන්දාව ආරම්භ කොට අහුරුදු හත්සියයකට පසු ව ය, එනම් දොළොස්වන සියවසෙහි ය.

නාලන්දා විශ්ව වද්‍යාලය සියැසින් දුටු විද්වත් හියුංසියං චීන යාත්‍රිකයාගේ වාර්තාව නුවණැසින් සලකා බලන්නේ මැනවි. එතුමා නාලන්දාව බලන්නට ගියවිට එහි නේවාසික පිරිස දස දහසක් පමණය. එයින් හත් දහසක් ශිෂ්‍යමණ්ඩලය ය, එක් දහස් පන්සිය දහයක් ආචාර්ය්‍ය මණ්ඩලය ය, ඉතිරි කොටස සේවක මණ්ඩලය යි. එහි අධ්‍යාපනය විෂය පනහකට බෙදා තිබුණා. ආචාර්ය්‍ය මන්ඩලයේ විද්වතුන්ගෙන් දහසක් විෂය විස්සක විශාරදයෝ ය, පන්සියයක් විෂය තිහක විශාරදයෝ ය, දහයක් විෂය පනහෙම විශාරදයෝ ය. දේශන ශාලා සියයක් තුබුණා. නව මහල් ගොඩනැගිලි ද තුබුණා. ආකාශවස්තු පරීක්‍ෂණ විද්‍යාව ඉගැන්වූයේ උඩුමහල්තලවල ය. තව ද උඩුමහල්තලවල සිට චන්‍ද්‍රසූර්ය්‍යග්‍රහණාදිය හා වලාකුළු ගමනාගමනාදිය බැලිය හැකි ව තුබුණා.

පාලකයෝ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ය. එහි තුබුණේ බෞද්ධ අධ්‍යාපනය යි. හියුංසියං විද්වතාණන් නාලන්දාවට පැමිණෙන විට එහි ගුරුදේවයන් වැ සිටියෝ ශීලභද්‍ර යතීන්‍ද්‍රයන් වහන්සේ ය. බෞද්ධ අධ්‍යාපනය හා පාලනය නිසා එහි පැවැති විනය – සංවරය – සාමය හා සමඟියත් ශාස්ත්‍රවිශාරද බවත් හියුංසියං යතීන්‍ද්‍රයන් වර්ණනා කැරැ තිබෙන ආකාරයත් ඉංග්ලිසින්ගේ පාලන යුගයෙහි භාරතයෙහි රාෂ්ට්‍රපති වැ සිට පිරික්සුමක් කළ සෙට්ලන්ඩ් සාමිවරයා හා නාලන්දාව ගැන විශේෂ පර්යේෂණයක් කළ කාපෙන්ටර් දේවගැතිතුමන් වර්ණනා කැරැ තිබෙන ආකාරය මුළු ලෝකයට ම ආදර්ශයෙකි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලය ද නාලන්දාව ආදර්ශයට ගත යුතු යයි තරයේ් ම පවසන අතර විෂයමාලාව වර්තමාන සමාජයට අනුරූප වන පරිදි සකස් කැරැ ගැනීමට කිසිදු බාධාවක් නැති බව ද පැහැදිලි ව ම ප්‍රකාශ කරමි.

බුද්ධධර්මය අනුව ආර්ථික දියුණුවට උපකාර වන මාර්ග පහක් ඇත. 1. ගොවිතැන 2. වෙලඳාම 3. ගවපාලනය 4. කර්මාන්ත 5. රාජ්‍ය සේවයේ හා පෞද්ගලික ආයතනවල රැකියා වශයෙනි.

මෙහි මුල් සතර ම ස්වයං රුකියා ය. පස් වැන්න වන රජයේ හා පෞද්ගලික ආයතනවල රැකියා සීමා සහිත ය, ආදායම ද සීමා සහිත ය. පෞද්ගලික දේපළක් නැත්නම් ජීවත්වීමත් අපහසුය. ස්වයං රුකියා එසේ නො වේ. නුවණත් උත්සහයත් යෙදු පමණට දියුණු විය හැකිය.

රජයේ හෝ ආයතනවල හෝ සේවය කරන්නන් හට ලැබෙන ආදායම සිමාසහිත වුවත් ස්වයං රැකියා වලින් ලැබෙන ආදායම සීමා රහිත ය. මෙකල සිටින මහා ධනවතුන්ගෙන් වැඩිදෙනා ස්වයං රැකියා වලින් ධන සම්පාදනය කළහු ය. ඒ ධන සම්පත්තිය වැඩිදෙනා අතර පැතිරීම සුදුසු යයි පවසන බුද්ධධර්මය කවුරුන් වුවත් නුවණත් උත්සාහයත් ක්‍රමවත් ව යෙදුවොත් සුළු මුදලකින් වුවත් ලක්‍ෂපතියකු හෝ කෝටිපතියක් හෝ වන්නට පිළිවන් බව ද උගන්වයි.

තරුණ ශක්තිය තමන්ටත් අනුන්ටත් හිත සුව සඳහා යොදවන්නට තරුණ තරුණියන් පුහුණු කරවන “තුරුණු සවිය” වැඩ පිළිවෙළ ආරම්භ කෙළේ 1967 දී ය. තරුණ – තරුණියන් අතර චරිත – බුද්ධි – ආර්ථික යන දියුණු තුන ඇති කිරීමේ මඟ පෙන්වන “තුරුණු සවිය අත්පොත” නමින් පිටු 420 ක් ඇති ග්‍රන්ථයක් නිකුත් කෙලේ 1971 දී ය. එහි මුල් කොටසේ කරුණු චරිත දියුණුව සඳහා ය. මැද කොටස බුද්ධි වර්ධනයට උපකාර වන කරුණු වලින් යුක්ත ය. අග කොටසෙහි ආර්ථික දියුණුවට හා ග්‍රාම සංවර්ධනයට ද උපකාර වන කරුණු ය. අග කොටසෙහි පිටු 79 ක විස්තර වන්නේ ස්වයං රැකියාවන් පිළිබඳව ය. එහි ගෙවතු වැවීම – එළවළු වැවීම – මල් වැවීම – බෙහෙත් පැළෑටි වැවීම – අබ මිරිස් ලුණු, මුං මෑ වැවීම පිළිබඳ පැහැදිලි විස්තරයක් සමඟ ස්වයං රැකියා වශයෙන් කළ හැකි සුළු කර්මාන්ත 81 ක් හඳුන්වා දී ඇත. එදා හෝ පසුව හෝ ස්වයං රැකියා වැඩ පිළිවෙළ ගැන වගකිවයුතු අය සැලැකිල්ලක් දැක්වූවා නම් අද තිබෙන රැකියා හිඟය හෝ දුගීබව හෝ ඇති නොවන්නට තුබුණා. තරුණ – තරුණියන්ගේ චරිත – බුද්ධි – ආර්ථික දියුණුව සඳහා පහත සඳහන් දස පිළිවෙත පුරුදු පුහුණු කළ යුතු වේ.

  1. ධන සම්පාදනය, රක්‍ෂණය හෙවත් ඉතිරි කිරීම, ආදායමට අනුකුල වැ වියදම් කිරීම.
  2. සිත, කය, වචනය සංවර කැර ගැනීම.
  3. සතියකට වරක්වත් සුළුවෙන් හෝ අන්‍යයනට උපකාර කිරීම.
  4. අසල්වැසියන් සමඟ හොඳ හිත පැවැත්වීම.
  5. හැමවිට ම යුක්තියට අනුබල දීම.
  6. කුලදෙවි – මා පිය – ගුරුවර – වැඩිහිටියනට ගරු කිරීම.
  7. රට – ජාතිය – ආගම – භාෂාව වෙනුවෙන් සේවය කිරීම.
  8. සාහිත්‍යයෙන් හා කලාවෙන් පිරිසිදු ආස්වාදයක් ලබා ගැනීම.
  9. කවුරුන් අතරත් හොඳ හිත පතුරුවමින් කලණ මිතුරන් ඇසුරු කිරීම.
  10. ජාතියේ සංවර්ධනය සඳහා ශ්‍රමය කැප කිරීම.

4. මධ්‍යම කාලය

වයස 35 සිට 60 දක්වා

දෙලෝ දියුණුව

 

මුල් කාල තුන යට කී පිළිවෙළට හැදුණා නම් මධ්‍යම කාලයට අයත් පිළිවෙත් මාලාවක් අවශ්‍ය නැත. එහෙත් බොහෝ දෙනාට එබඳු පිළිවෙත් මාලාවක් අනුව හැඩ ගැසෙන්නට අවස්ථාවක් ලැබෙන්නට නැතැයි සිතමි. ජීවිතය දසක දහයකට බෙදා ඇත. එහි බල දසකයත් ප්‍රඥා දසකයත් ඇතුළත් වන්නේ මේ මධ්‍යම කාලයටයි. මෙකල අඹුදරුවන්ගේ දියුණුව සඳහාත් ඉදිරියට එන තමන්ගේ වැඩිහිටි කාලයේ ප්‍රයෝජනය සඳහාත් මුදල් සැපයීමත් ආදායමට අනුව වියදම් කිරීමත් ඉතිරි කිරීමත් මැනැවින් සිදු කළ යුතු ය. සුරාව, සූදුව, දුරාචාරය ආදී අපාය මුඛවලින් දුරින් ම දුරුවිය යුතු ය.

කායශක්තියත්, ඥනශක්තියත් තමන්ගේත් අඹුදරුවන්ගේත් රටේත් ජාතියේත් ආගමේත් භාෂාවේත් දියුණුව සඳහාත් “මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදාගෙන රටත් හදා ගනිමු” යන උදාර පළිවෙත සපුරා ගැනීම සඳහාත් දිවා රෑ සිතිය යුතු ය, කතා කළ යුතු ය, ක්‍රියා කළ යුතු ය.

මෙහි දෙලෝ දියුණුව නමින් සඳහන් කැර ඇත්තේ ගිහි භවතුන් ගේ මෙලොව දියුණුව සඳහා දේශිත කරුණු සතරකුත් ගිහි – පැවිදි කාගෙත් පරලොව දියුණුව සඳහා දේශිත කරුණු තුනකුත්ය. මෙලොව දියුණුව ආර්ථික – අධ්‍යාපන – සෞඛ්‍යය – සදාචාරයයි. පරලොව දියුණුව දාන – ශීල – භාවනා ය. දෙලෝ දියුණුවට පහත සඳහන් වන පිළිවෙත් මහෝපකාරී වනු ඇත.

  1. සමාජයට සේවය කිරීම,
  2. ආගම හොඳින් ඇදහීම – පන්සල් යෑම – පන්සිල්, අටසිල් රැකීම, භාවනා කිරීම,
  3. මිනිහා හැදීමේ පිළිවෙතෙහි තමනුත් යෙදීම හා අනුනුත් යොදවා ගැනීම.
  4. තහනම් වෙළෙඳාම් ඇතුළු ව මිච්ඡා ආජීවයෙන් වැළකී වැඩියෙන් නිපදීම – නිපදවන දේ රක්‍ෂණය හෙවත් ඉතිරි කිරීම, ආදායමට සරිලන සේ වියදම් කිරීම හා චාම් ජීවිතය.
  5. ආර්ය්‍යචාරිත්‍ර අනුගමනය කිරීම හා අප අතර පවත්නා සංකර සිරිත් දුරලීම,
  6. ජනතාව තුළ සාමය හා සමගිය පැතරවීම,
  7. ආත්මසුඛ පරිත්‍යාග අරමුදලට එකතු වීම, අනුන්ගේ සුවයක් සඳහා තමන්ගේ සුවයක් අත්හැරීම ආත්ම සුඛ පරිත්‍යාගයයි. සාධකයක් වශයෙන් කියනවා නම් පුනු පොහොදා සිල් සමාදන් වුවත් නොවූවත් රාත්‍රී ආහාර වේල නතර කොට එයට යන වියදම ආත්ම සුඛ පරිත්‍යාග අරමුදලට එකතු කිරීම, මෙයට කුඩා ළමයින් හැර ගෙදර අන්‍යයන් ද සහභාගි කරවා ගත හැකි ය.
  8. ජනතා සංවර්ධනය සඳහා ශ්‍රමය කැප කිරීම.

5. වැඩිහිටි කාලය

අවුරුදු 60 න් පසුව.

විවේක කාලයයි, පුණ්‍යකාලය යි.

 

බුදුරජාණන් වහන්සේ විසින් නෙයෙක් බැඳුම්වලින් බැඳී සිටින ගිහි ගෙදර වැඩිහිටියනට දෙන ලද අවවාදය නම් බැඳුම් අඩු කැර ගන්න යනුයි. දරුවන්ගේ ආවාහ – විවාහ දෙමාපියනට තිබෙන ලොකු බරෙකි, බැඳුමෙකි. සුදුසු පරිදි ඒ බරෙන් නිදහස් විය යුතු ය. තමන් සතු දේපල තවත් බැඳුමෙකි. සුදුසු කාලයෙහි දේපල බාර දීම දෙමා පියන්ගේ යුතුකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මරණින් පසු අයිතිවීම උරුමයෙකි, දීමක් නොවේ. එහෙත් සියල්ල ම පවරා දීම එකලත් දෙමාපියනට කරදරයක් වුනා, මෙකල ද එබඳු දීමනා වලින් කරදර වින්දාහු සිටිති. එහෙයින් එය සුදුසු පරිදි කළ යුතු වේ. අඩු ගනණේ දරුවන් එක් කෙනෙකුට වඩා සිටිනවා නම් කලින් දිය යුතු දේ දී ඉතිරි කොටස දරුවන් සඳහා වෙන් කොට ලියා තැබිය යුතු වේ. එසේ කිරීම දේපලවලින් විවේක ගැනීමෙකි.

අප කර්මයත් පුනරුත්පත්තියත් විශ්වාස කරන අයයි. මේ භවයෙහි රහත් වුණේ නැත්නම් නැවත උපදිනවා මයි. අඩු ගණනේ සෝවුණොත් සතර අපායෙන් වත් නිදහස්. එසේ නොවේ නම් කොහේ උපදිනවා දැයි කිව නො හැකියි. සිහියෙන් නුවණින් පින්කම් කැර ගෙන ජීවත් වුණොත් මිනිස් ලොව හෝ දෙව් ලොව හෝ උපතක් ලබා ගත හැකි වනු ඇත.

ඉදින් අනුවණින් නොසැලැකිල්ලේ ජීවත් වුණොත් මරණින් මතු යන්නට වන්නේ යම රජ්ජුරුවන් ළඟටයි. මෙකල බටහිර ලෝකයෙහි උගතුන් විද්‍යාඥයන් පුනරුත්පත්තිය පිළිගෙන අවසානයි. එහෙත් මෙහි ද උගත් එහෙත් බුද්ධිමත් නොවන සමහරු කටහැකර කමට අතිපණ්ඩිතකමට පුනරුත්පත්තිය – අපාය දැක්කේ කව්දැයි නන් දොඩවමින් සිට මරණින් පසු යන්නේ යම රජ්ජුරුවන් ළඟටයි. එහි දී මේ වරට පමණක් සමාව දෙන්නැයි වැඳ වැඳ සමාව ඉල්ලයි. අනේ මොන සමාවක්ද? යම රජ්ජුරුවන් මහ හඬින් යමපල්ලනි, මෙහි එනු, මේකා රැගෙන ගොස් අවීචි මහා නරකයෙහි දමනු යි නියම කරනු ඇත.

මේ භවයෙහි යමෙක් වාසනාවන්ත උපතක් ලබා සිටී නම් ඒ දිවිය වාසනාවන්ත යයි කියන්නේ කවර හෙයින් ද? තමන්ගේ කටයුතු සපුරා ගන්නට වස්තු සම්පත්තියත් ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන්ගේ අඩුවක් නැති වාසනාවන්ත උප්පත්තියත්, මන්දබුද්ධික නොවී ඥාන සම්පත්තියත් එකට ලැබුණු නිසා ය. මේ ත්‍රිවිධ සම්පත් ලැබීමට පූර්ව ජාතිවලින් ගෙනෙන ලද කර්මශක්තීහු කවරහු ද? දාන – ශීල භාවනාය. දානයෙහි ස්වාභාවික ඵලය භවභෝ්ග සම්පත් ය. සීලයෙහි ස්වාභාවික ඵලය වාසනාවන්ත උත්පත්තියයි. භාවනාවෙහි ස්වාභාවික ඵලය ඥාන සම්පත්තියයි. මේ ත්‍රිවිධ කර්මයන්හි විශේෂ ඵලය නිර්වාණාවබෝධයයි.

කර්මවිපාක ඥානය බුද්ධඥානයයි. එහෙයින් කර්මවිපාක කෙළින් ම කිව නොහැකි ය. මේ කියන්නේ අනියමෙන් ය. මෙකල සමහරු බොහොම සම්පත් ඇතිව වාසය කරති. එහෙත් දන් දෙන්නේත් නැත, සිල් රකින්නේත් නැත, භාවනා කරන්නේත් නැත. අනේ අනාගතය හෙවත් ඊ ළඟ උපත අඳුරුයි. කෙනෙකුන් දන් දෙනවා, සීල භාවනා ගැන සැලැකිල්ලක් නැත. භවභෝග සම්පත් ලැබේවි, වාසනාවන්ත උපතේ හා ඥනසම්පත්තියේ ද අඩු ලුහුඩුකම් තිබෙන්නට පිළිවන්. කෙනෙකුන් දනුත් දෙනවා, සිලුත් රකිනවා, එහෙත් භාවනා කරන්නේ නැත. ඔහුට ඊ ළඟ භවයේ දී මුල් සම්පත් දෙක ලැබේවි, ඥාන සම්පත්තියේ අඩු ලුහුඩුකම් ඇති වේවි. එහෙයින් හැමදෙනා ම දාන – ශීල – භාවනා යන ත්‍රිවිධ කර්මශක්තීන් ම රැස් කැර ගත යුතු වේ.

කර්මශක්තීන් ද මුදල් මෙන් වැය වෙයි. මුදල් සපයනවා, වැය වෙනවා, නැවත සපයනවා, වැය වෙනවා, වැය වන තරමට රැස් කරන්නේ නැත්නම් දුකයි, දුකයි, දුකයි. කුශලකර්ම රැස් කරනවා, ඉෂ්ට විපාක වශයෙන් වැය වෙනවා, නැවත රැස් කරනවා, වැය වෙනවා, වැය වෙන තරමට රැස් කරන්නේ නැත්නම් දුකයි, දුකයි, දුකයි.

මේ කරුණු හොඳින් නුවණින් සලකා බලා ජීවන සැලැස්මෙහි අවසාන කාලයේ දරු සම්පතේ හා ධන සම්පතේ ද සම්බන්‍ධකම් ටිකෙන් ටික අඩු කැර ගෙන යන ලෝකයට උපකාර වන දාන සීල භාවනා වැඩ කැර ගෙන වැඩ වැඩියෙන් දහම් පොත් කියවමින් මෙනෙහි කෙරෙමින් ඉඩ ඇති හැම විටෙක ම අරහං අරහං යී බුදුගුණ කියමින් වාසය කළ යුතු ය. අවසාන මොහොතෙහි අන්තිම හුස්ම හෙළන විට ද අරහං හෙවත් බුදුරජාණන් වහන්සේ සිහියට එනවා ඇත.

 

1989 වසරේ දී පළ කැරුණකි

දිනමිණ 1990.10.01

ප්‍රඥාප්‍රභා 8

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

The History of Dhamma Schools and their Development …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

The people of Sri Lanka who were converted to Buddhism with the arrival of Thera Mahinda were tutored in both Buddhist thinking and Buddhist ways of life. Among those Buddhist ways of life, going to the temples on the four poya days was a very specific one.

With the Dharma-dana activities of King Dutugemunu, the preaching of the dhamma in the temples on the four Poya days came to be started. People would arrive in the temples on Poya days, sweep and clean up the premises, pay homage to the Buddha, Dhamma and the Sangha, and listen to the preaching of the dhamma. Under the guidance of the monks, the people would discuss ways and means of developing their settlements, village or town, and through joint activities of srama-dana had various activities done. The temple thus became the centre of such activities and herein one witnesses the unity and the growth of the land.

As a result of this very healthy movement which spread throughout the country, advancement in terms of economic, educational, health and cultural development of the land became a reality. Consequently Sri Lanka came to be known to the world as the island of Justice or Dharma-dvipa and the Granary of the East [Peradiga Dhanyagaraya]. But by the end of the Anuradhapura and Polonnaruwa periods, due to errors of our own rulers, the land steadily fell into a state of decline. Read More

මිත්‍රයා පිළිබඳ බෞද්‍ධ සංකල්පය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මිජ්ජති තායති චාති – මිත්තෝ: හිතජ්ඣාසයතාය සිනිය්හති අහිතාපගමතෝ රක්ඛති චාති අත්ථෝ” – යනු විවරණ පාඨ හෙයින් හිත වැඩ සැලැසීමේ අදහසින් ස්නේහ කරන්නා වූ ද, අහිතයෙන් – අවැඩින් – නපුරෙන් වැළැකීම වශයෙන් ආරක්‍ෂා කරන්නා වූ ද තැනැත්තා මිත්‍රයා නම් වේ.

සහ සමානං සද්ධිං වා, සුඛ දුක්ඛෙසු, කිච්චේසු ච අයති ගච්ඡති – පවත්තන්තී සහායෝ” – සුව දුක් දෙක්හි ද, අනෙක් කුදු මහත් කටයුත්තේහි ද එකට යන ක්‍රියා කරන හිතවතා ම යහළුවා බව ප්‍රකාශ වේ. මේ නිර්‍වචානාර්‍ථයන් ගැන සලකා බලන විට නියම මිත්‍රයන් ඉතා දුලබ බවත්, ලොව බහුලව සිටිනුයේ මිත්‍ර ප්‍රතිරූපකයන් – මිත්‍ර රූපයෙන් – මිත්‍රාකාරයෙන් පෙනී සිටින්නන් බවත් හොඳ හැටි පැහැදිලි වෙයි.

මිත්‍රයා අවශ්‍ය බව

මේ ලෝකයෙහි ඇති නොයෙක් දුක් කරදර හිරිහැර යටපත් කර ගැනීමටත්, චරිතය දූෂණය නොවන පරිදි නිවැරදි විනෝදයක් ලබා ගැනීමටත්, අයහපතෙන් මිදී යහපතෙහි යෙදීමටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමටත් නියම මිත්‍රයා අවශ්‍ය ම ය.

බුදුරජාණන් වහන්සේ ද ආශ්‍රයට සුදුසු කෙනෙකු සිටිය යුතු බව, නියම මිත්‍රයා අවශ්‍ය බව නොයෙක් සූත්‍රයන්හි දී ප්‍රකාශ කළහ. ඉන් කීපයක් මෙසේ ය.

දුක්ඛං ඛෝ අගාරවෝ විහරති” – ආශ්‍රයට හොඳ කල්‍යාණ මිත්‍ර ගුරුවරයකු නැතිව වාසය ඉතා දුකෙකි. Read More

ගිහි පැවිදි සබඳතා සවිමත් කැර ගනිමු …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මූලාසනයේ වැඩ සිටින අතිගරු නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයෙන් අවසරයි.

පින්වත්නි,

දැන් මේ විශාල සම්භාවනීය සංඝයා වහන්සේලා පිරිසකුත්, ඒ වගේ ම, මේ ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන් විශාල පිරිසකුත් මෙහි පැමිණ මා හට ගෞරව දැක්වීම පිළිබඳව පළමු කොට ම සෑම දෙනාට ම කෘතඥතා පූර්වක ව සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ එක්ක ම, මේ විධියට ගෞරව බුහුමන් දක්වපු මේ පින්වතුන්ට ආපසු හරවා දක්වන සැළකිල්ලක් වශයෙන් ලෝක ශාසනයේ දියුණුව සඳහා, අපවත් වී වදාළ අපේ ආචාර්යෝත්තමයන් වහන්සේ අනුගමනය කරමින්, දිනෙන් දින ම ගුණයෙන් සහ නුවණින් දියුණු වන්නට උත්සාහ දරන බවත් මේ සෑම දෙනාට මා සතුටින් මතක් කරනවා.

මේ වගේ සම්භාවනීය පැවිදි උතුමන්ගෙනුත් ගිහි පින්වතුන්ගෙනුත් ගෙ‍ෟරවයක් ලැබීමට උපකාර වූවන් අතර මා ප්‍රධාන වශයෙන් සිහි කරන්නට ඕනෑ කරන්නේ මගේ දෙමාපියන් වහන්සේත්, ඒ වගේ ම, අපවත් වී වදාළ ආචාර්යෝත්තමයාණන් වහන්සේත්. ඒ නිසා මේ දක්වපු ගරු බුහුමන් සියල්ල ම ඒ දෙමාපියන් වහන්සේටත් ආචාර්යෝත්තමයන් වහන්සේටත් මා පූජා කරනවා. එසේ පූජා කරන අතර ම, වැලිවිට සරණංකර මා හිමිපාණන් වහන්සේට සංඝරාජ පදවිය ලැබුණු අවස්ථාවේ දී උන්වහන්සේ ලියා තැබූ “උඩඟු නො ව මහණා, උඩඟු නො ව මහණා” කියන මේ උපදේශය මා තරයේ ම හිත තබා ගන්නවා. Read More

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මත්වීමටත් ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි.

සුරා – නම් නා නා ලෙසින් බත් – පිටි – ගෙඩි ආදී ද්‍රව්‍ය හා වතුර එක්කොට පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.

මේරය – නම් මල් ගෙඩි ආදියෙන් වාස්වා ගන්නා ලද යුෂ පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.

මජ්ජ – නම් මත්වීමයි. මෙහි මදනීයාර්‍ථයෙන් හෙවත් මත් කරන්නට සමර්‍ථය යන අර්‍ථ‍යෙන් යටැ කී සුරාමේරයත් ලොවැ ඇතිතාක් වෙනත් මද්‍ය විශේෂත් ඇතුළත් වෙති.

පමාද – නම් නොසැලැකිල්ලයි. තමාගේ මනුෂ්‍යකම – බෞද්‍ධකම – පිරිමිබව – ගැහැණුබව – ළදරු තරුණ මහලුබව – උගත් නූගත්බව – දුප්පත් පොහොසත් බව ආදි හැම තත්ත්වයක් ම අමතකවීම, නොසලකා හැරීම මේ ප්‍රමාද පදයෙන් කියැවේ.

සුරාපානය යයි කෙටියෙන් කී විට යටැ සඳහන් හැම මද්‍යවිශේෂයක් මැ ගැනෙන ලෙස සලකා ගත යුතුය. මේ සුරාපානයෙන් වැළැකීම ගිහි බෞද්‍ධයන්ගේ නිත්‍ය ශීලයක් ලෙස වදහළ බුදුරජාණන් වහන්සේ සුරාපානය නිසා මනුෂ්‍යයා දෙලොවින් ම පිරිහෙන අයුරු ද මැනැවින් පැහැදිලි කළහ. Read More

පුණ්‍ය ක්‍රියා වස්තු …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

නමො තස්‍ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අත්තනො කාරකං පුණාති විසොධෙතී‘ති පුඤ්ඤං, අථවා යත්ථ සයං උප්පන්නං තං සන්තානං පුණාති විසොධෙතී ‘ති පුඤ්ඤං”

යනු නිර්වචන හෙයින් තමන් කරන්නා හෙවත් ඒ පින කරන තැනැත්තා පිරිසිදු කෙරේනුයි නොහොත් යම් තැනෙක තමන් හෙවත් පින් සිත උපන්නේ ද ඒ සන්තානය පිරිසිදු කෙරේනුයි පුණ්‍ය නම් වේ. යම් ක්‍රියාවක් හෝ කතාවක් හෝ සිතිවිල්ලක් හෝ කරණ කොට ගෙන හිත පිරිසිදු වේ ද එය පුණ්‍ය – පින – නම් වේ යනු කෙටි අදහසයි.

පරමාර්ථ වශයෙන් කියත හොත් සිත කිලිටි කරනා රාගාදීනට ප්‍රතිපක්‍ෂ වූ ප්‍රඥාදී ශෝභන ධර්මයන් හා එක් ව යෙදුණා වූ උපනුපන් තන්හි ඉෂ්ට විපාකය ගෙන දෙන ස්වභාවය ඇති චේතනාවෝ පින් නම් වෙත්. එයින් කීහ සද්ධම්මෝපායනයෙහි:

පුඤ්ඤන්ති රාගාදීනත්තු පටිපක්ඛා හි චෙතනා, පඤ්ඤාදි ගුණ සංයුක්තා, විඤ්ඤෙය්‍යා සුඛදායිකා” Read More

සංඝං සරණං ගච්ඡාමි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුද්ධ පුත්‍ර මහාසංඝයා වහන්සේ ආර්යසංඝයා ය, සම්මුති සංඝයා යැයි කොටස් දෙකකට බෙදෙති. ආර්ය සංඝයා නම් සතරමඟ සතරඵල පත් භික්‍ෂූන් වහන්සේ ය. සම්මුති සංඝයා නම් උපසම්පදා විනය කර්මයෙන් සංඝ ගණයට ඇතුළත් වූ භික්‍ෂූන් වහන්සේ ය.

ආර්යසංඝයා සෝතාපන්න මාර්ග ඵල – සකෘදාගාමී මාර්ග ඵල – අනාගාමි මාර්ග ඵල – ලාභීහු අට දෙනා ය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙනුයෙන් අකාලික යැ යි විග්‍රහ කරතත් එය එසේ ම නො විය යුතුය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙන්නත් පිළිවන්. එසේ ම මඟ සිත ලැබී පැය ගණන් ගත වී ඵල සිත ලැබෙන්නත් පිළිවන්. මුල් මතය වන මඟ සිතට අනතුරු වැ ඵල සිත ලැබීම පමණක් පිළිගත්තොත් අට්ඨ අරිය පුද්ගලයන් ලැබෙන්නේ නැත.

ආර්යයෝ සේඛ අසේඛ වශයෙන් ද දෙකකට බෙදෙති. සේඛයෝ සෝතාපන්න මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, සකෘදාගාමී මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, අනාගාමි මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනා ය, අරහත් මාර්ගස්ථ යන මේ සත් දෙනා ය. අසේඛ නම් අර්හත් ඵලස්ථයා ය. මඟසිතට අනතුරු වැ ම ඵල සිත ලැබෙයි යන මතය පිළිගත්තොත් සේඛයන් හත් දෙනා ලැබෙන්නේ නැත. Read More

error: Content is protected by www.ifbcnet.org.